BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
ක්‍රීඩා

ගිලිහුණු උඩපන්දු වාසියෙන් පඩික්කල් ශතකයකට: SSC ටෙස්ට් සටනේ ඉන්දියාව 300/5ක් ලබයි!

T

The Leader Desk

August 23, 2026 • 3:04 PM

ගිලිහුණු උඩපන්දු වාසියෙන් පඩික්කල් ශතකයකට: SSC ටෙස්ට් සටනේ ඉන්දියාව 300/5ක් ලබයි!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලකුණු 0දී සහ 1දී ලැබුණු වාසියෙන් උපරිම ඵල ගත් පඩික්කල් (117) සහ නායක ගිල් (50) තෙවැනි කඩුල්ලට ලකුණු 120ක සබඳතාවක් ගොඩනගයි.
  • ක්‍රීඩාංගණයේ අද ආරම්භ වූ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී කඩුලු 5කට ලකුණු 300ක් වාර්තා කළා.
  • පඩික්කල් ලකුණු 0දීත්, ඉන්පසුව ලකුණු 1ක් ලබා ගෙන සිටියදී දුන් උඩ පන්දු රැක ගැනීමට ශ්‍රී ලංකා පන්දු රකින්නන් අසමත් වූ අතර අවසානයේදී ඔහු ලකුණු 117ක් කරා ඔහුගේ ඉනිම ගෙන ගියා.
  • පන්දු 193කට මුහුණ දෙන අතරවාරයේ හතරේ පහර 12ක් එල්ල කළ ඔහුගේ කඩුල්ල 77 වැනි ඕවරයේදී බිඳ දැමුවේ කේෂර නුවන්ත යි.
අකුරු ප්‍රමාණය (Font Size):

 

අසිත ප්‍රනාන්දු කඩුලු 3ක් දවාලමින් සටනකට මුලපුරද්දී, දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනය නිමාවන විට ඉන්දීය පළමු ඉනිම කඩුලු 5කට ලකුණු 300යි.


දෙවතාවක් ම දැවී යාමේ වාසනාවෙන් ප්‍රයෝජනය ගත් දෙව්ඩට් පඩික්කල් ශ්‍රී ලංකාව ට එරෙහිව පිට පිට ලබා ගත් දෙවැනි ශතකය මත ඉන්දියාව කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ අද ආරම්භ වූ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී කඩුලු 5කට ලකුණු 300ක් වාර්තා කළා.

පඩික්කල් ලකුණු 0දීත්, ඉන්පසුව ලකුණු 1ක් ලබා ගෙන සිටියදී දුන් උඩ පන්දු රැක ගැනීමට ශ්‍රී ලංකා පන්දු රකින්නන් අසමත් වූ අතර අවසානයේදී ඔහු ලකුණු 117ක් කරා ඔහුගේ ඉනිම ගෙන ගියා. පන්දු 193කට මුහුණ දෙන අතරවාරයේ හතරේ පහර 12ක් එල්ල කළ ඔහුගේ කඩුල්ල 77 වැනි ඕවරයේදී බිඳ දැමුවේ කේෂර නුවන්ත යි. පඩික්කල් සිවු වැනි කඩුල්ල වෙනුවෙන් රවින්ද්‍ර ජඩේජා සමග එක්ව ලකුණු 74ක් එක් කළා. ඊට පෙර ඔහු තෙවැනි කඩුල්ල වෙනුවෙන් නායක ෂුබ්මන් ගිල් සමග ලකුණු 120ක සබඳතාවක් ද ගොඩනැගුවා. ගාල්ලේ පැවති පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිමේදී ද පඩික්කල් ලකුණු 167ක් ලබා ගැනීමට සමත් වුණා. ගිල් අද අර්ධ ශතකයක් සටහන් කළා.

පන්දු යැවීමේදී අසිත ප්‍රනාන්දු ලකුණු 46කට කඩුලු 3ක් බිඳ හෙලූ අතර ලහිරු කුමාර සහ කේෂර නුවන්ත කඩුල්ලක් බැගින් ලබා ගත්තා.

vbcbcvb

සිවු වැනි කඩුල්ල ලෙසින් පඩික්කල් දැවී ගියේ මුළු ලකුණු 281දීයි. ඔ්වර 80ක් අවසානයේ මුළු ලකුණු සංඛ්‍යාව 291/4ක්ව තිබියදී ශ්‍රී ලංකාව දෙවැනි නව පන්දුව ලබා ගත්තා.

නව පන්දුවේ පස්වැනි ඕවරයෙන් ඉන්දියා කඩුල්ලක් බිඳ දැමීමට අසිත ප්‍රනාන්දු සමත් වුණා. ඔහුට ගොදුරු වුනේ ලකුණු 43ක් රැස් කරගෙන සිටි රවින්ද්‍ර ජඩේජා යි. පන්දු 83කට මුහුණ දුන් ඔහු හතරේ පහර 4ක් සමග ලකුණු 43ක් රැස් කළා.

පළමු දින තරගය නතර කරන විට ධුරව් ජුරල් (7) හා සරන්ෂ් ජයින් (4) නොදැවී කඩුල්ලේ රැඳී සිටියා. තරගයේ අවසන් වරුවේ ක්‍රීඩාවේදී ඉන්දියාව ඕවර 33කට මුහුණ දෙමින් කඩුලු 2ක් දැවී ලකුණු 113ක් ඔවුන්ගේ ලකුණු පුවරුවට එක් කරගෙන තිබුණා.

සවස තේ පානයෙන් පසුව යැවුණු හය වැනි ඕවරයේ ලහිරු කුමාරගේ පළමු පන්දුවට මුහුණ දීමේදී එය රිෂාබ් පාන්ට්ගේ අතේ වැදීමෙන් පසුව ඔහු කඩුල්ලෙන් ඉවත්ව ගියා. ඒ වන විට පන්දු 15කට මුහුණ දී සිටි ඔහු රැස් කරගෙන සිටියේ ලකුණු 3ක් පමණයි. පාන්ට් පිටියෙන් පිටව යන විට ලකුණු පුවරුවේ මුළු ලකුණු 207ක් සටහන්ව තිබුණා.

                         
සවස තේ පානය - ඉන්දියාව 187/3

තරගයේ දෙවැනි සැසියේදී ඉන්දියාව ට අහිමි වුනේ එක් කඩුල්ලක් පමණයි. ඒ, ෂුබ්මන් ගිල්ගේ දැවී යාමයි. පන්දු 108කට මුහුණ දුන් ඔහු හතරේ පහර හයක් සමග ලකුණු 50ක් ලබා ගත්තා. ඔහු දැවී ගියේ අසිත ප්‍රනාන්දුගේ පන්දුවට දුන් උඩ පන්දුවක් කඩුලු රකින නිරෝෂන් දික්වැල්ල දර්ශනීය අයුරින් රැක ගැනීමෙන්. ගිල් සහ දෙව්ඩට් පඩික්කල් තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 214කින් ලකුණු 120ක සබඳතාවක් ගොඩනැගුවා. ඉන්දියාව දෙවැනි වරුවේ යැවුනු ඔ්වර 27දී එක් කඩුල්ලක් පමණක් දැවී රැස් කළ ලකුණු ප්‍රමාණය 99ක්. සවස තේ පානය වන විට ඉන්දියාව කඩුලු 3කට ලකුණු 187ක් ලබා ගෙන සිටියා.
                             

දිවා ආහාරය - ඉන්දියාව 88/2

දීප්තිමත් හා ප්‍රබෝධමත් ඉරු දිනයේ කාසියේ වාසිය දිනා ගෙන පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ ඉන්දියාව දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට ඕවර  25ක් ඇතුළත කඩුලු 2ක් දැවී ලකුණු 88ක් රැස් කරගෙන තිබුණා.

ඒ වන විට දැවී ගොස් සිටියේ ආරම්භක පිතිකරුවන් වන කේ.එල්.රාහුල් සහ යශාස්වි ජයිස්වාල්.

කේ.එල්.රාහුල් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමග පන්දු 33කින් ලකුණු 18ක් රැස් කරගෙන සිටියදී ලහිරු කුමාරගේ පන්දුවට කඩුල්ල පිටුපස දික්වැල්ල අතට උඩ පන්දුවක් දෙමින් දැවී ගියා. රාහුල් දැවී ගියේ ඔහු යශාස්වි ජයිස්වාල් සමග ආරම්භක කඩුල්ල වෙනුවෙන් පන්දු 64කින් ලකුණු 37ක් එක් කරමින් සිටියදී. ඉන්පසුව ලහිරු යැවූ දෙවැනි පන්දුවට අංක 3 පිතිකරු දෙව්ඩට් පඩික්කල් දුන් උඩ පන්දුව ‘පොයින්ට්’ හිදී රැක ගැනීමට සොනාල් දිනූෂ අසමත් වුණා. මේ පිතිකරුවා එක් ලකුණක් පමණක් ලබා සිටියදීත් නැවත වරක් දැවී යාමෙන් බේරීමට සමත් වුණා. මෙවර ඔහු දුන් උඩ පන්දුව අල්ලා ගැනීමට අපොහොසත් වුණේ ‘ස්ලිප්ස්’ හා පන්දු රකිමින් සිටි ධනංජය ද සිල්වා.

මුළු ලකුණු 66දී දෙවැනි කඩුල්ල බිඳ වැටෙමින් අනෙක් ආරම්භක පිතිකරු යශාස්වි ජයිස්වාල් දැවී ගියා. 17 වැනි ඕවරය අවසානයේ ඔහු දැවී ගියේ අසිත ප්‍රනාන්දුගේ පන්දුව පිත්තේ අග ස්පර්ශ වී කඩුල්ල සමග ගැටීමෙන්. පන්දු 53කට මුහුණ දුන් ජයිස්වාල් හතරේ පහර 9ක් සමග ලකුණු 45ක් රැස් කළා.

අද මංගල ටෙස්ට් වරම් ලැබූ ක්‍රීඩකයින් දෙපිලේ ම සිටියා. කමිල් මිෂාර හා පසිඳු සූරියබණ්ඩාර ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ පළමු පියවර තැබූ අතර ඉන්දියාව ගාල්ලේ පැවති පළමු ටෙස්ට් තරගයේ ක්‍රීඩා කළ කුල්දීප් යාදව් වෙනුවට පිට දඟ පන්දු යවන සරන්ෂ් ජායින් ට මංගල ටෙස්ට් වරම් ලබා දී තිබුණා.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
gunasekera33@gmail.com      

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...