BREAKING
ඇමෙරිකානු ඡන්ද යන්ත්‍ර අර්බුදය: රහස් පරීක්ෂණයේ තතු හෙළිවෙයි●සාහිත්‍යාර්ණව යනු කුමක්ද: සාහිත්‍යය සහ මහා මුහුද●G7 රටවලින් හදිසි ඉන්ධන බැරල් මිලියන 100ක්●ඇල්ල නිව්බර්ග් තේ කම්හල සුපිරි හෝටලයක් වෙයි●සයිබර් ජාතිකවාදය: ඇල්ගොරිතම වෙළඳපොළට හසු වූ අධි-ප්‍රබන්ධ දේශපාලනය (දීප්තිගේ වීඩියෝවක්)●බ්‍රිතාන්‍ය දුම්රියකදී කාන්තාවකට ලිංගික අතවර කළ ශ්‍රී ලාංකිකයෙකුට සිරදඬුවම්●'මඩොල් දූව' ස්වීඩන් පාසල් දරුවන් අතරට යයි●දළ පූට්ටුවා ඝාතනය: වසර ගණනාවකට පසුත් යුක්තිය ප්‍රමාද ඇයි?●ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් ශ්‍රී ලංකාවේ ආයෝජන ගැන වාර්තාවක්●රෝසි සේනානායකගේ පුත් කණිෂ්ක සේනානායක අභාවප්‍රාප්ත වෙයි●
Top Ad
පුවත්

වටිනාකම ලක්ෂ 50ට වැඩි පැමිණිලි පොලීසියෙන් දේශීය ආදායම් වෙත

T

The Leader Desk

October 8, 2023 • 5:00 PM

වටිනාකම ලක්ෂ 50ට වැඩි පැමිණිලි පොලීසියෙන් දේශීය ආදායම් වෙත

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රුපියල් ලක්ෂ 50 ට වඩා වැඩි දේපළ වැරදි පිළිබඳ හෝ ආරවුලක් පිළිබඳ පොලිස් ස්ථාන වෙත
  • එවැනි පැමිණිලි සම්බන්ධයෙන් සිදු කරන පොලිස් විමර්ශන වලට අමතරව එම පැමිණිලි සම්බන්ධව පොලිස් මූලස්ථානයේ  අපරාධ අංශය භාර නියෝජ්‍ය පොලිස්පති වරයා විද්‍යුත් පණිවිඩයක් මගින් දැනුවත් කරන ලෙස ද පොලිස්පතිවරයා විසින් ඒ මගින් පොලිස් ස්ථාන වෙත නියෝග කර ඇත.
  • ලැබෙන පැමිණිලි සම්බන්ධයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව දැනුවත් කරන ලෙස පොලිස්පතිවරයා විසින් ඔක්තෝම්බර් 3 දින සහිතව නියෝගයක් නිකුත් කර තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

ලැබෙන පැමිණිලි සම්බන්ධයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව දැනුවත් කරන ලෙස පොලිස්පතිවරයා විසින් ඔක්තෝම්බර් 3 දින සහිතව නියෝගයක් නිකුත් කර තිබේ.

එම නියෝගය ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, නියෝජ්‍ය පොලිස්පතිවරුන්, අණදෙන නිලධාරීන් / අධ්‍යක්ෂවරුන්,කොට්ඨාශ භාර නිලධාරීන්, දිස්ත්‍රික් භාර ජේෂ්ඨ රාජ්‍ය නිවේදිත නිලධාරීන් හා මූලස්ථාන පොලිස් පරීක්ෂක වරුන්ට හා ස්ථානාධිපතිවරුන් ට යොමු කර තිබේ.

එවැනි පැමිණිලි සම්බන්ධයෙන් සිදු කරන පොලිස් විමර්ශන වලට අමතරව එම පැමිණිලි සම්බන්ධව පොලිස් මූලස්ථානයේ  අපරාධ අංශය භාර නියෝජ්‍ය පොලිස්පති වරයා විද්‍යුත් පණිවිඩයක් මගින් දැනුවත් කරන ලෙස ද පොලිස්පතිවරයා විසින් ඒ මගින් පොලිස් ස්ථාන වෙත නියෝග කර ඇත.

මේ අනුව දේපළ සොරකම් කිරීම, බලෙන් ලබා ගැනීම, කොල්ලකෑම, සාපරාධී සාවද්‍ය පරිහරණය, සාපරාධී විශ්වාසය කඩකිරීම, වංචා කිරීම, අනර්ථය ඒ හා සම්බන්ධ ලැබී ඇති වෙනත් වැරදි, ලක්ෂ 50ට වැඩි ආරවුල් යන පැමිණිලි සම්බන්ධයෙන් පොලිස් ස්ථානාධිපතිවරයා විසින් පොලිස් මූලස්ථානයේ අපරාධ අංශය භාර නියෝජ්‍ය පොලිස්පති වරයා දැනුවත් කිරීම සිදුකළ යුතුය.


(ඉඳුවර බණ්ඩාර - අනිද්දා පුවත්පතින්)

 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...