BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
ක්‍රීඩා

අවුරුදු 51දී කඩුලු 5ක් ගෙන ජොආන් හික්ස් ලෝක වාර්තාවක් පිහිටුවයි!

T

The Leader Desk

August 30, 2026 • 6:38 AM

අවුරුදු 51දී කඩුලු 5ක් ගෙන ජොආන් හික්ස් ලෝක වාර්තාවක් පිහිටුවයි!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වසර 94ක් පැරණි ටෙස්ට් වාර්තාවක් බිඳ දමමින් ජාත්‍යන්තර පිටියේ කඩුලු 5ක් දවාගත් ලොව වයස්ගතම පන්දු යවන්නිය ලෙස ආයිල් ඔෆ් මෑන් ක්‍රීඩිකාව ඉතිහාසයට එක්වෙයි.
  • වයස අවුරුදු 47දී ප්‍රථම වතාවට ජාත්‍යන්තර තරගයකට ක්‍රීඩා කරමින් සිය ක්‍රිකට් දිවිය ආරම්භ කිරීමට ජොආන් හික්ස් (Joanne Hicks) ට අර්ධ-ශතවර්ෂයකට ආසන්න කාලයක් ගතවුණා.
  • ඉක්බිති සිවු වසරකට පසුව 51 වැනි වියේදී මේ ආයිල් ඔෆ් මෑන් දූපත් දේශයේ ක්‍රිකට් ක්‍රීඩිකාව රුමේනියාවේ Moara Vlasiei ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පෙර නොවූ විරූ වික්‍රමයක් සම්පූර්ණ කළා.
  • හික්ස්ගේ මේ අගනා උත්සාහයෙන් ග්‍රීසිය ඕවර 15ක් ඇතුළත ලකුණු 52කට දැවී ගියා.
අකුරු ප්‍රමාණය (Font Size):


ග්‍රීසියට එරෙහිව ලකුණු 10කට කඩුලු 5ක් දවාගත් 51 හැවිරිදි පිට දඟ පන්දු යවන්නිය 50 පැන කඩුලු පහේ මල්ලක් ගත් පළමු ක්‍රීඩිකාව බවට පත්වෙයි.



වයස අවුරුදු 47දී ප්‍රථම වතාවට ජාත්‍යන්තර තරගයකට ක්‍රීඩා කරමින් සිය ක්‍රිකට් දිවිය ආරම්භ කිරීමට ජොආන් හික්ස් (Joanne Hicks) ට අර්ධ-ශතවර්ෂයකට ආසන්න කාලයක් ගතවුණා. ඉක්බිති සිවු වසරකට පසුව 51 වැනි වියේදී මේ ආයිල් ඔෆ් මෑන් දූපත් දේශයේ ක්‍රිකට් ක්‍රීඩිකාව රුමේනියාවේ Moara Vlasiei ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පෙර නොවූ විරූ වික්‍රමයක් සම්පූර්ණ කළා.

ග්‍රීසිය දණගැස්වූ ලකුණු 10ට කඩුලු 5ක දස්කම

 

hiks 2
ග්‍රීසියේ කාන්තා කණ්ඩායමට එරෙහිව පැවති තරගයේදී, පිට දඟ පන්දු යවන හික්ස් ඇයගේ තෙවැනි ජාත්‍යන්තර විස්සයි20 කඩුලු පහේ මල්ල වාර්තා කළ අතර ඇයගේ ඒ ලකුණු 10 ට කඩුලු 5 පන්දු යැවිම ඇගේ ක්‍රීඩා දිවියේ හොඳම දක්ෂතාව ද වනවා. හික්ස්ගේ මේ අගනා උත්සාහයෙන් ග්‍රීසිය ඕවර 15ක් ඇතුළත ලකුණු 52කට දැවී ගියා. ආයිල් ඔෆ් මෑන් එම ඉලක්කය තරගයේ ‘පවර්ප්ලේ’ ක්‍රීඩා වාරය ඇතුළත කඩුලු නවයකින් පසු කළා.

මේ අනුව වයස අවුරුදු 51යි දවස් 173ක්ව තිබියදී හික්ස්, 50 වැනි වියෙන් පසුව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ තරගයක කඩුලු පහක් ලබා ගත් පිරිමි හෝ කාන්තා පළමු පන්දු යැවීම සටහන් කිරීමට සමත්ව සිටිනවා. ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ මේ වික්‍රමය පෑ වයස්ගතම ක්‍රිකට් ක්‍රීඩිකාව බවට පත්වීම පිණිස හික්ස් බිඳ දැමුවේ ඔස්ට්‍රේලියාවේ බර්ට් අයන්මොංග (Bert Ironmonger) මීට කලින් පිහිටුවා තිබූ වසර 94ක් පැරණි වාර්තාව.

වසර 94ක් පැරණි ඕස්ට්‍රේලියානු වාර්තාව බිඳවැටෙයි

වමතින් දඟ පන්දු යවන අයන්මොංග 1932 වසරේදී දකුණු අප්‍රිකාව ට එරෙහිව කඩුලු පහේ දක්ෂතාව සටහන් කරන විට ඔහුගේ වයස අවුරුදු 49යි දවස් 314ක් වී තිබුණා. ඔස්ට්‍රේලියාවේ ලකුණු 153 ට ප්‍රතිචාර වශයෙන් දකුණු අප්‍රිකාව ලකුණු 36ක් හා 45කට දැවී ඉනිමක පරාජයක් ලැබූ එම ටෙස්ට් තරගයේ එකම දිනයේදී ඔහු ලකුණු හයකට කඩුලු පහක් සහ ලකුණු 18කට කඩුලු හයක් ලෙසින් කඩුලු පහේ මලු දෙකක් ලබා ගැනීමට සමත් වුණා. ටෙස්ට් තරග 14කට ක්‍රීඩා කළ අයන්මොංග එදා මෙදා තුර දෙවැනියට වැඩිම වයස්ගත ක්‍රිකට් ක්‍රීඩකයා ලෙසින් 1933 වසරේදී ඔහුගේ ක්‍රීඩා දිවිය අවසන් කළේ අවුරුදු 50යි දවස් 327 වැනි වියේ පසුවෙමින් සිටියදී.

 

hiks 3
2024 වසරේ දින හයක් ඇතුළත ජොආන් හික්ස් ග්‍රීසිය හා මෝල්ටා ට එරෙහිව කඩුලු පහ බැගින් ලබා ගත්තේ ඒ වන විට අවුරුදු 49යි දවස් 168 වියේදී කඩුලු පහක් වාර්තා කර වයස්ගතම කාන්තාව බවට පත්වෙමින්.

ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ කඩුලු පහේ දක්ෂතා වාර්තා කළ වයස්ගතම පන්දු යවන්නෝ

* අවුරුදු 51 දවස් 173 - ජොආන් හික්ස් (ආයිල් ඔෆ් මෑන්) 2026 වසරේදී ග්‍රීසිය ට එරෙහිව - කාන්තා ජාත්‍යන්තර විස්සයි20
* අවුරුදු 49 දවස් 314 - බර්ට් අයන්මොංග (ඔස්ට්‍රේලියාව) 1932 වසරේදී දකුණු අප්‍රිකාව ට එරෙහිව - පිරිමි ටෙස්ට් (2)
* අවුරුදු 49 දවස් 234 - බර්ට් අයන්මොංග 1931 වසරේදී දකුණු අප්‍රිකාව ට එරෙහිව - පිරිමි ටෙස්ට්
* අවුරුදු 49 දවස් 168 - ජොආන් හික්ස් 2024 වසරේදී ග්‍රීසිය ට එරෙහිව - කාන්තා ජාත්‍යන්තර විස්සයි20
* අවුරුදු 49 දවස් 162 - ජොආන් හික්ස් 2024 වසරේදී මෝල්ටා ට එරෙහිව - කාන්තා ජාත්‍යන්තර විස්සයි20

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
gunasekera33@gmail.com

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...