'සමාජීය ප්‍රගතියකින් තොරව, ආර්ථික ප්‍රගතියක් ලබා ගත නොහැකියි,' අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසයි.  



බෙදීම් හමුවේ මානව ගරුත්වය සහ ඇතුළත්භාවය සුරක්ෂිත කරන සර්ව හා අනාගමික ප්‍රතිපත්තීන්වල පිහිටා කටයුතු කරන මෙන් ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පුළුල් ලෙස ප්‍රශංසාවට ලක්වූ කතාවක් ඉදිරිපත් කරමින් සිය දේශපාලන සගයන්ගෙන් ආයාචනයක් කළේය.  

යුරෝපය සහ ආසියාව අතර “මිත්‍රත්වය සහ සංස්කෘතික හුවමාරුව ශක්තිමත් කිරීම” පිළිබඳව ෆ්‍රීඩික් නවුමන් පදනම (Friedrich Nauman Foundation) විසින් පැවැත්වූ වැඩසටහනක ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වෙමින් තොණ්ඩමන් අමාත්‍යවරයා, ප්‍රජාවන් අතර සංස්කෘතික හුවමාරුවේ ඇති වැදගත්කම සහ පුළුල් චින්තනය සහ අවබෝධය වැඩි කිරීම කෙරෙහි එහි ඇති බලපෑම පිළිබඳව සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් කළේය.  

“සංස්කෘතික හුවමාරුන් සිදුවන විට, ඔබ සහකම්පනය උපදවා ගැනීමට පෙළඹෙනවා, ඔබ තවත් ප්‍රජාවක අභිලාෂයන් තේරුම් ගැනීමට පෙළඹෙනවා.. ඔවුන්ගේ අරමුණු සහ අපහසුතා අවබෝධ වනවා. ඒ කිසිවක් නොමැතිව, ප්‍රගතියක් අත් වන්නේ නැහැ,” යනුවෙන් ඔහු පැවසීය.

 

සමරිසි සබඳතා නිර්සාපරාධීකරණයට සහාය පළ කරමින් අතුරු පෙත්සම්!

සමරිසි (LGBTQ) ප්‍රජාව, වතු කම්කරුවන් සහ ශ්‍රී ලාංකීය සමාජයේ විවිධ ප්‍රජා කණ්ඩායම් ඇතුළු ශ්‍රී ලංකාවේ ආන්තික සහ කොන් කිරීමට ලක්වන ප්‍රජාවන් විවිධ අභියෝගවලට මුහුණ දෙන බව අමාත්‍යවරයා පිළිගත්තේය.

 

සමරිසි ප්‍රජාවට එරෙහි නීති සංශෝධන පනත් කෙටුම්පත ජනපතිට

ප්‍රීතිමත් අභිමානයේ මාසයකට සුබපැතුම් එක්කරමින්, සමරිසි (LGBTQ) ප්‍රජාව මුහුණ දෙන වෙනස්කොට සැලකීම් පිළිබඳ සිය කණගාටුව ප්‍රකාශ කළ තොණ්ඩමන් අමාත්‍යවරයා, සම්මුතිගත සමරිසි සබඳතා නිර්සාපරාධීකරණය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් දොලවත්ත විසින් ඉදිරිපත් කළ පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත පිළිබඳ සිය ප්‍රශංසාව පළ කළේය.


ශ්‍රී ලංකාව, ඇගේ සියලු ප්‍රජාවන් වෙනුවෙන් සමාජ ප්‍රගතියක් ද සමඟ ඉදිරියට ගමන් කළ යුතුව ඇති බව ඔහු පැවසුවේය.
 
පවුලකට අක්කර දෙක බැගින් වතු කම්කරුවන්ට බෙදන ලෙස යෝජනා

ශ්‍රී ලාංකීය කඳුකර දමිළ ජනතාවගේ ආගමනයේ 200 වන සංවත්සරය සිහිපත් කරමින් ඔවුන්ගේ “ගිවිසුම්ගත ශ්‍රම” (indentured labour) තත්ත්වය පිළිබඳ කතා කළ ඔහු, දශක ගණනාවක ප්‍රගතියක් අත්ව තිබුණ ද තම පුරවැසිභාවය සාධාරණ ලෙස භුක්ති විඳීමට එම ප්‍රජාවට තව බොහෝ දුර යා යුතුව ඇති බව අවධාරණය කළේය.
 
 
ආන්තීකරණය සහ වෙනස්කොට සැලකීම ආමන්ත්‍රණය කරන විට සහෘදත්වයේ ඇති වැදගත්කම තොණ්ඩමන් අමාත්‍යවරයා පැහැදිලි කළේය. “සමරිසි (LGBTQ) ප්‍රජාව ගැන කතා කිරීමට ඔබ සමරිසි විය යුතු නැහැ. කම්කරුවන් සූරකෑමට ලක්වීම පිළිබඳ කතා කිරීමට ඔබ වතු කම්කරුවකු විය යුතු නැහැ,” යැයි පැවසූ ඔහු, “ඔබේ පසුබිම කුමක් වූව ද, ඔබ කොහේ සිට පැමිණිය ද, ඔබ කොහොම ඉපදුන ද, හෝ ඔබ කොහේ ඉපදුන ද.. වෙනසක් වෙනුවෙන් පෙනී සිටීම සඳහා සෑම දෙනෙකුටම අයිතියක් ඇති” බව අවධාරණය කළේය.
 
 
28 හැවිරිදි තොණ්ඩමන් අමාත්‍යවරයා, ශ්‍රී ලංකා ඉතිහාසයේ සිටින ලාබාලතම කැබිනට් අමාත්‍යවරයායි. ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යධුරය හොබවන ඔහු, විශේෂයෙන්ම වතු කම්කරුවන් සහ සමරිසි (LGBTQ) ප්‍රජාව ඇතුළු ආන්තීකරණයට ලක්වන ප්‍රජාවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින පුද්ගලයෙකි.

මේ වන විට ඔහු සුරක්ෂිත පානීය ජලය සඳහා ප්‍රවේශය වැඩි කිරීමට සහ දේශගුණික විපර්යාසවලට වඩා ඔරොත්තු දීම සඳහා ජල ක්ෂේත්‍රය තුළ මෙතෙක් සිදුවූ පුළුල්ම ප්‍රතිසංස්කරණ අනුගමනය කරමින් සිටියි. මෙම ප්‍රතිසංස්කරණ වැඩසටහන සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ ඇ.ඩො. මිලියන 200 ක අයවැය ආධාරක ණය පහසුකමක් ලැබී තිබේ.

සබැඳි පුවත් :

සමරිසි (LGBT+) අයිතිවාසිකම් සඳහා තුනෙන් දෙකකගේ සහාය
 
 

සමරිසි සබඳතා සහ දණ්ඩ නීති සංග්‍රහය: ප්‍රජා වෛද්‍යවරුන්ගේ සංගමයේ මතය මෙන්න

'දේශපාලන බිල්ලන් ලෙස දරුවන් භාවිතා නොකරනු' ! - වෛද්‍ය තුෂ් වික්‍රමනායක

සමලිංගිකත්වය නිර්සාපරාධීකරණය කරන්න - ළමා අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ කමිටුවෙන් ඉල්ලීමක්

සංක්‍රාන්ති සමාජභාවී ප්‍රජාව : අකමැති සිරුරකින් නිදහස් වීමේ අරගලය ! - (ටිරන් කුමාර බංගගමආරච්චි)

ගුද හා යෝනි මාර්ග පරීක්ෂාවට දණ්ඩ නීති සංග්‍රහය යොදාගෙන !

දණ්ඩ නිති සංග්‍රහය ; සංශෝධන පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය අවසන්

දණ්ඩ නීති සංග්‍රහ නව පනත් කෙටුම්පතින් දරුවන්ට හානියක් නොවනු ඇත - ළමා අයිතිවාසිකම් නීතිඥයන්

සමරිසි සබඳතා නිර්සාපරාධීකරණයට සහාය පළ කරමින් අතුරු පෙත්සම්!

සමලිංගික ක්‍රියාකාරකම් අපරාධමය වරදක් ලෙසම සලකන්නැයි පෙත්සමක්!

සමරිසියන්ට දඬුවම් පමුණුවන නීතිවලට රටේ 72% ම එකඟ නෑ !

සමරිසි ලිංගික සබඳතාවලට එරෙහි නීති සංශෝධනය කිරීමට යයි !

සමරිසි ප්‍රජාවට එරෙහි නීති සංශෝධන පනත් කෙටුම්පත ජනපතිට

සමලිංගිකත්වයට එරෙහි නීති ඉවත් කරන්න පොහොට්ටුවෙන් පනතක්

සමලිංගිකයින්ට එරෙහි නීති ඉවත්කරන්න - දොලවත්ත ගෙන් පනත් කෙටුම්පතක් !

සිංගප්පූරුව සමලිංගිකත්ව තහනම අවසන් කිරීමේ තීරණයක

ජනාධිපති කොමිසමක් සමලිංගික අයිතිය පිළිගනී!

සමරිසි ප්‍රජාවට උමාරියාගේත් සහාය! - හර්ෂත් කතාකරයි

'සමරිසි ප්‍රජාවට වෙනස් කොට සැලකීම අවසන් කළ යුතුයි' - හරිනී

සමරිසි ප්‍රජාවට එරෙහි නීති අහෝසි කරන්න - මහේල

 


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්