ජපානයේ භූමි කම්පාවක් - මියසාකි සහ කොචි වෙත සුනාමි රළ
ජපානයේ නිරිතදිග ක්යුෂු (Kyushu) හි භූ කම්පනයක් සිදුව තිබේ.

ජපානයේ නිරිතදිග ක්යුෂු (Kyushu) හි භූ කම්පනයක් සිදුව තිබේ.
ජපානයේ තෝකියෝ නුවර කාන්තා වෛද්‍ය විශ්වවිද්‍යාලයේ හිටපු කුලපතිවරියක පොලිස් අත්අඩංගුවට පත්වේ.
මියෙන්මාර හමුදා රජය මෙම සතිය පුරා රඛීන් (Rakhine) ප්‍රාන්තයේ සිදු කළ ගුවන් ප්‍රහාරවලින්, පුද්ගලයින් විශාල පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි, එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
දකුණු කොරියාවේ මෙතක් වාර්තා වන දරුණුම ගුවන් අනතුරට බඳුන් වූ ජෙජු ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයේ දත්ත සහ හඬ පටිගත වන "කළු පෙට්ටි" දෙකම අනතුරට විනාඩි කිහිපයකට පෙර අක්‍රීයව ගොස් ඇතැයි, නවතම විමර්ශන හමුවේ අනාවරණය වී තිබේ.
ලොස් ඇන්ජලීස් ලැව් ගිනි මෙල්ල කිරීම තව දුරටත් අපහසු ව තිබේ.
ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර යුදෙව් ආගමික මධ්‍යස්ථානයක බිත්ති මත යුදෙව් විරෝධී පාඨ සටහන් කිරීමක් පිලිබඳ රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි.
පෙරදිගින් සහ බටහිරින් එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස් නගරය වට කළ කැලිෆෝර්නියා ලැව් ගිනි ඊයේ (09) ඉමහත් විනාශයක් සිදු කරමින් තව දුරටත් දරුණු ලෙස ව්‍යාප්ත විය.
ඉතාලි හමුදාවන්ට ආරක්ෂිත සන්නිවේදන පහසුකම් සැපයීමේ කොන්ත්‍රාත්තුවක් පිලිබඳ කිසිවිට, "ස්ටාර්ලින්ක්" (Starlink) නිර්මාතෘ
ඊශ්‍රායල හමුදා, ගාසා තීරයේ මාධ්‍ය ආවරණ සම්බන්ධ නව නීති පනවති.
ග්‍රීන්ලන්ත වාසීන් කැමැත්තේ නම්, එරට ස්වාධීන රාජ්‍යයක් සේ පැවතිය හැකි මුත්, එක්සත් ජනපද ප්‍රාන්තයක් වීමේ වැඩි අවශ්‍යතාවක්
යුක්රේනය, ඊයේ (07) රැය පුරාවට රුසියාව අභ්‍යන්තරයට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළේය. ප්‍රහාරයෙන්, එංගල්ස් නගරයේ ඉන්ධන ගබඩාවක ගින්නක් හට ගැනිණි.
එරට න්‍යෂ්ටික බෝම්බ ප්‍රහාරක ගුවන් යානා සඳහා වෙන් කළ ගුවන් තොටුපොළක් ද එහි පිහිටියේය.
ප්‍රහාරය සාර්ථක බව යුක්රේන හමුදා අද ප්‍රකාශ කළහ.
රුසියාවේ වොල්ගා නදිය දෙපස පිහිටි එංගල්ස් සහ සරටොව් නගර දෙකම ඊයේ, එම යුක්රේන සමූහ ඩ්‍රෝන ප්‍රහාරයට ලක් විය.
සිය ප්‍රහාරයත් සමග එම නගරයන්හි විශාල පිපිරුම් සිදු වූ බව යුක්රේනය පවසයි.
ප්‍රහාරයෙන් ගිනි ගැනීමට ලක් වුයේ එංගල්ස් - 2 හමුදා ගුවන් තොටුපොළට ඉන්ධන සපයන, ක්‍රිස්ටල් ඉන්ධන ගබඩාව බව ද යුක්රේන හමුදා පවසති.
රුසියාවේ සංග්‍රාමික සේවා සැපයුම් ජාලයට ඉමහත් හානි සිදු කළ එම ප්‍රහාරය හමුවේ, සාමකාමී යුක්රේන ජනාවාස සහ සිවිල් ඉලක්ක වෙත යළි යළිත් ප්‍රහාර එල්ල කිරීමේ රුසියාවේ ශක්තිය ප්රශස්ත ලෙස බිඳලූ බව යුක්රේනය කියා සිටී.
මෙම ප්‍රහාරයට යුක්රේනය, දිගු දුර ඩ්‍රෝන ප්‍රහාරක යානා යොදා ගත්තේය. ඒවා බටහිරින් ලද යුධාධාර නොව, යුක්රේනයේම නිෂ්පාදිත අවි බව එම හමුදා පවසති.
රුසියානු-යුක්රේන යුද්ධයට දැන් තෙවසරකි. ගිය වසරේ, යුක්රේනය, එක්සත් ජනපදයේ නිෂ්පාදිත ATACMS බැලස්ටික් මිසයිල සහ බ්‍රිතාන්‍යයේ නිෂ්පාදිත "කුණාටු හේමලයෝ" හෙවත් ස්ටෝර්ම් ෂැඩෝස් (Storm Shadows) මිසයිල භාවිත කරමින් රුසියාවට පහර දීම ආරම්භ කළේය. රුසියාව ඊට පිළිතුරු දුන්නේ, රුසියාවේම නිෂ්පාදිත ඔරෙෂ්නික් (Oreshnik) හයිපර් සොනික් මිසයිලයෙනි. එය ශබ්දයේ වේගය මෙන් පස් ගුණයක වේගයෙන් සුළං කපා, ඉලක්කය හඹා යන අති ප්‍රබල අවියෙකි.
යුක්රේනය, බටහිර අවි යොදා රුසියාව අභ්‍යන්තරයට ප්‍රහාර එල්ල කරන සැම අවස්ථාවකම, රුසියාව ඊට දරුණු ප්‍රති ප්‍රහාර එල්ල කරන බවට සපථ කර තිබේ. "ඊයේ ප්‍රහාරයට අපි යොදා ගත් ඩ්‍රෝන යානා අපේම රටේ, අපේම නිෂ්පාදන," යැයි, යුක්රේනය පවසන්නේ, එම බිය නිසාවෙන් වන්නට ද පිළිවන.
මන්ද, ඊයේ රුසියාව අභ්‍යන්තරයට එල්ල වූ යුක්රේන ප්‍රහාරය බිහිසුණු වන්නේ, ඉන් ක්‍රිස්ටල් තෙල් ගබඩාව ගිනිගත් නිසාම නොවේ. රුසියානු න්‍යෂ්ටික බෝම්බ ප්‍රහාරක ගුවන් යානා දියත් කෙරෙන එංගල්ස් - 2 හමුදා ගුවන් තොටුපොළ ද ඒ ආසන්නයේම පිහිටි හේතුවෙනි.
ඊයේ ප්‍රහාරයට එක්වූ යුක්රේන ඩ්‍රෝන යානා 11ක් සරටොව් ඉහළ අහසේ වෙඩි තබා බිම හෙළූ බව රුසියානු ආරක්ෂක අමාත්‍යංශය අද පැවසීය. තවත් රුසියානු කලාප සහ අසොව් මුහුදු සීමාවට ඉහළින් පියාසර කළ යුක්රේන ප්‍රහාරක ඩ්‍රෝන 21ක් ද බිම හෙලීමට රුසියානු හමුදා සමත් වූහ.
නිසල රාත්‍රී යාමය දෙවනත් කරමින් ඊයේ පිපිරුම් හඬ රැසක් ඇසුණු බව එංගල්ස් වාසීහු පවසති.
මොස්කව් අගනුවරට ගිනිකොණ දෙසින්, කි.මී 730ක පමණ දුරින් එංගල්ස් හමුදා ගුවන් තොටුපොළ පිහිටා තිබේ.
ඒ, යුක්රේන දේශ සීමාවේ සිට තවත් කිලෝ මීටර සිය ගණනක දුරකිනි. 2022 දෙසැම්බරයේ, ඊට ප්‍රහාර එල්ල කිරීමට පැමිණි යුක්රේන ඩ්‍රෝන යානයක් බිම හෙලීමට ගත් උත්සාහයේදී, රුසියානු හමුදා සාමාජිකයෝ තිදෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.
ඊයේ ප්‍රහාරයෙන් අනතුරට පත් කිසිවකු පිලිබඳ මෙතෙක් අසන්නට නැත.
(Reuters ඇසුරින් සටහන | හ ර් ෂ උදයකාන්ත විසිනි)