‘‘අනේ දුලී... ඉතිං...! ඊට පස්සෙ මොකද වෙලා තියෙන්නෙ...?’’



මෙතෙක් දුලීකා පැවසූ සියල්ල නිහඬව අසා සිටි මා සිහිනයෙන් බියවූ තැනැත්තියක සේ ඇගේ දෙඋරෙන් අල්ලා සෙලවූවා ය.

කිසිවක් ම නොපැවසූ දුලීකා ඇගේ දෑස් මගේ දෑස් තුළට ඇතුළත් කර මොන මොනවා දෝ ලියනවා මෙන් දැනිණ. ඒ දෑසේ කිරණ මගේ දෑස තුළ ඔබ-මොබ ගමන්කිරීමේ රටාව කියාපැවේ ‘‘මොනව වෙන්න ද... වෙච්ච දේ තමයි දැං ඔය වෙලා තියෙන්නෙ...’’ බඳු අදහසකි. නමුත් එය දුලීකාගේ මුවෙන් ඇසිය යුතු ය; මුවෙන් අසා, මගේ සවන් තුළින් රිංගා හදවත දක්වා රැගෙන යා යුතු ය. එවිට හදවතට දැනෙන කුමනනාකාරයේ වේදනාවක් වුව ද විඳ දරාගැනීමේ ශක්තිය මසිත තුළ ජනනය කරගත යුතු ය.



තව දුරටත් දුලිකාගේ දෑස් තුළට රිංගා අපහසුතාවට ලක්වීම නිෂ්ඵල බව වටහා ගත් මා ‘‘කියපං දුලී කියපං. උඹ මොනව කිව්වත් මං දැං මගේ හිත හදාගන්න දහිරිය අරං තියෙන්නෙ. උඹ මට ඔක්කොම කියපං. ඊට පස්සෙ මට පුළුවං මගේ හිත හදාගන්න.

 

artistic girl face monochrome wallpaper preview

දුලීකාගේ දෑස් තුළ මෙතෙක් ලියැවී තිබූ සටන වියැකී ඒ මත කෙමෙන් කෙමෙන් නෙතු දිය පිරෙන අයුරු දර්ශනය විය. තව දුරටත් වචන මුදා හැර පලක් නොවන බව වටහා ගත් මා පාඩම් මෙසය අසල තිබූ අසුනක අසුන් ගෙන හිස මේසය මතට නැඹුරු කරගත්තේ ‘උඹ කැමති වෙලාවක ඉතිරි ටික කියපං’ යන වදන් මගේ මනස තුළ සනිටුහන් කරමිනි.

තත්පර කිහිපයක් ඇතුළත දුලීකා ද පාඩම් මේසය අසල තිබූ අනෙක් අසුනේ අසුන්ගෙන, ඇගේ හිස ද මෙසය මතට යොමු කළ බව මට දැනිණ. දැන් දෙදෙනා ම මේසය මත දෑස් අලවාගෙන ගොළු වත රකිති; පළමුව වදන් මුදා හැරිය යුත්තේ කවුදැයි දෙදෙනාගේ මනස් දෙදෙනාගෙන් විමසති. නිහඩ බව බිඳ දැමුවේ මා ය.

‘‘එතකොට දුලී... මේ... මේ... එදා අමෝද්‍ය සර් වෙනුවට ආදේශිකා මිස් ආවෙ...?’’


මට විමසිය හැකි වූයේ එපමණකි. ඉදී රත් පැහැගැනු වුණු ලොවි ගෙඩි දෙකක් බඳු විසල් දෑස් අහිංසනා දෙසට විසි කළ දුලීකා ‘‘ඔවු... සර් අපේ පංතියෙං මාරු කරල. ආයෙ කවදාවත් සර් අපිට උගන්නන එකක් නෑ... ඔවු ආයෙ කවදාවත්...’’ යැයි තරමක් හඬින් පවසා වහා අසුනෙන් නැගිට ගොස් මගේ නිදි යහන මතට කඩා වැටුණා ය; ඇය එයින් කියා පෑවේ ‘ඔවු... උඹේ පිස්සු වැඩ නිසා අපිට අමෝද්‍ය සර් නැති වුණා’ යන වදන් පෙළ ය.



**********

දුක් බර, නී රස, කාන්සිය පිරුණු දෙසතියක් පන්තියේ සියලු දෙනා ම පසුකර වේගයෙන් ඉදිරියට ඇදී ගොස් එළඹි තෙවන සතියේ සඳු දින නගරයේ තැන තැන පිහිටි දැන්වීම් පුවරු ද, දැන්වීම් ඇලවිය හැකි සෑම ප්‍රාකාරයක ම නෙත් ඇදගන්නාසුලු දැන්වීමක් දක්නට ලැබිණ. එහි මෙලෙස සටහන්ව තිබිණ.

 
sinhaal‘‘සිංහල සාහිත සාගරයේ ගැඹුරට ම කිමිදෙන්න... අමෝද්‍ය කුමාරසිංහ සර් මෙහෙය වන අපේ සිංහල සයුර සමග එක්වන්න’’

මගේ දෙනෙතට එම දැන්වීම හසු වු සැණින් මට කියවාගත හැකි වූයේ එපමණකි. පන්ති පැවැත්වෙන ස්ථානය, ආරම්භක දින වකවානු, පන්ති පැවැත්වෙන්නේ කවදාද යන කිසිවක් කියවිමට හැකියාව පැවතිය ද ඒ කිසිවක් පිළිබඳ මගේ අවධානය යොමු නොවිණ. නමුදු අමෝද්‍ය සර් අපේ උසස් පෙළ පංතියට පැමිණි පළමු දිනයේ පැවැත්වූ දේශනයේ වැදගත් කොටසක් සිහිපත් විය.

‘‘අද ඉඳල මම තමයි ඔයාලට සිංහල උගන්නන්නෙ. හැබැයි හොඳට මතක තියාගන්න මම උගන්නන්නෙ ස්කෝලෙදි විතරයි. මටත් පුළුවන් ඔය හුඟක් ගුරුවරු වගේ ටියුෂන් ක්ලාස් එකක් කරන්න. ඒ උනාට මම කැමති නැහැ මගේ නිදහස නැති කරගන්න; මේ පංතියෙදි ‘සර්’ කියල මට ගෞරවෙන් කතා කරන අය ම එළියෙදි, මම නැති තැන ‘ටියුෂන්කාරය’ කියනව අහන්න. ඒ නිසා මට පුළුවන් පංතියෙදි හම්බවෙන පුංචි ඉඩෙන් උනත් ඔයාලගෙ සිලබස් එක කවර් කරන්න. ඒකට මට ඔය ළමයින්ගෙ සහයෝගෙ දෙන්න. ඔයාලගෙ සහයෝගෙ නැතුව ඒක කරන්න බෑ. මගේ කතාව අපැහැදිලි නං මං වෙන විදියකට කියන්නං. මං පංතියෙදි උගන්නන ටික හොඳට ඉගෙනගන්න; යමක් නොතේරුණා නං ඒ කරුණ තේරුම් යනකම්ම මගෙං අහන්න. මං ඒක තේරුම් කරල දෙන්නං. ඒකට ඕනම කෙනෙකුට අවසර තියෙනව.’’

එදා එසේ පැවසූ අමෝද්‍ය සර් දෙවන වසර ආරම්භ වීමට ආසන්න මොහොතේ මේ ආකාරයට උපකාරක පන්තියක් ආරම්භ කිරීම මට අදහාගත නොහැකි විය. කෙසේ වුව ද සර් යමක් කරන්නේ ද, කියන්නේ ද කඩිනම් ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් නොව දීර්ඝකාලින ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් බව මා මෙන් ම සර් හඳුනාගෙන ඇති ශිෂ්‍ය ශිෂ්‍යාවෝ මෙන්ම ගුරුවර ගුරුවරියෝ ද දැන සිටියහ. ඒ අනුව සර් මේ උපකාර පංතිය ආරම්භ කළේ ද දිර්ඝකාලීන සැලසුමක් සහිතව බව මට ඉව වැටිණ.

වජ්ජා'වජ්ජ 26 : 'ඔවු... අපිට අවම විනය ක්‍රියා පටිපාටියකට යන්න වෙනව'  -(ජයසිරිගේ නවකතාවක්)

එදින උසස් පෙළ A පංතිය පමණක් නොව B, C, D යන පංති තුළ ද, ගුරු මණ්ඩලය අතර ද තුඩින් තුඩ රැව් දුන්නේ අමෝද්‍ය සර් උපකාරක පංතියක් ආරම්භ කිරීම පිළිබඳව ය. මේ වන විට ඔහු පාසලේ දී සිංහල විෂය උගන්වන්නේ නව වන වසර සහ සාමාන්‍ය පෙළ පංතිවලට පමණි. පංතියේ යහළු යෙහෙළියන් පැවසුවේ සර්ගේ උපකාරක පංතියේ 6 වසර සිට උසස් පෙළ දක්වා සිංහල විෂය උගන්වන බව සඳහන් කර තිබු බවයි. එක් අතකට සර් ගත් මේ තිරණය අපේ පාසලට ම පාඩමක් ඉගැන්වීම ද, එසේත් නොමැති නම් මෙතෙක් කල් සර්ගෙන් සිංහල ඉගෙනගත් උසස් පෙළ ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් ගත් තීරණයක් ද, එසේත් නොමැති නම් ඔහු පාසල් සේවයෙන් බැහැර වීමට ගත් තීරණයක් ද යන්න නිශ්චය කරගත නොහැකි ය; ඒ සඳහා කාලයට ඉඩ දිය යුතු ය.

**********

එතැන් සිට නව පාසල් වාරය එළඹෙන තෙක් වූ කාලය මා පසු කර වේගයෙන් දිව ගියේ ය; මා පමණක් නොව අප පංතියේ සියලු දෙනා ම පසු කර වේගයෙන් දිව ගියේ ය. ඒ අතරතුර සිවු මසක් පමණ  කාලයේ උසස් පෙළ හදාරණ කිසිවෙකුට අමෝද්‍ය සර් මුණ නොගැසිණ. ඔහුගේ රුව සම්මුඛ වුයේ නම් ඒ පාසලේ විශේෂ රැස්වීමක් පැවති දිනක පමණි. එවන් දිනක වුව ද ඔහු කිසිදු අදහසක් පළ නොකරන්නට වග බලාගත්තේ ය. මෙම සිදුවීමට පෙර අමෝද්‍ය සර් පාසලට පැමිණි දිනයේ සිට පාසලේ පැවති සියලු උත්සව අවස්ථාවල දී ප්‍රමුඛත්වය දී කටයුතු කළේ ඔහු ය. හැම දෙනාගේ ම මුවෙන් නිකුත් වුයේ ‘‘අමෝද්‍ය සර්ගෙන් ඇහුව නං හරි, අමෝද්‍ය සර් දන්නව ඇති, ආ... ඒ ප්‍රොෆෙසර් අමෝද්‍ය සර්ගෙ හොඳ හිතවතෙක්... සර්ට කිව්ව නං අපිට පුළුවන් ඒ ප්‍රොෆෙසර් අපේ වැඩේට සම්බන්ධ කරගන්න, ඔවු.. ඔවු... ඒ පොත ලියල තියෙන්නෙ අමෝද්‍ය සර් දන්න කර්තෘ කෙනෙක්’’ යනාදි වදන් නිරන්තරයෙන් පාසල් භූමිය පුරා දුව පැන ඇවිද්දේ ය.

kjසම්භාවය සිනමා සිත්තමක් පිළිබඳ, විශ්ව සාහිතත්‍යයේ සම්භාව්‍ය සාහිත්‍ය කෘතියක් පිළිබඳව හෝ විශ්ව නාට්‍ය ක්ෂේත්‍රයේ බොහෝ කරුණු සම්බන්ධව කිසියම් ශිෂ්‍යයෙකුට හෝ ශිෂ්‍යාවකට යමක් දැනගැනීමට අවැසි නම් ඒ සඳහා අමෝද්‍ය සර්ගෙන් විමසා බලන්නැයි විදුහල්පතිවරිය ප්‍රමුඛ බොහෝ ගුරුවර ගුරුවරියෝ ශිෂ්‍ය ශිෂ්‍යවෝ දැනුවත් කළහ. එහෙත් පසුගිය සමයේ සර් ඒ සියලු කටයුතුවලින් ඉවත්ව සිය රාජකාරියට පමණක් ම සීමා වී සිටි බව පාසල් භූමිය තුළ සංසරණය වූ බොහෝ වදන් සාක්ෂි සැපයී ය. අවම වශයෙන් සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් අමතර කාලයක් කැපකිරීම පවා මගහැර තිබිණ. එහෙත් ඔහුගෙන් සිංහල ඉගෙන ගන්නා කිසිදු ශිෂ්‍යයෙකු හෝ ශිෂ්‍යාවක ඔහු කෙරෙහි අමනාපයක්, අනාදරයක් දක්වා නැති බවට ද සාක්ෂි අවශ්‍ය තරම් පැවතිණ.

පෙර මාසයකට එක් වතාවක් හෝ දෙමසකට වතාවක් සිය නිවස බලා ගිය සර් එම සිදුවීමෙන් ඉක්බිති සෑම සිකුරාදා දිනක ම පිටව ගොස් සඳු දින පාසලට පැමිණියේ ය. ඔහු සතුව ජංගම දුරකතනයක් තිබුණ ද සිකුරාදා පාසලෙන් නික්මුණු මොහොතේ සිට යළි පාසලට පැමිණෙන තෙක් එම දුරකතනය ක්‍රියා විරහිතව පැවති බව ද පාසලේ ගුරුවර ගුරුවරියෝ අතර කසු කුසු පැවතිණ. මේ මාස කිහිපය ඇතුළත මට සර් හමුවූයේ එක ම එකදිනයක පමණි. ඒ, පාසලේ සුබධක සංගමයට ආධාර පිණිස සහ අපගේ අධ්‍යයන කටයුත්තු වෙනුවෙන් නගර සභා ශාලාවේ පැවති මනමේ නාට්‍ය නැරඹීමට ගිය මොහොතේ දී ය.  එදින ද මට සර් සමග වදනක් හෝ කතා කරන්නට ඉඩ නොලැබිණ. සර්ගේ තොරතුරු දැගැනීමට හැකි වූයේ දුලිකා අත එවා තිබූ ලිපියෙනි. එය ඉතා කෙටි නමුත් දීර්ඝ විස්තරයක් අන්තර්ගත ලිපියකි. මා එය මා සන්තකව තබාගත්තේ දින දෙකක් පමණි. එසේ කළේ ද සර් එහි සඳහන් කර තිබූ කරුණක් හේතුවෙනි.

‘‘අහිංසනා...,

 

මම ඔයාට හැමදාමත් කියල තියෙනව හැඟීම්වලට වහල් වෙලා වැඩ කරන්න එපා කියල. ඒ වුණාට ඔයයි මමයි ආදරයෙන් බැඳුණ දවසෙ ඉඳල ම ඔයා වැඩ කරේ හැඟීම්වලට වහල් වෙලා. මේ මාස දෙක තුන ඇතුළත ස්කෝලෙ ඇතු‍ළෙ මොනවත් සිද්ධ උනේ නැතිවුණාට අළු යට ගිනි පුපුරු තවමත් තියෙනවා.

 

මම ඔයාට හරි ඔයාගෙ අම්මට හරි දොස් කියනව නෙවෙයි. එදා සිදුවීමෙන් පස්සෙ ස්කෝලෙ හැම ගුරුවරයෙක් ම, ගුරුවරියක් ම එක පැත්තක. මං තනි වෙලා. මට තනිකම දරාගන්න බැරිකමක් නෑ. හැබැයි ඒ හැම කෙනෙක්ම මට දඬුවම් දෙන්නෙ මහ පුදුම විදියට. මෙ හිම සිද්ධියක් පිටුපස්සෙ ම ඔයාගෙ අම්ම ඉන්නව. ඒ උනාට ඔයා අම්ම එක්ක තරහ වෙන්න එපා. අම්මල එහෙම තමයි. අපි අසම්මතයේ පෙම්වතුන්. අඩුම ගානෙ මට දුයිෂේන් තරමට වත් ඔයාට කිට්ටු වෙන්න බැහැ. ඔයාට අල්තිනායි තරම්වත් මට කිට්ටු වෙන්න බැහැ. මම මේ හැම දෙයක්ම ඉවසන්නෙ ඔයාගෙ අනාගතය වෙනුවෙන්. මම කැමති නෑ ඔයා මං නිසා ඔයාගෙ අනාගතය අදුරු කරගන්නවට. ඒ නිසා තව අවුරුද්දක් ඉවසන්න; ඔයාගෙ අධ්‍යයන කටයුතු ඉවර කරගන්න; කොහොම හරි කැම්පස් එකට යන්න උත්සාහ කරන්න. එහෙම වුනොත් මමත් ලෙක්චර් පොස්ට් එකකට ඇප්ලයි කරනවා. එතකොට අපිට අපේ ගමන යන්න පුළුවන්. ආ... තව එකක් මේ අවුරුද්දෙ අන්තිම මම මගේ ක්ලාස් පටනගන්නව. ඔයාට නම් එන්න දෙන එකක් නෑ. ඒත් දුලීක කොහොම හරි එනව කිව්ව. එතකොට අපිට අපේ අදහස් හුවමාරු කරගන්න පුළුවන්. එතෙක් මම නතර වෙනවා. ආ... මේ කඩදාසිය කියවා ඉවර උන ගමන් ආයෙ දුලීකට දෙන්න එයා කොහොමහරි මට දේවි. ඔයා ළග දවසක්වත් තියාගන්න එපා.’’

**********

මේ අලුත් පාසල් වාරය යි. පාසල් වාරය ආරම්භ වීමටත් ප්‍රථම අප පාසලේ පමණක් නොව අවට පාසල් බොහොමයක ශිෂ්‍ය ශිෂ්‍යාවෝ අමෝද්‍ය සර්ගේ ‘‘අපේ සිංහල සයුර’’ සමග එක්ව සිටියහ. පාසල ආරම්භ වීමට පෙර දුලීකා අප නිවසට පැමිණි දිනයක ඒ සම්බන්ධයෙන් දැක්වු අදහස් මට මේ මොහොතේ සිහිපත් වේ.

‘‘දැන් උඹ සර්ගෙ ක්ලාස් එකට යනව ද...’’

මා දුලීකාගෙන් එසේ විමසුවේ ඇය එයට ඇතුළත් වෙන බව දැන දැනම ය. නමුදු මා, එය ඇගෙන් ම දැනගැනීමේ පිපාසයෙන් පෙළිණ.

‘‘මට ඉතිං එහෙම අවුලක් නැහැ නෙ. මං යනව... උඹලයි අම්ම නං කොහොමටත් උඹට ඒ ක්ලාස් එකට යන්න දෙන එකක් නෑ. කෝකටත් උඹ අහල බලපං. නැත්නම් අපි වැරැදිකාරියො නිසා තමයි ඇහුවෙ නැත්තෙ කියල හිතයි.’’

අමොද්‍ය සර්ගෙ ක්ලාස් එකට යන්නදැයි මා අම්මාගෙන් විමසුවේ ඉන් අනතුරුව ය. එසේ විමසුවේ ඇය ඊට නොකැමැත්ත පළ කරන බව හොඳින් ම අවබෝධ කරගෙන ය. නමුදු දුලීකා කිව්වා සේ විමසා නොසිටීම ද ගැටලුවකි. සිතු සේ ම අම්මාගේ ප්‍රතිචරය ද ඉතා ඍණාත්මක විය.

‘‘නැ පුතා... ඔයා ඒ ක්ලාස් එකට යන්න ඕන නෑ. මාලනි මිස් උගන්නන ප්‍රමාණය මදි නං හරි තේරෙන්නෙ නැත්නං හරි මං මිස්ට කියන්නං සතියට දවස් දෙකක් තුනක් ගෙදරට ඇවිත් ඔයාට උගන්නන්න කියල. අපි එයාට ගාණක් ගෙවමු.’’

lkaos

ඒ කතා බහ එතෙකින් අවසන් විය. ආදේශිකා මිස් නිවසට කැඳවාගෙනවිත් ටියුෂන් ගැනීමට මා අකමැති බව මවට මෙන් ම පියාට ද දැන්වීමෙන් ඒ සියල්ල අවසන් විය. එතැන් සිට අමෝද්‍ය සර් සහ මා අතර සියලු අදහස් හුවමාරු වූයේ දුලිකා හරහා ය. නමුදු සර් මා වෙත එවන හැම ලිපියක් ම නැවත ඔහු වෙත එවන්නැයි ඒ හැම ලිපියක ම අවසන සඳහන් කර තිබිණ. මා ඔහු වෙත යවන ලිපි සියල්ල ම ඔහු විනාශ කරන බව මට දැන්වි ය. මා වෙත සර් එවන ලිපි ආපසු ලබාගන්නේ මා ඒවා විනාශ නොකරන බව ඔහු හොඳාකාරව ම දන්නා නිසා බව ද ලියා එවා තිබිණ.

සර් මවෙත එවන සෑම ලිපියක ම පාහේ සඳහන් කර තිබුණේ ‘අවුරුද්දක් ඉවසන්න’ යනුවෙනි. මේ වන විට දෙවන වසරේ ද සමසක් පමණ ඉක්ම ගොස් තිබූ බැවින් මා සර් වෙත යවන ලිපියක මෙසේ විමසා යැව්වේ ඉවසීමේ සිමාව ඉක්ම ගිය මොහොතක ය.

‘‘සර්... දැන් මේ අවුරුද්දෙනුත් බාගයක් ඉවරයි. සර් මට තවමත් කියන්නෙ තව අවුරුද්දක් ඉවසන්න කියල. සර් එහෙම ලියල දැන් මාස හත අටක් ම වෙනව. මේ අවුරුද්ද අවසානෙදිත් සර් එහෙම ලියයි. එතකොට දන්නෙ ම නැතුව අවුරුදු දෙකක් ගෙවිල. සර් දිගින් දිගට ම ඒ විදියට ලිව්වොත්...?’’

මගේ ඒ පැනයට සර් එවා තිබු‍ණේ අපූරු පිළිතුරකි.

ඉවර නෑ...

 

අරගලය: දින පනහකින් ඉක්බිති...-(ජයසිරි අලවත්ත)(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

2022/07/16 



වජ්ජා’වජ්ජ - මින් පෙර පළවූ කොටස්

 

වජ්ජා’වජ්ජ 27 : දීපු බලාපොරොත්තුව ඉෂ්ට කරන්න ම වෙනව නෙ... - (ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 26 : 'ඔවු... අපිට අවම විනය ක්‍රියා පටිපාටියකට යන්න වෙනව' -(ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා‘වජ්ජ 25 : මං බඳිද්දි මට අවුරුදු විසි එකයි -(ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 24 - අපි ජීවත් වෙන්නෙ ආසියාතික කලාපෙ නොදියුණු ම රටක - (ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 23 - ගඩොල් තාප්ප කැඩුවට මිනිස් තාප්පෙකින් අපි හැමෝ ම වට කරල - (ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 22 : 'දැං වැඩේ හොඳට ම පත්තු වෙලා ඉවරයි'

වජ්ජා’වජ්ජ 21 - ඔයා දන්නව ද ඒ කවුද කියල...? - ( ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 20 - 'ඇගේ සැබෑ නම මාලිනී ය' - ( ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 19 : මං මොකටද ඔයාට බොරු කියන්නෙ...? -(ජයසිරිගේ නවකතාවක්)


වජ්ජා’වජ්ජ 18 : මේක හරියට අයිස් බර්ග් එකක් වගේ -(ජයසිරිගේ නවකතාවක්)


වජ්ජා’වජ්ජ 16 : මං මේ වයසට ඇවිත් තියෙන්නෙ ඔයාලගෙ වයස පහු කරල - (ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 15 : ‘‘ෂ්ෂ්ෂ්... මෙතන තව අය පොත් කියවනව...’’ - (ජයසිරිගේ නවකතාවක් )

වජ්ජා’වජ්ජ 14 : හංගපු දේවල් මොනවද කියල උඹ දන්නව නෙ...(ජයසිරි අලවත්ත)

වජ්ජා’වජ්ජ 13 - 'මේ වැඩේ සල්ලිවලින් විතරක් කරන්න බෑ සචේති' : කොටස් වශයෙන් පළවන ප්‍රබන්ධ කතාව


වජ්ජා’වජ්ජ 12 : අම්මට පරචිත්ත විජානන ඥානය ලැබිල ද...? (ජයසිරි අලවත්ත)

වජ්ජා’වජ්ජ 11 : දැං මට බය නෑ... මට ඔයාව විශ්වාසයි (ජයසිරි අලවත්ත)

වජ්ජා’වජ්ජ 10:  දුවෙකුට අම්මට කියන්න බැරි දෙයක් නෑ දුව.. (ජයසිරි අලවත්ත)

වජ්ජා’වජ්ජ 09 : ඔයාට හැම එකක් ම විහිළු නේ ද...? (ජයසිරි අලවත්ත)

වජ්ජා’වජ්ජ 08 : වාන් දොර විවර කළ යුතු මොහොත ය මේ...

වජ්ජා’වජ්ජ 07 - වචන විදියට පිට වෙන්නෙ හිතේ තියෙන අදහස් 

වජ්ජා’වජ්ජ 06 : අහිංසකට වෙච්ච දේ මටත් වෙයි ද ? ජයසිරි අලවත්ත ලියයි

වජ්ජා’වජ්ජ 05 : ඔය ‘මිස්’ කෑල්ලට මං ආස ම නෑ... - ජයසිරි අලවත්ත ලියයි

වජ්ජා’වජ්ජ 04 :පොත් බලනවයි කියවනවයි කියන්නෙ වැඩ දෙකක් - ජයසිරි අලවත්ත ලියයි

වජ්ජා’වජ්ජ 03 - ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය..

වජ්ජා’වජ්ජ 02 - ජයසිරි අලවත්ත ලියයි

මලට රිදෙව්වොත් දෙවියොත් අමනාප වේවි - වජ්ජා’වජ්ජ අද සිට...


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්