ජාතික පැවැත්ම සැබෑ වනුයේ, ජාතියක ලෞකික ප්‍රාර්ථනා ඉටු වු තරමටය. ඒ අනුව ජාතියක් තමන්ට අනන්‍ය වූ ලෞකික සිරිතක් බිහිකර ගැනීම එහි ආයු පැවැත්ම තීරණය කරන සාධකයකි.



මේ තේමාව සිංහල ජාතිය බිහි කිරීමේ පූරෝගාමී පුරුෂයා විසින් සැලකිල්ලට බඳුන් කරනු ලැබු විශේෂ කරුණකි. සිංහල ජාතියේ ආරම්භකයා වූ විජය රජතුමා ජාතියේ ආයූ පැවැත්ම සජිවී කරවන සරාගීත්වය බල ගැන්වීමේ ශාස්ත්‍රය ජාතියට තිලිණ කල පුරුෂයා ලෙස ද හඳුනා ගත හැකිය.

ඉතිහාස විෂය සමග බැඳුණු බොහෝ දෙනා මෙම සරාගීත්ව ඉතිහාසය අකා මකා දමා හෝ උවමනාවෙන් අමතක කර දැමීමට තරම් කුහකයෝ වී ඇත්තාහ.

සමහරුන් ඒ ගැන දරණ මතය වන්නේ භික්‍ෂුන් වහන්සේලා විසින් ඉතිහාසය ලියා තබන ලද බැවින් එලෙස සිදු වී ඇති බවය.



නමුත් විජය රජතුමා සිංහල ජාතිය ආරම්භයේදී ම එයට බද්ධ කල “සරාග රසායනය“ පිළිබඳ මුල්ම තතු විත්තිය ලේඛන කර ඇත්තේ ද භික්‍ෂුන් වහන්සේ නමකි. ලෞකිකත්වය ද විසිතුරු කර ගැනීමට මග පෙන්වන බුදුදහම ලෞකික විරෝධී තපසදී වාදයක් ලෙස හැදින්වීමට වෙරදරන්නෝ එකල්හි මෙන්ම මෙකල්හි ද මෙය හිතාමතාම සිදු කරති.



කෙසේ නමුත් විජයසිංහ තෙමේ ක්‍රි.පු. 547 වර්ෂයේදී සිරිලකට පැමිණි විට තම මව් දෙරණින් රැගෙන ආයේ එකම එක වස්තුවක් පමණි. ඒ “සරාග රසායනය“ය. ඔහු තම සළු පොටෙහි සුරක්‍ෂිත කරගෙන එය රැගෙන පැමිණියේය.

සිංහපුරයේ සිට සිරිලක තම්බපණ්ණිය දක්වා පැමිණි මුහුදු ගමනේ දී චණ්ඩ මුහුදු කුණාටු වලට මුහුණ දී ද ඔහු අත නොහැර රැක ගන්තේ තම අරමුණ මෙන්ම තමන් සඟවා ගෙන විත් තිබූ “සරාග රසායනය“ය.

මේ තතු පුවත “මහාවංශය“ රචනයේදී බැහැර නො කොට ලේඛන ගත කළ දික්සඳ පිරිවෙන්පති මහානාම මහා ස්වාමින්ද්‍රයාණන් වහන්සේට සජිවී මිනිසුන් ලෙස අපි ණය ගැති විය යුත්තෝ වෙමු. මන්ද විජයගේ “සරාග රසායනය“ වූ කලී මෙරට ජනී දනන් සජිවී කල විශිෂ්ට ජාතික පැවැත්ම අවිඡ්ඡින්න කළ රසායනික විද්‍යාත්මක රහස් සංයෝගය වු බැවිණි.

vgjm


මහාවංශයේ සත්වන පරිච්ජේදය මහත් හරසර පෙරටුව විජය රජතුමගේ “සරාග රසායනය“ වර්ණා කර ඇත්තේ සජිවී ජාතියක පැවැත්ම පිණිස එය විසින් ඉටු කරන බල ගැන්විමේ ප්‍රබලත්වය හුවා දක්වමිණි.

 

උත්තර භාරතීය සංස්කෘතික වංශ වූ සිංහ වංශය, ශාක්‍යසිංහ වංශය, සඳ වංශය මෙන්ම සුර්ය සිංහ වංශය ලෙස ගොමු ගත වු මහාසම්මත වංශයේ රහස් රසායනය “සරාග රසායනය“ නම් වේ. වාජීකරණ මහා සෘෂි පරපුරක් විසින් මානව වංශ අතර සියවස්  ගණනාවක් සිදු කළ ඖෂධ මාත්‍ර පරික්‍ෂාවක අග්‍ර ඵලය ලෙස “සරාග රසායනය“ බිහි වුයේය.

එය සිරිලක් බිමට පැමිණි විජය කුමරු සිංහලයන් සතුකළ අතර, මෙරට සොබා වෙද රහස් සමග මුසු වී නව ප්‍රභේද ගත “සරාග රසායනය“ ගොමුවක් බවට පත් වූ මනමත් සරාග විද්‍යාවක් සිංහලයෝ සතු වුහ.

මෙම සරාග විද්‍යාව පැරණි පුරුෂ අධ්‍යාපනය සමග බැඳි පැවතුණි. සරාග අභ්‍යාසයන් සමග අතිනත බැඳී චර්යා පද්ධතියක් ඔස්සේ මනකල් සිරිතක් ද ලෙස ජාතික සම්ප්‍රාදායට අන්තරගතව තිබුණි. සිහිනයක් තරමට එය රමණිය වේ.

ඒ රමණීය සරාග විද්‍යා රසායනය “වෙදසිංහ“ නම් වූ මූල වංශය සිද්ධාන්ත සහිතව උරුම කරගෙන පැමිණ ඇත. ඔවුහු එකී දැනුම සඳහා විශේෂඥ පරපුරක් බිහි කොට, සරාග රසායන නිතී පරීක්‍ෂාවට මෙන්ම නව උත්පාදනයන් සඳහා සරාගීත්වය අර්ථ විවරණ කර ගැනීම උදෙසා ද ජීව විද්‍යාත්මකව උපදින සරාග ප්‍රභේද ලක්‍ෂණ සහ සිතැඟියාවන් හඳුනා ගනිමින් ඒ ඔස්සේ ජීව රසායනයක් හඳුනාගෙන නව සංයෝගයක් බිහි කර ගැනීමට කැප වුහ.



මෙලෙස විජයාගමනයේ සිට සියවස් හතක් පමණ ශාස්ත්‍ර සම්ප්‍රදායයක් මෙන්ම පුජනීය ගුරුකුල සමුහයක් අතර සැරි සැරිසරමින් වර්ධිත විජයගේ “සරාග රසායනය“ මෙරට දේශපාලන භුමිකාව ද රාෂ්ඨිය පාලනය ද මෙහෙයවන තේමාව බවට පත් වන අසිරිමත් සමය ක්‍රි.ව. 337 දී සිදු විය. ඒ බුද්ධදාස මහ රජ තෙමේ රජපද ප්‍රාප්ත වු කල්හිය. දළදා වහන්සේ රාජ්‍යත්වයේ මුදුනතේ තබා මෙරට රාජ සමය අරඹන දෙවන පාලකයා වන්නේ ඔහුය.



රජ තෙමේ අයත් වනුයේ ජවපුර්ණ ජාන පරපුරකටය. ඔහුගේ පිය රජු වු ජෙට්ඨතිස්ස, සිංහල රාජ වංශයේ පූර්ණ සුලලිත කලාකරුවාය. ඔහු මුත්තණුවන් වනුයේ සිරිලකට දළඳා වහන්සේ ලබාගත් මෙරට ජන කලාවේ විශේෂඥයා වන සිරි මේඝවර්ණය රජුය.

එමෙන්ම බුද්ධදාස මහ රජුගේ මි මුත්තණුවන් වනුයේ වුයේ මහසෙන් මහ රජුය. මෙවන් උත්තාරෝපිත ජාන පරපුරක පුත්‍රයා ලෙස තෙමේ කුඩා වියේ පටන්ම තම සිතුම් පැතුම් යොමු කළේ ජාන හා ජාන අතර බැඳිම, ඒවා අතරින් සුවිශේෂී ජාන බීජ  බිහි වන අයුරු නිරික්‍ෂණය කිරීමටය.

එමෙන්ම පුද්ගල විශීෂ්ඨත්වය යනු කුසලතා එක් කිරීමක් ද නොවේ නම් ජාන විශීෂ්ඨත්වයක් තුලින් ඔප්නංවා ගන්නා පරිචයක් වේ ද යන්න සුකුමාල භද්‍ර යෞවනයේ සිටම බුද්ධදාස කුමරු සිතු සිතුමන්ය. ඔහු තම කලාකාමී පිය රජුගේන් ලද අපිරිමිත නිදහස ද ලයාන්විත කලා සංවාදය ද උපයෝගී කර ගනුයේ ඒ සිතුම් පැතුම් සනාත කර ගැනීම උදෙසාය.

ඒ අනුව මනුෂ්‍ය ජාන අතරින් ගහකොළ සත්ත්ව සංහතිය පිළිබඳ අවධානය යොමු කරන කුමරු එකළ අනුරාධපුරයේ විසු විදෙස් ජනයාගේ කල්‍යාණ මිත්‍රයා ද විය. ඒ නිසා ග්‍රීක, සුමේරියන්, පර්සියන්, ඉන්දු, චීන ආදී විවිධ ජාන ජීවින් ද ඔහුන්ගේ පරපුර අධ්‍යයනයට ඔහු මංපෙත් විවර කර ගත්තේය.



ආර්ථික සරුසරාත්වයෙන් වාර්ගික සමගි දාමයෙන් පුර්ණව සැනසුන එකල සිරිලක සමාජය ඉල්ලා සිටියේ නව දේශපාලන පසුබිමකි. මෙම සමාජ නිමිත්ත බුද්ධදාස යෞවනයා තම රජ පරපුරේ මි මුත්තණු විජයගේ සරාග රසායනය සොයා රැගෙන ගියේය.



ඒ අතීත වන්දනාව ඔහුව නොමියෙන මහා මිනිසෙකු බවට පත් කළේය. ඔහු තම සිරුර පරික්‍ෂාගාරයක් බවට පත් කර ගනිමින් සිංහල වෙදකමට නව සිද්ධාන්ත සොයා පාදා ගත්තේය. පෙරළා ඒ සියළු දෑ මනුෂ්‍ය ජිව ප්‍රබෝධය විෂයෙහි සදා නොමියෙන සොයා ගැනීම් බවට පත් විය.

ඔහු ඉන් නොනැවතී රාජ්‍යත්වය ද රාජ්‍ය මතය ද පැවැත්ම ද ජිව ප්‍රබෝධ වෛද්‍ය විද්‍යාව බවට පත් කළේය. තම මී මුත්තණුවන් මෙන්ම පියාතුමා විසින් තැනු සරුසාර දේශය ප්‍රබෝධ කළ උත්තර රාජ දේශපාලන නේතෘවරයකු ලෙස ද බුද්ධදාස රජු හැඳින්විය හැකිය.

ඔහුගේ සරාග රසායනය ද වෛද්‍ය සිද්ධාන්ත ද එකල්හි තත් කාලීන රාජ්‍යයන් අතර සංස්කෘතික දූත මෙහෙවර බවට විය. එතෙක් මෙතෙක් ලොව පතල සියළු වෛද්‍ය සිද්ධාන්ත එකට ගලපා තම සොයා පාදා ගැනීම ද එයට මුසු කර රජූ ගොතා බඳින මහා පුස්තකය. ‘සාරාර්ථ සංග්‍රහය‘ නම් වේ.

‘සාරාර්ථ සංග්‍රහය‘ එකී විෂයෙහි සදා පුද ලබන මහා ග්‍රන්ථ රත්නය වන්නේය. මෙම කෘතිය විජය රජුගේ සරාග රසායනය බලගන්වන අතර ප්‍රබෝධමත් ජවසම්පන්න නිවුණු මිනිසකු ද කායික මානසික පැවැත්ම පූර්ණ වු ප්‍රබෝධ ජනකයකු බිහි කිරිමට එය මග පෙන්වයි.



බුද්දධාස රජතුමාගේ රජපද සමයෙන් සියවස් දහ අටක් (වර්ෂ එක්දහස් අටසියක්) ගෙවි ගොස් ඇත. නවීන යැයි පවසන යුගයට අපි පිවිස ඇත්තේමු. නමුත් සරාගය ඊනියා සදාචාරයට බිළි දී කුහක කමින් අප්‍රණිකව මැලවුණු දුර්වර්ණ දුබල ජාතියක් බවට සිංහලයෝ පත්ව ඇත්තෙමු. සප්‍රාණික ජාතියක් අප්‍රාණික ජාතියක් බව පත්ව ඇත. විජයගේ “සරාග රසායනය“ සුත්‍ර ගත කළ බුද්දධාස රජතුමන් “සාරාර්ථ සංග්‍රහය“ ජීව ජාතියකට මග පාදා සජීවිව තවමත් බැබළෙන්නේය.

 

Sujith 2021

සුජිත් අක්කරවත්ත
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.


 


කියවන්න - හදාරන්න : ලේඛකයාගේ වෙනත් ලිපි

අදින්නාදාන පාරාජිකාව - (වායාම 20 : සුජිත් අක්කරවත්ත)

භල්ලුකගේ සොහන - -(වායාම 19 : සුජිත් අක්කරවත්ත)

මල් මද බිසෝ යොන් ලියන් -(වායාම 17 : සුජිත් අක්කරවත්ත)

ශාසනයත් දේශපාලනයත් බේරාගත් මධුසාදය -(වායාම 17 : සුජිත් අක්කරවත්ත)

මධු මී විවාදය : (වායාම 16) - සුජිත් අක්කරවත්ත

ග්‍රාමවාසයෙන් වනවාසයට -(වායාම 15) - සුජිත් අක්කරවත්ත

ප්‍රඥා සිහින යාමය -(වායාම 14) - සුජිත් අක්කරවත්ත

දේශපාලන සඟුන් - (වායාම 13) - සුජිත් අක්කරවත්ත

නන්දි මිත්‍රගේ පුරුෂ ලිංඟය (වායාම 12) - සුජිත් අක්කරවත්ත

පැවිදි ප්‍රේමය (වායාම 11) : ලක් සසුන් ඉතිහාසයේ ප්‍රේමය වෙනුවෙන් ජීවිතය පූජා කළ මුල්ම භික්‍ෂුව

වායාම 10 : නාග ශාපය - සුජිත් අක්කරවත්ත

වායාම 9 : මිණි මෙවුල් දම - සුජිත් අක්කරවත්ත 

වායාම 8 : සූකර පෝතිකා - සුජිත් අක්කරවත්ත

වායාම 7 : විජයගේ සරාග සුත්‍රය -සුජිත් අක්කරවත්ත

වායාම 6 :යක් දෙස්සෝ - සුජිත් අක්කරවත්ත

වායාම 5 : ගණ ගැටව් - සුජිත් අක්කරවත්ත

වායාම 4 : සරකානි ශාක්‍යසිංහ - සුජිත් අක්කරවත්ත

වායාම 3 : රාග දෙවොලේ රති කෙළි - සුජිත් අක්කරවත්ත 

වායාම 2 : පණ්ඩුකාභයගේ රති කෙළි දෙවොල -  සුජිත් අක්කරවත්ත

වායාම 1 : බාවරී සහ දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණ- සුජිත් අක්කරවත්ත

අහන්න ම වටිනා කතාවක් : 'බුදුදහම ආගමක් නොවේ' - සුජිත් අක්කරවත්ත

සුජිත් අක්කරවත්ත සමග ශෘංගාරවංශය – දෙවෙනි කොටස (Faculty of Sex)

සුජිත් අක්කරවත්ත සමග ශෘංගාරවංශය -- Faculty of Sex

සුජිත් අක්කරවත්තගේ සුකුමාල හෙවත් ජාන පූර්ණිකාව සංවාදයට

 

 

Leader Whats app


 
 
ඩාන්ස් කරන අපේ විරුවා ගෝඨාභය ම ද?
 
 
 
සර් ඔය පාරම ඩඩ්ලිටත් දිලා දාමුකෝ. සිරිසේනටත් උණ ගැනෙන්න.| The Leader TV
 

 
 
වරායේ ලක්ෂරි වාහන මන්ත්‍රීලට! | වියත් කතා     
 

 
   
සෙනාට තගක් දැම්මම ඔක්කොම වමාරයි !| මොණරවිලගේ ලියමන
 

 
 
 கருத்துக் கணிப்புகளினால் கலவரம்! சிவப்புச் சட்டைக் காரருக்கும் குறி!!

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image