BREAKING
නෙත්මි අහිංසාගේ ආසියානු පදක්කම් බලාපොරොත්තුව ගිලිහෙයි●මහාචාර්ය ජී.එල්. පීරිස් නීති භාරය පිහිටුවයි●ෆ්ලයිඩුබායි නියමු කුටියේ පිහි ඇනුම: මහා ගුවන් අනතුරක් වැළකුණු හැටි●පැරිසියේදී සංක්‍රාන්ති ලිංගික මතභේදයට ලක්වූ ලින් යූ-ටිං ආසියානු රන් දිනයි●ප්‍රතිවාදිනියගේ අත හපාකෑ චීන ජූඩෝ ක්‍රීඩිකාවට තරග තහනමක්●විදේශ ආයෝජන දිරිගැන්වීමට රාජ්‍ය යාන්ත්‍රණයේ කාර්යක්ෂමතාව තීරණාත්මකයි | ඇමෙරිකානු වාර්තාවක්●ADB ඩොලර් මිලියන 100ක වෘත්තීය පුහුණු ව්‍යාපෘතියක් අරඹයි●වරායේ අයිස් වැටලීම: ජ්‍යෙෂ්ඨ පොලිස් ස්ථාන මාරු අත්හිටුවයි●ඉරාන තෙල් නැව් අර්බුදය: කොළඹට එල්ලවන රාජ්‍යතාන්ත්‍රික පීඩනය●සිනමා සංගීතයේ මායාකාරී අත්දැකීමක් නවරඟහල වේදිකාවට : ඔක්තෝබර් 23●
Top Ad
ක්‍රීඩා

FIFA සභාපති ඉන්ෆන්ටීනෝ ජෝර්දානයෙන් ‘කප්පම්’ ඉල්ලන බවට චෝදනාවක්!

T

The Leader Desk

August 5, 2026 • 3:32 PM

FIFA සභාපති ඉන්ෆන්ටීනෝ ජෝර්දානයෙන් ‘කප්පම්’ ඉල්ලන බවට චෝදනාවක්!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අරාබි කුසලාන තරගාවලියේ ඩොලර් මිලියන 4.2ක ත්‍යාග මුදල FIFA සභාපතිවරයා රඳවාගෙන සිටින බවට අලි කුමරුගෙන් එළිදරව්වක්
  • අනාගත ලෝක කුසලාන පාපන්දු තරගාවලියන්හි ලාභයෙන් කොටසක් පෞද්ගලික ආයෝජකයන්ට විකිණීමේ අසාර්ථක සැලැස්මෙන් පසුව ඉන්ෆන්ටීනෝ ඔහුගේ වසර 11ක සභාපති ධූරය රැක ගැනීමේ සටනක නියැලී සිටින්නේ ගෝලීය පාපන්දු සංගම් නායකයින්ගේ දැඩි දෝෂාරෝපණයට ලක්වීම මධ්‍යයේ.
  • ඔහුට සභාපති තනතුරෙන් ඉවත් වන ලෙසට පාපන්දු ප්‍රධානීන් බොහෝ දෙනෙක් තරයේ කියා තිබෙනවා.
  • ඉන්ෆන්ටීනෝ ප්‍රථම වතාවට සභාපති තනතුරට 2016 පෙබරවාරියේදී තෝරා ගැණුනු, ඡන්ද අපේක්ෂකයින් පස් දෙනෙකුගෙන් යුක්ත වූ FIFA සභාපති තරගයේදී අලි කුමරුට හිමිවුනේ තෙවැනි ස්ථානය.
අකුරු ප්‍රමාණය (Font Size):


ලෝක කුසලාන පෞද්ගලීකරණ සැලසුම හමුවේ ජියානි ඉන්ෆන්ටීනෝට එරෙහිව ගෝලීය පාපන්දු නායකයන්ගේ දැඩි විරෝධයක්

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ (FIFA) සභාපති ජියානි ඉන්ෆන්ටීනෝ නැවත එම තනතුරට පත් කිරීම සඳහා ‘කප්පම්’ ඉල්ලා ඇතැයි ජෝර්දාන පාපන්දු සම්මේලනයේ සභාපති අලි බින් අල් හුසේන් කුමරු ප්‍රකාශ කරනවා.

පසුගිය දෙසැම්බරයේ කටාර් හි පැවති අරාබි කුසලාන (Arab Cup) තරගාවලියේ අනුශූරයින් වෙමින් ජෝර්දාන ජාතික පාපන්දු කණ්ඩායම උපයා ගත් ත්‍යාග මුදල ඉන්ෆන්ටීනෝ කප්පමක් ආකාරයෙන් රඳවා තබාගන සිටින බවට හිටපු FIFA උපසභාපතිවරයෙකු ද වන අලි කුමරු චෝදනා කරනවා. ඉන්ෆන්ටීනෝ නැවත වරක් FIFA සභාපති ලෙස පත් කිරීමට අනුමැතිය පළ කළහොත් එය ජෝර්දාන පාපන්දු සංගමයට උදව් උපකාර කිරීමට බොහෝ දුරට බලපානු ඇතැයි ජෝර්දානය පසුගිය ජූනි මාසයේ ප්‍රථම වතාවට සහභාගි වූ ලෝක කුසලාන තරගාවලිය පැවැත්වෙන අතරතුර FIFA තමාට දැනුම් දුන් බවට අලි කුමරු පවසනවා.

අනාගත ලෝක කුසලාන පාපන්දු තරගාවලියන්හි ලාභයෙන් කොටසක් පෞද්ගලික ආයෝජකයන්ට විකිණීමේ අසාර්ථක සැලැස්මෙන් පසුව ඉන්ෆන්ටීනෝ ඔහුගේ වසර 11ක සභාපති ධූරය රැක ගැනීමේ සටනක නියැලී සිටින්නේ ගෝලීය පාපන්දු සංගම් නායකයින්ගේ දැඩි දෝෂාරෝපණයට ලක්වීම මධ්‍යයේ. ඔහුට සභාපති තනතුරෙන් ඉවත් වන ලෙසට පාපන්දු ප්‍රධානීන් බොහෝ දෙනෙක් තරයේ කියා තිබෙනවා.

“ජෝර්දානයේ අපි සදාචාරමය වටිනාකම් දිගටම ගෙන යාම ගැන ආඩම්බර වෙනවා. අපි එයාව මීට පෙරත් අනුමත කළේ නැහැ. පැහැදිලිවම දැනුත් අනුමත කරන්නේ නැහැ” යනුවෙන් අලි කුමරු කියනවා. ඉන්ෆන්ටීනෝ ප්‍රථම වතාවට සභාපති තනතුරට 2016 පෙබරවාරියේදී තෝරා ගැණුනු, ඡන්ද අපේක්ෂකයින් පස් දෙනෙකුගෙන් යුක්ත වූ FIFA සභාපති තරගයේදී අලි කුමරුට හිමිවුනේ තෙවැනි ස්ථානය.

“මේ මුළු තත්ත්වයෙන් පෙනී යන්නේ කප්පම් ඉල්ලීමක්. අපි එයට යටත් වීම ප්‍රතික්ෂේප කරනවා” යනුවෙන් ජෝර්දාන කුමාරයා සඳහන් කරනවා.

2025 FIFA අරාබි කුසලාන පාපන්දු තරගාවලියේ ජෝර්දානය මොරොක්කෝව ට පරාජය වූ අවසාන තරගයේ පරාජිත කණ්ඩායමට ඩොලර් මිලියන 4.2ක මුදලක් පිරිනැමිය යුතුව තිබුණා.

“අවසාන තරගයට පිවිසීම‌ වෙනුවෙන් අපේ කණ්ඩායමට ලැබිය යුතු මුදල තවමත් අපට ලබා දී නැහැ. නමුත් එහෙම කරන අතරතුර FIFA තමන් සතුව බිලියන ගණනක සංචිතයක් තිබෙන බවට පුරසාරම් දොඩනවා” අලි කුමරු ප්‍රකාශ කරනවා.

“ප්‍රශ්නය තියෙන්නේ නායකත්වයේ කියලා පැහැදිලිවම පේනවා. මේ කිසිම දෙයකට හෝ අනෙක් කාරණා සම්බන්ධයෙන් අපට උදව් කිරීම FIFA මාස ගණනාවක් තිස්සේ ප්‍රතික්ෂේප කරමින් සිටිනවා.”

2011 සිට 2015 දක්වා කාලය තුළ ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ පාලන විධායක කමිටුවේ සේවය කිරීම පිණිස ආසියානු පාපන්දුව විසින් අලි කුමරු තෝරා ගනු ලැබූ අතර ඔහු 2015 මැයි මාසයේ පැවති මැතිවරණයේදී එකල සභාපතිව සිටි ස්ටෙප් බ්ලැටර් ට එරෙහිව සිටියා.

මෙවර ලෝක කුසලාන තරගාවලිය නිමා වී සති දෙකකට පසුව ඉන්ෆන්ටීනෝ නිව්යෝක් නගරයෙන් පිටව යද්දී ඔහු 2031 වසර දක්වා FIFA සභාපති ධූරයේ වැජඹෙන සෙයක් පෙන්නුම් කරමින් කිසිවෙකුගේ විරුද්ධත්වයක් නැතිව සිවු වැනි හා අවසාන වතාවටත් සභාපති වශයෙන් තෝරා ගැනෙන තත්ත්වයක සිටියා.

එහෙත් මීට සතියකට පෙර අනාවරණය වූ ඔහුගේ ලෝක කුසලාන පෞද්ගලීකරණ සැලසුමෙන් පසුව යුරෝපය, උතුරු අමෙරිකාව හා ආසියානු පාපන්දු නායකයින් විසින් ඉන්ෆන්ටීනෝ දැඩි ලෙස විවේචනය කර තිබෙනවා.

සාමාජික රටවල් 211ක් ඡන්දය ලබා දෙමින් ලබන වසරේ මාර්තු 18 වැනිදා මොරොක්කෝවේ පැවැත්වෙන සභාපතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයින් ප්‍රකාශයට පත් කිරීම සඳහා නොවැම්බර් 18 අවසාන දිනයක් FIFA විසින් නියම කර තිබෙනවා.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
gunasekera33@gmail.com

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...