අලකේශ්වර පරපුර අරඹයා පළමු තතු විත්තිය හමුවනුයේ කිත්සිරිමෙවන්ගේ කැළණි සෙල්ලිපියෙනි. (ක්‍රි . ව. 1344) එළු අත්තනගලු වංශය ද අලකේශ්වරලා පිළිබඳ මහත් අභිරුචියෙන් යුතුව වර්ණනා කොට ඇත.



ශ්‍රී ලාංකික ඉතිහාසයහි එක් සමයක් සහමුලින්ම මෙම අලකේශ්වර පරපුර සමඟ සබැඳි තිබේ. පොළොන්නරුව ඇද වැටිමෙන් අනතුරුව ලංකා රාජ්‍යයේ  අගනුවර ඒ මේ අත දෝලනය වන සමයක අලකේශ්වරලා ලක්දිව ට පැමිණ ඇත.

ඔවුහු මලබාර්, දෙමළ, මලයාලම්, හෝ කාලිංග ජන වර්ග මූුලයකින් පැවැත එන බවට ඉතිහාසඥයන් අනුමාන කරති. කෙසේ නමුදු ඔවුන්ගේ භූමිකාව ආරම්භය වනුයේ දඔදෙණි සමයෙහි අවසානය සමඟය.



ලංකා ඉතිහාසයෙහි දක්නට හැකි වෙසෙස් බැදියාවක් වු බහු පුරුෂ විවාහයෙහි අන‘ගිතම අවස්ථාව අලකේශ්වරලා අරඹයාය විද්‍යාමාන වේ. පස්වන භුවනෙකබාහු රජු ( 1372- 1408) ගේ මව සමඟ එකගෙයි වැස විවාහ දිවි සරණෙහි කල් ගෙවන ලද්දේ අලකේශ්වරලාය.



මයුර සංදේශය මේ බන්ධනයට දී ඇති නාමය “තුන් බෑ හිමි“ ලෙසය’ ජයසිරි බිසව සමඟ මෙලෙස බැදී දිවි ගෙවන ලද්දේ අලකේශ්වර සොයුරන් තිදෙනෙකි. අලගන්කෝනාර, ඈපා මන්ත්‍රී සහ දේව මන්ත්‍රී නම් මෙම සොයුරන් තිදෙනා ජයසිරි බිසව සමඟ එකගෙහි වැස මෙරට අල්කේශ්වර පරපුර බිහි කළහ.

උපාය කෞෂල්‍යයෙන් අනුනව ඉමහත් රාජ වරප්‍රාසාදිතව වැජඹුණු අලකේශ්වර පරපුර සිහළ කිරුළ අත් පත් කර ගැනිමේ ඒකායන අරමුණින් යුහුළුව කටයුතු කළහ. ලක්දිව ඔවුන්ගේ මුල් බිම වුයේ කළුතර රයිගමය. වර්තමානයෙහි පවා අලකේශ්වර පරපුරෙහි තද්භව නාම රූප සහිතව පැවතෙන්නෝ එම පෙදෙසෙහි දිවි ගෙවත’.

කෙසේ නමුත්  සේනාධිලංකාර නමින් තවත් ප්‍රබල කලිගු වංශයක් පැමිණ ලක්දිව රාජ්‍යයත්වයට අරෝපණය වන්නේ අලකේශ්වර වංශිකයන්ගේ ක්‍රියාකාරීත්වය සිඳුවන සමයේදීමය.

ඉන් අනතුරුව දර්ශනය වනුයේ අලකේශ්වරලා සහ සේනාධිලංකාරලා අතර ද්වන්ධ රාජ දේශපාලන යුද්ධයයි. දේපාර්ශවයවම බලගතු රාජ්‍ය කුමරෙකු සිංහල රජ කිරුළ ට ඔසවා තැබුම ට ඔවු - නොවුන් යුධ වැදුණහ.

 නමුදු ජයසිරි බිසවගේ සැමියන් ලෙස අලකේශ්වරලා අත්පත් කර ගෙන සිටි ප්‍රතාපවත් බව ඔවුන්ට රාජ්‍යයෙහි හිනිපෙත්තට නැගීමට උපකාරී වුහ.

සැබවින්ම සමකාලීන තතු විත්ති අලකේශ්වරලා හඳුන්වා ඇත්තේ “ලංකේශ්වර“ ලෙසය. ඔවුන් ඒ සමයෙහි බල තලයේ මුදුනට නැගිමට අවශේෂ හේතුවක් ද වුයේය. එනම් ආර්ථික වශයෙන් නව උපාය මාර්ග අනුගමනය කිරිමය.


අරාබි ජාතිකයන් සමඟ මෙරට බලගතු වෙළඳ බැදිම් තහවුරු කරගන්නේ අලකේශ්වරලාය. එයින් ඔවුහු සරුසාර ධන කුවේරයන් බවට පත්වුහ. ඔවහු සතුව ශෝබමාන මාළිගා ඉසුරු දිවිය මනකාන්ත රූ සපුව ජනී ජනයා ද වශීකෘත කළහි. එලෙසම චර්යා රටාවන්ගෙන් අතිශය සංවර පිරිසක් සේ ද සමකාලීන තතු වාර්තා අලකේශ් පරපුර අරඹයා සටහන් තබා ඇත.



මේ සියල්ල අතරින් අලකේශ්වර පරපුරෙහි සිතුම් පැතුම් ඉටු කර ගැනිමට දෛවෝපාගත අවස්ථාවක් විය.  ආර්යය චක්‍රවර්තීන් ලක්දිව උතුරු ප්‍රදේශය අත්පත් කර ගැනිමත් සමඟ ලැබුණ. එම කාර්යයේදී අලකේශ්වරලා වහා තම අණසක යටතේ වු සිංහල ප්‍රදේශ ආර්‍යය චක්‍රවර්තීට අනුකූල කළේය. එයින් අලකේශ්වරලා තවදු බල සම්පන්න වුහ.

නමුදු ඒ සැනින්ම ඔවුහු වහාම පෙරළා ආර්‍යය චක්‍රවර්තින්ගේ ද්‍රවිඩ උතුරු රාජ්‍යයට එරෙහිව දේශමාමක සිංහල ජාතික ව්‍යාපාරයේ මුහුණතසේ ද පෙනී සිටියහ. වහා යුහුසුළු වු අලකේශ්වරලා සිංහල රාජ්‍යයටට ආර්ක්‍ෂිත භූමියක් සොයන්න වුහ.



පසු කලෙක යළි සිහල රජ සිරිත ඔප් නංවන, එලෙසම වර්තමාන අග නගරය වන කෝට්ටේ ජයවර්ධනපුරය මුලින්ම ගොඩ නංවන්නේ අලකේශ්වරලාය. වගුරු භූමිය බලගතු රාජ්‍යයක බලකොටුවක් බවට ඔවුහු පෙරළුහ. දිය වගුරින් වට වු බලකොටුව කෝට්ටේ ලෙස ප්‍රචලිත වු අතර, වගුරක ඉදිවු නව නුවර හුදී ජනයා විමතියට පත්කලා සිදුවිමක් ද වුහ.



 බලකොටුවේ සතර කොන් ලකඹර සුරකින සතර වරම් දෙවිවරුන්ගේ දේවාල සඳහා වේන්ව තිබුනෝය. මෙය ඔවුන්ගේ භක්තිය කෝට්ටේවෙත තව තවත්  නැඹුරු කරවීය. දිවා රෑ  දෙකෙහි මුරකාවල් ද නිති හැම අත වාද්‍ය වෘන්දනා ද නිත්‍ය රැගුම් නිසාවෙන් විටෙක කෝට්ටේ සුරපුරක් සේද ජනයා ට සංජානනය වුහ.

 මේ සියල්ල අතර, අලකේශ්වරලා කෝට්ටේ ආහාර පානාදියෙන් ද සුසජ්ජිත කරවුහ. උතුරින් බලවත් වු ද්‍රවිඩ රාජ්‍යයට එරෙහිවු සිංහල පුනරුදයට අලකේශ්වරලා දායකත්වය සැපයුවෝය.

ආර්‍යය  චක්‍රවර්තී බලය ඉවසා, පෙරළා සිංහලයන් සමඟ එක්ව ආක්‍රමණික ආර්යචක්‍රවර්තී බලයට අභියෝග කිරීමේ අලකේශ්වරලාගේ දේශපාලන කලාව නම් අපුරුමැයි.

 කෝට්ටේ බලකොටුව ස්ථාපිත කිරිමෙන් පසු අලකේශ්වරලා වහා ආර්‍යය චක්‍රවර්තීගේ අයකැමි නියෝජිතයන් එල්ලා ඝාතනය කළහ. ඉන් අනතුරුව ආර්‍යය  චක්‍රවර්තීන් දකුණු ලංකාව ආක්‍රමණය කරන්නට වුයේය. ගොඩබිමින් ද මුහුදින් ද  සේනා ගෙන ආර්ය්‍ය චක්‍රවර්තිහු සිංහලයන් සමඟ යුධ වැදුණහ.



අලකේශ්වරලා සිංහලයන් ද මවිත කරමින් ආරාබි නාවික බලය ද ලබාගෙන සාගරයේදී ද ගොඩබිමේ දී ආර්‍යය චක්‍රවර්තිට බිහිසුණු පරාජයක් උරුම කර දුන්හ. මේ සමඟම “අලකේශ්වර“ නාමය හෙළ ඉතිහාසයෙහි නොමැකෙන මං ලකුණක් සේ සිවු ගත්තේය. එය තවදු තිව්ර වනුයේ සම්බුද්ධ ශාසනය වෙත අලකේශ්වරලා සිදු කළ සුවිශේෂ අනුග්‍රහය නිසාය.



නිකාය සංග්‍රහය වාර්තා කරන ලෙස ක්‍රිඃව 1369 දී සිදු කළ මහා සංඝ සමාග්‍රීයෙ සඳහා ප්‍රධාන අනුග්‍රහය ලබාදුන්නේ අලකේශ්වර ප්‍රභූ රාජයාය. පස්වන බුවනෙකබාහුගේන් අනතුරුව අලකේශ්වර පුත්‍රයෙකු වු වීරබාහු අලකේශ්වරලංකා රාජ්‍යත්වයට පත් වුයේය.

ඒවන විට අලකේශ්වරන්ට පසමිතුරු සේනාධිලංකාර පරපුර අලකේශ්වරලා ගොඩනැංවු කෝට්ටේ බල ප්‍රදේශය අත්පත් කරගෙන තිබුණහ.



එම අවධියේම (ක්‍රි.ව1411) දී චීන ජාතිකයන් ලක්දිව ආක්‍රමණය කළේය. ඔවුහු වීරබාහු අලකේශ්වර අල්ලාගෙන චිනයට ගෙන ගියහ. අලකේශ්වරලා දුටු සිංහල රාජ්‍යයත්ව සිහිනය එසේ බොද වි ගියේය. බලසම්පන්න ප්‍රතාපවත් අලකේශ්වරයන් චීනයේ සිරභාරයට පත් වුයේ මන්දැයි  පරික්ෂා කල යුතු නිමිත්තකි.



අලකේශ්වරලා පරදවා සේනාධිලංකාරලා පෙරට විත්  හයවන පරාක්‍රමබාහු කුමරුට කිරුළ පළදවාළුහ. ඉන් අනතුරුව දර්ශනය වනුයේ අපුර්ව සිදුවිමක’. කිර්තීධර කෝට්ටේ පැරකුම් රජ දවස සිහළ සසුනෙහි අග්‍ර මහා සංඝ නේතෲවරයාගේ බිහි විමය. කෑරගල පද්මාවති පිරිවෙන තත්කාලීන ශාසන කේන්ද්‍රස්ථානය විමය.

සිංහල භික්‍ෂු සසුනේ හි පිළිවත් සරු මහා යතිවරයන් වහන්සේ ලෙස වනරතන මහානායක හිමියෝ පෙරට වැඩියහ. කෑරගල මහ පිරිවෙන ඉදිකළේ ද අලකේශ්වරලාය.

කෑරගල මහා පිරිවෙන්පති එකල මහානායක ධුරීත වනරතන හිමිපාණෝ වනාහි, වීරබාහු අලකේශ්වරයන්ගේ පුත්‍රයාණෝය. අලකේශ්වර පරපුර අවසන සිංහල ගිහි සිරිත ද සිහල පැවිදි සිරිත ද මත නොමැකෙන විසිතුරු සිරිතක්  වනුයේ එලෙසය. හංස සන්දේශය මෙලෙස පසසන්නේ එයයි.

හිමි වන සිඟානා සුදසුන් මහලේ                   න
වැජඹෙන ලැමනි කුලයෙන් සිරි ලැබ යෙහෙ   න  
සිසි වන ලොව යසස් පරසිදු කුලෙන් එ          න
නිසි වන ඔහුට මුනුබුරු වන මනනද              න.


Sujith 2021සුජිත් අක්කරවත්ත
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.








කියවන්න - හදාරන්න : ලේඛකයාගේ වෙනත් ලිපි

සරාග රසායනය - (වායාම 21 : සුජිත් අක්කරවත්ත)

අදින්නාදාන පාරාජිකාව - (වායාම 20 : සුජිත් අක්කරවත්ත)

භල්ලුකගේ සොහන - -(වායාම 19 : සුජිත් අක්කරවත්ත)

මල් මද බිසෝ යොන් ලියන් -(වායාම 17 : සුජිත් අක්කරවත්ත)

ශාසනයත් දේශපාලනයත් බේරාගත් මධුසාදය -(වායාම 17 : සුජිත් අක්කරවත්ත)

මධු මී විවාදය : (වායාම 16) - සුජිත් අක්කරවත්ත

ග්‍රාමවාසයෙන් වනවාසයට -(වායාම 15) - සුජිත් අක්කරවත්ත

ප්‍රඥා සිහින යාමය -(වායාම 14) - සුජිත් අක්කරවත්ත

දේශපාලන සඟුන් - (වායාම 13) - සුජිත් අක්කරවත්ත

නන්දි මිත්‍රගේ පුරුෂ ලිංඟය (වායාම 12) - සුජිත් අක්කරවත්ත

පැවිදි ප්‍රේමය (වායාම 11) : ලක් සසුන් ඉතිහාසයේ ප්‍රේමය වෙනුවෙන් ජීවිතය පූජා කළ මුල්ම භික්‍ෂුව

වායාම 10 : නාග ශාපය - සුජිත් අක්කරවත්ත

වායාම 9 : මිණි මෙවුල් දම - සුජිත් අක්කරවත්ත 

වායාම 8 : සූකර පෝතිකා - සුජිත් අක්කරවත්ත

වායාම 7 : විජයගේ සරාග සුත්‍රය -සුජිත් අක්කරවත්ත

වායාම 6 :යක් දෙස්සෝ - සුජිත් අක්කරවත්ත

වායාම 5 : ගණ ගැටව් - සුජිත් අක්කරවත්ත

වායාම 4 : සරකානි ශාක්‍යසිංහ - සුජිත් අක්කරවත්ත

වායාම 3 : රාග දෙවොලේ රති කෙළි - සුජිත් අක්කරවත්ත 

වායාම 2 : පණ්ඩුකාභයගේ රති කෙළි දෙවොල -  සුජිත් අක්කරවත්ත

වායාම 1 : බාවරී සහ දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණ- සුජිත් අක්කරවත්ත

අහන්න ම වටිනා කතාවක් : 'බුදුදහම ආගමක් නොවේ' - සුජිත් අක්කරවත්ත

සුජිත් අක්කරවත්ත සමග ශෘංගාරවංශය – දෙවෙනි කොටස (Faculty of Sex)

සුජිත් අක්කරවත්ත සමග ශෘංගාරවංශය -- Faculty of Sex

සුජිත් අක්කරවත්තගේ සුකුමාල හෙවත් ජාන පූර්ණිකාව සංවාදයට

 

 

 
 

Leader Whats app


 
 

සර් දැන්මම බිම දාගත්තේ නැත්නම් චම්පිකත් ලොකු ඇණයක් වෙනවා.
 

 
  
තෙල් ඉතිරියට වල් තියරියක් ! |මොණරවිලගේ ලියමන


 
 
අගමැතිට ප්‍රතිකාර කළ සැග වූ දොස්තර ? | අද ගොසිප් එක
 


வங்கிக் கணக்கில் கைவைத்த பண்டாரவை மகிந்த என்ன செய்வார்?

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්