BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
ක්‍රීඩා

මෙසීගේ ජර්සිය ඩොලර් 66,000කට අලෙවි වෙයි: රොනාල්ඩෝගේ මිල මෙන් හය ගුණයක්

T

The Leader Desk

August 21, 2026 • 3:25 PM

මෙසීගේ ජර්සිය ඩොලර් 66,000කට අලෙවි වෙයි: රොනාල්ඩෝගේ මිල මෙන් හය ගුණයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මැන්චෙස්ටර් යුනයිටඩ් සම්බාහක රොඩ් තෝන්ලීගේ එකතුවේ තිබූ මෙසීගේ බාසිලෝනා ජර්සිය ඩොලර් 66,107ක වාර්තාගත මිලකට අලෙවි වෙද්දී, රොනාල්ඩෝගේ ජර්සිය අලෙවි වූයේ ඩොලර් 10,601කට පමණි.
  • ලියොනල් මෙසී බාසිලෝනා කණ්ඩායමට ක්‍රීඩා කරමින් සිටියදී පැළඳි ජර්සියක් ඩොලර් 66,107කට අලෙවි වී තිබෙනවා.
  • ජර්සි දෙක අතර දැවැන්ත මිල පරතරය වෙන්දේසියට ඉදිරිපත් කර තිබූ මෙසී ජර්සිය එම ආජන්ටිනා සුපිරි තරුව පැළඳ තිබුණේ 2012 වසරේ අගෝස්තුවේ ක්‍රීඩා වාරයට කලින් මැන්චෙස්ට යුනයිටඩ් පිලට එරෙහිව පැවති බාසිලෝනා කණ්ඩායමේ ගෝල 0-0ක මිත්‍ර තරගයේ.
  • මේ අතර, වෙන්දේසි කෙරුණු රොනාල්ඩෝ ජර්සිය 2014-15 ක්‍රීඩා වාරයේ තරගයක් වෙනුවෙන් නිකුත් කළ රෙආල් මෙඩ්රිඩ් කණ්ඩායමේ එකක්.
අකුරු ප්‍රමාණය (Font Size):


2012 තරගයකදී මෙසී අත්සන් කර දුන් ඓතිහාසික ජර්සිය සහ රොනාල්ඩෝගේ රෙආල් මැඩ්රිඩ් ජර්සිය අතර වෙන්දේසියේදී ඇති වූ සුවිශේෂී මිල පරතරය.

ලියොනල් මෙසී බාසිලෝනා කණ්ඩායමට ක්‍රීඩා කරමින් සිටියදී පැළඳි ජර්සියක් ඩොලර් 66,107කට අලෙවි වී තිබෙනවා. මෙහි විශේෂත්වය වන්නේ එම මිල ඒ එකතුවේ ම ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝගේ ජර්සියකට වඩා ඉතාමත් වැඩි වීමයි.

ජර්සි දෙක අතර දැවැන්ත මිල පරතරය
වෙන්දේසියට ඉදිරිපත් කර තිබූ මෙසී ජර්සිය එම ආජන්ටිනා සුපිරි තරුව පැළඳ තිබුණේ 2012 වසරේ අගෝස්තුවේ ක්‍රීඩා වාරයට කලින් මැන්චෙස්ට යුනයිටඩ් පිලට එරෙහිව පැවති බාසිලෝනා කණ්ඩායමේ ගෝල 0-0ක මිත්‍ර තරගයේ. මෙසී පසුව එම ජර්සිය මැන්චෙස්ට යුනයිටඩ් පිලේ සම්බාහකයා වූ රොඩ් තෝන්ලී වෙනුවෙන් අත්සන් කළා.

මේ අතර, වෙන්දේසි කෙරුණු රොනාල්ඩෝ ජර්සිය 2014-15 ක්‍රීඩා වාරයේ තරගයක් වෙනුවෙන් නිකුත් කළ රෙආල් මෙඩ්රිඩ් කණ්ඩායමේ එකක්. එය අලෙවි වී තිබෙන්නේ ඩොලර් 10,601කට. මේ ජර්සි රොඩ් තෝන්ලී (Rod Thornley collection) එකතුවේ කොටසක්.

පීකේ මැදිහත් වී මෙසී හමුවට ගිය හැටි
මැන්චෙස්ට යුනයිටඩ් පාපන්දු ක්‍රීඩා සමාජයේ සම්බාහක ලෙස තෝන්ලී වසර ගණනාවක් කටයුතු කළ අතර එම තනතුර ඔහුට ක්‍රීඩකයින්ගේ ජර්සි හා වෙනත් සිහිවටන එකතු කර ගැනීම සඳහා අවස්ථාව ලබා දී තිබුණා. 2012 මිත්‍ර තරගයට පෙර තමා හිටපු බාසිලෝනා ආරක්ෂක පෙල ක්‍රීඩක ජෙරාඩ් පීකේ සමග සන්නිවේදනය කරගනිමින් මෙසීගේ ජර්සිය පෞද්ගලිකවම ඉල්ලා සිටි බව තෝන්ලී අනාවරණය කළා.

“තරගයට දින දෙකකට පෙර මම ජෙරාඩ් පීකේට පණිවුඩයක් යවමින්, ‘මම ඔබෙන් මීට පෙර කිසිම දෙයක් ඉල්ලා නැහැ, නමුත් මට මේ තරගයේ මෙසීගේ කමිසය අවශ්‍යයි’ කියලා කිවුවා” යනුවෙන් තෝන්ලී පවසනවා.

තරගයෙන් පසුව මැන්චෙස්ටර් කණ්ඩායමේ ඇඳුම් ඇඳීමේ කාමරයට පැමිණි පීකේ, තෝන්ලීව බාසිලෝනා ක්‍රීඩකයින් ඇඳුම් අඳින කාමරයට කැඳවාගෙන ගියා.
“තරගය අවසානයේ ජෙරාඩ් අපේ ඇඳුම් ඇඳීමේ කාමරයට ඇවිත් මගේ අතින් ඇදගෙන මාව කෙළින්ම ඔවුන්ගේ කාමරයට අරගෙන ගියා. ඒ වන විටත් මෙසී එම ජර්සිය ඇඳගෙන හිටියා.”

ජර්සිය ගැලවූ මෙසී එයට අත්සන් කිරීමෙන් පසුව තෝන්ලී සමග අතට අත දීමට පවා නිහතමානී වුණා.

“මම මෙසීත් එක්ක වාඩිවෙලා ඉඳිද්දී එයා ජර්සිය ගලවලා ඒකට මම වෙනුවෙන් අත්සන් කරලා මට අතට අත දුන්නා. ඒක ඇදහිය නොහැකි මොහොතක්’ යනුවෙන් තෝන්ලී සම්මුඛ සාකඡාවකදී අනාවරණය කළා.

රොනාල්ඩෝගේ ජර්සියේ කතාව
අනෙක් පැත්තෙන්, ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝගේ ජර්සිය සූදානම් කර තිබුණේ තරගයක් සඳහා වූවත් එය ඒ පෘතුගාල පාපන්දු තරුව ඇඳ තිබුණේ නැහැ. කෙසේ වෙතත්, එය තෝන්ලී ට පෞද්ගලික පණිවුඩයක් ගෙන දුන් ජර්සියක් වූයේ ඔහු කලින් රොනාල්ඩෝ මැන්චෙස්ට යුනයිටඩ් ක්‍රීඩා සමාජයේ සිටියදී ඔහු සමග වැඩ කර තිබූ බැවින්.‍

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
gunasekera33@gmail.com      

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...