BREAKING
උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●ට්‍රම්ප්ගේ නව නීති හමුවේ මුස්ලිම් රටවලින් අමෙරිකා සංක්‍රමණ සියයට 96කින් බිඳවැටෙයි●"අධිකරණය පත්කළ කමිටුවේ වාර්තාවට අත්සන් තැබුවා" - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු අධිකරණයට කියයි.●ඩුබායි-ටෙල් අවිව් ගුවන් අනතුර වැළකේ: සහායක නියමුවා ගැන විමර්ශන●
Top Ad
ක්‍රීඩා

වැලන්ටයින් දිනයේ ශ්‍රී ලංකාවට ලකුණු 174ක විශිෂ්ට ජයක්

T

The Leader Desk

February 14, 2025 • 3:46 PM

වැලන්ටයින් දිනයේ ශ්‍රී ලංකාවට ලකුණු 174ක විශිෂ්ට ජයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔස්ට්‍රේලියාව ට එරෙහිව කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ අද පැවති දෙවැනි ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරගයේ කුසල් මෙන්ඩිස්ගේ ශතකය හා
  • වැලන්ටයින් දිනයේදී ශ්‍රී ලංකාව මේ අතිවිශිෂ්ට ජයග්‍රහණය ලැබුවේ තරගයේ තවත් ඕවර 25යි පන්දු 4ක් ඉතිරිව තිබියදී වීම විශේෂත්වයක්.
  • මේ ජයග්‍රහණයත් සමග දෙපිල අතර තරග දෙකකින් සමන්විත ජාත්‍යන්තර එක්දින තරගමාලාවේ 2 – 0ක ජයක් ශ්‍රී ලංකාව ට හිමිවුණා.
  • දුනිත් වෙල්ලාලගේ ලකුණු 35කට කඩුලු 4ක් ලබා ගත් අතර අසිත ප්‍රනාන්දු ලකුණු 23කට කඩුලු 3ක් ද, වනිඳු හසරංග ලකුණු 23කට කඩුලු 3ක් ද ලබා ගත්තා.
අකුරු ප්‍රමාණය (Font Size):

චරිත් අසලංකගේ නොදැවුනු අර්ධ ශතකයෙන් පසුව ක්‍රියාත්මක වූ අසිත ප්‍රනාන්දු, දුනිත් වෙල්ලාගේ සහ වනිඳු හසරංගගෙන් සමන්විත පන්දු බළඇණිය ශ්‍රී ලංකාව ලකුණු 174ක විශිෂ්ට ජයග්‍රහණයක් කරා ගෙන ගියා.

fty45g
මෙය ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරග බිමේ ඔස්ට්‍රේලියාව ට එරෙහිව ශ්‍රී ලංකාව වාර්තා කළ ලොකුම ජයග්‍රහණය යි.

වැලන්ටයින් දිනයේදී ශ්‍රී ලංකාව මේ අතිවිශිෂ්ට ජයග්‍රහණය ලැබුවේ තරගයේ තවත් ඕවර 25යි පන්දු 4ක් ඉතිරිව තිබියදී වීම විශේෂත්වයක්.

මේ ජයග්‍රහණයත් සමග දෙපිල අතර තරග දෙකකින් සමන්විත ජාත්‍යන්තර එක්දින තරගමාලාවේ 2 – 0ක ජයක් ශ්‍රී ලංකාව ට හිමිවුණා.

drt36g
දුනිත් වෙල්ලාලගේ ලකුණු 35කට කඩුලු 4ක් ලබා ගත් අතර අසිත ප්‍රනාන්දු ලකුණු 23කට කඩුලු 3ක් ද, වනිඳු හසරංග ලකුණු 23කට කඩුලු 3ක් ද ලබා ගත්තා.

ඊට පෙර කුසල් මෙන්ඩිස් ලකුණු 101ක් ද, චරිත් අසලංක නොදැවී ලකුණු 78ක් ද වාර්තා කළා.

r65gg
ලකුණු 282ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය කැන්ගරුවෝ 24.2ක් ඇතුළත ලකුණු 107කට දැවී ගියා. මෙය ඔස්ට්‍රේලියාව ආසියාවේදී ලබා ගත් අඩුම මුළු ලකුණු ප්‍රමාණය මෙන්ම ශ්‍රී ලංකාව ට එරෙහිව ලබා ගත් දෙවැනියට අඩුම මුළු ලකුණු සංඛ්‍යාවයි.

ඉලක්කය හඹා යාමේදී ඔස්ට්‍රේලියා කඩුලු දෙකක් පළමු ඔ්වර පහ අවසන් වන විට ලකුණු 28කට බිඳ වැටී තිබුණා. තෙවැනි කඩුල්ල හත්වැනි ඕවරයේ මුළු ලකුණු 33දී බිඳ වැටුණු අතර මේ කඩුලු තුන ම ලබා ගත්තේ අසිත ප්‍රනාන්දු. ජොෂ් ඉන්ග්ලිස් ලකුණු 22ක් ලබා ගෙන සිටියදී වෙල්ලාලගේ ගේ පන්දුවට මුළු ලකුණු 79දී සිවු වැනි කඩුල්ල ලෙස දැවී ගිය අතර ඔස්ට්‍රේලියානු කඩුලු 7ක් ලකුණු 28කට බිඳ වැටුණා.

මැතිව් ෂෝට් (2) කඩුල්ල මුවා කරමින් ප්‍රථමයෙන් දැවී යන විට යැවෙමින් තිබුණේ තෙවැනි ඕවරය. මුළු ලකුණු 16 යි. පස්වැනි ඕවරයේ අවසන් පන්දුවට ජේක් ෆ්‍රේසර්-මැක්ගර්ක් (18) දැවී ගියේ ‘මිඩ් ඔෆ්’ ස්ථානයේදී අසලංක උඩ පන්දුව රැක ගැනීමෙන්. මුළු ලකුණු 28 යි. හත්වැනි ඕවරයේදී ට්‍රැවිස් හෙඩ් ‘ඩීප් ස්කුවෙයාර් ලෙග්’ හි පන්දු රකිමින් සිටි අවිශ්ක ප්‍රනාන්දු (අතිරේක ක්‍රීඩක) වෙත දුන් උඩ පන්දුවකින් දැවී ගියා. මුළු ලකුණු 33 යි.

ජොෂ් ඉන්ග්ලිස් (22), ඒරන් හාඩි (0), ග්ලෙන් මැක්ස්වල් (1), ස්ටීවන් ස්මිත් (29), ෂොන් ඇබොට් (2), බෙන් ඩ්වාෂුවිස් (9) සහ ඇඩම් සම්පා (8) දැවී ගියා.

dr54gg
ශ්‍රී ලංකාව මේ දෙවැනි තරගය සඳහා එක් වෙනස්කමක් සිදුකරමින් අවිශ්ක ප්‍රනාන්දු වෙනුවට නිශාන් මදුශ්ක කැඳවා තිබූ අතර ඔස්ට්‍රේලියාව ක්‍රීඩකයන් පස් දෙනෙකු අලුතින් කැඳවා තිබුණා. එම ක්‍රීඩකයන් වූයේ ටන්වීර් සංඝා, බෙන් ඩ්වාෂුවිස්, ට්‍රැවිස් හෙඩ්, ජොෂ් ඉන්ග්ලිස් හා ග්ලෙන් මැක්ස්වල්.

කාසියේ වාසිය දිනාගෙන ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල පැතුම් නිස්සංක දවාලමින් ලබා ගත්තේ ඒරන් හාඩි.

පෙරේදා පළමු තරගයේ ලකුණු 4කට දැවී ගිය නිස්සංක ට අද දෙවැනි තරගයේ ලබා ගත හැකිවූයේ ලකුණු 6ක් පමණයි. හය වැනි ඕවරයේ හාඩිගේ තෙවැනි පන්දුව කෙළින්ම කඩුල්ලේ ගැටීමෙන් නිස්සංක දැවී ගියේ මුළු ලකුණු 15දී.

දෙවැනි කඩුල්ල ලෙස නිශාන් මදුෂ්ක දැවී ගියේ බෙන් ඩ්වාෂුවිස්ගේ පන්දුවට ඇඩම් සම්පා හතරේ සීමාව අද්දර ‘ඩීප් ෆයින් ලෙග්’ ස්ථානයේ සිට ප්‍රදර්ශනය කළ දර්ශනීය උඩ පන්දු රැකීමකින්. පන්දුව අල්ලා ගත් සම්පා සීමාවෙන් පිට පය තබන බව දැණුනු සැණින් පන්දුව පිටිය තුළට උඩ දමා හතරේ සීමාවෙන් පිට ගොස් නැවත ඇතුළට පැමිණ පන්දුව අල්ලා ගත්තා.

srte454
සිය දෙවැනි ජාත්‍යන්තර එක්දින අර්ධ ශතකය (පන්දු 65) වාර්තා කළ නිශාන් මදුෂ්ක පන්දු 70කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමග ලකුණු 51ක් ලබා ගත්තා. මදුෂ්ක හා කුසල් මෙන්ඩිස් දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 115කින් ලකුණු 98ක් එක් කළ අතර 25 වැනි ඕවරයේ ශ්‍රී ලංකා දෙවැනි කඩුල්ල බිඳ වැටෙන විට සටහන්ව තිබූ මුළු ලකුණු ප්‍රමාණය 113ක්.

ඉනිමේ පළමු ඕවර 25 අවසන් වන විට ශ්‍රී ලංකාව කඩුලු 2ක් අහිමිව ලකුණු 115ක් රැස්කර ගෙන සිටියා.

කමිඳු මෙන්ඩිස් අද දෙවැනි වතාවටත් පිතිකරණයේ අසාර්ථක වෙමින් ලකුණු 4කට දැවී ගියා. 27 වැනි ඕවරයේ ෂෝන් ඇබොට්ගේ පන්දුව කෙළින්ම කඩුල්ගේ ගැටීමෙන් ඔහු තෙවැනි කඩුල්ල ලෙස දැවී ගියේ මුළු ලකුණු 121දී.

sdrt6hg
කුසල් මෙන්ඩිස් අද ඔහුගේ ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් දිවියේ පස්වැනි ශතකය වාර්තා කිරීමට සමත් වුණා. පන්දු 113කින් ලබා ගත් එම ශතකයට හරේ පහර 11ක් ඇතුළත්ව තිබුණා.

ඔහු සහ චරිත් අසංලංක සිවු වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 104කින් ලකුණු 94ක සබඳතාවක් ගොඩනැගූ අතර 45 වැනි ඕවරයේ මැතිව් ෂෝට්ගේ පන්දුවට ‘ඩීප් මිඩ්විකට්’ හි පන්දු රකිමින් සිටි සම්පා අතට උඩ පන්දුවක් දීමෙන් මෙන්ඩිස් දැවී යාමත් සමග එම සබඳතාව මුළු ලකුණු 215දී අවසන් වුණා.

ලකුණු 101කින් යුත් මෙන්ඩිස්ගේ සමස්ත ඉනිමේදී ඔහු පන්දු 115කට මුහුණ දුන්නා.

drte4ffr
සිය 15 වැනි ජාත්‍යන්තර එක්දින අර්ධ ශතකය පන්දු 54කින් (හතරේ 4, හයේ 1) වාර්තා කළ නායක අසලංක ශ්‍රී ලංකා ඉනිම අවසන් වන විට නොදැවී ලකුණු 78ක් රැස්කර ගෙන සිටියා. පන්දු 66ක ඔහුගේ ඉනිමට හතරේ පහර 6ක් සහ අවසන් ඕවරයේ එල්ල කළ හයේ පහර 2ක් ද ඇතුළු හයේ පහර 3ක් ද ඇතුළත්ව තිබුණා.        

අසලංක ලකුණු හයක් රැස්කර සිටියදී සම්පාගේ පන්දුවකට දුන් උඩ පන්දුව හතරේ සීමාව අසලදී රැක ගැනීමට ග්ලෙන් මැක්ස්වල් අපොහොසත් වූයේ ගුවනේ ආ පන්දුවේ ගමන් මග හරිහැටි නිශ්චය කර ගැනීමට ඔහු අසමත් වූ බැවින්. පසුව අසලංක අවසාන ඕවරයේ එල්ල කළ පහරින් පැමිණි උඩ පන්දුව හතරේ සීමාව අසළදී රැක ගැනීමට ෂෝට් අසමත් වූයේ එය හයේ පහරක් බවට පත් කරමින්.

අවසන් ඔවර 10දී ශ්‍රී ලංකාව එක් කඩුල්ලක් පමණක් අහිමි කරගෙන ලකුණු 97ක් ලකුණු පුවරුවට එක් කිරීමට සමත් වුණා.

ශ්‍රී ලංකාව ඕවර 50 අවසානයේ කඩුලු 4කට ලකුණු 281ක් රැස් කර තිබුණේ අසලංක හා ජනිත් ලියනගේ පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 66ක් එක් කරමින්.

dftr4bb
නොදැවී ක්‍රීඩා කළ ලියනගේ හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් එල්ල කරමින් ලකුණු 32ක් වාර්තා කළේ පන්දු 21කින්.

කුසල් මෙන්ඩිස් තරගයේ වීරයා වූ අතර චරිත් අසලංක තරගමාලාවේ වීරයා ලෙස නම් කෙරුණා.

gyjurt6u7
warnan Gunasekara(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...