BREAKING
පැරිසියේදී සංක්‍රාන්ති ලිංගික මතභේදයට ලක්වූ ලින් යූ-ටිං ආසියානු රන් දිනයි●ප්‍රතිවාදිනියගේ අත හපාකෑ චීන ජූඩෝ ක්‍රීඩිකාවට තරග තහනමක්●විදේශ ආයෝජන දිරිගැන්වීමට රාජ්‍ය යාන්ත්‍රණයේ කාර්යක්ෂමතාව තීරණාත්මකයි | ඇමෙරිකානු වාර්තාවක්●ADB ඩොලර් මිලියන 100ක වෘත්තීය පුහුණු ව්‍යාපෘතියක් අරඹයි●වරායේ අයිස් වැටලීම: ජ්‍යෙෂ්ඨ පොලිස් ස්ථාන මාරු අත්හිටුවයි●ඉරාන තෙල් නැව් අර්බුදය: කොළඹට එල්ලවන රාජ්‍යතාන්ත්‍රික පීඩනය●සිනමා සංගීතයේ මායාකාරී අත්දැකීමක් නවරඟහල වේදිකාවට : ඔක්තෝබර් 23●ඇමෙරිකානු ඡන්ද යන්ත්‍ර අර්බුදය: රහස් පරීක්ෂණයේ තතු හෙළිවෙයි●සාහිත්‍යාර්ණව යනු කුමක්ද: සාහිත්‍යය සහ මහා මුහුද●G7 රටවලින් හදිසි ඉන්ධන බැරල් මිලියන 100ක්●
Top Ad
ක්‍රීඩා

ජොස් බට්ලර් වේගවත් අර්ධ ශතකයකින් T20 වැඩිම ලකුණු ලෝක වාර්තාව බිඳ දමයි

T

The Leader Desk

August 6, 2026 • 12:06 PM

ජොස් බට්ලර් වේගවත් අර්ධ ශතකයකින් T20 වැඩිම ලකුණු ලෝක වාර්තාව බිඳ දමයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • Manchester Super Giants කණ්ඩායමේ ජොස් බට්ලර් Hundred තරගාවලියේ Welsh Fire කණ්ඩායමට එරෙහි තරගයේදී මාකෝ ජැන්සන්ගේ පන්දුවට ඔ්ල්ඩ් ට්‍රැෆර්ඩ් ක්‍රීඩා මණ්ඩපයට පිටුපසින් පිහිටි හෝටලයේ බැල්කනියට හයේ පහරක් එල්ල කළා.
  • නව ලෝක වාර්තාවක් පිහිටුවමින් ඔහු අභිබවා ගියේ බටහිර ඉන්දීය කොදෙව් පිතිකරු කීරන් පොලාඩ්ගේ ලකුණු 14,803.
  • 35 හැවිරිදි බට්ලර් අංක 3 පිතිකරුවා ලෙසින් කඩුල්ලට පිවිස පන්දු 20කින් ලකුණු 51ක් රැස් කළේ ඔහුගේ ජාත්‍යන්තර සීමිත ඔ්වර තරග 522ක අපූර්ව ක්‍රීඩා දිවියේ තවත් අතිවිශිෂ්ට ඉනිමක් සටහන් කරමින්.
  • විස්සයි20 ක්‍රිකට් ක්‍රීඩාවේ සුපිරි පිතිකරණ තත්ත්වයක සිටින බට්ලර් විස්සයි20 ක්‍රිකට් තරග සංඛ්‍යා ලේඛනවලට ඇතුළත් වන Hundred තරග බිමේ ඔහුගේ අවසාන තරග හතරෙන් තුනකදී ලකුණු 50 ට වැඩියෙන් වාර්තා කර තිබෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):



ඒ පහරත් සමග මේ හිටපු එංගලන්ත සීමිත ඔ්වර ක්‍රිකට් නායකයා විස්සයි20 (T20) ක්‍රිකට් ක්‍රීඩාවේ වැඩිම ලකුණුලාභියා ලෙස ඉතිහාස පොතට එක්වුණේ ලකුණු 14,833ක් වාර්තා කරමින්. නව ලෝක වාර්තාවක් පිහිටුවමින් ඔහු අභිබවා ගියේ බටහිර ඉන්දීය කොදෙව් පිතිකරු කීරන් පොලාඩ්ගේ ලකුණු 14,803.

35 හැවිරිදි බට්ලර් අංක 3 පිතිකරුවා ලෙසින් කඩුල්ලට පිවිස පන්දු 20කින් ලකුණු 51ක් රැස් කළේ ඔහුගේ ජාත්‍යන්තර සීමිත ඔ්වර තරග 522ක අපූර්ව ක්‍රීඩා දිවියේ තවත් අතිවිශිෂ්ට ඉනිමක් සටහන් කරමින්.

විස්සයි20 ක්‍රිකට් ක්‍රීඩාවේ සුපිරි පිතිකරණ තත්ත්වයක සිටින බට්ලර් විස්සයි20 ක්‍රිකට් තරග සංඛ්‍යා ලේඛනවලට ඇතුළත් වන Hundred තරග බිමේ ඔහුගේ අවසාන තරග හතරෙන් තුනකදී ලකුණු 50 ට වැඩියෙන් වාර්තා කර තිබෙනවා. ඔහු ක්‍රීඩා කළ ආසන්නතම ජාත්‍යන්තර තරගයේදී බට්ලර් ඉන්දියාව ට එරෙහි ජයග්‍රහණයේදී පන්දු 64කින් ලකුණු 131ක් රැස් කිරීමට සමත් වුණා.

2022 විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදී එංගලන්තය ශූරතාව කරා මෙහෙයවූ ජොස් බට්ලර් ජාත්‍යන්තර T20 තරග 160කදී ලකුණු 4,212ක් ද, Hundred තරග 31කදී ලකුණු 1,192ක් ද ලබා ගෙන තිබෙනවා. ඉන්දියා ප්‍රිමිය ලීගයේ ද (IPL) මුම්බායි ඉන්ඩියන්ස්, රාජස්තාන් රෝයල්ස් හා ගුජරාට් ටයිටන්ස් යන කණ්ඩායම් තුන නියෝජනය කර ඇති බට්ලර් එම තරග බිමේදී ශතක 7ක් සහ අර්ධ ශතක 28ක් සමග ලකුණු 4,646ක් සටහන් කර තිබෙනවා.

T20 තරගවල වැඩිම ලකුණුලාභියෝ

* ජොස් බට්ලර් - තරග 522, ඉනිම 492, ලකුණු 14,833, සාමාන්‍යය 35.48, ප්‍රහාරක වේගය 147.24, වැඩිම ලකුණු 131.
* කීරන් පොලාඩ් - 746, 663, 14803, 31.76, 151.0, 104
* ක්‍රිස් ගේල් - 463, 455, 14562, 36.22, 144.8, නොදැවී 175
* ඇලෙක්ස් හේල්ස් - 528, 523, 14449, 29.91, 144.5, නොදැවී 119
* ඩේවිඩ් වෝනර් - 439, 438, 14284, 37.29, 140.8, නොදැවී 135


warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)

'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
gunasekera33@gmail.com

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ජොස් බට්ලර් වේගවත් අර්ධ ශතකයකින් T20 වැඩිම ලකුණු ලෝක වාර්තාව බිඳ දමයි | The Leader