Breaking News• උණුසුම් පුවත්
Showing page 467 of 2919 (43,782 articles)

හමාස් භාරයේ වූ අවසන් දේහයත් ඊශ්‍රායලය අතට
හමාස් අත්අඩංගුවට පත් අවසන් ප්‍රාණ ඇපකරු දේහය ද සිය භාරයට ගත් බව, ඊශ්‍රායල හමුදා ඊයේ (26) පැවසූහ.

ප්‍රංශයේ වයස 15ට අඩු සිසුන්ට සමාජ මාධ්‍ය තහනම් කිරීමට අනුමැතිය
ප්‍රංශයේ වයස අවුරුදු 15ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීමේ පනත් කෙටුම්පතකට එරට ප්‍රංශයේ ජාතික සභාව (National Assembly) විසින් අනුමැතිය ලබා දී තිබේ.

'සාහිත්‍ය නොදන්නා වෛද්‍යවරයෙකුට වෙදකම කරන්න බෑ' - රවිඳු මහේන්ද්‍ර (video)
මෙවර ‘mirror arts’කතා බහ සමගින් සම්මුඛ උනේ රවිඳු මහේන්ද්‍රයි.

ට්‍රම්ප්ගෙන් දකුණු කොරියාවට 25%ක බද්දක්
පසුගිය වසරේ ඇති කරගත් වෙළඳ ගිවිසුමට අනුව කටයුතු නොකරන බවට චෝදනා කරමින් දකුණු කොරියානු ආනයන සඳහා තීරුබදු 25% දක්වා ඉහළ නංවන බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කළේය.

ඇමෙරිකාව WHO එකෙන් ඉවත් වීම නිසා අපේ රටේ සෞඛ්‍යයත් ලෙඩ ඇඳට වැටේ ද?
ඇමෙරිකා එක්සත් ජනපදය ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් (WHO) නිල වශයෙන් ඉවත් වී තිබේ. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බලයට පත්වූ වහාම නිකුත් කළ විධායක නියෝගයකට අනුව, වසරක නීතිමය ක්‍රියාවලියකින් පසු මෙම ඉවත් වීම පසුගිය බ්‍රහස්පතින්දා (22) සිට බලාත්මක විය. මෙය ගෝලීය සෞඛ්‍ය සුරක්ෂිතතාව දැඩි අවදානමකට හෙළන්නකි.

රනිල්ට එරෙහි නඩුව හෙට (28) කැඳවයි
2023 වසරේ රුපියල් ලක්ෂ 166 කට වැඩි රාජ්‍ය මුදලක් වැය කරමින් බ්‍රිතාන්‍යයේ පෞද්ගලික සංචාරයක නිරත වීම තුළින් එම රාජ්‍ය මුදල් අවභාවිතා කළේ යැයි චෝදනා කරමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහිව පවරා ඇති නඩුව හෙට (28) යළි කැඳවීමට නියමිතව තිබේ.

ශ්‍රී ලංකාවේ සාම ක්‍රියාවලිය ඉතිහාසයට එක්වෙයි ! : සෝල්හයිම් එයි - නව තොරතුරු කේන්ද්‍රයක් විවෘත කෙරේ
දශක ගණනාවක් පුරා ශ්‍රී ලංකාවේ පැවති ගැටුම් නිරාකරණය කිරීමේ අරමුණින් දියත් කෙරුණු සාම ක්‍රියාවලීන් හා සබැඳි ඉතිහාසය මතු පරපුර වෙනුවෙන් සුරක්ෂිත කිරීමේ අරමුණින්, පාත්ෆයින්ඩර් පදනම

'අනුරගේ බඩ්ඩ'ට එරෙහි ආර්.එස්. වික්‍රමසිංහ නඩු විභාගය අතර......?
''නීතිපති තනතුරේ නිල භාවිතාව'' ගැන සාකච්ඡා කළ පසුගිය ලිපිය කියවූ බහුතරයක් දෙනා අධිනීතිඥ දිලීප පිරිස් නීතිපති හැටියට පත් කර ජනාධිපති රනිල් වික්‍රමසිංහට නඩු පැවරනු ලැබුවහොත් කුමක් සිද්ධ වේද කියා විමසීය.

FCIDයට අද එන්න බැරි බව ශිරන්ති කියයි
පෞද්ගලික හේතූන් මත තමාට අද (27) දිනයේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය හමුවේ පෙනී සිටීමට නොහැකි බව ශිරන්ති රාජපක්ෂ දැනුම් දී තිබේ.

චූදිතයන්ට උසස්වීම් දෙමින් පොරොන්දු ඉටු නොකරන ‘ජනාධිපති ගැන විශ්වාසය කඩවෙලා’
ඝාතනයට හා පැහැරගැනීමට ලක් වු මාධ්‍යවේදීන්ට යුක්තිය සලසා දීමට පොරොන්දු ලබා දෙමින් බලයට පත් ජනාධිපතිවරයා වසරක් ගත වන තුරුත් එම පොරොන්දු ඉටු නොකර චූදිත හමුදා නිලධාරියකුට උසස්වීමක් ලබා දීම ඔහු කෙරෙහි තැබු විශ්වාසය කඩ වීමට හේතු වී ඇති බවට නැගෙනහිරින් ප්‍රකාශයට පත් වී තිබේ.

ප්‍රවීණ මාධ්‍යවේදී දයා සෝමසිරි අභාවප්‍රාප්ත වේ
ප්‍රවීණ මාධ්‍යවේදියකු මෙන්ම ශ්‍රී ලංකා වෘත්තීය පත්‍ර කලාවේදීන්ගේ සංගමයේ සභාපතිවරයකු වූ දයා සෝමසිරි මහතා අද (26) අභාවප්‍රාප්ත විය.

පාසැල් අනුරාගයේ රමණීය ෆැන්ටසිය
කොළඹ පාසැලක ශිෂ්‍යයෙක් ගුරුවරියන් කීප දෙනෙකු සමග සම්බන්ධතා පැවැත්වීමේ සිදුවීමක් ලොකු කතාබහකට ලක්වෙලා තියෙනවා.

එළියේ ගිනි ගණන්වලට විකිණෙන පිළිකා බෙහෙතක් ගැන CID යට පැමිණිල්ලක්
* නිෂ්පාදන සමාගම රෙජිස්ටර් වෙලත් නෑ!

ව්‍යවස්ථා සභාව රැස්වෙයි : විගණකාධිපති ධුරය ගැන අදත් තීරණයක් නැහැ
මෑතක පත් කෙරුණු සිවිල් සමාජ නියෝජිතයින්ගේ ද සහභාගීත්වයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ රැස්වීමක් අද (26) පැවැත්විණ.

පළමු ගල් අගුරු නැවෙන් කෝටි 140ක් පාඩුයි - පාඨලී චම්පික
වර්තමාන ආණ්ඩුව යටතේ ආනයනය කළ පළමු ගල් අගුරු නැවෙන් පමණක් ලංකා විදුලිබල මණ්ඩලයට රුපියල් මිලියන 1,400

