ඉන්දියන් සාගරයේ තරගකාරීත්වය හමුවේ සේවා කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට අවධානය
ඉන්දියන් සාගර කලාපයේ වේගයෙන් වර්ධනය වන සුඛෝපභෝගී මගී නෞකා (Cruise Tourism) ක්ෂේත්‍රයේ ප්‍රමුඛ කේන්ද්‍රස්ථානයක් බවට පත්වීමේ ශක්‍යතාව ශ්‍රී ලංකාව සතුව පවතින බව ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ පෙන්වා දෙති. ආසියානු ප්‍රධාන නාවික මාර්ග මධ්‍යයේ පිහිටීම මෙරටට හිමි සුවිශේෂී වාසියක් වුවද, නෞකා වරායට පැමිණීමට එහා ගිය පුළුල් ආර්ථික ප්‍රතිලාභ රට තුළ රඳවා ගැනීම ඉදිරියේ ඇති ප්‍රධානතම අභියෝගය වී තිබේ.
නෞකා පැමිණීමෙන් ඔබ්බට ගිය ආර්ථික ප්‍රතිලාභ
මගීන් 5,000 සිට 7,000 දක්වා රැගත් දැවැන්ත නෞකා කොළඹ, ගාල්ල, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය යන වරායන් වෙත පහසුවෙන් හැසිරවීමේ යටිතල පහසුකම් පුළුල් කිරීම කෙරෙහි වරාය සහ නාවික අංශවල අවධානය යොමුව ඇත. එහෙත්, පැමිණෙන සංචාරකයන් පැය කිහිපයක කෙටි සංචාරයකින් පසු නැවත පිටව යාම වෙනුවට ඔවුන් දේශීය ආර්ථිකයට උපරිම දායකත්වයක් ලබා දෙන 'ඉහළ වටිනාකමකින් යුතු සංචාරකයන්' (High-Value Visitors) බවට පත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක විය යුතු බව ආර්ථික විශ්ලේෂකයන්ගේ අදහසයි.
වරාය ගාස්තු සහ මූලික ප්‍රවාහන ආදායමට පමණක් සීමා නොවී, සංචාරකයන් දිවයින තුළ ගත කරන කාලය දීර්ඝ කිරීම මෙහිදී තීරණාත්මක වේ. නෞකාවට ගොඩවීමට පෙර හෝ සංචාරය නිමවීමෙන් පසු ශ්‍රී ලංකාවේ රැඳී සිටින ආකාරයේ විශේෂ සංචාරක පැකේජ හෝටල්, සංචාරක නියෝජිත ආයතන, අවන්හල් සහ දේශීය ව්‍යාපාරික ප්‍රජාව ඒකාබද්ධ කරමින් හඳුන්වා දීමේ අවශ්‍යතාව පවතී.
කලාපීය තරගකාරීත්වය සහ මෙහෙයුම් කාර්යක්ෂමතාව
ඉන්දියාව, මාලදිවයින ඇතුළු ඉන්දියන් සාගර කලාපයේ අනෙකුත් ප්‍රමුඛ සංචාරක ගමනාන්ත මේ වන විටත් නෞකා සංචාරක ක්ෂේත්‍රයේ ශක්තිමත් පදනමක් ගොඩනගා ගෙන ඇති පසුබිමක, ශ්‍රී ලංකාවට සිය සේවා ප්‍රමිතීන් ඉහළ මට්ටමක පවත්වා ගැනීමට සිදුවේ. ස්වභාවික සුන්දරත්වයට අමතරව ආගමන විගමන කටයුතු කඩිනම් කිරීම, මගී හැසිරවීම, ආරක්ෂාව, විශ්වාසනීය ප්‍රවාහන පහසුකම් සහ ගොඩබිම් සංචාරක අත්දැකීම් (Shore Excursions) බාධාවකින් තොරව සැපයීම ජාත්‍යන්තර මගී නෞකා සමාගම්වල විශ්වාසය දිනා ගැනීමට තීරණාත්මක සාධකයක් වනු ඇත
ප්‍රමාණාත්මක වර්ධනය වෙනුවට ගුණාත්මක වටිනාකමක්
කේන්ද්‍රීය ඉලක්කය විය යුත්තේ පැමිණෙන නෞකා සංඛ්‍යාව පමණක් ඉහළ නංවා ගැනීම නොව, පරිසර හිතකාමී සහ තිරසාර ආකාරයෙන් සංස්කෘතික උරුමයන්, වනජීවී අත්දැකීම්, සුවතා සංචාරක ව්‍යාපාරය (Wellness Tourism) සහ දේශීය නිෂ්පාදන ප්‍රවර්ධනය කරමින් ආදායම ප්‍රජාව අතරට ගලා යාමට සැලැස්වීමයි.
වරාය අධිකාරිය, සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සහ පුද්ගලික අංශය එක්ව ගෙන යන ක්‍රමෝපායික සැලසුම් සාර්ථක වීම මත ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ ප්‍රමුඛතම මගී නෞකා කේන්ද්‍රස්ථානයක් බවට පත්වීමේ ඉලක්කය සාක්ෂාත් වනු ඇත.
මුලාශ්‍රය :
Sri Lanka’s Cruise Boom Faces Test Beyond Port Calls




