පාස්කු ඉරිදා ප්රහාරය : ඊබ්රහීම්ගේ දේපොළ ගැන අධිකරණ නියෝගයක්
පාස්කු ඉරිදා ප්රහාරයේ දෙවන සැකකාර ඊබ්රහිම් ඉල්හාම් අහමඩ් යන අයගේ නිවසේ තිබිය දී අත්අඩංගුවට ගත් රන් භාණ්ඩ, මැණික් ඇතුළු දේපොළ තමාට අයත් බව කියමින් ඉජ්ජාල් අහමඩ් යන අයට එම දේපොළ මුදා හරින ලෙස අධිකරණයෙන් සිදු කළ ඉල්ලීම කොටුව මහේස්ත්රාත් තිළිණ ගමගේ අද (06) ප්රතික්ෂේප කර තිබේ.