අප මේ සතිපතා ලියන “නායකයෙකු සොයන පuzzle එක” ලිපි මාලාවේ මුල්ම ප්‍රශ්නය තවමත් ඒකමය.
“ශ්‍රී ලංකාවට පරිවර්තනීය නායකයෙක් බිහි වන්නේ කෙසේද?”
පසුගිය ලිපි තුළ අප විමසා බැලුවේ දේශපාලන පක්ෂ අධිපත්‍යය, ජනකාන්ත දේශපාලනය, මාධ්‍ය බලපෑම් සහ දේශපාලන ප්‍රචාරණය පරිවර්තනීය නායකයකු බිහිවීමට බාධාවක් වී ඇති ආකාරයයි. විශේෂයෙන් පසුගිය ලිපි දෙකෙන් අපි සාකච්ඡා කළේ දේශපාලන දැන්වීම් සහ රූපවාහිනී මාධ්‍ය හිමිකාරත්වය , මාධ්‍ය ප්‍රචාරණය ඡන්දදායකයාගේ ස්වයං තීරණ ගැනීමේ නිදහසට බලපාන ආකාරයයි.
නමුත් අද තත්ත්වය එතැනින් නතර වී නැහැ.
අද අප ජීවත් වන්නේ දේශපාලනය රූපවාහිනියෙන් සමාජ මාධ්‍යයට සංක්‍රමණය වූ යුගයකය.
Facebook, YouTube, TikTok, WhatsApp, X (Twitter) සහ Instagram වැනි වේදිකා අද සාමාන්‍ය ජනතාවගේ දේශපාලන සිතීමේ ක්‍රියාවලිය අල්ලාගෙන ඇත.
අද බොහෝ දෙනා සිතන්නේ සමාජ මාධ්‍ය නිසා තොරතුරු ප්‍රජාතන්ත්‍රවාදී වී ඇති බවය.
බැලූ බැල්මට සමාජ මාධ්‍යවේදිකාව තුළ දී ඕනෑම කෙනෙකුට කිසිම බාධාවකින් තොරව නිදහසේ කතා කළ හැකිය.
ඕනෑම කෙනෙකුට කිසිම බාධාවකින් තොරව නිදහසේ අදහස් ප්‍රකාශ කළ හැකිය.
කිසිම බාධාවකින් තොරව නිදහසේ ඕනෑම තොරතුරක් සඳහා ප්‍රවේශ විය හැකිය.
නමුත් අප ඇසිය යුතු බරපතල ප්‍රශ්නය මෙයයි:
අප ඇත්තටම නිදහස්ව සිතනවාද? නිදහසේ කතා කරන්න, නිදහසේ මත පළ කරන්න ට සමාජ මාධ්‍ය වේදිකාව තුළ නිදහස තියනවාද?
නැතහොත් අප සිතන ආකාරය, ඇල්ගොරිතම, දත්ත සමාගම් සහ දේශපාලන ප්‍රචාරණ යන්ත්‍ර විසින් පාලනය කරමින් සිටිනවාද?
අප කතා කළ යුත්තේ කුමන මාතෘකාවද? එකඟ විය යුත්තේ කාගෙ මතයටද? අපි එකඟ නොවිය යුත්තේ කාගෙ මතයටද? අපි දැන යුතු තොරතුරු මොනවද? අපි උනන්දු විය යුතු මාතෘකාව කුමක්ද?
මේ සියල්ල සමාජ මාධ්‍ය වේදිකාවේ බලය අල්ලාගෙන සිටින කණ්ඩායමක් විසින් තීරණය කරනු ලබනවාද?
වෙනත් ආකාරයකට කියන්නේ නම් පැරණි මාධ්‍යවල හිමිකරුවන් විසින් ඒවායේ ප්‍රචාරය වන ප්‍රවෘත්ති සහ වෙනත් අන්තර්ගතයන් තීරණය කළ ආකාරයටම යම්කිසි නොපෙනෙන බලවේගයක් විසින් සමාජ මාධ්‍ය වේදිකාව පාලනය කරමින් මහජනතාවගේ න්‍යාය පත්‍රය ගොඩනැගීම සිදුකරනු ලබනවාද...?

එහි සංස්කරණ නිදහස (Editorial Independence) සීමා කරමින්, එහි පළ කිරීම් සීමා කරමින් සමාජ මාධ්‍යයන්හි සැරිසරන්නා විසින් කුමක් දැන ගත යුතුද? කුමකට කැමති විය යුතුද යන්න නොපෙනෙන බලවේගයක් විසින් හැඩගස්වනු ලබන්නේ ද ?
ඉහත සියලුම ප්‍රශ්නවලට එක වචනයකින් පිළිතුරක් ලබාදිය හැකිය. එනම් "ඔව්" යන්නයි.
වෙනත් වචන වලින් කියන්නෙ නම් සමාජ මාධ්‍ය තුළ අපි දකින බොහෝ දේ සත්‍යය හෝ යථාර්ථය නොවේ. එය කාගේ හෝ න්‍යායපත්‍රයකට අනුව ගොඩනගන ලද යථාර්ථයකි. ප්‍රබන්ධයකි. ප්‍රතිනිෂ්පාදනයෙකි.
මෙහි තිබෙන ඛේදවාචකය වන්නේ මේ බව සමාජ මාධ්‍යයේ සැරිසරන්නන් (Social Media walkers) අති බහුතරය නොදැන සිටීමයි.
මෙය අද ප්‍රජාතන්ත්‍රවාදය මුහුණ දෙන අතිශය භයානක අර්බුදයකි.
තොරතුරු නිදහස නොව “ඩිජිටල් ආධිපත්‍යය”
ඇන්ටෝනියෝ ග්රාම්ෂිඉතාලියානු නව මාක්ස්වාදී විචාරක ඇන්ටෝනියෝ ග්‍රාම්ෂි “Hegemony” හෙවත් සාමස්ථික ආධිපත්‍යය පිළිබඳ අදහස ඉදිරිපත් කළේ බලය පවත්වාගෙන යන්නේ හුදෙක් හමුදාවෙන් හෝ නීතියෙන් පමණක් නොව මිනිසුන්ගේ සිත පාලනය කිරීමෙන් බව පෙන්වා දෙමිනි. සාමස්ථික ආධිපත්‍යය යන්නේහි සරල අර්ථය වන්නේ සුළුතරයේ මතය, අදහස සමස්තයේ මතය විදිහට පෙනීමය.
අද එම සාමස්ථික ආධිපත්‍යය ක්‍රියාත්මක වන්නේ සමාජ මාධ්‍ය හරහාය.
අප දකින දේ,
අප කියවන දේ,
අප කෝප වන දේ,
අප බිය වන දේ,
අප ප්‍රශංසා කරන දේ —
බොහෝ විට තීරණය කරන්නේ අප නොවේ.
එය තීරණය කරන්නේ ඇල්ගොරිතමය. සමාජ මාධ්‍යයේ සිටින ඉතා හොඳින් රහසිගතව සංවිධානය වී ක්‍රියාත්මක වන සමාජ මාධ්‍ය මාෆියා කල්ලි විසිනි. ඔවුන් විසින් මුදල් යොදවා සේවයේ යොදාගෙන සිටින සමාජ මාධ්‍ය සොල්දාදුවන් විසිනි.
අද සමාජ මාධ්‍ය සමාගම්වල ප්‍රධාන අරමුණ ජනතාව දැනුවත් කිරීම නොවේ.
ඔවුන්ගේ අරමුණ වන්නේ පරිශීලකයා වැඩි වේලාවක් තම වේදිකාවේ රඳවා තබා ගැනීමය.
එබැවින් ඔවුන් ප්‍රවර්ධනය කරන්නේ ගැඹුරු විශ්ලේෂණ නොව,
කෝපය, බිය, වෛරය සහ උද්වේගය ඇති කරන අන්තර්ගතයයි.
මෙහි ප්‍රතිඵලය වන්නේ ප්‍රතිපත්ති පිළිබඳ සංවාදය අහිමි වීමය. කරුණුමය සත්‍යය අහිමිවීමය. විවිධ අදහස් මත වෙත ප්‍රවේශ වීමට සහ විවිධ අදහස් මත ප්‍රකාශ කිරීමට තිබෙන අවස්ථාව අහිමි කිරීමය. සමස්ත තොරතුරු වලින් සන්නද්ධ වුණු විචාරශීලි පුරවැසියෙක් බිහිවීම වැළැක්වීමය.
Algorithm : අප නොදකින “නිහඬ සංස්කාරක”
පැරැණි ජනමාධ්‍යයන්හි හිමිකරුවන් සහ සංස්කාරකවරුන් විසින් ජනතාව දැනගත යුතු දේවල් තීරණය කරනු ලැබුවා.
අද එම කාර්යය කරන්නේ Algorithm විසින්ය.
ඔබ කුමන වීඩියෝ නරඹනවාද?
ඔබ කුමන පෝස්ට් share කරනවාද?
ඔබ කුමන දේශපාලන අදහස් වලට කැමතිද?
මෙම සියල්ල නිරීක්ෂණය කරමින් Algorithm එක ඔබට තව තවත් එවැනිම අන්තර්ගත පෙන්වයි. ඒ සඳහා ඉහත සඳහන් කළ සමාජ මාධ්‍ය මාෆියා කල්ලි අනියම් ආකාරයෙන් සංවිධානාත්මකව මැදිහත් වී වෙයි. මුදල් යොදවයි .
එවිට සිදුවන්නේ භයානක දෙයකි.
ඔබට වෙනත් මත නොපෙනේ.
ඔබ ජීවත් වන්නේ ඔබගේම දේශපාලන ලෝකයක් තුළය.
මෙය “Filter Bubble” හෝ “Echo Chamber” ලෙස හඳුන්වයි.
එවිට මිනිසුන් සිතන්නේ තමන්ගේ මතයම සත්‍යය බවය.
වෙනස් අදහස් දරන්නන් “සතුරන්” බවට පත්වේ.
මෙවැනි සමාජයක විචාරශීලී ප්‍රජාතන්ත්‍රවාදයක් බිහිවන්නට අවස්ථාවක් නැහැ.

මාෆියා කල්ලි, Troll Army සහ Social Media Soldiers
අද දේශපාලන පක්ෂවලට තවත් අලුත් හමුදාවක් ඇත.
එය “Social Media Soldiers” හෙවත් ඩිජිටල් සෙබළුන්ගේ හමුදාවයි.
ඔවුන්ගේ කාර්යය වන්නේ:
• විරුද්ධ මත දරන්නන්ට ප්‍රහාර එල්ල කිරීම
• ව්‍යාජ ගිණුම් හරහා ජනමතයක් ඇති බව පෙන්වීම
• විරුද්ධ අපේක්ෂකයන්ට අපහාස- උපහාස කිරීම, ඔවුන් පිළිබඳ ව්‍යාජ දුෂමාන තොරතුරු බෙදා හැරීම
• ව්‍යාජ තොරතුරු/ දුෂ් තොරතුරු (Fake News/Disinformation/
• Troll campaign ක්‍රියාත්මක කිරීම
මෙම ක්‍රම හරහා ජනතාව තුළ කෘතිම ජනමතයක් නිර්මාණය කරයි.
සමහර විට මිනිසුන් නිහඬ වන්නේ තමන්ට විරුද්ධ ප්‍රහාර එල්ල වේ යැයි බියෙනි.
එවිට සමාජ මාධ්‍ය සංවාදය තාර්කික සංවාදයක් නොව ඩිජිටල් මැර කල්ලියක ශබ්දයක් බවට පත්වේ.
Big Data: ඡන්දදායකයාගේ මනස විකිණෙන වෙළඳපොළ
අද දේශපාලන ප්‍රචාරණයේ අතිශය භයානක අංගය වන්නේ Big Data භාවිතයයි.
ඔබ Like කරන දේ,
ඔබ Search කරන දේ,
ඔබ නරඹන වීඩියෝ,
ඔබේ ආගම, ජාතිය, ආදායම, බිය, ආශාවන් —
මෙම සියල්ල දත්ත ලෙස එකතු කරයි.
ඉන්පසු එම දත්ත භාවිතා කරමින් ඔබට විශේෂිත දේශපාලන පණිවිඩ යවයි.
මෙය “Micro-targeting” ලෙස හඳුන්වයි.
මෙහි භයානකත්වය වන්නේ ඔබට පෙන්වන දේශපාලන ලෝකය වෙනත් කෙනෙකුට නොපෙනීමය.
එක් පුද්ගලයෙකුට ජාතිවාදී පණිවිඩයක් පෙන්විය හැකිය.
තවත් කෙනෙකුට ආර්ථික පොරොන්දුවක් පෙන්විය හැකිය.
තවත් කෙනෙකුට බිය පදනම් කරගත් පණිවිඩයක් පෙන්විය හැකිය.
එවිට සමස්ත දේශපාලන සත්‍යය ජනතාවට නොපෙනේ.
මුදල් බලය සහ “Sponsored Democracy”

අද සමාජ මාධ්‍ය ප්‍රචාරණය සමාන අවස්ථාවක්, සියලූ දේශපාලන පක්ෂවලට සහ මත වලට සමබිමක් ලබා දෙන ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයක් නොවේ.
එය මුදල් ඇති අයගේ යුද්ධ භූමියකි.
විශාල මුදල් ඇති පක්ෂවලට සහ ධනවත් අපේක්ෂකයන්ට:
• Sponsored Ads මිලදී ගත හැකිය
• Influencers මිලදී ගත හැකිය
• Troll networks පවත්වාගෙන යා හැකිය
• Data analytics companies භාවිතා කළ හැකිය
• Massive digital campaigns ක්‍රියාත්මක කළ හැකිය
කුඩා පක්ෂයකට හෝ ප්‍රතිපත්තිමය නායකයෙකුට මෙම තරඟයේ ඉඩක් නොලැබේ.
එවිට ජයග්‍රහණය කරන්නේ හොඳම ප්‍රතිපත්තිය නොවේ. හොඳම /පරිවර්තනීය නායකයා නොවේ.
ජයග්‍රහණය කරන්නේ වැඩිම මුදල් ඇති පාර්ශවයයි. වැඩියෙන්ම මුදල් යොදවන්න පුළුවන් අපේක්ෂකයාය. වැඩියෙන්ම මාෆියා කල්ලි සඳහා සඳහා මුදල් යොදවිය හැකි නායකයාය. සමාජ මාධ්‍ය සොල්දාදුවන් සහිත විශාලතම හමුදාව හිමි පුද්ගලයාය.
එය ප්‍රජාතන්ත්‍රවාදය නොව “Sponsored Democracy” එකකි. පැසිස්ට් සමාජ මාධ්‍ය වේදිකාවකි.
පරිවර්තනීය නායකයා මෙහිදී පරාජය වේ
අප මේ ලිපි මාලාවේ සොයන්නේ පරිවර්තනීය නායකයෙකි.
එවැනි නායකයෙකු:
• ජනතාවට දූරදර්ශී දැක්මක් ලබා දෙයි
• ප්‍රතිපත්තිමය සංවාදයක් ගොඩනගයි
• සමාජ පරිවර්තනයකට නායකත්වය දෙයි
• ජනතාව විචාරශීලී කරයි
නමුත් සමාජ මාධ්‍ය පරිසරය ක්‍රියාත්මක වන්නේ ඊට ප්‍රතිවිරුද්ධවය.
එය වේගවත් කෝපය ප්‍රවර්ධනය කරයි.
එය කෙටි slogan දේශපාලනය ප්‍රවර්ධනය කරයි.
එහි බිය, වෛරය සහ සමාජ මාධ්‍ය සමූල ඝාතන අවි ආධිපත්‍ය දරයි.
එබැවින් ගැඹුරු අදහස් ඇති පරිවර්තනීය නායකයා පසුපසට යයි.
ඉදිරියට එන්නේ spectacle politics ය.

ලෝකය ගන්නා නියාමන පියවර
ලෝකයේ රටවල් ගණනාවක් මේ අර්බුදය හඳුනාගෙන ඇත.
යුරෝපා සංගමය (EU) ඩිජිටල් වේදිකා සඳහා පාරදෘශ්‍යභාව නීති (Transparency Law) හඳුන්වා දී ඇත.
දේශපාලන දැන්වීම් සඳහා මුදල් ගෙවූ පාර්ශවය හෙළි කිරීම අනිවාර්ය කර ඇත.
සමහර රටවල් political micro-targeting සීමා කිරීමට උත්සාහ කරයි.
ජර්මනිය සහ ප්‍රංශය වැනි රටවල් වෛරී ප්‍රකාශන සහ දුෂ් තොරතුරු පාලනය කිරීමට නීති හඳුන්වා දී ඇත.
එක්සත් රාජධානියේ broadcast political advertising සඳහා දැඩි සීමා පවතී.
මේවායේ මූලික අදහස වන්නේ :
ප්‍රජාතන්ත්‍රවාදය තීරණය කිරීම මුදල් සහ algorithm වෙත බලය පවරා නොදීමය. තවත් සමහර රටවල් සමාජ මාධ්‍ය වේදිකා දේශපාලන ප්‍රචාරණයට සහ සංවිධානය වූ කණ්ඩායම්වල මෙහෙයුම්වලට නතුවීම වැළැක්වීම සඳහා නියාමන රෙගුලාසි සහ තාක්ෂණය යොදා ගැනීම පිළිබඳව සාකච්ඡා කරමින් සිටි.
ශ්‍රී ලංකාවට අවශ්‍ය ප්‍රතිසංස්කරණ
ශ්‍රී ලංකාව ද මෙම අර්බුදය තවදුරටත් නොසලකා හැරිය නොහැක.
අපට අවශ්‍ය වන්නේ ශක්තිමත් නියාමන රාමුවකි.
විශේෂයෙන්:
1. දේශපාලන සමාජ මාධ්‍ය දැන්වීම් පාරදෘශ්‍යභාවය
සෑම political ad එකකම:
• මුදල් ගෙවූ පාර්ශවය
• වියදම් ප්‍රමාණය
• target audience එක
හෙළි කළ යුතුය.

2. Political Ad Spending Limits
ඩිජිටල් ප්‍රචාරණ වියදම් සඳහා සීමා තිබිය යුතුය.
3. Bot සහ Fake Accounts පාලනය
සංවිධානාත්මක troll campaigns නීතිමය වශයෙන් පාලනය කළ යුතුය.
4. Algorithm Transparency
සමාජ මාධ්‍ය සමාගම් algorithm ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ වගකීමක් ගත යුතුය.
5. Data Protection Laws
පුරවැසියන්ගේ පුද්ගලික දත්ත දේශපාලන වාසි සඳහා භාවිතා කිරීම සීමා කළ යුතුය.
6. Media Literacy Education
ජනතාවට ව්‍යාජ තොරතුරු/ දුෂ් තොරතුරු, සංවිධානාත්මකව සමාජමාධ්‍ය මෙහෙයුම්, AI භාවිතය හඳුනා ගැනීමට සහ විචාරශීලීව තොරතුරු පරිභෝජනය කිරීමට අධ්‍යාපනය ලබා දිය යුතුය.
අවසාන අදහස

අද ශ්‍රී ලංකාවේ ජනතාව අසන්නේ:
“හොඳ නායකයෙක් අපට ලැබෙන්නේ කවදාද?”
නමුත් අප මීට වඩා ගැඹුරු ප්‍රශ්නයක් ඇසිය යුතුය.
“හොඳ නායකයෙකු හඳුනාගත හැකි තොරතුරු පරිසරයක් අපට තවමත් තිබේද?”
Algorithm, troll armies, fake news, sponsored propaganda සහ big data manipulation විසින් පාලනය කරන සමාජයක ජනතාවගේ තීරණ සැබෑ නිදහස් තීරණ නොවේ.
එය නිර්මාණය කරන ලද තීරණයකි.
එබැවින් ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීමට නම් මැතිවරණ පමණක් ප්‍රමාණවත් නොවේ.
අප රැකගත යුත්තේ ජනතාවගේ සිතීමේ නිදහසය.
විචාරශීලී, දැනුවත්, සමස්ත තොරතුරුවලින් සන්නද්ධ වූ පුරවැසියෙකු (informed citizenship) බිහි නොවන තාක් —
පරිවර්තනීය නායකත්වය ගැන අප කතා කිරීමද තවත් දේශපාලන මිථ්‍යාවක් පමණක් වනු ඇත.
(සෙස්ස ලබන සිකුරාදාට)
| මහාචාර්ය ප්‍රදීප් එන්’ වීරසිංහජනමාධ්ය අධ්‍යයන අංශය – කොළඹ විශ්ව විද්‍යාලය
සබැඳි ලිපි :
නායකයෙකු සොයන පuzzle එක- 09 - ඡන්දදායකයාගේ සිත පාලනය කරන සැඟවුණු අධිරාජ්‍යය | මහාචාර්ය ප්‍රදීප් එන්’ වීරසිංහ
නායකයෙකු සොයන පuzzle එක- 08 - මාධ්‍ය දේශපාලන දැන්වීම්: ප්‍රජාතන්ත්‍රවාදයේ සැඟවුණු ඝාතකයා | මහාචාර්ය ප්‍රදීප් එන්’ වීරසිංහ
නායකයෙකු සොයන පuzzle එක – (7) අසාර්ථක රාජ්‍යයෙන් ඉදිරියට: පාර්ලිමේන්තුව තුළ දෙවන මහජන මන්ත්‍රණ සභාවක්! | මහාචාර්ය ප්‍රදීප් එන්’ වීරසිංහ
නායකයෙකු සොයන පuzzle එක – 5 : වීරයෙක් නොව, පද්ධතියක් සහ විචාරශීලි පුරවැසියෙක් ගොඩනගන නායකත්වයක් අපට අවශ්‍ය ඇයි? | මහාචාර්ය ප්‍රදීප් එන්’ වීරසිංහ
නායකයෙකු සොයන පuzzle එක – 4
ශ්‍රී ලංකාවට “සිතීමට මඟ පෙන්වීමක්” කරන පරිවර්තනීය නායකයෙක්: Lula
මහාචාර්ය ප්‍රදීප් එන්’ වීරසිංහ
පරිවර්තනීය නායකයෙක්! - නායකයෙකු සොයන පuzzel එක - 3 | මහාචාර්ය ප්‍රදීප් එන්’ වීරසිංහ
නායකයකු සොයන පuzzle එක -02 : ජනකාන්ත නායකත්වය එදිරිව පරිවර්තනීය නායකයෙක් ! | මහාචාර්ය ප්‍රදීප් එන්’ වීරසිංහ
නායකයෙකු සොයන පuzzle එක- 08 - මාධ්‍ය දේශපාලන දැන්වීම්: ප්‍රජාතන්ත්‍රවාදයේ සැඟවුණු ඝාතකයා | මහාචාර්ය ප්‍රදීප් එන්’ වීරසිංහ
නායකයෙකු සොයන පuzzle එක – (7) අසාර්ථක රාජ්‍යයෙන් ඉදිරියට: පාර්ලිමේන්තුව තුළ දෙවන මහජන මන්ත්‍රණ සභාවක්! | මහාචාර්ය ප්‍රදීප් එන්’ වීරසිංහ
නායකයෙකු සොයන පuzzle එක – 5 : වීරයෙක් නොව, පද්ධතියක් සහ විචාරශීලි පුරවැසියෙක් ගොඩනගන නායකත්වයක් අපට අවශ්‍ය ඇයි? | මහාචාර්ය ප්‍රදීප් එන්’ වීරසිංහ
නායකයෙකු සොයන පuzzle එක – 4
ශ්‍රී ලංකාවට “සිතීමට මඟ පෙන්වීමක්” කරන පරිවර්තනීය නායකයෙක්: Lula
මහාචාර්ය ප්‍රදීප් එන්’ වීරසිංහ
පරිවර්තනීය නායකයෙක්! - නායකයෙකු සොයන පuzzel එක - 3 | මහාචාර්ය ප්‍රදීප් එන්’ වීරසිංහ
නායකයකු සොයන පuzzle එක -02 : ජනකාන්ත නායකත්වය එදිරිව පරිවර්තනීය නායකයෙක් ! | මහාචාර්ය ප්‍රදීප් එන්’ වීරසිංහ








