BREAKING
Top Ad
බුකිය

වරද්ද ගන්න එපා. අපි යුක්‍රේනය නෙවෙයි....- (ආචාර්ය මහේෂ් හපුගොඩ)

T

The Leader

October 11, 2023 • 5:48 AM

වරද්ද ගන්න එපා. අපි යුක්‍රේනය නෙවෙයි....- (ආචාර්ය මහේෂ් හපුගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඊශ්‍රායල් පලස්තීන ගැටුම් වලදී මම මේ පාර්ශව දෙකෙන් එක පාර්ශවයක්වත් ගැනවත් නෙවෙයි මේ ලියන්නේ.
  • ගෝල්ඩා මියර් ගැන (Golda, 2023), එන්ටබේ ගැන (7 Days in Entabbe, 2018).
  • සමකාලින අරගල ආකෘති ගැන අපි කවි ලියද්දි.  හොඳට සංවිධානය උණා, කල් යල් බැලුව, එක රාත්‍රියක කවුරුත් නොහිතපු විදියට හොලිවුඩ් ආකෘතියටම සිය දහස් ගණනක් බැස්ස ඊශ්‍රායල් භූමිය ඇතුළට.
  • ලෝකයේ පට්ටම ඔත්තු සේවය හෝල්මන් ද පොල්කොළ උණා.  හමාස් දැනගෙන හිටිය ආපහු ප්‍රහාර තමන් පැත්තට එනවා කියල.
අකුරු ප්‍රමාණය (Font Size):
ඒ සටන ගලායන විදිය සහ ඒකෙන් ඉගෙන ගන්න පුළුවන් පාඩම ගැන. මට හිතෙන දේ ගැන.  

එකම දේ මට ආයේ ආයෙත් ස්පීල්බර්ග්ගේ මියුනික් (Munich) ෆිල්ම් එක කොච්චර ලොකු ශ්‍රව්‍ය දෘශ්‍ය පර්යේෂණයක් ද කියල හිතෙනවා මේ මැද පෙරදිග අර්බුදයේ මානසිකත්වය ගැන කරපු. ශිෂ්ටාචාරයේ අයිතිය ගැන කරපු. භූමියේ අයිතිය ගැන කරපු. නිවස කේන්ද්‍රීය සමාජයක් සහ තැන තැන යන එඬේර සමාජයක් ගැන කරපු. 
 
 
මේ අද ඔබ දකින අරගලය කියන්නේ ශිෂ්ටාචාරයේ මුදුන්මුල ගැන සහ එහි අයිතිය ගැන කෙරෙන අරගලයක්. ඒ නිසා යුද්ධය නපුරුයි, මේ යුද්ධ මතවාද පතුරුවන්නේ ආයුධ වෙළෙන්දෝ, පොහොසත් වෙන්නේ ආයුධ වෙළෙන්දෝ, හැමෝම සාමය වෙනුවෙන් පෙනී ඉන්න ඕනි වගේ සබන් ඔපෙරා ලිබරල් කතා මේ යුද්දෙට අදාල වෙන්නේ නැහැ. ඒ නිසා හිස්බුල්ලා සංවිධානය කියනවා අපි යුක්රේනය නෙවෙයි, ඒක වරදවා ගන්න එපා කියල. 
Screenshot 2023 10 09 at 10.58.33
ඊශ්‍රායිලයේ අගමැති නැතනියාහු
 
අවම වශයෙන් බටහිර සහයෝගය නැහැමින් තියන, ආයුධ ශක්තිය හොඳින් තියන ඊශ්‍රායිලයේ අගමැති නැතනියාහු පවා කියනවා මේ යුද්ධය විශාල කාලයක් දක්වා දිග්ගැස්සෙනවා කියල. සබන් ඔපෙරා ලිබරල්ලු දන්නේ නැති උනාට එයා දන්නවා හමාස් සංවිධානය කියන්නේ මොකක්ද කියල. ඒකෙ ඉතිහාසය මොකක්ද කියල. විශාල කාලයක් සංවිධානය වෙලා, කල් යල් බලල, හමාස් එක පටන් ගත්ත වැඩේ කොච්චර දුරදිග යයිද කියල. 

සමස්ත ඉස්ලාම් ලෝකයම පලස්තීනය වෙනුවෙන් පෙනී සිටින්න පටන් අරගෙන. ජෝර්දාන්, ලෙබනන්, ඊජිප්තුව, ඉරානය සහ තව බොහෝ රටවල්, වගේම හිස්බුල්ලා වගේ සංවිධානත් මේ අතර. ඇෆ්ගන් කොල්ලෝ එහෙට යන්න දේශසීමා අරින්න කියනවා. 
 
මියුනික් ෆිල්ම් එකේ අලි කියනවා, 'අපි නැගිට්ටොත් මුලු මැද පෙරදිගම නැගිටිනවා' කියල. ඒක සෑහෙන ඇත්තක්.  
cxfhgdrty
 
මේ ඔක්කොම සිද්ද වෙන්නේ ඊශ්‍රායිල් සමකාලීන ඉතිහාසය උත්කර්ෂයට නංවලා හොලිවුඩ් ෆිල්ම් පවා හැදෙද්දී. ගෝල්ඩා මියර් ගැන (Golda, 2023), එන්ටබේ ගැන (7 Days in Entabbe, 2018). සමකාලින අරගල ආකෘති ගැන අපි කවි ලියද්දි. 

හොඳට සංවිධානය උණා, කල් යල් බැලුව, එක රාත්‍රියක කවුරුත් නොහිතපු විදියට හොලිවුඩ් ආකෘතියටම සිය දහස් ගණනක් බැස්ස ඊශ්‍රායල් භූමිය ඇතුළට. ලෝකයේ පට්ටම ඔත්තු සේවය හෝල්මන් ද පොල්කොළ උණා. 

හමාස් දැනගෙන හිටිය ආපහු ප්‍රහාර තමන් පැත්තට එනවා කියල. මේ ප්‍රහාරයේ ත්‍රීව්‍රතාව එක්ක ඒ විදියටම ප්‍රතිප්‍රහාර එනවා කියන එක නොදන්න බබ්බු නෙවෙයි හමාස් කියන්නේ. එයාල පලස්තීන විමුක්ති සංවිධානයේ යුධ හස්තය (military wing). ඒක තමයි ඉතිහාසය. 
 
අලුත් අරගල ආකෘති ගැන සංවාද නැහැ. ලෝකයේ තමන් දන්න පැරණිම ආකෘතියට උන් ටික බැස්ස. ඇත්ත සමුරායිල වගේ. ආයේ නොඑන්න. හැකි උනොත් එන්න. ඒත් ආපහු යන්න. 
6720.jpg
 
මැරිච්ච දරුවෝ වඩාගෙන දුවන පලස්තීන තාත්තලගේ ඇස්වල කඳුළු නැහැ....මම දැක්කේ එච්චරයි. ඇහෙන්නේ එකම එක දෙයක් විතරයි. ඒ ''අල්ලා ශ්‍රේෂ්ටයි'' කියන වචන දෙක.

අමෝ අමෝ මෙන්න ආගම නිසා මිනිස්සු මැරෙනවෝ කියල අපිට කවි ලියන්න පුළුවන් සාමය ගැන. හැබැයි උන් කරන්නේ ශිෂ්ටාචාරයේ අතිමූලික උරුමය ගැන සටනක්. ඒ සටන ග්‍රස්තික හිස්ටීරියාවක්. උමතුවක්. ඒවා තමයි ඇත්ත සටන්. ලිබරල් කවි එයාලට තේරෙන්නේ නැහැ. 

වරද්ද ගන්න එපා. අපි යුක්‍රේනය නෙවෙයි....

AKD : ජාතික දේශපාලනයේ අනුරාගමනය... - (ආචාර්ය මහේෂ් හපුගොඩ)(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

සබැඳි ලිපි :
 
 
 
 
 
 
 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...