BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
ක්‍රීඩා

ඉන්දියාව ලකුණු 503 යි: ශ්‍රී ලංකාව ලකුණු 8කට කඩුලු 2ක් අහිමි කරගෙන අසීරු අඩියක

T

The Leader Desk

August 24, 2026 • 3:03 PM

ඉන්දියාව ලකුණු 503 යි: ශ්‍රී ලංකාව ලකුණු 8කට කඩුලු 2ක් අහිමි කරගෙන අසීරු අඩියක

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ධුරව් ජුරල්ගේ නොදැවුණු ශතකය (115*) හා පාන්ට්ගේ ප්‍රහාරාත්මක ඉනිම (63) හමුවේ ඉන්දියාව සිය පළමු ඉනිම ලකුණු 503/9කට සීමා කරයි.
  • ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉනිමේදී ලකුණු 503ක් ලබා ගැනීමෙන් පසුව මඳවීගෙන යන ආලෝකය මධ්‍යයේ ශ්‍රී ලංකා කඩුලු දෙකක් දවාලමින් ඉන්දියාව ප්‍රබල තත්ත්වයක පසුවනවා.
  • අද දෙවැනි දින තරගය නතර කරන විට ලකුණු අටකට කඩුලු දෙකක් අහිමි කරගෙන සිටි ශ්‍රී ලංකාව ට ඒ අනුව හෙට තෙවැනි දින තරගයට මුහුණ දීමට සිදුවන්නේ ලකුණු 495ක් පිටුපසින් සිටින දැඩි පීඩනයක් සමග.
  • පෙර දින තරගයේදී අත තුවාල කරගෙන කඩුල්ලෙන් ඉවත් වූ රිෂාබ් පාන්ට් අද නැවත පිතිකරණයේ නියැලෙමින් ලකුණු 63ක් වාර්තා කළ අතර ධුරව් ජුරල් නොදැවී ලකුණු 115ක් රැස් කළා.
අකුරු ප්‍රමාණය (Font Size):

 

වර්ෂාවේ බාධා මැද පිළිතුරු ඉනිම ඇරඹූ ශ්‍රී ලංකා මුල්පෙළ කඩුලු 2ක් ලකුණු 8කට බිඳ වැටෙමින් ලකුණු 495ක් පිටුපසින් සිටින දැඩි පීඩනයක.

කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉනිමේදී ලකුණු 503ක් ලබා ගැනීමෙන් පසුව මඳවීගෙන යන ආලෝකය මධ්‍යයේ ශ්‍රී ලංකා කඩුලු දෙකක් දවාලමින් ඉන්දියාව ප්‍රබල තත්ත්වයක පසුවනවා.

අද දෙවැනි දින තරගය නතර කරන විට ලකුණු අටකට කඩුලු දෙකක් අහිමි කරගෙන සිටි ශ්‍රී ලංකාව ට ඒ අනුව හෙට තෙවැනි දින තරගයට මුහුණ දීමට සිදුවන්නේ ලකුණු 495ක් පිටුපසින් සිටින දැඩි පීඩනයක් සමග.

පෙර දින තරගයේදී අත තුවාල කරගෙන කඩුල්ලෙන් ඉවත් වූ රිෂාබ් පාන්ට් අද නැවත පිතිකරණයේ නියැලෙමින් ලකුණු 63ක් වාර්තා කළ අතර ධුරව් ජුරල් නොදැවී ලකුණු 115ක් රැස් කළා. පන්දු 177ක ඔහුගේ නොදැවුණු ඉනිමට හතරේ පහර 9ක් සහ හයේ පහර 2ක් ඇතුළත්ව තිබුණා.  

පාන්ට්ගේ හයේ පහරෙන් පන්දුව ක්‍රීඩාංගණයෙන් ඉවතට

cbxdzdv

දෙවැනි නව පන්දුව ඕවර හතක් පමණක් පැරණිව තිබියදී අසිත ප්‍රනාන්දු විසින් ඔහුගේ සිවු වැනි කඩුල්ල අද ලබා ගැනීමෙන් පසුව කඩුල්ලට පිවිසි පෙර දිනයේ තුවාල ලබා  පිටියෙන් ඉවත්වූ රිෂාබ් පාන්ට්, දහවැනි ඔ්වරයේ ලහිරු කුමාර ට එල්ල කළ හයේ පහරෙන් පන්දුව ක්‍රීඩා මණ්ඩපයක වහලය මත පතිත වී ක්‍රීඩාංගණයෙන් ඉවතට ගියා. මේ හේතුවෙන් දෙවැනි නව පන්දුවේ ඔ්වර 9.5කින් පසුව ඊට සමාන තත්ත්වයේ වෙනත් පන්දුවක් තරගය සඳහා යෙදවීමට සිදුවුණා.

ප්‍රනාන්දුගේ සිවු වැනි ගොදුර බවට පත්වුණේ මංගල ටෙස්ට් ක්‍රිකට් වරම් ලබා සිටින සරන්ෂ් ජයින්. දෙවැනි ‘ස්ලිප්’ හි පන්දු රකිමින් සිටි කමිල් මිෂාර උඩ පන්දුව රැක ගැනීමෙන් ජයින් ලකුණු හයකට දැවී ගියා. තරගයේ 87 වැනි ඕවරයේ ඉන්දියා හය වැනි කඩුල්ල බිඳ වැටුනේ මුළු ලකුණු 307දී.

දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට ඉන්දියාව කඩුලු 6කට ලකුණු 419ක් රැස් කරගෙන සිටියා.

දිවා ආහාරයෙන් පසුව යැවුණු පළමු පන්දුවෙන් ම ඉන්දියා 7 වැනි කඩුල්ල බිඳ වැටෙමින් රිෂාබ් පාන්ට් දැවී ගියා. ඔහු දැවී ගියේ කේෂර නුවන්තගේ පන්දුවට ‘ලෝන්ග් ඔෆ්’ හි පන්දු රකිමින් සිටි ලහිරු උදාර අතට උඩ පන්දුවක් දෙමින්. පන්දු 89කින් ලකුණු 63ක් ලබා ගත් පාන්ට් හතරේ පහර හයක් සහ හයේ පහර 2ක් එල්ල කළා. ඔහු මුළු ලකුණු 419දී දැවී යන අවස්ථාවේ යැවෙමින් තිබුණේ තරගයේ 113 වැනි ඕවරය යි.

මුළු ලකුණු ප්‍රමාණය 458ක්ව තිබියදී මානව් සුතර් (18) දැවී ගියා. 125 වැනි ඕවරයේදී ඉන්දියා 8 වැනි කඩුල්ල ලෙසින් ඔහු දැවී ගියේ ප්‍රභාත් ජයසූරියගේ පන්දුවට කඩුලු රකින නිරෝෂන් දික්වැල්ල අතට උඩ පන්දුවක් ලබා දෙමින්. මෙය වමතින් දඟ පන්දු යවන ජයසූරිය මේ තරගයේ ලබා ගත් පළමු කඩුල්ල වුණා.


වර්ෂාව දෙවතාවක් බාධා කරයි

අංක 7 පිතිකරු ධුරව් ජුරල් ඔහුගේ දෙවැනි ටෙස්ට් ශතකයට ලකුණු පහක් අඩුවෙන් සිටියදී වර්ෂාව පතිත වුණා. ඔ්වර 131යි පන්දු දෙකක් යවා තිබියදී තරගය ඇණහිටින විට ඉන්දියාව කඩුලු 8ක් දැවී ලකුණු 475ක් රැස් කරගෙන සිටියා. පස්වරු 2.13ට නතර කෙරුණු තරගය යළි ආරම්භ වුණේ පස්වරු 4.24 ට යි.

ජයසූරිය ට නොඉඳුල් ඕවරයක් ලබා දී ඕවර දෙකකට පසුව අසිත ප්‍රනාන්දුගෙන් ඉක්මන් ලකුණක් උදුරා ගනිමින් ජුරල් ඔහුගේ ශතකය වාර්තා කළා. ‌මේ ලකුණ ලබා ගැනීමේදී ඔහු දුවද්දී දැවී යාමෙන් නූලෙන් බේරීමට තරම් වාසනාවන්ත වූ අතර ඔහු එම ඕවරය අවසන් කළේ හයේ පහරක් එල්ල කරමින්.

ඊළඟ ඕවරයේ ජයසූරියගේ පළමු පන්දුවට කඩුල්ල මුවා කරමින් මොහමඩ් සිරාජ් (3) මුළු ලකුණු 489දී දැවී ගියා.

138 වැනි ඕවරයේ ප්‍රනාන්දුගේ අවසාන පන්දුවට ප්‍රසිද් ක්‍රිෂ්ණා හතරේ පහරක් එල්ල කිරීමත් සමග ඉන්දියාව ඔවුන්ගේ පළමු ඉනිම කඩුලු 9ක් අහිමි කරගෙන ලකුණු 503කට නතර කළා. ඒ වන විට ජුරල් ලකුණු 115ක් රැස් කරගෙන සිටියා.

පන්දු යැවීමේදී අසිත ප්‍රනාන්දු ලකුණු 106කට කඩුලු 4ක් ද, ප්‍රභාත් ජයසූරිය ලකුණු 132කට කඩුලු 2ක් ද, කේෂර නුවන්ත ලකුණු 154කට කඩුලු 2ක් ද ලබා ගත්තා.

ශ්‍රී ලංකාව පිළිතුරු ඉනිම ආරම්භ කර පන්දු දෙකකට පමණක් මුහුණ දී සිටියදී මඳ වැසි පතිත වීම නිසා තරගය පස්වරු 5.08 නතර වී පස්වරු 5.34 ට නැවත ආරම්භ වුණේ එය පස්වරු 6.00 වනතෙක් ක්‍රීඩා කිරීමට නියමිතව තිබූ බැවින්.

ශ්‍රී ලංකා ඉනිමේ අට වැනි පන්දුවේදී පළමු කඩුල්ල ලෙසින් ලහිරු උදාර (1) දැවී ගියේ තෙවැනි ‘ස්ලිප්’ හි පන්දු රකිමින් සිටි යශස්වි ජයිස්වාල් දකුණු පසට අත දිගහැර පනිමින් උඩ පන්දුව දර්ශනීය අයුරින් රැක ගැනීමෙන්. පන්දු යවන්නා වූයේ ප්‍රසිද් ක්‍රිෂ්ණා. අනතුරුව කඩුල්ල ආරක්ෂා කිරීමට පැමිණි ප්‍රභාත් ජයසූරිය (2) ට එම කාර්යය සාර්ථකව ඉටු කිරීමට නොහැකි වුණා. ඔහු මානව් සුතර්ගේ පන්දුවට කඩුල්ල මුවා කරමින් දැවී ගියා. ජයසූරිය එම තීරණයට අභියෝග කළ ද, තෙවැනි විනිසුරුගේ තීරණය වූයේත් ඔහු දැවී ගිය බවටයි. කමිල් මිෂාර නොදැවී ලකුණු 5ක් ලබා ගෙන සිටියා.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
gunasekera33@gmail.com      

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...