BREAKING
විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●ට්‍රම්ප්ගේ නව නීති හමුවේ මුස්ලිම් රටවලින් අමෙරිකා සංක්‍රමණ සියයට 96කින් බිඳවැටෙයි●"අධිකරණය පත්කළ කමිටුවේ වාර්තාවට අත්සන් තැබුවා" - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු අධිකරණයට කියයි.●ඩුබායි-ටෙල් අවිව් ගුවන් අනතුර වැළකේ: සහායක නියමුවා ගැන විමර්ශන●ඇමෙරිකානු ඩීසල් අර්බුදය: යුරෝපයේ සංචිත කැඳවයි●
Top Ad
ක්‍රීඩා

BLACK CARD: පාපන්දු ක්‍රීඩාවට කළු කාඩ්පත එයි!!!

T

The Leader Desk

September 12, 2026 • 3:10 PM

BLACK CARD: පාපන්දු ක්‍රීඩාවට කළු කාඩ්පත එයි!!!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • යොවුන් පාපන්දු තරග අතරතුර දෙමාපියන් සහ නරඹන්නන් සිදුකරන හිරිහැරවලින් දරුවන් ආරක්ෂා කරගැනීම වෙනුවෙන් රුමේනියාව ගත් ඓතිහාසික ක්‍රියාමාර්ගය.
  • තරුණ පාපන්දුවේ අපවාදාත්මක හා අයුතු හැසිරීමට දඬුවම් කිරීම පිණිස කළු කාඩ්පත හඳුන්වා දෙන බවට රුමේනියානු පාපන්දු සම්මේලනය ඊයේ නිවේදනය කළා.
  • මේ පිළිබඳව රුමේනියා පාපන්දු සම්මේලය මෙසේ ප්‍රකාශ කරනවා.
  • “පාපන්දුව ක්‍රීඩාවක්, විනෝද වීමේ අවස්ථාවක් හා දරුවන්ට සෞඛ්‍යමය වැඩීමක් ලබා දෙන දෙයක් ලෙස රැඳී තිබිය යුතුයි.
අකුරු ප්‍රමාණය (Font Size):


ක්‍රීඩා මණ්ඩපයේ පීඩනය පිටියට එන විට තරගය එසැණින් අවසන් කරන රුමේනියානු පාපන්දු සම්මේලනයේ විප්ලවීය විනය පියවර.

රුමේනියානු පාපන්දු සම්මේලනය ‌ෙඑතිහාසික තීරණයක් ගනිමින් යුරෝපීය පාපන්දු තරග බිමට කළු පැහැති කාඩ්පත ගෙනැවිත් තිබෙනවා. ඔවුන් මේ නව නීතිය පනවා තිබෙන්නේ යොවුන් තරග අතරතුර මව්පියන් හා නරඹන්නන්ගේ නොහොබිනා හැසිරීම වැළැක්වීමටයි.

තරුණ පාපන්දුවේ අපවාදාත්මක හා අයුතු හැසිරීමට දඬුවම් කිරීම පිණිස කළු කාඩ්පත හඳුන්වා දෙන බවට රුමේනියානු පාපන්දු සම්මේලනය ඊයේ නිවේදනය කළා. ක්‍රීඩා මණ්ඩපවලින් එන පීඩනය හා බැණ වැදීම්වලින් දරුවන් ආරක්ෂා කිරීම මේ පියවරේ ඉලක්කය වී තිබෙනවා.

දරුවන් වෙනුවෙන් BRAVO මෙහෙයුම

මෙය ක්‍රීඩා ලෝකයේ පුරෝගාමී පියවරක් වනවා. මේ පිළිබඳව රුමේනියා පාපන්දු සම්මේලය මෙසේ ප්‍රකාශ කරනවා.

“පාපන්දුව ක්‍රීඩාවක්, විනෝද වීමේ අවස්ථාවක් හා දරුවන්ට සෞඛ්‍යමය වැඩීමක් ලබා දෙන දෙයක් ලෙස රැඳී තිබිය යුතුයි. යොවුන් පාපන්දු තරගවල තිබෙන වඩාත්ම වේදනාත්මක තත්ත්වයක් වන්නේ ක්‍රීඩාංගණ මණ්ඩපවල සිට දෙමාපියන් හා නරඹන්නන් දරුවන්ට කරන කරදරය, හිරිහැරය හා පීඩනයයි. මීට එරෙහිව සටන් කිරීමේ රුමේනියානු පාපන්දු සම්මේලනයේ උත්සාහය BRAVO වේදිකාව ඔස්සේ අපි දිගටම කරගෙන යනවා.”

මේ වේදිකාව මව්පියන් පිටියේ මායිම් රේඛාවේ සිට ළමයින්ට බැණ වදිමින්, තර්ජනය කරමින්, පහර දෙමින් හා තල්ලු කරමින් සිදුකරන ‘බුලි’ කිරීම නතර කිරීම සඳහා ආරම්භ කර ඇති සමාජ මාධ්‍ය මෙහෙයුමක්.

හදිසි කමිටුව මේ නව නියාමනය සැප්තැම්බර් 11 දිනයේ අනුමත කළ බවත් මෙය මුලින් ඇතුළත් කර තිබෙන්නේ දරුවන්ගේ හා තරුණ ළමයින්ගේ තරගාවලි ක්‍රමවේදයට  බවත් රුමේනියානු පාපන්දු සම්මේලනය නිවේදනයක් මගින් පැහැදිලි කරනවා.

අවුරුදු 7 සිට 16 දක්වා වයස් ඛාණ්ඩ වෙනුවෙන් ක්‍රියාත්මක වන මේ නව විනයානුකූල පියවර ගොඩනැගී තිබෙන්නේ “ක්‍රීඩා මණ්ඩපයේ සිටින මව්පියන්ගේ කීර්තියට ඇති ආශාව, පීඩනය හා ඉච්ඡා භංගත්වය හමුවේ දරුවන් ඊට ගොදුරු නොවිය යුතුයි” යන ප්‍රතිපත්තිය මතයි.

කළු කාඩ්පතින් තරගය එසැණින් අත්හිටුවයි

කළු කාඩ්පතේ වැදගත්කම වන්නේ එමගින් තරගය කොන්දේසි රහිතව නිශ්චිතව නතර කිරීමයි. මේ ගැන රුමේනියානු පාපන්දු බලධාරීන් මෙසේ විස්තර කරනවා.


“කළු කාඩ්පත යනු නරඹන්නන් හෝ මව්පියන්ගේ නොහොබිනා හැසිරීම නිසා තරගය නියත වශයෙන් අවසන් බවට තරග විනිසුරුවරයා කිසිම ව්‍යාකූලත්වයකින් තොරව නිවේදනය කරන දෘශ්‍ය සංඥාවයි. නින්දා සහගත හැසිරීමෙන් තරගය පවත්වා ගෙන යාමට බලපෑමක් ඇති කරනවා පමණක් නොව එයින් දරුවන්ට හා මුළු කණ්ඩායමට ම කෙළින්ම විපාක ගෙන ඒමට ඉඩ තිබෙනවා.”

දෙමාපියන් හා නරඹන්නන්ගේ හැසිරීම ළමයින්ගේ තරගයක ස්වභාවයට ගැළපෙනවා ද යන්න පිළිබඳව පිටියේ තරග විනිසුරුවරයා සිවු වැනි නිලධාරියා හෝ එහි සිටින වෙනත් තරග නිලධාරියෙකුගේ සහාය ඇතිව තීරණය කරනවා.

කාඩ්පත එළියට එන අදියර තුන
කළු කාඩ්පත නිකුත් කිරීම දක්වා ඒමට පෙර අදියර කිහිපයක් තිබෙනවා. පළමු අවවාද කිරීමකින් ආරම්භ වන එය මිනිත්තු දහයකට තරගය තාවකාලිකව නතර කිරීම දක්වා යාමට ඉඩ තිබෙනවා.

නරඹන්නන්ගේ අයුතු හැසිරීමක් පිළිබඳව තරග විනිසුරු දැන ගත් විට, ඔහු පළමුව පුහුණුකරුවන්ට ඒ බව දන්වා පිරිස අමතන ලෙසට ඔවුන්ගෙන් ඉල්ලා සිටිමින් ශබ්ද විකාශන යන්ත්‍රයෙන් අනතුරු හැඟවීමක් නිකුත් කරනවා. නොමනා හැසිරීම දිගටම පැවතෙන්නේ නම් ඔහු තරගය තාවකාලිකව අහෝසි කර කණ්ඩායම් දෙක ම ඔවුන්ගේ ඇඳුම් මාරුකරන කාමරවලට යවනවා.

තරගය නැවත ආරම්භ වූ විටත් ඒ හැසිරීම එසේම පවතින්නේ නම් තෙවැනි දැනුම් දීමත් සමග කළු කාඩ්පත නිකුත් කෙරෙනවා. තරගය අවසන් කරමින් විනිසුරුවරයා විසිල් කිරීමෙන් පසුව එය නිශ්චිතවම නතර වන අතර ඉන්පසුව තරගය තව දුරටත් කරගන යන්න බැහැ.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
gunasekera33@gmail.com
 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...