1200 x 80 DMirror

 
 

ලේඛනාගාර ආලින්දයේ සිට පළමු මහලේ පිහිටි පර්යේෂණ කාමරයට පැමිණෙන තෙක් ප්‍රතිෂ්ඨගේ සිතුවිලි ද ඉතා වේගයෙන් ඔබ මොබ ගමන් කළේ

පරිගණක ක්‍රීඩාවක දී සතුරා ග්‍රහණය කරගන්නට වෙර දරන පුද්ගලයෙකුගේ සිතුවිලි ලෙසිනි. පර්යේෂණ කාමරයට පැමිණිය ද මනස ඒකාග්‍රතාවක තබාගෙන කිසිවක් කළ නොහැකි බව වැටහුණ බැවින් ප්‍රතිෂ්ඨ සිය අත්බෑගය ද රැගෙන යළි පහළට පැමිණියේ ය.

**********

කිසිදු ව්‍යාකූලභාවයකින් තොරව දෙදිනක් සිය පර්යේෂණ කටයුතුවල නියැළුණ ප්‍රතිෂ්ඨ තෙවන දිනයේ සුපුරුදු පරිදි ලේඛනාගාරය වෙත පැමිණියේ නැවුම් බලාපොරාත්තුවක් ද පොදි බැඳගෙන ය. ඒ, අද දින සචේතනීගෙන් ඇමතුමක් ලදහොත් ඔහුගේ සැලසුමේ ඊළඟ පියවර තැබිය හැකිය යන්න පිළිබඳ වූ පූර්ණ විශ්වාසයෙනි.

http://art-Turner.com

දවස ගෙවි ගියේ: උදෑසන තේ පානය, දිවා ආහාරය සහ සවස තේ පානය යන තෙවැදෑරුම් කටයුතු සඳහා මිස කිසිදු පර්යේෂණ කටයුත්තක් සඳහා නෙවන බව ප්‍රතිෂ්ඨට පසක් වූයේ සවස හතරයි තිහට ආසන්න වන මොහොතේ ය. ඔහු උදෑසන ගෙන්වාගත් පුස්කොළ පොතෙහි පිටු පහක් පමණ පසු කර තිබුණ ද ඒ පිටු පහේ අන්තර්ගත කරුණු මොනවා ද යන්න පවා සටහන් කරගන්නට හෝ ඔහුට මානසික ඒකාග්‍රතාවක් නොතිබිණ.

‘මටත් පිස්සු ද මංද... අද දවසට ම කිසිම දෙයක් කෙරුණෙ නෑ. දැං මං හෙට උදේ මොනවද චන්දනට යවන්නෙ... මොනව කරා කියල ද  වර්ක් ලිස්ට් (Worklist) එකට දාන්නෙ... අපරාදෙ... මට තිබුණෙ ඊයෙයි පෙරෙයිදයි කරපු වැඩ කොටස දවස් තුනකට බෙදාගන්න. එහෙම උණා නං අද දවස කවර් කරගන්න තිබුණ. හරි... කමක් නෑ... මොකක් හරි කරගන්න ට්‍රයි එකක් දෙන්න ඕන... බැරිම උනොත් අද දවස අත්ඇරල දානව... ඉස්සරහ දවස් කීපයක් ටිකක් වැඩිපුර වැඩ කරල අද දවස කවර් (Cover) කරගන්න බලනව. ම්ම්ම්... මට කොල් කරන්න කියල මං කිව්වට හදිසියෙවත් ඒකි කෝල් කරොත් මං මොනවද කියන්නෙ කියල මං තවම හිතලවත් නෑ නෙ... ඇත්තට ම කෝල් කරොත් මං මොනවද කියන්නෙ... හම්ම්ම්... හරි...’

සිතුවිලි අතර වෙළෙමින් වාහනාංගණය වෙත ඇදෙන ප්‍රතිෂ්ඨ කිසියම් තීරණයකට එළඹියේ ය.

‘ම්ම්ම්... ඒ වැඩේ නරක් වෙන එකක් නෑ. හැබැයි...’

යළි සිතුවිලි ලෝකය වෙත ඇතුළුවෙමින් සිටි ප්‍රතිෂ්ඨ එයින් මිදුණේ දුරකතනයේ දෙදෙරීම පපුවේ වම් පෙදෙසට දැනුණු බැවිනි. පර්යේෂණ කාමරයේ දී Meeting ආරට සකසාගත් ජංගම දුරකතනය General ආරට සකසා ගන්නට ඔහුට අමතක විය.

ඇමතුම නොදන්නා අංකයකිනි...

phone‘හම්ම්ම්... unknown number... සචේති ද...? කමක් නෑ... එයානං ආයෙ ගනීවි නෙ... ඇහුවොත් කියනව නොදන්න අංකයක් නිසා ආන්සර් කරේ නැහැ කියල. ‘එහෙනං දැං ගත්තෙ ඇයි...?’ කියල ඇහුවොත් කියනව ‘එක පාරකට වැඩිය ගන්නව නං ඒ විශේෂ වුවමනාවකට වෙන්න ඇති කියල දන්න නිසා ආන්සර් කරා’ කියල. ඇයි ඉතිං ඒකිගෙත් තියෙන පණ්ඩිතකමට මට නම්බර් එක දුන්නැහැ නෙ...’

ඔහු සිතූ පරිදි ම එම අංකයෙන් දෙවන වරට ද ඇමතුමක් ලැබිණ.

‘ම්ම්ම්... සචේති ම වෙන්න ඕන... බලමු...’

‘‘හෙලෝ...’’

ප්‍රතිෂ්ඨ දුරකතනයට පිළිතුරු සැපවූයේ එතෙක් බලාපොරොත්තුවෙන් සිටි ඇමතුම යැයි සිතා වුව ද ඔහු ‘හෙලෝ’ යන වදන භාවිත කළේ එබඳු ස්වරයක් නොනැඟෙන පරිදි ය.

‘‘හෙලෝ... ප්‍රතිෂ්ඨ...’’

අනෙක් පසින් ගලා ආවේ රිදී සීනු හඬකි. ඒ හඬ අන් කවරකුගේ හෝ නොව සචේතනිගේ ම බව වටහාගන්නට ප්‍රතිෂ්ඨට ගතවූයේ තත්ත්පරයෙන් සියයෙන් පංගුවක් පමණ කාලයකි. එහෙත් ඔහු ප්‍රතිපිළිතුරු සැපවූයේ ඊට හාත්පසින් ම වෙනස් ස්වරයකිනි.

‘‘Yes speaking...’’

‘‘ප්‍රතිෂ්ඨ... මම සචේතනී...’’

 

ප්‍රතිෂ්ඨගේ උවන පුරා සිතුවම් වූයේ සිඟාල ස්මිතයක් බඳු සිතුවමකි. ඒ ස්මිතය බිඳකුදු වෙනස් නොකරමින් ම හෙතෙම ඉතා අසිරුවෙන් මෙන් වදන් ගොනු කළේ ය.

 

‘‘i'm very sorry honey... මට එක පාට්ට ම කටහඬ අඳුරගන්න බැරුව ගියා...’’

ප්‍රතිශ්ඨ හිතාමතා ම භාවිත කළ විශේණ පදය හේතුවෙන් සචේතනී යම් තිගැස්මකට ලක්වූවා ය. එසැණින් ම ඇය, ඇගේ විශ්මය පළ කළේ එම වදන ම භාවිත කරමිනි.

‘‘Honey...!’’

deba6e 4d61348bd1ae43f293e57cbc32c487b6mv2ඇගේ මුවෙන් නිකුත් වූයේ රිදී සිනු හඬ ම වුව ද එහි වෙනත් අරුතක් ගැබ්ව පැවති බව ප්‍රතිෂ්ඨ සැණෙකින් අවබෝධ කරගත්තේ ය.

‘‘oh... i'm very sorry සචේති... මට එක පාට්ටම එහෙම කියවුණා... I apologize again... සචේති...’’

ප්‍රතිෂ්ඨ එම වදන් කිහිපය මුදාහැරියේ පෙර පරිදි ම උවනෙහි සිඟාල ස්මිතයක සිතුවම සිත්තම් කරගන්නා අතර ය.

‘‘No, no, it's not a problem, but...’’

සචේතනී මුදාහල වදන් වැල අතරමැද නවතාලූවා ය. එය ප්‍රතිෂ්ඨට ද දැනිණ.

‘ඇයි... ඇයි සචේති ‘ඒත්’ කියල නැවැත්තුවෙ...?’’

පිළතුරක් වෙනුවට පළමුව ගලා ආවෙ සිහින් ස්වරයෙන් මුදා හල කිකිණි හඬකි. වදන් මුදා හළේ ඉන් අනතුරුව ය.

‘‘නෑ... මං මේ කල්පනා කරේ... තව කී දෙනෙකුට ‘Honey’ කියල කතා කරනව ඇද්ද කියල...’’

එවර නම් ප්‍රතිෂ්ට යම් තිගැස්මකට ලක් විය. ඇගේ පැනයට කෙබඳු පිළිතුරක් සපයනවා ද යන්න පවා තීරණය කිරීමට අපහසු විය. එහෙත් ඔහු පසු නොබෑවේ ය.

‘‘පිස්සු ද සචේති... එහෙම නෑ... මට මේ දැනුණෙ මේ...’’

ප්‍රතිෂ්ඨට ඔහුගේ අදහස ප්‍රකාශ කර අවසන් වන්නට ඉඩ නොතැබූ සචේති ‘‘හරි හරි... දැන් ඒ කතාව නවත්තමුකො... කියන්න... දැන් මොකද අපේ... ආ සොරි අපේ නෙවෙයි මගේ... මගේ... මගේ වැඩේට මොකද වෙන්නෙ...?’’ යැයි විමසුවා ය.


සචේතනීගේ පැනය තුළ අඩංගු වූ ‘අපේ නෙවෙයි මගේ’නමැති වදන් ත්‍රිත්වය ප්‍රතිෂ්ඨ තිගැස්මකට ලක් කළේ ය. එය හේතුවෙන් ම තත්ත්පර කිහිපයක් ඔහු පසු කර ගමන් කළේ ය. ඒ තත්පර කිහිපය මගහැරීම ඉවසාගත නොවුණ සචේතනී යළි ප්‍රතිෂ්ඨ ඇමතුවා ය.



‘‘ප්‍රතිෂ්ඨ...! ඇයි කතා නැත්තෙ... මොකක් හරි අවුලක් ද...?’’

ඇය එසේ විමසන විටත් තමා තත්ත්පර කිහිපයක් හෝ නිහඬව සිටි බවක් ප්‍රතිෂ්ඨට නොහැඟිණ.

‘‘න්... න්... නෑ නෑ... මං කතා නොකර හිටියෙ නෑ... ඒත්... ඇයි මේ... ඔයා මේ... ‘අපේ වැඩේ’ කියල ආයෙ ‘මගේ වැඩේ’ කිව්වෙ... දැං මං ඒක මගෙත් වැඩක් විදියට අරගෙන නැද්ද...?’’

එවර නම් ප්‍රතිෂ්ඨ වදන් මුදා හැරියේ අවංක හැඟීමෙනි. සචේතනී තමා සහ තමාගේ උත්සාහය අවතක්සේරු කළාදෝ යන සැකය ද ඔහුගේ සිතෙහි මෝදු විය. ඔහු සචේතනීට උපකාර කිරීමට ඉදිරිපත් වූයේ යටි සිතෙහි වෙනත් අරමුණක් තබාගෙන වුව ද අදාළ උපකාරය නොකර, ඇය රැවටීමේ අරමුණක් ඔහුට නොතිබිණ.

‘‘නෑ නෑ... එහෙම නෙවෙයි අනේ... ඇත්තට ම වැඩේ මගේ නෙ... පස්සෙ නෙ අපි දෙන්නගෙ ම උණේ... හරි හරි... දැන් ඒවයින් වැඩක් නෑ... මොකද්ද ඔයා ඊළගට කරන්නෙ...?’’

ඇගේ පැනයට ඍජු පිළිතුරක් සපයන්නට තරම් සැලසුමක් ඒ වන විට ප්‍රතිෂ්ඨ සතුව නොතිබිණ. එහෙත් අදාළ ගැටලුව විසඳීම සඳහා ප්‍රවේශ විය යුතතේ කෙලෙස ද, කොතැනින් ද සහ ඉනික්බිති කළ යුත්තේ මොනවාද යන්න පිළිබඳ දළ අදහසක් ඔහු සතුව පැවතිණ. එහෙයින්දෝ ඔහු පිළිතුරු සැපවූයේ සියල්ල සැලසුම් කර ඇති ආකාරයෙනි.

‘‘කරන්නෙ මොනව ද කියල නම් අදහසක් තියෙනව. හැබැයි ඉතිං මේ වෙලාවෙ ෆෝන් එකෙන් කියන්න නං බෑ.’’

ඔහු එසේ පැවසුවේ සචේතනීගේ රුව දැකගැනීමේ සහ ඇය සමග අල්ලාප සල්ලාපයේ යෙදීමට ඇති ගිජු බව හේතුවෙනි.

‘‘හරි... මං දන්නව ඔයා බිසී කියල. ඒ නිසා ම තමයි ඔයා ආකවිස් එකෙන් එළියට එන ටයිම් එක අල්ලල ම කොල් කරේ... ම්ම්ම්... එහෙනං... ඔයාට කරදරයක් නැත්තං මං හෙට එන්න ද...’’

 

ඇය එසේ විමසන මොහොතේ ඇගේ සැබෑ පිළිබිඹුව කෙසේද යන්න නිශ්චිතව ම දැන නොසිටිය ද එය මෙසේ විය හැකිය යන උපකල්පනය ප්‍රතිෂ්ඨගේ මනසේ සිතුවම් විය; ඒ සිතුවම ඔහු ප්‍රහර්ෂයට පත් කළේ ය. ඔහුට හැඟුණේ සචේතනි තමා අබියස ම සිටිනවා මෙනි. ඔහු ඒ සිතුවම සමග ඒකාත්මික විය.

split apart leapdaybride

 

‘‘ම්ම්ම්... එහෙනං මං යන එන වෙලාවලුත් දන්නව ඈ...’’

ඔහු විමසුවේ සචේතනී තමා ඉදිරියේ සිටින විලසිනි.

‘‘ඔවු ඉතිං... එහෙම නැතුව බැහැ නෙ... හරි... කියන්නකො... මං හෙට උදේම එන්න ඕන ද...’’

ඇයට තවත් යමක් පවසන්නට තරම් අවකාශයක් නොලැබිණ.

‘‘ඔවු... නමයෙන් පස්සෙ කැමති වෙලාවක එන්න. අපි විස්තර කතා කරගමු. ඊට පස්සෙ ඔයා කැමති තීරණයක් ගන්න...’’

ප්‍රතිෂ්ඨ එසේ පැවසුවේ ප්‍රශ්නාර්ථයක් ඉතිරි කරමිනි. ඔහු අදහස් කළ සේ ම එය සාර්ථක විණි.

‘‘ඒ කිව්වෙ...! ඔයාගෙ ප්ලෑන් එකට මං අකමැති වෙයි කියල හිතෙනව ද...!! මං ඇයි ඒකට අකමැති වෙන්නෙ... ඒක... ඒක මේ...’’

‘‘හෝව් හෝව් හෝව්...! මොකද මොකද මේ... හරියට බිම බලාගෙන රේල්පාරෙ ඇවිදිද්දි කෝච්ච්යක් ළඟට ම ඇවිත් වගේ කලබල වෙලා...? මං තවම ප්ලෑන් එක කිව්වෙත් නෑ නෙ...’’

ප්‍රතිෂ්ඨ එසේ විමසුවේ සිහින් හඩින් නැගු ස්මිතයක් ද මුසු කරමිනි.

‘‘ඉතිං... ඒක තමයි මාත් අහන්නෙ...? මට ප්ලෑන් එක කියන්නෙත් නැතුව ඔයා කොහොමද තීරණය කරන්නෙ මං අකමැති වෙයි කියල...?’’

‘‘ඉතිං... මං දැං කිව්ව ද ඔයා අකමැති වෙයි කියල... මං කිව්වෙ කැමති තිරණයක් ගන්න කියල... මොකද වැඩේ ඔයාගෙ නෙ...’’

ප්‍රතිෂ්ඨ පැවසුවේ ඉතා සැහැල්ලු මෙන් ම සරදම් ස්වරයෙනි.

‘‘ඔය ඉතිං... ඔන්න ඕකට තමයි කියන්නෙ ඌරගෙ මාළු ඌරගෙ ම ඇඟේ තියල කපනව කියල...’’

ප්‍රතිෂ්ඨගේ සරදම වටහාගත් සචේතනී පිළිවදන් දුන්නා ය.

ප්‍රතිෂ්ඨ යළි ඇය සරදමට ලක් කළේ ය.

‘‘ඔන්න ඕකනෙ කියන්නෙ... ඔය ආප්තෝපදේශය එහෙම පිටිම් ම වැරැදියි නෙ...’’

ඇය ද පරාජය බාරගැනීමට සුදානම් නොවූවා ය.

‘‘ඔයා මහා ලොකු ලේඛකය උනාට ආප්තොප්දේශයි ප්‍රස්තා පිරුළුයි අඳුරන්නෙ නැහැ නෙ...’’

mobඇය කතාව තව තවත් දිර්ඝ කරන බව වටහාගත් ප්‍රතිෂ්ඨ ප්‍රති පිළිතුරු සැපවූයේ අනවශ්‍ය ලෙස කාලය ගෙවාදැමීමට අකමැති බැවිනි.

‘‘මේහ්... ප්‍රස්තා පිරුළු ගැනයි ආප්තෝපදේශ ගැනයි පස්සෙ වාද කරමු. මොකද ප්‍රස්තා පිරුළු කියන වචනෙත් වැරදියි. ඌරගෙ මාළු ඌරගෙ ඇඟේ තියල කපන්නත් බැහැ. මොකද කිසිම තැනක ‘ඌරු මස්’ කියල මිසක ‘ඌරු මාළු’ කියල සඳහන් වෙලා නෑ... හුඟ දෙනෙක් ඔහේ කියන්නං වාලෙ කියනව. ඔන්න... මේ... මෝර මාළු මෝරගෙ පිටේ තියල කපනව කිව්ව නං හරි...’’

එසැණින් ප්‍රතිෂ්ටගේ දුරකතනය තුළින් ගලා ආවේ කිකිණි නාදය පරයන ඇගේ ස්මිත රාවය යි. ඔහු නිහඬව ම එය විඳිමින් සිටින විට ඇය වදන් මුදා හැරියා ය.

‘‘හරි හරි... මමත් සිංහල උගන්නන නිසා මං නොදන්න දෙයක් දැනගන්න එක මට වටිනව. හැබැයි මේ ඒකට වෙලාව නෙවෙයිනෙ නේද... මං හෙට එන්නං...’’

 

කුමනාකාරයේ වාදයක පැටලුණ ද, සචේතනිගේ රුව මතු නොව මිහිරි හඬ වුව ද ප්‍රතිෂ්ඨට ගෙන දුන්නේ ඉමහත් ප්‍රහර්ෂයකි; වින්දනයකි. එහෙත් මේ නිමේෂය යනු දිගින් දිගට ම එහි ඇලී ගැලී සිටිය හැකි නිමේෂයක් නොවේ.

 

‘‘හරි සචේති... එහෙනං... අපි හෙට හම්බවෙමු...’’

‘‘ඕ කේ ප්‍රතිෂ්ඨ... එහෙනං මං තිබ්බ...’’

**********

පෙර දින රැයේ නිදි දෙවඟන ප්‍රතිෂ්ඨ කරා පැමිණියේ නම් ඒ ඉතාමත් සීමිත කාල සීමාවකට පමණි. එය ද අවම අඩහෝරාවෙන් අඩ හෝරාවට මිස එක වර හෝරාවක් හෝ ඔහු සමග නොරැඳෙමිනි. අන් පුද්ගලයෙකුට නම් එම සිදුවීම නිදි දෙවඟන කෙරෙහි කෝපය ජනිත කරන්නකි. එහෙත් ප්‍රතිෂ්ඨ එය බාරගත්තේ ඉමහත් ප්‍රහර්ෂයෙනි. මන්ද ඔහු කරා නිදි දෙවඟන පැමිණි විලස ම සචේතනි ද ඒ අසල ම ගැවසුණා ය. ඔහු එයට රුචිකත්වයක් දැක්වුව ද තවත් පසෙකින් බියක් දැක්වූයේ ය. ඒ, කිසියම් ආකාරයකින් ඔහු ස්වප්න ලොකයේ සචේතනී සමග සැරිසරන මොහොතක ඇගේ නම අඬගසාවිය යන සැකයෙනි; එසේ සචේතනීගේ නම අඬගසන මොහොතක ඒ හඬ ප්‍රතිෂ්ඨගේ බිරිඳ වන තිලෝකාගේ සවන් තුළට රිංගා ය යන සැකය හේතුවෙනි. ඔහු පෙර දින රැයේ කෙතරම් කාලයක් සචේතනී සමග ස්වප්න ලෝකයේ සැරි සැරුව ද ඒ පිළිබඳ අල්ප මාත්‍රයක් හෝ තිලෝකා දැන නොසිටි බව අලුයම හතරයි තිහ වන විට පසක් විය; දවසේ කටයුතු සුබවාදි ලෙස ඇරඹීමට එකී තත්ත්වය උත්තේජනයක් සැපයී ය.

ඉවර නෑ...


අරගලය: දින පනහකින් ඉක්බිති...-(ජයසිරි අලවත්ත)(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

2022/07/29



වජ්ජා’වජ්ජ - මින් පෙර පළවූ කොටස් 


වජ්ජා’වජ්ජ 28 : අවුරුද්දක් ඉවසන්න - (ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 27 : දීපු බලාපොරොත්තුව ඉෂ්ට කරන්න ම වෙනව නෙ... - (ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 26 : 'ඔවු... අපිට අවම විනය ක්‍රියා පටිපාටියකට යන්න වෙනව' -(ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා‘වජ්ජ 25 : මං බඳිද්දි මට අවුරුදු විසි එකයි -(ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 24 - අපි ජීවත් වෙන්නෙ ආසියාතික කලාපෙ නොදියුණු ම රටක - (ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 23 - ගඩොල් තාප්ප කැඩුවට මිනිස් තාප්පෙකින් අපි හැමෝ ම වට කරල - (ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 22 : 'දැං වැඩේ හොඳට ම පත්තු වෙලා ඉවරයි'

වජ්ජා’වජ්ජ 21 - ඔයා දන්නව ද ඒ කවුද කියල...? - ( ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 20 - 'ඇගේ සැබෑ නම මාලිනී ය' - ( ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 19 : මං මොකටද ඔයාට බොරු කියන්නෙ...? -(ජයසිරිගේ නවකතාවක්)


වජ්ජා’වජ්ජ 18 : මේක හරියට අයිස් බර්ග් එකක් වගේ -(ජයසිරිගේ නවකතාවක්)


වජ්ජා’වජ්ජ 16 : මං මේ වයසට ඇවිත් තියෙන්නෙ ඔයාලගෙ වයස පහු කරල - (ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 15 : ‘‘ෂ්ෂ්ෂ්... මෙතන තව අය පොත් කියවනව...’’ - (ජයසිරිගේ නවකතාවක් )

වජ්ජා’වජ්ජ 14 : හංගපු දේවල් මොනවද කියල උඹ දන්නව නෙ...(ජයසිරි අලවත්ත)

වජ්ජා’වජ්ජ 13 - 'මේ වැඩේ සල්ලිවලින් විතරක් කරන්න බෑ සචේති' : කොටස් වශයෙන් පළවන ප්‍රබන්ධ කතාව


වජ්ජා’වජ්ජ 12 : අම්මට පරචිත්ත විජානන ඥානය ලැබිල ද...? (ජයසිරි අලවත්ත)

වජ්ජා’වජ්ජ 11 : දැං මට බය නෑ... මට ඔයාව විශ්වාසයි (ජයසිරි අලවත්ත)

වජ්ජා’වජ්ජ 10:  දුවෙකුට අම්මට කියන්න බැරි දෙයක් නෑ දුව.. (ජයසිරි අලවත්ත)

වජ්ජා’වජ්ජ 09 : ඔයාට හැම එකක් ම විහිළු නේ ද...? (ජයසිරි අලවත්ත)

වජ්ජා’වජ්ජ 08 : වාන් දොර විවර කළ යුතු මොහොත ය මේ...

වජ්ජා’වජ්ජ 07 - වචන විදියට පිට වෙන්නෙ හිතේ තියෙන අදහස් 

වජ්ජා’වජ්ජ 06 : අහිංසකට වෙච්ච දේ මටත් වෙයි ද ? ජයසිරි අලවත්ත ලියයි

වජ්ජා’වජ්ජ 05 : ඔය ‘මිස්’ කෑල්ලට මං ආස ම නෑ... - ජයසිරි අලවත්ත ලියයි

වජ්ජා’වජ්ජ 04 :පොත් බලනවයි කියවනවයි කියන්නෙ වැඩ දෙකක් - ජයසිරි අලවත්ත ලියයි

වජ්ජා’වජ්ජ 03 - ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය..

වජ්ජා’වජ්ජ 02 - ජයසිරි අලවත්ත ලියයි

මලට රිදෙව්වොත් දෙවියොත් අමනාප වේවි - වජ්ජා’වජ්ජ අද සිට...


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58

ඇට මැස්සා