BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

ට්‍රම්ප් ගෙන් යළි ඉන්දියාවට අනතුරු ඇඟවීමක් !

T

The Leader Desk

January 5, 2026 • 3:10 PM

ට්‍රම්ප් ගෙන් යළි ඉන්දියාවට අනතුරු ඇඟවීමක් !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රුසියානු තෙල් මිලදී ගැනීම් සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නැවතත් ඉන්දියාවට අනතුරු අඟවා තිබේ.
  • මම අසතුටින් බව ඔහු දැන සිටියා " යනුවෙන් ජනපති ට්‍රම්ප් එයාර් ෆෝස් වන් යානයේදී වාර්තාකරුවන්ට පවසා ඇති බව සඳහන් වේ.
  • එහිදී ඉන්දියාව රුසියානු තෙල් මිලදී ගැනීම් පිළිබඳව ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ට්‍රම්ප් ජනපතිවරයා පවසා ඇත්තේ ඉතා ඉක්මනින් ඉන්දියාවට එරෙහිව තීරුබදු ඉහළ නැංවිය හැකි බවය.
  • කෙසේ නමුත් ඉන්දියාවේ වාණිජ අමාත්‍යාංශය මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වා නොමැති බව සඳහන් වේ.
අකුරු ප්‍රමාණය (Font Size):


දෙරට අතර වෙළෙඳ සාකච්ඡා අවිනිශ්චිතව පවතින වාතාවරණයක දී ඊයේ (04) ඔහු මේ බව පවසා ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

රුසියානු තෙල් මිලදී ගැනීම් සීමා කිරීම සම්බන්ධයෙන් අමෙරිකාව සිදුකළ ඉල්ලීම් ඉන්දියාව ඉටු නොකළහොත් නැවතත් ඉන්දියාවට එරෙහිව තීරුබදු ඉහළ නන්වන බව ට්‍රම්ප් ජනාධිපතිවරයා එහිදී පවසා ඇත.

"මෝදි හොඳ මිනිහෙක්. මම අසතුටින් බව ඔහු දැන සිටියා " යනුවෙන් ජනපති ට්‍රම්ප් එයාර් ෆෝස් වන් යානයේදී වාර්තාකරුවන්ට පවසා ඇති බව සඳහන් වේ.

එහිදී ඉන්දියාව රුසියානු තෙල් මිලදී ගැනීම් පිළිබඳව ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ට්‍රම්ප් ජනපතිවරයා පවසා ඇත්තේ ඉතා ඉක්මනින් ඉන්දියාවට එරෙහිව තීරුබදු ඉහළ නැංවිය හැකි බවය.

කෙසේ නමුත් ඉන්දියාවේ වාණිජ අමාත්‍යාංශය මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වා නොමැති බව සඳහන් වේ.

මාස ගණනාවක් පුරා පැවති වෙළෙඳ සාකච්ඡා වලින් පසුව, රුසියානු තෙල් අධික ලෙස මිලදී ගැනීම සඳහා දඬුවමක් ලෙස ඉන්දීය භාණ්ඩ සඳහා ආනයන තීරුබදු 50% දක්වා දෙගුණ කිරීමට ට්‍රම්ප් ජනාධිපතිවරයා පසුගිය වසරේ කටයුතු කළේය.

(aruna)

මුලාශ්‍ර :
US could raise tariffs on India if they don't help on Russian oil issue: Trump

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...