ප්‍රංශ අගමැති විශ්වාස භංගය පරදී
ප්‍රංශ අග්‍රාමාත්‍ය ෆ්රන්කොයිස් බේරෝ (Francois Bayrou) ධුරයෙන් නෙරපා හැරේ.

ප්‍රංශ අග්‍රාමාත්‍ය ෆ්රන්කොයිස් බේරෝ (Francois Bayrou) ධුරයෙන් නෙරපා හැරේ.
සමාජ මාධ්‍ය තහනම් කිරීමට එරෙහි නේපාල විරෝධතාකරුවන් සහ පොලිසිය අතර ඇති වූ ගැටුම්වලින් අවම වශයෙන් පුද්ගලයින් 19 දෙනෙකු මිය යාමෙන් පසු නේපාල රජය සමාජ මාධ්‍ය තහනම ඉවත් කර තිබේ.
නේපාල රජයේ සමාජ මාධ්‍ය තහනම් කිරීමේ තීරණයට සහ දේශපාලන තන්ත්රයේ දූෂිත පාලනයට එරෙහිව පැවැති විරෝධතා අතරවාරයේ දී තරුණ පිරිස් සහ ආරක්ෂක අංශ අතර ඇති වූ ගැටුම්වලින් 19 දෙනකු මරණයට පත්ව ඇත.
වෙඩි පිට වෙඩි පුපුරන, ගුවන් මිසයිල සහ බෝම්බ ප්‍රහාර පතිතව මහපොළොව ගිගුම්දෙන, මරණයේ භයංකර, ඝෝෂාකාරී හඬ මඳකට නතරව තිබිණි. ඒ ඉසිඹුවේ, අවතැන් කඳවුරෙක කූඩාරමක් සංගීතයෙන් පිරී ගියේය.
ඊශ්‍රායලයේ ජෙරුසෙලම් අගනුවර ආසන්න බස් නැවතුමකට අද (08) දිනයේ එල්ල වූ ත්‍රස්ත වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයින් පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.
ජපාන අගමැති ෂිගේරු ඉෂිබා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
20 වැනි සියවසේ අගභාගයේ විලාසිතා ලොව ප්‍රවීනයෙකු වූ එම විෂයයෙහි ප්‍රකට, කීර්තිමත් පුරෝගාමියකු වූ ජෝර්ජියෝ අර්මානි පසුගිය 4 වැනිදා මිලාන්හි දී මිය ගියේය.
නේපාලය තුළ ලියාපදිංචි නොවන සියලූම සමාජ මාධ්‍ය වේදිකාවලට පිවිසීම අවහිර කිරීමට, එරට රජය තීරණය කර තිබේ.
සිය නිවෙස්නයකට අදාළව නියමිති පරිදි බදු නොගෙවීම හේතුවෙන්, එක්සත් රාජධානියේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ඇන්ජෙලා රේනර් ඊයේ (5) සිය ධුරයෙන් ඉල්ලා අස් වූවා ය.
තායිලන්ත පාර්ලිමේන්තුව එරටට නව අග්‍රාමාත්‍යවරයකු තෝරාපත් කරගෙන තිබේ.
දෙවන ලෝක යුද්ධය අවසන් වීමෙන් වසර 80ක් සම්පූර්ණ වීම මුල් කරගනිමින් චීනය ඊයේ (3) දැවැන්ත හමුදා පෙළපාලියක් පැවැත්වීය.
ජපන් ආක්‍රමණයට එරෙහි චීන මහජන යුද්ධයේ සහ ලෝක ෆැසිස්ට් විරෝධී යුද ජයග්‍රහණයේ 80 වන සංවත්සරයේ ප්‍රධාන අනුස්මරණ උත්සවය අද (03) උදෑසන චීනයේ බෙයිජිංහිදී පැවැත්වුණා. ඒ චීන ජනාධිපති ෂී ජින් පිංගේ ප්‍රධානත්වයෙන් .