2023 අප්‍රියල් 22වන දින ශක්තික සත්කුමාර සිය මුහුණු පොත් තබා තිබූ සටහනකින් ‘‘ඇයි ලොකයෙ හැම ආගමක්ම ස්ත්‍රීන් පල්ලෙහට දාලා තියෙන්නේ’’

යනුවෙන් විමසා තිබූ පැනය හා සබැඳි ලිපියක් පසුගිය හත්වන දින මෙහි පළ කළෙමි. අද එහි තවත් අදියරක් ඉදිරියට තබමින් ඔහුගේ විමසුමට ඌන පුරණයක් සපයන්නට මම අදහස් කළෙමි.

ශක්තික සිය අදහස තහවුරු කරනු වස් උදාහරණයක් ලෙස ජාතක කතා කිහිපයක් ඉදිරිපත් කර තිබිණ. ඒ: කුස ජාතකය, අන්ධභූත ජාතකය, අසාතමන්ත ජාතකය, බන්ධනමොක්ඛ ජාතකය, රාධ ජාතකය, චුල්ලපදුම ජාතකය, ගහපති ජාතකය, කාක ජාතකය, චුල්ල ධනුර්ධර ජාතකය, බිළාල ජාතකය, කරපත්ත ජාතකය, සත්තුහත්ත ජාතකය, හාරිත ජාතකය සහ මහා පලෝහන ජාතකය යන කතා දාහතර ය.

shakthika

ඒ අතුරෙන් කුස ජාතකය සම්බන්ධයෙන් මගේ අදහස මම පසුගිය ලිපියේ සඳහන් කළෙමි. මීට අමතරව: අන්ධභූත ජාතකය, අසාතමන්ත ජාතකය, බන්ධනමොක්ඛ ජාතකය යනාදි ජාතක කතා පිළිබඳ මා මීට පෙර ජාතක කතා විමර්ශන මැයෙන් ලියූ ලිපි පෙළෙහි ‘‘ජාතක කතා විමර්ශන - ජාතක කතාවෙන් පිළිබිඹු වන ස්ත්‍රි චර්යා’’ යන ශිර්ෂය යටතේ ලියා ඇත. එබැවින් එම ජාතක කතා පිළිබඳව යළි ලිවීමේ අරුතක් නොමැති බැවින් මා කලින් නොලියූ ජාකතක කතා පිළිබඳව යම් විමසුමක් ලියන්නට අදහස් කළෙමි. ඒ අනුව පළමුවෙන් ම රාධ ජාතකය වෙත අවධානය යොමු කරන්නට මම අදහස් කළෙමි.

කතා ශාරාංශය

0NkC73c10LvwoRX1 1

බුදුන් වහන්සේ මෙම කතාව දෙසා වදාරන්නේ පුරාණ බිරිඳක් පිළිබඳ මෙනෛහි කරමින් සිටි භික්ෂුවකට බව ජාතක කතාකරුවා පවසයි. එහි දී අදාළ භික්ෂුව එසේ සිහිපත් කරන්නේ එම භවයේදී ම එම භික්ෂුව (ගිහි දිවියේ) සමග වාසය කළ බිරිඳක් පිළිබඳව ද එසේත් නොමැති නම් පෙර භවයක වාසය කළ බිරිඳක් පිළිබඳව ද යන්න අපැහැදිලි ය. එහෙත් අදාළ භික්ෂුව එලෙස සිහිපත් කරන්නේ උන්වහන්සේ සමග ගිහි දිවිය ගත කළ භෘර්යාව පිළිබඳව යැයි අපට උපකල්පනය කළ හැකි ය. එසේ නම් අදාළ භික්ෂුව බුදුන් වහන්සේ යටතේ පැවිදි දිවියට ඇතුළත් වුව ද පෘතග්ජනක භාවයෙන් මිදි නොමැති බව ද පැහැදිලි ය.

ජාතක කතාකරුවාට අනුව එක්තරා භවයක බෝධිසත්වයෝ ගිරවකු ලෙස උපත ලබා ඇත. මෙම ගිරවාට බාල ගිරා සොයුරෙක් ද සිට ඇත. එක් බමුණෙක් මෙම ගිරා පැටවු දෙදෙනා ම තම නිවසට රැගෙන විත් බෝධිසත්ව ගිරවාට පොට්ඨපාද යනුවෙන් ද, බාල ගිරවාට රාධ යනුවෙන් ද නම් තබා ඇත.

බමුණා වෙළඳාම් කටයුතු සඳහා නිවසෙන් බැහැර යන විට ගිරවුන් දෙදෙනා කැඳවා, තමා නිවසේ නොමැති කාල සීමාවේ බැමිණිය කිසියම් අකටයුත්තක් හෝ නොපනත් ක්‍රියාවක යෙදුණේ නම් පළමුව අවවාද කරන ලෙස පවසා ඇත. එවිට බෝධිසත්ව ගිරවා බමුණාට පවසා ඇත්තේ අවවාද කර නැවතිය හැකි නම් එසේ කරන බවත්, එසේ නොහැකි නම් නිහඩව සිටින බවයි.

gqx1gKDlGcF4rA9p IMG 20210908 004324

බමුණා පැවසු සේ ම ඔහු නිවසෙන් බැහැර වු පසු නොයක් නොයෙක් ආකාරයේ පිරිමි නිරන්තරයෙන් මෙම බැමිණිය හමුවීමට පැමිණ ඇත. එය ඉවසා සිටිය නොහැකි වූ රාධ නම් ගිරවා, බමුණා නිවසෙන් බැහැර යන විට බැමිණියට අවවාද කරන්නැයි කීවා නේදැයි බෝධිසත්ව ගිරවාගෙන් විමසා ඇත. ඒ අවස්ථාවේ බෝධිසත්ව ගිරවා පවසා ඇත්තේ, නුඹ බාල බැවින් මේ කිසිවක් නොතේරෙන බවයි. එමෙන් ගෙවී ගිය හෝරා දහය ඇතුළත මෙම නිවසට පැමිණි පිරිමින් ගණන විමසා බලන විට ඉදිරි දින කිහිපය ඇතුළත තව කී දෙනෙක් පැමිණේ දැයි කිව නොහැකි බැවින් බැමිණියට අවවාද දී පලක් නොවන බවයි. එම නිසා කිසිවක් ම නොපවසන්නැයි බාල ගිරවාට පවසා ඇත.

 

දින කිහිපයකින් නැවත නිවසට පැමිණි බමුණා බැමිණියගේ විස්තර කෙසේදැයි ගිරවුන්ගෙන් විමසා ඇත. එවිට බෝධිසත්ව ගිරවා පවසා ඇත්තේ බමුණා නිවසෙන් පිටවු මොහොතේ සිට නිරන්තරයෙන් පිරිමි නිවසට පැමිණි බවයි. එමෙන් ම බැමිණිය මෙලෙස වෙනත් පිරිමින් සමග ගත කරන්නේ බමුණා කෙරෙහි ඇල්මක් නැති බැවින් යැයි ද පවසා ඇත. එබැවින් එබඳු බිරිඳක් කුමකට නිවසේ තබාගන්නේ ද යැයි විමසා අනතුරුව තමන් මේ පිළිබඳ බමුණාට කී බැවින් බැමිණිය තමාට සහ සොයුරාට දොස් පවරනු ඇතැයි පවසා බමුණාට වැඳ එම නිවසෙන් පිටත්ව ගොස් ඇත.

p0cm3ld1

බමුණා ශුද්ධවන්තයෙකු විය හැකි ද...?

ජාතක කතාව වදාරා අවසන බුදුන්වහන්සේ පවසා ඇත්තේ: (ජාතක කතාකරුවාට අනුව) එකල්හි බමුණා වර්තමානයේ සිය පැරණි භාර්යාව පිළිබඳ සිතන භික්ෂූන් වහන්සේ බවත්, බැමිණිය භික්ෂුවගේ පැරණි භාර්යාව බවත්, රාධ ගිරවා ආනන්ද ස්ථවීර බවත්, පොට්ඨපාද ගිරවා නම් ලොව්තුරා බුදු වූ උන්වහන්සේ බවත් ය.

gaha

ඒ අනුව ශක්තිකගේ ප්‍රශ්න කිරීම සාධාරණ ය. එබඳු සිද්ධියක් සිදුවූවා ද නැද්ද යන්න පසෙක තැබුව ද බුදුන් වහන්සේ එහි දී සාක්ෂාත් කර තිබෙන්නේ; එසේත් නොමැති නම් අවධාරණය කර තිබෙන්නේ සිය සැමියා නිවසේ නොසිටින කාලවකවානුවේ බිරිඳ වෙනත් පුරුෂයන් සමග ගත කළ බවයි; එනම් ගැහැනිය වරදේ බැඳී ඇති බවයි.

දැන් අප ප්‍රශ්න කළ යුත්තේ නිවසෙන් බැහැරට ගිය බමුණා කුමනාකාරයේ ජීවිතයක් ගත කළේ ද යන්න සොයා බලන්නට කිසිවෙකු සිටිය ද, එසේ සිටියා නම් බමුණා පිළිබඳව පවසන්නට ඇත්තේ කුමක් ද යන්න ය.

ගැල්කරුවෝ සහ භාණ්ඩ ප්‍රවාහන රියැදුරෝ

මීට උදාහරණ ලෙස අපේ සාහිත්‍ය කලා නිර්මාණවලට පාදක වී තිබෙන කරත්තකරුවන් සහ භාණ්ඩ ප්‍රවාහණ ලොරි රථ රියදුරන් සම්බන්ධ සිදුවීම් ගෙනහැර දැක්විය හැකි ය. එකල කරත්තකරුවන්ට (වෙසෙසින් ම කණ්ඩායමේ නායකයාට) ඔහු සිය ගැල්කරුවන් සමග සරණ සැම පළාතක ම පාහේ අමතර කාන්තාවන් ඇසුරු කර ඇත. පසු කලෙක දී ලොරි රථවලින් භාණ්ඩ ප්‍රවාහනය කළ රියදුරන්ගේ තත්ත්වය ද මෙය ම ය.

 

86col66142307488 5112947 09112016 spd cmy

මේ සම්බන්ධයෙන් මගේ පුද්ගලික අත්දැකීමක් ද එක් කළ හැකි ය.

එක් වකවානුවක දී (1993 සිට 1997 දක්වා) මා දිවයිනේ ජනප්‍රිය ගායකයකු සතුව තිබූ සංගීත ශබ්ද උපකරණ යන්ත්‍ර (Music Sound Equipments) කුලී පදනම මත ලබාදෙන ස්ථානයක සහය ශබ්ද පරිපාලකයෙකු ලෙස සේවය කළේ ය. එම වකවානුවේ අදාළ භාණ්ඩ දිවයින පුරා ම ප්‍රවාහනය කළේ ද ඔහු සතු ලොරි රථයකිනි. එම රථයේ රියදුරු ඒ වන විටත්  අවුරුදු හැටක පමණ පුද්ගලයෙකි. ඔහු සමග දිවයින පුරා සැරිසරද්දී ඔහු අප ආයතනයේ සේවයට පැමිණීමට පෙර සිට ම ඇසුරු කළ කාන්තාවන් සිවු දෙනකුගේ පමණ නිවෙස් කරා ගියේ අප ද කැටුව ය. ඒ සෑම දිනක ම පාහේ හෙතෙම එම කාන්තාවන් සමග රැය පහන් කළේ ය. ආපසු එන ගමනේ දි ඔහු කියු කතා ඇසුරෙන් අගනා කෘතියක් වුව ද ප්‍රබන්ධ කළ හැකි ය; ඒ පිරිමින්ගේ විදිය යි. එවිට එය වරදේ බැඳීමක් නොවන්නේ ද...? එසේ නොවන්නේ නම් ගැහැනුන් වරදේ බැඳීම පමණක් ම ජාතක කතාවේ මතු නොව බොහෝ සාහිත්‍ය කලා නිර්මාණවල ද අඩංගු කරගන්නේ ඇයි...?

 

ලිපිය අවසන යළිත් සිහිපත් කරන්නේ ශක්තිකගේ ප්‍රශ්න කිරිම පිළිබඳව ද්වේශයෙන්, වෛරයෙන් එසේත් නමැති නම් ආගමික භක්තිමත් භාවයෙන් පමණක් නොවිමසා ඒ පිළිබඳ සාධාරණ විමසුමක් කරන ලෙසයි. එමෙන් ම මෙය ද යළිත් සිහිපත් කළ යුතු ය.  එනම්, ශක්තික බුද්ධාගමට පහර ගසනවා යැයි ඇතැම් අය පවසා තිබිණ. ඔවුන් එසේ දොස් පවරා තිබුණේ කිසිදු පදනමකින් තොරව ය. එබැවින් ජාතක කතා සංග්‍රහයට වඩා වෙනත් ආගමික ලියවිල්ලක කාන්තාව පරිභවයට පත් කර තිබේ නම් ඒ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කරන්නැයි එලෙස දේෂාරෝපණය කරන පිරිස් වෙතින් ඉල්ලා සිටිමි. එමෙන් ම මෙම ලිපි පෙළ සාහිත්‍ය සංවාදයක් මිස ආගමික සංවාදයක් නොවන බවද එම පිරිස් සිහි තබාගත යුතු ය.

 

ඉදිරියේ දී ශක්තික ඉදිරිපත් කර තිබු තවත් ජාතක කතාවක් පිළිබඳ විමසුමකින් හමුවෙමු.


jayasiri 04 e1619629387941(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.


2023/05/21 


ලේඛකයාගේ සබැඳි ලිපි :

කාන්තාව, ජාතක කතා සහ බුදුන් වහන්සේ - (ජයසිරි අලවත්ත)


ජයසිරි අලවත්තගේ ජාතක කතා විමර්ශන කියවන්න :

ජාතක කතා විමර්ශන 13 : 'පිරිමිකම' මැනීමේ වැරැදි ක්‍රම - ජයසිරි අලවත්ත

ජාතක කතා විමර්ශන 12 - ජාතක කතාවෙන් පිළිබිඹු කෙරෙන ඍජු ලිංගික අපයෝජන

 
 
 
 
 
 
  
 
 
 


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්