2023/අප්‍රියල්/22වන දින ශක්තික සත්කුමාර සිය මුහුණු පොතේ පළ කර තිබූ ‘‘ඇයි ලොකයෙ හැම ආගමක්ම ස්ත්‍රීන් පල්ලෙහට දාලා තියෙන්නේ...?’’ යන විමසුමට ඌනපූරණයක් ලෙස ලියන ‘‘කාන්තාව, ජාතක කතා සහ

බුදුන් වහන්සේ’’ මැයෙන් වූ ලිපි පෙළහි තෙවන ලිපියෙන් සාකච්ඡා කෙරෙන්නේ 322වන ජාතක කතාව වන ‘‘කාක ජාතකය’’ (ජාතක කතා පෙතෙහි මෙනමින් කතා දෙකක් ඇත. අනෙක 385වන කතාව ය.) පිළිබඳව ය.

ජාතක කතාකරුවාට අනුව බුදුන් වහන්සේ මෙම කතාව ද වදාරා ඇත්තේ ස්ත්‍රියක් කෙරෙහි ලොල් වු භික්ෂුවක් වෙත ය.


කතා සාරාංශය

බෝධිසත්වයෝ එක් භවයක රජ කෙනෙකු ලෙස වාසය කරන විට ඔහුගේ බිසව වී සිට ඇත්තේ කාකාති නමැති කාන්තාවකි. ජාතක කතාකරුවා පවසන ආකාරයට මෙම බිසව ඉතා ශෝභමාන රූප සම්පත්තියකට හිමිකම් කියන්නී ය

p0cm3ld1

රජතුමා සමග සුදු කෙළියේ දෙනේනට මනුෂ්‍ය වෙස් ගත් ගුරුළෙක් පැමිණ ඇත. මේ ගුරුලා රජ බිසව කෙරෙහි ලොල් වී ඇය ගුරුලා වෙසෙන ඉඹුල් වනයට රැගෙන ගොස් ඇත. තම බිසව මාලිගයෙහි නොමැති බව දැනගත් රජතුමා ඉතා දුකට පත්ව මාලිගයේ වෙසෙන නට්ටකවිරු නමැති ගන්ධර්වයා කැඳවා ඔහු දන්නා යම් ක්‍රමයක් භාවිත කර සිය බිසව සිටින්නේ කොහේදැයි සොයා දෙන්නැයි පවසා ඇත.

එම අභියෝගය බාරගත් ගන්ධර්වයා ඔහුගේ සැකය මත මිනිස් වෙසින් පැමිණ සූදු කෙළින ගුරුළා ගුරුළු වෙස් ගැනීමත් සමග උගේ පියාපත් අතර සැඟවී ඇත. මේ කිසිවක් නොදත් ගුරුලා සාගරයටත් ඉහළින් පියාඹා තමන් වෙසෙන වනයට පැමිණ ඇත.

Gurula 2023

 එහි දී එතෙක් ගුරුළා සමග කාම සම්භෝගයේ යෙදුණ රජ බිසව ටික දිනකින් ගන්ධර්වයා සමග සබඳතාවක් වර්ධනය කරගෙන ඔහු සමග ද කාම සම්භෝයේ යෙදී ඇත. ටික දිනක් එහි ගත කළ ගන්ධර්වයා ගුරුළා නැවත රජතුමා සමග සුදු කෙළියට පැමිණෙන දිනයක් බලා පෙර සේ ම උගේ පියාපත් අතර සැඟවී රජවාසලට පැමිණ ඇත. එසේ පැමිණි ගන්ධර්වයා රජු සමග සුදු කෙළින මිනිසා අසලට ගොස් ‘‘මේ මොහොතේ කාක දේවිය ගුරුළු විමානයේ වෙසෙවා නේද...?’’ යැයි විමසා ඇත.

එවිට විශ්මයට පත් මිනිස් වෙසින් සිටින ගුරුළා ‘‘සප්ත මහා සාගරයෙන් ද එපිට පිහිටි මගේ විමානය පිළිබඳ තා දන්නේ කෙස්ද...?’’ යැයි විමසා ඇත.

එවිට ගන්ධර්වයා පවසා ඇත්තේ තමා ගුරුළාගේ ම පියාපත් අස්සේ සැඟවී ගොස්, දින කිහිපයක් ම කාක දේවිය සමග ද සම්භෝගයේ යෙදී යළි ඒ ආකාරයට ම පැමිණි බවයි.

මෙය ඇසු මිනිස් වෙස් ගෙන සිටි ගුරුලා ‘‘සප්ත මහා සාගරයෙන් ද එපිට මහා වනයක සඟවා සිටිය ද එකී ස්ත්‍රිය තවකෙකු සමග මටත් හොර රහසේ සම්භෝගයේ යෙදුණේ නම් එවන් ස්ත්‍රියකගෙන් මට ඇති ඵලය කුමක් ද...?’’ යැයි පවසා කාකිති දේවිය යළි රැගෙන විත් රජතුමාට බාර දී එතැන් සිට සූදු කෙළියට පැමිණීම ද නවතා ඇත.



සියලු පුරුෂයෝ ශද්ධවන්තයෝ ද...?
khajuraho bb4023d4 2d2a 11e5 a8da 005056b4648e

මෙම ‍ජාතක කතාව තුළ පාඨකයාට පුරුෂ චරිත තුනක් මුණ ගැසේ. මෙම පුරුෂ චරිත තුන අතුරෙන් බෝධිසත්ව චරිතය හැරුණු විට අනෙක් චරිත ද්වය ම දැඩි ආත්මාර්ථකමීහු මෙන් ම කුහක ගති ඇත්තෝ වෙති. මන්ද ජාතක කතාකරුවා පවසන ආකාරයට බොධිසත්වයෝ සිය බිසව නැති සොවින් තැවී ඇය සොයා ගෙන ඒමේ වගකීම ගන්ධර්වයාට පැවරුවා මිස ඇය කෙරෙහි ද්වේශයක්, වෛරයක් පා ඇති බවක් නොපවසයි. නමුදු මෙහි එන අනෙක් චරිතද්වයේ හැසිරීම දෙස අවධානය යොමු කළහොත් දක්නට ලැබෙන්නේ කුමක් ද...?    

 
 ගුරුළු වෙස් ගත් මිනිසා අවසන කාකාති දේවිය ඉතා පහත් ස්ත්‍රියක ලෙස සලකා ‘‘සප්ත මහා සාගරයෙන් ද එපිට මහා වනයක සඟවා සිටිය ද එකී ස්ත්‍රිය තවකෙකු සමග මටත් හොර රහසේ සම්භෝගයේ යෙදුණේ නම් එවන් ස්ත්‍රියකගෙන් මට ඇති ඵලය කුමක් ද...?’’ යැයි විමසා ඇය යළි රජතුමා වෙත බාර දේ. නමුදු රජතුමාගේ බිසව හොර රහසේ කැඳවාගෙන යෑම වරදක් ලෙස මෙම පුද්ගයා/ගුරුළා පිළිගෙන ඇති බවක් ජාතක කතාකරුවා නොපවසයි. සියලු වරද පටවා ඇත්තේ කාකාති දේවිය වෙත ය.

අනෙක් පසින් ගත් විට ගන්ධර්වයා ද තමාට පැවරූ රාජකාරියෙන් ඔබ්බට ගොස් කෙසේ හෝ කාකාති දේවියගේ සිත දිනාගෙන, ඇය සමග කාම සම්භෝගයේ ද යෙදී අවසන ඇය පාවා දෙන්නේ ය. ඔහු ද වරද පටවන්නේ කාකිති දේවිය වෙත පමණි. තමන් ද වරදක් කර ඇති බව පිළි නොගනී.

එදා මෙදා තුර මෙම විෂයයේ දී හෝ මෙවන් සිදුවිම්වල දී වරද පැටවෙන්නේ කාන්තාව මත ම පමණි ඇය ගණිකා වෘත්තියේ යෙදුණේ යැයි චෝදනා කර වරදකාරියක කරනවා මිස ඇය ගණිකාවක ලෙස භාවිත කළ පිරිමි පාර්ශ්වය ද වරදකරුවකු ලෙස නොසැලකේ. එදා වෙනස් ආකාරයකින් සිදු වී තිබෙන්නේ වර්තමානයේ සිදුවන සිද්ධිය ම ය. සියලු වැරැදි පටවා ඇත්තේ කාන්තාව මත ම පමණි.


කාක ජාතකයට අනුව කාන්තාව පිළිබඳ ආකල්පය
 
බුදුන් වහන්සේ විසින් දෙසා වදාරණ ලදැයි ජාතක කතා කරුවා පවසන මෙම ජාතක කතාවේ ද කාන්තාව යනු කුමනාකාරයෙන් සඟවා තැබුව ද අවසර ලද කල්හි අන් පුරුෂයන් සමග කාම සම්භෝගයේ යෙදෙන්නියන් බව පවසා උන්වහන්සේ ද දෙසා වදාරා ඇත.

ජාතක කතාකරුවාගේ ම භාෂාවෙන් පවසන්නේ නම් බුදුන් වහන්සේ කතාවට අදාළ භික්ෂුව වෙත වදාරා ඇත්තේ ‘‘එම්බල මහණ පෙර ගුරුකුළකට සාගර මධ්‍යයෙහි රඳවාගෙනත් රැකගත නොහැකි වූ ස්ත්‍රියට ඇලුම් කරන්නේ කුමටදැයි’’ යනුවෙනි. 
 
ජාතක කතාකරුවාට අනුව බෝධිසත්ව සමයේ තම බිරිඳ පැහැරගෙන හෝ ඇගේ කැමැත්තෙන් රජ මාලිගයෙන් පිටමං කරගෙන ගිය ගුරුළු මිනිසා වෙත කිසිදු දොසක් නෙපෙවරයි. එමෙන් ම සිය බිරිඳ සොයා දෙන්නැයි පැවරූ ගන්ධර්වයා සිය බිරිඳ සමග යහන්ගතවීම පිළිබඳව ගන්ධර්වයාට දොස් නොපවරයි. එය කෙතරම් දුරට අසාධාරණ ද යන්න ගැඹුරින් කල්පනා කළ යුතු ය.
 
 
OLYMPUS DIGITAL CAMERA


ආකල්පමය වරද බුදුන් වහන්සේගේ ද ජාතක කතාකරුවාගේ ද...?
 
 

ශක්තිකගේ ප්‍රශ්න කිරීමට අනුව සැබැවින් ම බුදුන් වහන්සේ එසේ වදාරන්නට ඇති ද...? එසේ වැදෑරුවේ නම් එය කාන්තාව පහත් ලෙස සැලකීමක් නොවන්නේ ද...? උන් වහන්සේ එසේ වැදැරුවේ නොමැති නම් ජාතක කතාකරුවා පවසා ඇත්තේ මුසාවක් ද...? එසේත් නොවේ නම් ඔහුගේ පරිකල්පණය ද...? එය ජාතක කතාකරුවාගේ පරිකල්පනය නම් එතුළින් බුදුන්වහන්සේට අපහාසයක් නොවුණේ ද...?

ජාතක කතා පොත සිහිබුද්ධියෙන් විමසන විට මෙබඳු ගැටලු පැන නැගෙන අවස්ථා එමට ය. ඒ අවස්ථා සම්බන්ධයෙන් සාහිත්‍යමය ප්‍රශ්න කිරීමක දී එසේ ප්‍රශ්න කරන පාඨක ප්‍රජාව වෙත අවි අමෝරන්නට පෙර අදාළ පුද්ගලයාගේ තර්කයේ වැරැදි නිවැරැදිතාව විමසා බැලිය යුතු ය. මන්ද එය එසේ විමසන පුද්ගලයාගේ උපකල්පනයක් නොව ජාතක කතාකරුවා පවසා ඇති දෑ පිළිබඳව කියවන්නාට පැන නැගෙන ගැටලුවකි.  
 
ඒ ගැටලුව වෙත සාවධානව අවධානය යොමු කර ඊට සාධාරණ පිළිතුරක් සපයනවා වෙනුවට ප්‍රශ්න කරන්නා හෝ කරන්නිය වැරැදිකරුවකු හෝ වැරදිකාරියක කිරීම කෙතරම් දුරට සාධාරණ ද යන්න යළි යළිත් විමසා බැලිය යුතු ය.

මීළඟ ලිපියෙන් ගහපති ජාතකය පිළිබද විමසා බලමු.


 
jayasiri 04 e1619629387941
(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
 

2023/06/25
 


ලේඛකයාගේ සබැඳි ලිපි :
 
 
 

ජයසිරි අලවත්තගේ ජාතක කතා විමර්ශන කියවන්න :

ජාතක කතා විමර්ශන 13 : 'පිරිමිකම' මැනීමේ වැරැදි ක්‍රම - ජයසිරි අලවත්ත


ජාතක කතා විමර්ශන 12 - ජාතක කතාවෙන් පිළිබිඹු කෙරෙන ඍජු ලිංගික අපයෝජන

 
 
 
 
 
 
 
  
 
 
 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image