BREAKING
Top Ad
ක්‍රීඩා

මෙක්සිකෝවේ පාපන්දු තරගයක සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට: තවත් හය දෙනෙකුට තුවාල!

T

The Leader Desk

September 16, 2026 • 3:51 PM

මෙක්සිකෝවේ පාපන්දු තරගයක සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට: තවත් හය දෙනෙකුට තුවාල!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෝටර් සයිකලයකින් පැමිණි තුවක්කුකරුවන් නරඹන්නන්ට වෙඩි වරුසාවක් එල්ල කරයි: 25 හැවිරිදි ආහාර වෙළෙන්දෙක් ජීවිතක්ෂයට
  • ක්‍රීඩා පිටියේ ටච් රේඛාවට මෝටර් සයිකලයකින් පැමිණි ප්‍රහාරකයින් තරගය නැරඹීම සඳහා රැස්ව සිටි සෙනඟට වෙඩි වරුසාවක් එල්ල කළ බවත් බියට පත් ක්‍රීඩකයින් හා නරඹන්නන් වහාම එතැනින් පලා ගිය බවත් වාර්තා වනවා.
  • මෙහිදී පුද්ගලයින් හත් දෙනෙකුට වෙඩි වැදී තිබෙන අතර හය දෙනෙක් තවමත් රෝහල්ගතව සිටින බව පැවසෙනවා.
  • සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ 25 හැවිරිදි ආහාර වෙළෙන්දෙක්.
අකුරු ප්‍රමාණය (Font Size):


ක්‍රීඩකයින් හා නරඹන්නන් බියෙන් පලා යද්දී පාපන්දු පිටිය ලේ විලක් වෙයි: ප්‍රහාරකයන් සොයා පොලිස් මෙහෙයුම්

 

මෙක්සිකෝවේ පැවති ආධුනික පාපන්දු තරගයක් අතරතුර තුවක්කුකරුවන් සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මිය ගොස් තවත් හය දෙනෙකුට තුවාල සිදුව තිබෙනවා.

ක්‍රීඩා පිටියේ ටච් රේඛාවට මෝටර් සයිකලයකින් පැමිණි ප්‍රහාරකයින් තරගය නැරඹීම සඳහා රැස්ව සිටි සෙනඟට වෙඩි වරුසාවක් එල්ල කළ බවත් බියට පත් ක්‍රීඩකයින් හා නරඹන්නන් වහාම එතැනින් පලා ගිය බවත් වාර්තා වනවා.

ඉරිදා සවස මේ වෙඩි ප්‍රහාරය සිදුව තිබෙන්නේ මෙක්සිකෝවේ ග්වනවාටෝ ප්‍රාන්තයේ සැන් ෆ්‍රැන්සිස්කෝ ඩෙල් රින්කොන් නගරයේ. මෙහිදී පුද්ගලයින් හත් දෙනෙකුට වෙඩි වැදී තිබෙන අතර හය දෙනෙක් තවමත් රෝහල්ගතව සිටින බව පැවසෙනවා. එක් පුද්ගලයෙක් පසුව රෝහලේදී මිය ගියා.

තරගය අහෝසි කෙරෙද්දී තුවාල ලැබූවන් ඔවුන්ගේ ඥාතීන් විසින් ඔසවාගෙන  වාහනවලට දමා රෝහලට රැගෙන ගොස් තිබෙනවා. සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ 25 හැවිරිදි ආහාර වෙළෙන්දෙක්.

තුවක්කුකරුවන් පුද්ගලයින් දෙදෙනෙක් ඉලක්ක කරගෙන සිටි බවත් අනෙක් පුද්ගලයින් එතැනින් දිවයාම නිසා නොසිතූ ප්‍රමාණයක් අනතුරට ලක්වූ බවත් වෙඩි තැබීම සිදුවූ ස්ථානයේ සිටි නගර සභා සේවකයෙක් පවසා තිබෙනවා.

මිනිස් ඝාතන පරීක්ෂණයක් ආරම්භ කර ඇති ග්වනවාටෝ පොලිසිය තුවක්කරුවන් ලුහුබැඳ යමින් සිටිනවා.

තුවක්කුකරුවන් මීට පෙරත් මේ ප්‍රාන්තයේ පැවති ආධුනික තරගවලදී ප්‍රහාර සිදුකර තිබෙනවා. සලමංකා නගරයේ මේ වසරේ ජනවාරි 25 වැනිදා පැවති ආධුනික පාපන්දු තරගයකට එල්ල කළ සමූහ වෙඩිතැබීමකින් පුද්ගලයින් 11 දෙනෙකු මිය ගොස් තවත් පුද්ගලයින් 12 දෙනෙකුට තුවාල සිදුවුණා.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
gunasekera33@gmail.com

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...