Poor Democracy, Poor Media, Poor Voters and Poor Decisions - මහාචාර්ය ප්‍රදීප් එන්’ වීරසිංහ
''ශ්‍රී ලංකාවේ පරිවර්තනීය නායකයෙක් බිහි නොවන්නේ ඇයි?"
අප සතිපතා ලියන “නායකයෙකු සොයන පuzzle එක” ලිපි මාලාවේ නැවත නැවතත් මතු වන මූලික ප්‍රශ්නය එයයි. අපට නායකයන් නැති නිසාද? නැතහොත් සැබෑ නායකයෙකු හඳුනා ගැනීමට අවශ්‍ය අපක්ෂපාති, සත්‍යය, නිවැරදි, දැනුවත්, නිදහස් සහ විශ්වාසනීය තොරතුරු පරිසරය අපෙන් සොරකම් කරගෙන ඇති නිසාද?

ප්‍රජාතන්ත්‍රවාදයේ සාර්ථකත්වය තීරණය වන්නේ ඡන්ද පෙට්ටිය ඉදිරියට එන ජනතාවගේ සංඛ්‍යාවෙන් පමණක් නොවේ. ඔවුන් ඡන්දය දමන විට ගන්නා තීරණය කොපමණ දැනුවත්ද, කොපමණ ස්වාධීනද, කොපමණ විචාරශීලීද යන්න මතය. සමස්ත සත්‍යය සහ ප්‍රතිපත්ති පිළිබඳව සංසන්දනාත්මක තොරතුරු වලින් සන්නද්ධ වී ද යන්න මතය. එමෙන්ම ඔවුන් ගන්නේ ක්ෂණික තීරණයක්ද එසේ නැතහොත් හොඳින් හිතාමතා ද යන්න මතය .
අපි වැනි රටවල්වල ඡන්ද දායකයා ඉහත කරුණු වලින් බලාත්මක කිරීමේ වගකීම පැවරිලා තියෙන්නේ ජනමාධ්‍යවලට. විශේෂයෙන් රූපවාහිනී මාධ්‍යයට. මෑත කාලයේ මාද සම්බන්ධ වූයේ දිවයින ම ආවරණය කරනු ලැබූ පර්යේෂණයකින් සොයා ගනු ලැබුවේ මේ රටේ ජනතාව තවමත් විශ්වාසදායී තොරතුරු ලබාගන්නේ රූපවාහිනී මාධ්‍යයෙන් බවයි.
ඒවගේම මහජන තීරණ සහ හැසිරීම කෙරෙහි වඩාත්ම බලපෑම් සහගත මාධ්‍ය වන්නේ රූපවාහිනී මාධ්‍ය බව කැලණි නාග රාජයා සිද්ධියෙන් මෙන්ම පසුගිය සතියේ "සාම පා ගමනක්" අන්ධ භක්තිකයන්ගේ ආගමික විශ්වාසයක්, සහ බල්ලෙක් වන්දනා සංකේතයක් බවට පත්කර මහජනතාව පාරට බැස්සීමට රූපවාහිනී නාලිකාවක් සමත්වීමෙන් පේනවා.
ඒ අනුව ශ්‍රී ලංකාවේ අද අප මුහුණ දෙන භයානකම ප්‍රශ්නය වන්නේ ජනතාවගේ දේශපාලන සිත හැඩගස්වන ප්‍රවෘත්ති මාධ්‍ය පද්ධතියම දැවැන්ත ව්‍යාපාරික සහ දේශපාලන බලවේග කිහිපයක් අතට පත්ව තිබීමයි.
අද ප්‍රවෘත්ති මාධ්‍ය යනු තොරතුරු ලබාදෙන නිදහස් ආයතනයක් නොවේ. එය බලය නිෂ්පාදනය කරන යන්ත්‍රයක් බවට පත්ව ඇත. ජනතාව සිතන දේ, බියවන දේ, බලාපොරොත්තු වන දේ, සහ අවසානයේ ඡන්දය කාටද දිය යුත්තේ යන්න පවා මෙම ප්‍රවෘත්ති මාධ්‍ය අධිරාජ්‍යය හිමි සිටුවරුන් විසින් තීරණය කරනු ලබයි.

ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසය දෙස අවධානයෙන් බැලූ විට, රටේ බලය තීරණය කරන සැඟවුණු බලවේග අතර රූපවාහිනී නාලිකා හිමියන්ගේ බලපෑම අතිශය ප්‍රබල බව පැහැදිලි වේ. අද ජනතාවට දේශපාලන නායකයන් පෙනෙන්නේ ඔවුන්ගේ සැබෑ ක්‍රියාකාරකම් හරහා නොව, මාධ්‍ය තිරය මත නිර්මාණය කරන ලද චරිත හරහාය. මේ නිසා රූපවාහිනී මාධ්‍ය හිමියන් “දේශපාලන ගොඩ්ෆාදර්ලා”(god father) ලෙස ක්‍රියා කරමින්, කවුද ජනප්‍රිය නායකයා විය යුතුද සහ කවුද ජනතා විරෝධයට ලක් විය යුතුද යන්න සැඟවුණු ලෙස තීරණය කරන තත්ත්වයක් උදා වී තිබේ. මෙය ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික හරය වන ජනතා ස්වාධීන තීරණ ගැනීමේ හැකියාවට එල්ල වන බරපතළ අභියෝගයකි.
මේ නිසා අද අප විමසා බැලිය යුතු අතිශය වැදගත් ප්‍රශ්නය මෙයයි:
ජනතාව ඡන්දය දෙන්නේ තමන්ගේම සිතකින්ද? නැතහොත් මාධ්‍ය විසින් නිෂ්පාදනය කරන ලද සිතකින්ද?
මාධ්‍ය අයිතිය සහ දේශපාලන බලය
ශ්‍රී ලංකාවේ විද්‍යුත් මාධ්‍ය ඉතිහාසය දෙස බලන විට පැහැදිලිව පෙනී යන්නේ, බොහෝ රූපවාහිනී සහ ගුවන් විදුලි නාලිකා මහජන සේවය (Public Service Media) සඳහා නොව, ඒවායේ හිමිකරුවන්ගේ දේශපාලන හා ව්‍යාපාරික අරමුණු සඳහා ක්‍රියා කරන බවයි.
1990 දශකයේදී පෞද්ගලික විද්‍යුත් මාධ්‍ය සඳහා දොරටු විවෘත කළ අවස්ථාවේ සිටම බලපත්‍ර ලබාදීමේ ක්‍රියාවලිය විනිවිදභාවයෙන් තොර එකක් විය. රටේ සංඛ්‍යාත පරාසය යනු මහජන දේපළකි. නමුත් එම මහජන දේපළ බොහෝවිට බෙදා දෙන ලද්දේ පාලක දේශපාලන බලවේගවලට සමීප ව්‍යාපාරිකයන්ට සහ හිතවතුන්ටය.
එහි ප්‍රතිඵලය අද අප ඉදිරියේ පැහැදිලිය.
මාධ්‍ය ආයතන කිහිපයක් විවිධ දේශපාලන කඳවුරු වෙනුවෙන් ක්‍රියා කරන “ප්‍රචාරක හමුදා” බවට පත්ව ඇත.

එක් නාලිකාවක් එක් දේශපාලන පක්ෂයක් ප්‍රවර්ධනය කරයි. තවත් නාලිකාවක් විරුද්ධ පක්ෂය විනාශ කිරීමේ මෙහෙයුමක නිරත වේ. තවත් මාධ්‍ය ජාලයක් තම හිමිකරුගේ දේශපාලන අනාගතය වෙනුවෙන් මහජන මතය හැඩගස්වයි.
මෙහිදී සිදුවන්නේ ජනතාවට සත්‍යය ලබාදීම නොවේ.
සිදුවන්නේ තෝරාගත් සත්‍යයක් පමණක් පෙන්වීමයි.
එය “Truth” නොව “Selected Truth” “ Reproduce Truth” එකකි.
ඡන්දදායකයාගේ මනස නිෂ්පාදනය කිරීම
නූතන මාධ්‍ය පද්ධතියේ භයානකම බලය වන්නේ එය ජනතාවගේ සිත තුළ යථාර්ථයක් නිර්මාණය කිරීමයි.
ජනතාවට ලැබෙන දේශපාලන තොරතුරු බොහෝ විට සත්‍යය පිළිබඳ සම්පූර්ණ චිත්‍රයක් නොවේ. ඒ වෙනුවට ඔවුන්ට ලැබෙන්නේ සංස්කරණය කළ, තෝරාගත්, විකෘති කළ සහ නිර්මාණය කළ දේශපාලන යථාර්ථයකි.
උදාහරණයක් ලෙස:

*එක් දේශපාලකයෙකුගේ කුඩා කතාවක් “ජාතිය බේරාගන්නා වීර කතාවක්” බවට පත් කරයි.
*තවත් නායකයෙකුගේ සුළු වැරැද්දක් “ජාතික විනාශයක්” ලෙස පෙන්වයි.
*එක් පක්ෂයක රැලියක් “ජන ගංගාවක්” ලෙස විස්තර කරයි.
*අනෙක් පක්ෂයේ රැලියක් “අසාර්ථක උත්සාහයක්” ලෙස ඉදිරිපත් කරයි.
මෙය හුදෙක් පුවත් වාර්තාකරණයක් නොවේ.
මෙය ජනමතය ඉංජිනේරුකරණය කිරීමකි.
නෝම් චොම්ස්කි සහ එඩ්වඩ් හර්මන් “Manufacturing Consent” යන සංකල්පයෙන් පෙන්වා දුන්නේ ද මේ කරුණමය. ඔවුන්ට අනුව මාධ්‍ය බොහෝවිට සිදු කරන්නේ ජනතාව දැනුවත් කිරීම නොව, පාලක බලවේගවලට අවශ්‍ය ජනමතයක් නිෂ්පාදනය කිරීමයි. අද ශ්‍රී ලංකාවේද එය ඉතා පැහැදිලිව දක්නට ලැබේ.
ප්‍රවෘත්ති නොව දේශපාලන ආඛ්‍යාන
මැතිවරණ සමයන්හිදී රූපවාහිනී පුවත් විකාශයන් දෙස අවධානයෙන් බැලුවහොත් අපට වැදගත් දෙයක් පෙනේ.
බොහෝ පුවත් විකාශයන් තුළ සත්‍යය වාර්තා කරනවාට වඩා “ආඛ්‍යාන” “ ප්‍රබන්ධ” (Narratives) ගොඩනැගීම සිදු වේ.
එනම්:
* කවුද වීරයා?
* කවුද දේශද්‍රෝහියා?
* කවුද රට බේරාගන්නා නායකයා?
* කවුද රට විනාශ කරන පුද්ගලයා?
යන ප්‍රශ්නවලට පිළිතුරු ජනතාවගේ සිත තුළ පෙර සිටම තැන්පත් කරනු ලැබේ.
ඉන්පසු ජනතාව ඡන්දය දෙන්නේ තමන් සිතා බැලූ නිගමනයකට අනුව නොව, මාධ්‍ය විසින් කලින්ම නිර්මාණය කළ ආඛ්‍යානයකට අනුවය.
මෙය විශේෂයෙන්ම 2005 මැතිවරණයේ සිට 2024 ජනාධිපතිවරණය දක්වා පැහැදිලිව දැකගත හැකි විය.
මාධ්‍ය නිරීක්ෂණ පර්යේෂණ වාර්තා පෙන්වා දෙන්නේ සමහර නාලිකා එක්තරා දේශපාලන පක්ෂයක් සඳහා පමණක් වැඩි ප්‍රසාදාත්මක (positive coverage) ආවරණයක් ලබා දෙද්දී තවත් නාලිකා විරුද්ධ පක්ෂ නායකයන් පිළිබඳ අඛණ්ඩ ඍණාත්මක ප්‍රවෘත්ති (negative coverage) ආවරණයක් ලබා දුන් බවයි.

ඇතැම් නාලිකා ප්‍රවෘත්ති ලෙස ඉදිරිපත් කළේ රූපවාහිනී මධ්‍යස්ථානය හිමිකරුවන් විසින් වැටුප් ගෙවා සේවයේ යොදවා ඇති මාධ්‍යකරුවන්ගේ පක්ෂපාතීන් පැහැදිලි කිරීම්ය. ඡන්දදායකයන්ට කරන නිර්දේශය. බොහෝ විට ඡන්දදායකයාට එය ප්‍රවෘත්තියක්ද එසේ නැතහොත් එම අදහස් පළ කරන්නාගේ පුද්ගලික මතයක් ද යන්න තෝරා බේරා ගැනීමට නොහැකි වන පරිදි ප්‍රවෘත්ති පෙළ ගස්වා තිබුණු බව එම පර්යේෂණ වාර්තා පෙන්වා දෙයි .
පුවත්පත් කියවන වැඩසටහන්වලදී, කියවීම සඳහා ප්‍රවෘත්ති වාර්තා තෝරා ගැනීමේ දී මෙන්ම, ඒවා මාධ්‍යකරුවා විසින් අර්ථකථනය කිරීම හරහාද, සාකච්ඡා වැඩසටහන් සඳහා සහභාගීවන්නන් තෝරා ගැනීම හරහාද මාධ්‍ය හිමිකරුවාගේ දේශපාලන න්‍යායපත්‍රය මහජනතාව මත බලෙන් පටවන ආකාරය දක්නට ලැබුණු බව මෙම පර්යේෂණ වාර්තා තවදුරටත් පෙන්වලා දෙනවා.
මෙහිදී ප්‍රවෘත්ති සහ මතය අතර සීමාව සම්පූර්ණයෙන්ම බිඳ වැටේ.
“ප්‍රවෘත්ති මාධ්‍ය වෘත්තීයවේදය” මිය යන විට
ප්‍රවෘත්ති මාධ්‍ය වෘත්තීයවේදය (News Media Professionalism) යනු ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක අත්‍යවශ්‍ය මූලධර්මයකි.
එහි මූලික අගයන් වන්නේ:
* නිවැරදිභාවය (Accuracy)
* අපක්ෂපාතීත්වය (Impartiality)
* සමබරතාවය (Balance)
* වගවීම (Accountability)
* සත්‍යතාවය (Truthfulness)
නමුත් අද බොහෝ මාධ්‍ය ආයතන මෙම මූලධර්ම අතහැර දමා ඇත.
ඒ වෙනුවට ඔවුන් ක්‍රියා කරන්නේ “Media Logic” යන වෙළඳපොළ තර්කයට අනුවය.
එහිදී ප්‍රශ්නය වන්නේ:
“සත්‍යය කුමක්ද?” යන්න නොවේ.
“වැඩියෙන් බලන්නේ කුමක්ද?” යන්නයි.

එබැවින්:
* ගැටුම් විකුණයි.
* බිය විකුණයි.
* කෝපය විකුණයි.
* ජාතිවාදය විකුණයි.
* කුමන්ත්‍රණ කතා විකුණයි.
* ව්‍යාජ සහ දුෂ් තොරතුරු විකුණයි.
අද බොහෝ දේශපාලන පුවත් නිර්මාණය වන්නේ ජනතාව දැනුවත් කිරීම සඳහා නොව, ඔවුන්ගේ හැඟීම් උත්තේජනය කිරීම සඳහාය.
“කැලණි නාගයා” සිට දේශපාලන මිථ්‍යාවන් දක්වා
ශ්‍රී ලංකාවේ මැතිවරණ ඉතිහාසය තුළ මාධ්‍ය විසින් නිර්මාණය කරන ලද ප්‍රබන්ධ සහ මිථ්‍යාවන් බොහෝය.
එක් අවස්ථාවක “කැලණි නාගයා” වැනි අසත්‍ය කතා පවා දේශපාලන වාසිය සඳහා භාවිතා විය.
ආගමික සංකේත, ජාතිවාදී ආඛ්‍යාන, බිය ජනනය කරන කතා සහ කුමන්ත්‍රණ ප්‍රචාරණයන් හරහා ජනතාවගේ මනස හැඩගස්වන ලදී.
සමහර අවස්ථාවල මාධ්‍ය ආයතන ආගමික උත්සව සහ සාම පාගමන් පවා දේශපාලන මෙවලම් බවට පත් කළේය.
මෙහිදී ජනතාව විශ්වාස කරන්නේ තමන් දකින්නේ ස්වාභාවික සමාජ සිදුවීම් බවයි.
නමුත් ඇත්ත වශයෙන්ම ඒවා බොහෝවිට දේශපාලන ව්‍යාපෘති වේ.
රූපවාහිනිය: තවමත් බලවත්ම දේශපාලන ආයුධය
ඩිජිටල් යුගය පැමිණියද ශ්‍රී ලංකාවේ රූපවාහිනිය තවමත් බලවත්ම ප්‍රවෘත්ති මාධ්‍යයයි.
පර්යේෂණ දත්ත පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ බහුතර ජනතාව තවමත් දේශපාලන තොරතුරු සඳහා වැඩිම විශ්වාසයක් තබන්නේ රූපවාහිනිය මත බවයි.

විශේෂයෙන් ග්‍රාමීය ජනතාව සඳහා රූපවාහිනිය යනු “සත්‍යය” ය.
එබැවින් රූපවාහිනී නාලිකාවක් ගන්නා පක්ෂපාතී තීරණයක් මැතිවරණ ප්‍රතිඵලයට සෘජුව බලපායි.
ඒ නිසාම රූපවාහිනී පුවත් විකාශය යනු හුදෙක් පුවත් වැඩසටහනක් නොවේ.
එය දේශපාලන බලය සඳහා කරන මනෝවිද්‍යාත්මක සටනකි.
රාජ්‍ය මාධ්‍ය: මහජන සේවයද? ආණ්ඩුවේ ප්‍රචාරණ යන්ත්‍රයද?
ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක රාජ්‍ය මාධ්‍ය ආයතනවල මූලික වගකීම වන්නේ මහජනතාවට අපක්ෂග්‍රාහී හා නිවැරදි, සාධාරණ සහ සමබර තොරතුරු ලබාදීමයි. සියලුම අදහස් මතවලට විවෘතවේදිකාවක් හදල දෙන එකයි
මන්ද ඒවා නඩත්තු වන්නේ ජනතාවගේ බදු මුදලින්ය.
නමුත් ශ්‍රී ලංකාවේ රාජ්‍ය මාධ්‍ය ආයතන ක්‍රියා කරන්නේ පවතින ආණ්ඩුවේ ප්‍රචාරණ මෙවලම් ලෙසය.
මැතිවරණ සමයන්හිදී මෙය වඩාත් පැහැදිලිව දක්නට ලැබේ.
පවතින ආණ්ඩුවේ රැලි, කතා සහ වැඩසටහන් සඳහා අතිවිශාල කාලයක් වෙන් කරයි.
විරුද්ධ පක්ෂයට ඉතා සීමිත ආවරණයක් ලබාදේ.
ඇතැම් අවස්ථාවල විරුද්ධ මත සම්පූර්ණයෙන්ම නොපෙන්වයි.
මෙය මහජන සේවා මාධ්‍යයක හැසිරීමක් නොවේ.
මෙය රාජ්‍ය බලය සහ මාධ්‍ය බලය එකට එක් වූ භයානක තත්ත්වයකි.
ප්‍රජාතන්ත්‍රවාදය වෙළඳ භාණ්ඩයක් වන විට
අද දේශපාලනය සහ වෙළඳ ප්‍රචාරණය අතර තිබූ සීමාව සම්පූර්ණයෙන්ම බිඳ වැටී ඇත.
අද අපේක්ෂකයන් විකුණන්නේ ප්‍රතිපත්ති නොවේ.
“Image” එකකි.
ඡන්දදායකයා තෝරා ගන්නේ දේශපාලන දර්ශනයක් නොවේ.
“Brand” එකකි. එහිදී
* දේශපාලකයා නිෂ්පාදනයක් බවට පත්වේ.
* මාධ්‍ය වෙළඳ දැන්වීම් සමාගමක් බවට පත්වේ.
* ජනතාව පාරිභෝගිකයන් බවට පත්වේ.
මෙවැනි තත්ත්වයක පරිවර්තනීය නායකයෙකු බිහි වීම ඉතා අපහසුය.

මන්ද ජයග්‍රහණය කරන්නේ දූරදර්ශී නායකයා නොව, වඩාත් ප්‍රබල ප්‍රචාරණ යන්ත්‍රණය ඇති පුද්ගලයාය.
ලෝකය ගිය මාර්ගය
ලෝකයේ බොහෝ රටවල් මාධ්‍ය ඒකාධිපත්‍යය සහ දේශපාලන ප්‍රචාරණය නිසා ප්‍රජාතන්ත්‍රවාදයට ඇතිවන තර්ජනය ගැන බරපතළව සිතමින් සිටී.
ඇතැම් රටවල් මාධ්‍ය හිමිකාරිත්වය සීමා කර ඇත.
නිදසුනක් වශයෙන් දේශපාලන පක්ෂයකට හෝ දේශපාලන පක්ෂයක නායකයකුට රූපවාහිනී සහ ගුවන්ම විදුලි නාලිකාවක හිමිකාරත්වය ලබා ගැනීමට නීතියෙන් අවසර ලබා දෙන්නේ නැහැ.
එමෙන්ම රූපවාහිනී මධ්‍යස්ථානයක් හිමි අයකුට වෙනත් මාධ්‍ය ආයතනයක්,- නිදසුනක් වශයෙන් ගුවන් විදුලි මධ්‍යස්ථානයක් හෝ වෙළෙඳ දැන්වීම් ආයතනයක් පවත්වාගෙන යෑමට අවසර ලබා දෙන්නේ නැහැ .
මෙමගින් එක පැත්තකින් මාධ්‍යවල අපක්ෂග්‍රාහීත්වය ආරක්ෂාවන අතර අනිත් පැත්තෙන් මැතිවරණයට ඉදිරිපත් වන සියලුම දේශපාලන පක්ෂවලට සහ අපේක්ෂකයින්ට සමබිමක් නිර්මාණය වෙනවා.
බ්‍රිතාන්‍ය සහ අයර්ලන්තය වැනි රටවල මෙන්ම නැගෙනහිර යුරෝපයේ සමහර රටවලත් රූපවාහිනී සහ ගුවන් විදුලි මධ්‍යස්ථානවලට දේශපාලන වෙළද දැන්වීම් ප්‍රචාරය කරන්න අවසර ලබා දෙන්නේ නැහැ.

එමඟින් ඡන්දදායකයාට සමස්ත, අපක්ෂපාති සහ නිවැරදි තොරතුරුවලින් සන්නද්ධ වී නිවරදි තීරණයක් ගැනීමට වටපිටාවක් නිර්මාණය වෙනවා. මේ අතරින් බ්‍රිතාන්‍යයේ තිබෙන Office of Communication ආයතනය ලංකාවට ආදර්ශයට ගන්න පුළුවන් ඉතාම හොඳ විද්‍යුත් මාධ්‍ය නියාමන මොඩලයක් විදිහට සලකන්න පුළුවන්.
තවත් රටවල් මැතිවරණ සමයේ මාධ්‍ය ආවරණය සඳහා “Fairness Doctrine” වැනි නීතිමය මාර්ගෝපදේශ හඳුන්වා දී ඇත.
සමහර රටවල රාජ්‍ය මාධ්‍ය සම්පූර්ණයෙන්ම ස්වාධීන පාලක මණ්ඩල යටතේ ක්‍රියා කරයි.
සමහර රටවල දේශපාලන දැන්වීම් සඳහා මුදල් ලබාදෙන පාර්ශ්ව හෙළිදරව් කිරීම අනිවාර්ය කර ඇත.
නමුත් ශ්‍රී ලංකාවේ තත්ත්වය තවමත් අතිශය දුර්වලය.
අපට අවශ්‍ය ප්‍රතිසංස්කරණ
ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කිරීමට නම් ප්‍රවෘත්ති මාධ්‍ය පද්ධතිය තුළ ගැඹුරු ප්‍රතිසංස්කරණ අවශ්‍යය.
* ස්වාධීන විද්‍යුත් මාධ්‍ය නියාමන අධිකාරියක්
දේශපාලන බලපෑම්වලින් තොරව විද්‍යුත් මාධ්‍ය බලපත්‍ර ලබාදීම සහ නියාමනය කිරීම සඳහා ස්වාධීන ආයතනයක් අවශ්‍යය.
* මාධ්‍ය හිමිකාරිත්වයේ විනිවිදභාවය
මාධ්‍ය ආයතනවල සැබෑ හිමිකරුවන් කවුද?
ඔවුන්ගේ දේශපාලන සහ ව්‍යාපාරික සබඳතා මොනවාද?
ජනතාව ඒවා දැනගත යුතුය.
* හරස් මාධ්‍ය අයිතිය (Cross Media Ownership)සීමා කිරීම
එකම පුද්ගලයෙකුට රූපවාහිනී, ගුවන් විදුලි, පුවත්පත් සහ ඩිජිටල් මාධ්‍ය- හිමිකාරත්වය ලැබීමට, සියල්ල පාලනය කිරීමට ඉඩ නොදිය යුතුය.
* රාජ්‍ය මාධ්‍ය ස්වාධීන කිරීම
රාජ්‍ය මාධ්‍ය ආණ්ඩුවේ මෙවලම් නොව ස්වාධීන මහජන සේවා මාධ්‍ය ආයතන (Public Service Media) බවට පත් කළ යුතුය. මහජන සේවා මාධ්‍ය යනු ආණ්ඩුවේ හෝ ව්‍යාපාරික බලපෑමෙන් තොරව ස්වාධීනව ක්‍රියාත්මක වන, සංස්කරණ නිදහස භුක්ති විදින (Editorial Independence) මාධ්‍ය වපසරියකි.
* දේශපාලන ප්‍රචාරණ නියාමනය
මැතිවරණ සමයේ අසත්‍ය, වංචනික සහ මුදල් බලය මත පදනම් වූ ප්‍රචාරණයන් පාලනය කළ යුතුය.
* මාධ්‍ය සාක්ෂරතාව (Media Literacy)
ජනතාවට පුවත් විවේචනාත්මකව කියවීමට සහ ව්‍යාජ තොරතුරු හඳුනා ගැනීමට හැකියාව ලබාදිය යුතුය.
පරිවර්තනීය නායකයා සහ නිදහස් මාධ්‍ය පරිසරය
අප මේ ලිපි මාලාවේ සොයන්නේ පරිවර්තනීය නායකයෙකුය.
එවැනි නායකයෙකු බිහි වන්නේ:
* විචාරශීලී පුරවැසියන් සිටින සමාජයකය.
* නිදහස් තොරතුරු ගලායන සමාජයකය.
* හැඟීම් , බිය නොව කරුණුමය සත්‍යය සහ සාක්ෂි මත තීරණ ගන්නා ජනතාවක් සිටින සමාජයකය.
නමුත් මාධ්‍ය පද්ධතියම දේශපාලන හා ව්‍යාපාරික බලවේගවල අතට පත්වූ විට ජනතාවට සත්‍යය දැකීම අපහසු වේ.
එවැනි පරිසරයක ජනතාව තෝරාගන්නේ බොහෝවිට සැබෑ නායකයෙකු නොව, හොඳින් අලෙවි කරන ලද දේශපාලන චරිතයකි.
ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කිරීම යනු මැතිවරණ පැවැත්වීම පමණක් නොවේ.

එය සත්‍යය සුරක්ෂිත කිරීමකි.
එය නිදහස් මාධ්‍ය පරිසරයක් සුරක්ෂිත කිරීමකි.
එය ජනතාවගේ සිත නිදහස් කිරීමකි.
අද ශ්‍රී ලංකාව ඉදිරියේ ඇති විශාලම අභියෝගය ද එයයි.
අපට අවශ්‍ය වන්නේ ජනතාව වෙනුවෙන් කතා කරන මාධ්‍යද?
නැතහොත් ජනතාවගේ සිත පාලනය කරන මාධ්‍ය අධිරාජ්‍යයක්ද?
මෙම ප්‍රශ්නයට අප දෙන පිළිතුර මත අනාගත ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය තීරණය වනු ඇත.
එමෙන්ම පරිවර්තනීය නායකයෙකු බිහි වන්නේද නැද්ද යන්නත් තීරණය වන්නේ එම පිළිතුර මතය.
(සෙස්ස ලබන සිකුරාදාට)

| මහාචාර්ය ප්‍රදීප් එන්’ වීරසිංහජනමාධ්ය අධ්‍යයන අංශය – කොළඹ විශ්ව විද්‍යාලය
සබැඳි ලිපි :
නායකයෙකු සොයන පuzzle එක- 08 - මාධ්‍ය දේශපාලන දැන්වීම්: ප්‍රජාතන්ත්‍රවාදයේ සැඟවුණු ඝාතකයා | මහාචාර්ය ප්‍රදීප් එන්’ වීරසිංහ
නායකයෙකු සොයන පuzzle එක – (7) අසාර්ථක රාජ්‍යයෙන් ඉදිරියට: පාර්ලිමේන්තුව තුළ දෙවන මහජන මන්ත්‍රණ සභාවක්! | මහාචාර්ය ප්‍රදීප් එන්’ වීරසිංහ
නායකයෙකු සොයන පuzzle එක – 5 : වීරයෙක් නොව, පද්ධතියක් සහ විචාරශීලි පුරවැසියෙක් ගොඩනගන නායකත්වයක් අපට අවශ්‍ය ඇයි? | මහාචාර්ය ප්‍රදීප් එන්’ වීරසිංහ
නායකයෙකු සොයන පuzzle එක – 4
ශ්‍රී ලංකාවට “සිතීමට මඟ පෙන්වීමක්” කරන පරිවර්තනීය නායකයෙක්: Lula
මහාචාර්ය ප්‍රදීප් එන්’ වීරසිංහ
පරිවර්තනීය නායකයෙක්! - නායකයෙකු සොයන පuzzel එක - 3 | මහාචාර්ය ප්‍රදීප් එන්’ වීරසිංහ
නායකයකු සොයන පuzzle එක -02 : ජනකාන්ත නායකත්වය එදිරිව පරිවර්තනීය නායකයෙක් ! | මහාචාර්ය ප්‍රදීප් එන්’ වීරසිංහ