BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
ක්‍රීඩා

FIFA රටවල් 211 ම ක්‍රීඩා කරන අවුරුදු 15න් පහළ ලෝක කුසලානයක්: ඉන්ෆන්ටීනෝගේ තවත් රහස් සැලසුමක් හෙළිවේ

T

The Leader Desk

August 24, 2026 • 11:03 AM

FIFA රටවල් 211 ම ක්‍රීඩා කරන අවුරුදු 15න් පහළ ලෝක කුසලානයක්: ඉන්ෆන්ටීනෝගේ තවත් රහස් සැලසුමක් හෙළිවේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලෝක කුසලාන කොටස් විකිණීමේ අර්බුදය හමුවේ ලාභ ලබන U-15 සැණකෙළියකට සැලසුම් කළ හැටි
  • ලෝක කුසලාන පාපන්දුවේ කොටස් විකිණීමට උත්සාහ කිරීමෙන් පසුව FIFA සභාපති තනතුරෙන් ඉවත් වන ලෙසට කෙරෙන දැඩි බලපෑම්වලට මුහුණ දී සිටින ඉන්ෆන්ටීනෝ එම අවුරුදු 15න් පහළ තරගාවලිය ලාභ ලබා ගැනීමේ ව්‍යාපෘතියක් බවට පත් කිරීමට අපේක්ෂා කර තිබූ බව පැවසෙනවා.
  • මේ ඉසව්ව පැවැත්වීමට අදහස් කර තිබුණේ ඔ්ලැන්ඩෝ ඩිස්නිලන්තය සමීපයේ ඇති අක්කර 230ක ESPN ක්‍රීඩා සංකීර්ණයේ (ESPN Wide World of Sports Complex) බවට වාර්තා වනවා.
  • ඩිස්නි ක්‍රීඩා සංකීර්ණය කේන්ද්‍ර කරගත් වාණිජ සැලැස්ම   එහෙත් ඒ සැලසුම් මේ වසරේ ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ආරම්භය හමුවේ  හකුළා ගැනීමට සිදුවූ බව සඳහන් වනවා.
අකුරු ප්‍රමාණය (Font Size):


සමාරම්භක තරගය ඊශ්‍රායලය හා පලස්තීනය අතර පවත්වන්න හැදූ FIFA ප්‍රධානියාගේ තවත් රහසක් හෙළිවේ


ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ (FIFA) රටවල් 211 ම සහභාගි වන වයස අවුරුදු 15න් පහළ ලෝක කුසලාන තරගාවලියක් එළි දැක්වීමට එම සම්මේලනයේ සභාපති ජියානි ඉන්ෆන්ටීනෝ උත්සාහ කළ බවට වාර්තා වනවා. අමෙරිකාවේ මධ්‍යම ෆ්ලොරිඩාවේ ප්‍රධානතම නගරයක් වන ඔ්ලැන්ඩෝ හි පිහිටි ඩිස්නිලන්තය ළඟින්ම මේ යොවුන් ‘පාපන්දු සැණකෙළිය’ පැවැත්වීමට ඔහු රහසේ සැලසුම් කර තිබෙනවා.

ලෝක කුසලාන පාපන්දුවේ කොටස් විකිණීමට උත්සාහ කිරීමෙන් පසුව FIFA සභාපති තනතුරෙන් ඉවත් වන ලෙසට කෙරෙන දැඩි බලපෑම්වලට මුහුණ දී සිටින ඉන්ෆන්ටීනෝ එම අවුරුදු 15න් පහළ තරගාවලිය ලාභ ලබා ගැනීමේ ව්‍යාපෘතියක් බවට පත් කිරීමට අපේක්ෂා කර තිබූ බව පැවසෙනවා. මේ ඉසව්ව පැවැත්වීමට අදහස් කර තිබුණේ ඔ්ලැන්ඩෝ ඩිස්නිලන්තය සමීපයේ ඇති අක්කර 230ක ESPN ක්‍රීඩා සංකීර්ණයේ (ESPN Wide World of Sports Complex) බවට වාර්තා වනවා.

ඩිස්නි ක්‍රීඩා සංකීර්ණය කේන්ද්‍ර කරගත් වාණිජ සැලැස්ම

 

football i29834
එහෙත් ඒ සැලසුම් මේ වසරේ ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ආරම්භය හමුවේ  හකුළා ගැනීමට සිදුවූ බව සඳහන් වනවා.

එම තරගාවලිය සඳහා වූ යෝජනාවන් සකස් කර තිබුණේ හිටපු මෙක්සිකෝ පාපන්දු ප්‍රධානී Juan Carlos Rodriguez වැනි ව්‍යාපාරිකයින් බව ද එම වාර්තාවේ දැක්වෙනවා. මේ සම්බන්ධයෙන් සංවිධායකයින් ESPN ආයතනය සමග සාකච්ජා කර තිබෙනවා.

එම තරගාවලියේ සමාරම්භක හා සමාප්ති උත්සව ඩිස්නි උද්‍යානයේ (Disney theme park) පැවැත්වීමත් එම යෝජනාවලට ඇතුළත්ව තිබුණු බවට හෙළි වී තිබෙනවා.

ඊශ්‍රායල් - පලස්තීන ගැටුම මැද ආන්දෝලනාත්මක සමාරම්භක තරගය

මේ සැලසුම්වලට ඉන්ෆන්ටීනෝ ද සහභාගි වූ බව කියන එම වාර්තාව, තරගාවලියේ සමාරම්භක තරගය ඊශ්‍රායලය හා පලස්තීනය අතර පැවැත්වීමට ඔහුට අවශ්‍යව තිබූ බව ද සඳහන් කරනවා.

ඔහුගේ මේ පියවර පිළිබඳව අනාවරණය වන්නේ මේ රටවල් දෙකේ යුද්ධය මධ්‍යයේ එහි පාපන්දු නායකයින් දෙදෙනාව එකිනෙකාට අතට අත දීම සඳහා පෙළඹවීමට ඉන්ෆන්ටීනෝ අප්‍රේල් මාසයේ පැවති FIFA කොංග්‍රසයේදී දැරූ අසාර්ථක උත්සාහයෙන් පසුවයි.

නව අවුරුදු 15න් පහළ තරගාවලිය කෙටි තරග හා කුඩා පිටිවල පැවැත්වීමේ අදහසක් ගැන ඉන්ෆන්ටීනෝ මුලින් සාකච්ඡා කළ ද, එය වාණිජකරණය කිරීම පිළිබඳව කිසිම අවස්ථාවක කතා කර නැහැ.

“තරුණ තරගාවලියන් හා සංවර්ධනය වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් අපි ඉතාමත් ක්‍රියාකාරීව සිටින නිසා මෙය ස්වභාවයෙන්ම ඊළඟ පියවරයි. එය ප්‍රීතිමත් අවස්ථාවක් වේවි” යනුවෙන් FIFA ප්‍රධානියා ඒ දිනවල ප්‍රකාශ කර තිබූ බව ද වාර්තා වනවා.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
gunasekera33@gmail.com

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...