අනිවාර්ය හමුදා සේවයෙන් ඊශ්රායල සමාජය දෙකඩ වෙලා
බලහත්කාරයෙන් හමුදා සේවයට බඳවා ගැනීමට විරෝධය පා ඊයේ (6) ජෙරුසෙලමේ පැවති මහා යුදෙව් ජන රැළියක් වෙත කඩා වැදුණු බස් රථයකට යට වී තරුණයකු ජීවිතක්ෂයට පත් විය. එහි රියදුරා විසින් හිතාමතාම එම අනතුර සිදු කර තිබිණි.






