BREAKING
උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●ට්‍රම්ප්ගේ නව නීති හමුවේ මුස්ලිම් රටවලින් අමෙරිකා සංක්‍රමණ සියයට 96කින් බිඳවැටෙයි●"අධිකරණය පත්කළ කමිටුවේ වාර්තාවට අත්සන් තැබුවා" - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු අධිකරණයට කියයි.●ඩුබායි-ටෙල් අවිව් ගුවන් අනතුර වැළකේ: සහායක නියමුවා ගැන විමර්ශන●
Top Ad
ක්‍රීඩා

16 වැනි 'ගනර් සුපර්ක්‍රොස්' සැප්තැම්බර් 27 මින්නේරියේදී: ධාවකයෝ 200ක් සටනට

T

The Leader Desk

September 11, 2026 • 12:28 PM

16 වැනි 'ගනර් සුපර්ක්‍රොස්' සැප්තැම්බර් 27 මින්නේරියේදී: ධාවකයෝ 200ක් සටනට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දැඩි ආරක්ෂක විධිවිධාන මැද මෙවර තරග බිමට ඉසව් 20ක්; රණවිරු සුබසාධනය වෙනුවෙන් ප්‍රවේශපත්‍ර නිකුතුව ඇරඹේ.
  • ශ්‍රී ලංකාවේ වඩාත්ම ජනප්‍රිය හා කීර්තිමත් මෝටර් රථ හා මෝටර් බයිසිකල් ධාවන තරගාවලියක් වන ගනර් සුපර්ක්‍රොස් (GUNNER SUPERCROSS) සැප්තැම්බර් 27 වැනි දින මින්නේරිය කාලතුවක්කු රෙජිමේන්තු බොරළු ධාවන පථයේදී පැවැත්වෙනවා.
  • 2026 වසර සඳහා SLADA විසින් ප්‍රකාශයට පත්කර තිබෙන ශූරතා තරග කැලැන්ඩරයට අනුව තරගාවලියන් හතරක් පැවැත්වීමට මුලින් සැලසුම් කර තිබුන ද, රට තුළ පවතින අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් මේ වසරේ තරගාවලි දෙකක් පමණක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා.
  • ගනර් සුපර්ක්‍රොස් යනු ක්‍රීඩා තරගාවලියක් පමණක් ම නොව රණවිරුවන්ගේ හා ඔවුන්ගේ පවුල්වල සුබසාධනය හා ප්‍රජාමූලික සමාජ සේවා කටයුතු සඳහා දායකත්වය ලබා දීමේ වේදිකාවක් ද වන බව තරගාවලිය පිළිබඳව ඊයේ ග්‍රෑන්ඩ් මේට්ලන්ඩ් හි පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ වුණා.
අකුරු ප්‍රමාණය (Font Size):


SLADA සංවිධානය කරන එකම බොරළු ධාවන සටනට සුපිරි මෝටර් රථ හා යතුරුපැදිකරුවන් සූදානම්.


ශ්‍රී ලංකාවේ වඩාත්ම ජනප්‍රිය හා කීර්තිමත් මෝටර් රථ හා මෝටර් බයිසිකල් ධාවන තරගාවලියක් වන ගනර් සුපර්ක්‍රොස් (GUNNER SUPERCROSS) සැප්තැම්බර් 27 වැනි දින මින්නේරිය කාලතුවක්කු රෙජිමේන්තු බොරළු ධාවන පථයේදී පැවැත්වෙනවා.

16 වැනි වතාවටත් පැවැත්වෙන මේ තරගාවලියට අදාළ කාලගණනය හා පුහුණු ධාවන කටයුතු සැප්තැම්බර් 26 වැනිදා පැවැත්වෙන අතර ශ්‍රී ලංකා ඔටෝස්පෝට්ස් රියදුරු සංගමය (SLADA – Sri Lanka Autosports Drivers Association) මේ තරගාවලිය සංවිධානය කරන්නේ ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුව සමග එක්වෙමින්.

ගනර් සුපර්ක්‍රොස් තරගාවලිය වසර ගණනාවක් පුරා ශ්‍රී ලංකාවේ ජාතික මෝටර් රථ ක්‍රීඩා කැලැන්ඩරයේ ප්‍රමුඛ ස්ථානයක් හිමි කරගෙන සිටිනවා. මෙරට ප්‍රධාන පෙළේ මෝටර් රථ ධාවකයින් හා මෝටර් ක්‍රොස් යතුරුපැදි ධාවකයින් රැසක් ඉහළ තරගකාරිත්වයකින් හා වෘත්තීය මට්ටමෙන් යුත් මේ තරගාවලියට සහභාගි වනවා.

b 1b 2
2026 වසර සඳහා SLADA විසින් ප්‍රකාශයට පත්කර තිබෙන ශූරතා තරග කැලැන්ඩරයට අනුව තරගාවලියන් හතරක් පැවැත්වීමට මුලින් සැලසුම් කර තිබුන ද, රට තුළ පවතින අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් මේ වසරේ තරගාවලි දෙකක් පමණක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව, ගනර් සුපර්ක්‍රොස් හා රොදර්හැම් කටුකුරුන්ද යන බොරළු හා තාර ධාවන තරගාවලියන් දෙක පැවැත්වීමට කටයුතු කර තිබෙනවා.

ගනර් සුපර්ක්‍රොස් යනු ක්‍රීඩා තරගාවලියක් පමණක් ම නොව රණවිරුවන්ගේ හා ඔවුන්ගේ පවුල්වල සුබසාධනය හා ප්‍රජාමූලික සමාජ සේවා කටයුතු සඳහා දායකත්වය ලබා දීමේ වේදිකාවක් ද වන බව තරගාවලිය පිළිබඳව ඊයේ ග්‍රෑන්ඩ් මේට්ලන්ඩ් හි පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ වුණා.

ඉසව් විස්සකින් සමන්විත මේ තරගාවලිය සඳහා මෝටර් රථ තරගකරුවන් 90කට ආසන්න සංඛ්‍යාවක් සහ මෝටර් බයිසිකල් තරගකරුවන් 110කට ආසන්න ප්‍රමාණයක් ලියාපදිංචි වී තිබෙනවා.

 

gun 2
මින්නේරිය ධාවන පථය හා ආරක්ෂාව

මින්නේරිය කාලතුවක්කු රෙජිමේන්තු බොරළු ධාවන පථය අභියෝගාත්මක වංගු, කඳු නැගීම්, බෑවුම්, වේගවත් කොටස් හා තාක්ෂණික ධාවන අංගයන්ගෙන් සමන්විත සුවිශේෂී ධාවන පථයක් වනවා.

පසුගිය තරගාවලියන් හි ලැබූ අත්දැකීම් සැලකිල්ලට ගනිමින් මෙවර තරගාවලියේ ආරක්ෂාව මෙන්ම ආරක්ෂක වැඩපිළිවෙල ද තවදුරටත් ශක්තිමත් කිරීමට SLADA පියවර ගෙන තිබෙනවා.

 

gun 3
ප්‍රවේශපත්‍ර මිල ගණන්

තරගාවලිය සඳහා ප්‍රවේශපත් ප්‍රධාන පිවිසුමේ පිහිටි කවුළුවලින් සැප්තැම්බර් 25 හා 26 දිනවල පෙරවරු 7.00 සිට ද, සැප්තැම්බර් 27 වැනිදා පෙරවරු 5.00 සිට ද ලබා ගත හැකි බව සංවිධායකයින් දන්වා සිටිනවා.

Grand Stand - රුපියල් 5,000
High Elevated Stand - රුපියල් 2,000
Red Stand - රුපියල් 1,000
Public Area - රුපියල් 300
VIP Box - පුද්ගලයින් 10 දෙනෙකු සඳහා රුපියල් 50,000


gun 4
අනුග්‍රාහකයින්

ප්‍රධාන අනුග්‍රාහකයින්:
Gold – Asian Paints Causeway
Silver – McLarens Lubricants (Pvt) Ltd -Mobil
              Battle Lanka (Pvt) Ltd.

විශේෂ අනුග්‍රාහකයින්:
Abans Auto Hero
TVS Lanka (Pvt) Ltd.
gun 5

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
gunasekera33@gmail.com

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...