BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
ක්‍රීඩා

ශ්‍රී ලංකාවට එරෙහි ICCයේ පළමු වෙඩිමුරය පත්තුවෙයි: මංගල කාන්තා චැම්පියන්ස් කුසලානයේ සත්කාරකත්වය අහිමි වෙයි

T

The Leader Desk

August 30, 2026 • 1:03 PM

ශ්‍රී ලංකාවට එරෙහි ICCයේ පළමු වෙඩිමුරය පත්තුවෙයි: මංගල කාන්තා චැම්පියන්ස් කුසලානයේ සත්කාරකත්වය අහිමි වෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රජයේ මැදිහත්වීම් හමුවේ ICCයෙන් දැඩි තීරණයක්:
  • මේ තරගාවලිය ප්‍රථම වතාවට 2027 පෙබරවාරි 14 සිට 28 දක්වා පැවැත්වීමට නියමිතව තිබුණේ ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන්.
  • එහෙත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය (SLC) රජය විසින් පත් කරන ලද අතුරු පාලක කමිටුවක් යටතේ තිබියදී මේ තරගාවලියේ ශ්‍රී ලංකා සත්කාරකත්වය සමග ඉදිරියට යා නොහැකි බවට ICCය තීරණය කර ඇතැයි the Sunday Times පුවත්පත අද වාර්තා කර තිබෙනවා.
  • ඉතිහාසය යළිත් නැවතෙයි: 2023 න් පසු අහිමි වූ දෙවැනි ලෝක මට්ටමේ තරගාවලිය රජයේ මැදිහත්වීම හේතුවෙන් ශ්‍රී ලංකාව ට ජාත්‍යන්තර මට්ටමේ ප්‍රධාන ක්‍රිකට් තරගාවලියක් අහිමි වන දෙවැනි අවස්ථාව මෙය වනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ තරග සහභාගිත්වයත් අවිනිශ්චිතයි.

අතුරු පාලක කමිටු ගැටලුවෙන් රටට විශාල ආර්ථික පාඩුවක්: සත්කාරකත්වය සමග ශ්‍රී ලංකාවට ක්‍රීඩා කිරීමේ අවස්ථාවත් අහිමි වීමේ අවදානමක්.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සිදුකළ රජයේ මැදිහත්වීමට එරෙහිව පළමු වෙඩිමුරය තබමින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය (ICC) ලබන වසරේ ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතව තිබූ මංගල කාන්තා චැම්පියන්ස් කුසලාන තරගාවලිය ශ්‍රී ලංකාවෙන් ඉවත් කරගෙන තිබෙනවා.

මේ තරගාවලිය ප්‍රථම වතාවට 2027 පෙබරවාරි 14 සිට 28 දක්වා පැවැත්වීමට නියමිතව තිබුණේ ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන්. එහෙත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය (SLC) රජය විසින් පත් කරන ලද අතුරු පාලක කමිටුවක් යටතේ තිබියදී මේ තරගාවලියේ ශ්‍රී ලංකා සත්කාරකත්වය සමග ඉදිරියට යා නොහැකි බවට ICCය තීරණය කර ඇතැයි the Sunday Times පුවත්පත අද වාර්තා කර තිබෙනවා.

ඉතිහාසය යළිත් නැවතෙයි: 2023 න් පසු අහිමි වූ දෙවැනි ලෝක මට්ටමේ තරගාවලිය

රජයේ මැදිහත්වීම හේතුවෙන් ශ්‍රී ලංකාව ට ජාත්‍යන්තර මට්ටමේ ප්‍රධාන ක්‍රිකට් තරගාවලියක් අහිමි වන දෙවැනි අවස්ථාව මෙය වනවා. 2023 වසරේදී එකල සිටි ක්‍රීඩා ඇමතිවරයා විසින් ක්‍රීඩා සමාජ ඡන්දයෙන් තේරී පත්ව සිටි SLC පරිපාලනය විසිරුවා හැර අතුරු කමිටුවක් පත් කිරීමෙන් පසුව ICCය 2024 අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව ට ලබා දී තිබූ සත්කාරක අයිතීන් ඉවත් කර ගෙන එම සත්කාරකත්වය දකුණු අප්‍රිකාව ට පිරිනැමුවා.

ක්‍රිකට් ආයතනයට සහ රටේ සංචාරක ක්ෂේත්‍රයට දැවැන්ත මූල්‍ය පාඩුවක්

එදා මෙන්ම අදත් ICCයේ තරගාවලියක සත්කාරකත්වය අහිමි වීමෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට මෙන්ම රටට ද විශාල මූල්‍යමය පාඩුවක් සිදුවන බව අමුතුවෙන් කිව යුතු නැහැ. විදෙස් කණ්ඩායම් සමග ඒවායේ නිලධාරීන්, තරග විස්තර විකාශකයින් හා නරඹන්නන් ද දිවයිනට පැමිණීමෙන් SLCයට කෙළින්ම ආදායමක් උපදවනවා. මීට අමතරව මෙමගින් දිවයිනේ සංචාරක ව්‍යාපාරයටද මහත් වාසියක් ලැබෙන්නේ මේ මොහොතේ අවශ්‍යවම තිබෙන විදෙස් මුදල් ද රට ට ගලා එමින්. 

එහෙත් ඒ සියල්ල දැන් අහිමි වී තිබෙන අතර කණ්ඩායම් හයක සහභාගිත්වයෙන් ලබන වසරේ පැවැත්වෙන තරගාවලියේ අලුත් ඉසව්ව මීළඟ ICC රැස්වීමේදී තීරණය වීමට නියමිතයි.

“ඔව්, එය ශ්‍රී ලංකාවෙන් පිටතට ගෙන ගොස් තිබෙනවා” යනුවෙන් SLC පරිවර්තන කමිටුවේ ලේකම් ප්‍රකාශ් ෂාෆ්ටර් Sunday Times පුවත්පතට පවසා තිබෙනවා.

“එය වෙනත් ස්ථානයක පවත්වාවි. නමුත් එය මොන රටේ ක්‍රීඩා කරාවිද කියලා මේ මොහොතේ මට ස්ථිරව කියන්න බැහැ.”
 
අතුරු පාලක කමිටු පිළිනොගැනීමේ ICC ප්‍රතිපත්තිය සහ ව්‍යවස්ථා අර්බුදය
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වර්තමානයේ පාලනය වන්නේ එහි ව්‍යවස්ථාවට හා පාලන තන්ත්‍රයට වෙනස්කිරීම් ගෙන ඒම ඇතුළුව පාලක මණ්ඩලය සඳහා ගෙන එන සංශෝධන අධීක්ෂණය කිරීම පිණිස රජය විසින් පත්කරන ලද පරිවර්තන කමිටුවක් මගින් වන අතර දේශපාලනිකව පත් කෙරුණු අතුරු පාලක කමිටු පිළිනොගන්නා ICCය මෙම පරිවර්තන කමිටුව පත්වූ දා සිට එහි නියෝජිතයින්ට ICC මණ්ඩලයේ රැස්වීම්වලට සහභාගි වීමේ දොරටු වසා දමා තිබෙනවා.

ව්‍යවස්ථාවේ කෙටුම්පතක් පරිවර්තන කමිටුව විසින් ක්‍රීඩා ඇමතිවරයාට බාර දී තිබෙන අතර එයින් යෝජනා කෙරෙන වෙනස්කම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර ඊට අවශ්‍ය නීතිමය ක්‍රියාවලිය හරහා යා යුතුව තිබෙනවා. එම ක්‍රමවේදයට කල්ගත වීමට ඉඩ තිබෙන බැවින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය පිළිගන්නා ඡන්දයෙන් තෝරා පත්කර ගනු ලැබූ පරිපාලනයකට යළි පිවිසෙන්නේ කවදාද යන ප්‍රශ්නාර්ථයක් ඉතිරි කර තිබෙන බව එම පුවත්පත පෙන්වා දෙනවා.

තමන්ගේ සාමාජික රටවල ක්‍රිකට් පාලක මණ්ඩල ඒ ඒ රටවල රජයන්ගේ ඇඟිලි ගැසීම්වලින් නිදහස්ව ඡන්දයෙන් තෝරා ගත් පරිපාලනයක් විසින් පාලනය කළ යුතු බවට ICCය නැවත නැවත අවධාරණය කර තිබෙනවා. ජාත්‍යන්තර තරගාවලියන්ට සත්කාරකත්වය දැක්වීමේදී මේ කාරණය විශේෂයෙන් බලපානවා.

සත්කාරකත්වය සමග සහභාගිත්වයත් ශ්‍රී ලංකාවට අහිමි වෙයිද?
ICCය ප්‍රථම වතාවට සංවිධානය කරන කාන්තා චැම්පියන්ස් කුසලාන තරගාවලිය ශ්‍රී ලංකාවෙන් ඉවත් කිරීමෙන් රටට සිදුවන මුදල්මය පාඩුවට අමතරව එම තරගාවලියට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට තිබෙන අවස්ථාවත් නොලැබී යාමට ඉඩ තිබෙනවා.

මේ තරගාවලියට ක්‍රීඩා කරන කණ්ඩායම් හය සමන්විත වන්නේ ශ්‍රේණිගත කිරීම්වල ඉහළින්ම සිටින රටවල් පහ සහ සත්කාරක රටෙන්. ශ්‍රී ලංකාව සිටින්නේ අංක 6 ස්ථානයේ. ඉහළින්ම ශ්‍රේණිගත මේ රටවල් හයෙන් පිට රටකට තරගාවලිය ගෙන ගියහොත් ශ්‍රී ලංකාවට තරගාවලියේ තිබෙන ස්ථානය අහිමි වනවා.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
gunasekera33@gmail.com
   



වැඩිදුර කියවීම සඳහා අදාළ සබැඳි
 
 


 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...