ඇමති ටිරාන් ගේ අභියෝගය හමුවේ මානව හිමිකම් කොමිසම පස්ස ගසයි
අයිතිවාසිකම් දිනාගැනීම වෙනුවෙන් සරසවි සිසුන් දියත් කළ අරගල කිහිපයකට එරෙහි පොලිස් ප්රචණ්ඩත්වය සම්බන්ධ පරීක්ෂණයකට පැමිණ තොරතුරු සැපයීම මහජන ආරක්ෂාව භාර අමාත්‍යවරයා විසින් බැහැර කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ඔහුට කැඳවීමක් කළ බව පිළිගැනීමට මැලි කර තිබේ.