BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

යුගයක අබිරහසක් සමග 'රහස් කියන කඳු' අද සිට (නොවැ 17)

T

The Leader

November 17, 2023 • 2:47 AM

යුගයක අබිරහසක් සමග 'රහස් කියන කඳු' අද සිට (නොවැ 17) 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජගත් මනුවර්ණ අධ්‍යක්ෂණය කළ 'රහස් කියන කඳු' චිත්‍රපටය අද (නොවැ 17) සිට දිවයින පුරා සිනමාහල්වල තිරගත වේ.
අකුරු ප්‍රමාණය (Font Size):


' රහස් කියන කඳු' සිනමා පටය රොටර්ඩෑම්, බූසාන් යන ජාත්‍යන්තර සම්මාන හිමිකර ගනිමින් රටට කීර්තියක් අත්කර දීමට සමත් වූ අතර එය දැනට ජාත්‍යන්තර සිනමා උළෙල 13 කට පමණ සහභාගී වී තිබේ. 

මෙරට ප්‍රේක්ෂකයාට එම සිනමා අත්දැකීම විඳගැනීමට අද සිට අවස්ථාව උදාවේ. 



ජගත් මනුවර්ණ, සරත් කොතලාවල, ප්‍රියන්ත සිරිකුමාර, ධර්මප්‍රිය ඩයස්, සම්පත් ජයවීර, ආනන්ද කුමාරඋන්නැහේ ඇතුළු පිරිසක් මෙහි රංගනයෙන් එක්වී ඇත.

කූඹියෝ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය කළ ලක්මාල් ධර්මරත්න රංගන ශිල්පියෙකු ලෙස රහස් කියන කඳු තුළින් සිනමාවට එක්වීම විශේෂත්වයකි. 

මෙහි කැමරා අධ්‍යක්ෂණය විශ්වජිත් කරුණාරත්න, කලා අධ්‍යක්ෂණය උපුල් චමිල බණ්ඩාර, තිර රචනය ජගත් මනුවර්ණ සමග නාමල් ජයසිංහ වන අතර සංගීතය සපයා ඇත්තේ තිලංක ගමගේ ය. 

'රහස් කියන කඳු ' සුනිල් ටී.ප්‍රනාන්දු, නිර්මාණ බණ්ඩාර, චන්න දේශප්‍රිය, රසිත ජිනසේන සාමූහික නිෂ්පාදනයකි.

සබැඳි පුවත් :

මනුවර්ණ ගේ 'රහස් කියන කඳු' නොවැ: 17 සිට සිනමාශාලාවල

'රහස් කියන කඳු' ඕස්ට්‍රේලියාවේ ප්‍රදර්ශනයට

 

විසාකේසාගේ 'මනල්' සහ මනුවරණගේ 'රහස් කියන කඳු' සම්මාන ඉතිහාසයය අලුත් කරයි

රොටර්ඩෑම් සිනමා උළෙලේ දී ශ්‍රී ලංකාවේ නම බැබළවූ විසාකේස සහ ජගත්ගේ තිරයෙන් එහා අත්දැකීම්

මනුවර්ණ ගේ රහස් කියන කඳු ඩකා සිනමා උලෙළට


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...