පිහිටක් පැතිය හැක්කේ එක ම එක පුද්ගලයෙකුගෙන් පමණි. මගේ අයෝද්‍ය සර් වෙනුවෙන්, සර්ගෙත් මගෙත් ආදරය වෙනුවෙන් ඒ පිහිට යැදිය යුතු ම ය...

වෙනත් කිසිවකුට ඇමතීමට ද නොහැකි ය. මන්ද මා පාසල් ගොස් අවසන් වූ පසු මගේ පසුගෙවුම් දුරකතනයේ සියලු තොරතුරු අදාළ ජංගම දුරකතන ආයතනයෙන් ගෙන්වා ගැනීමට අම්මා කටයුතු යොදා තිබුණා ය. එහෙත් මා දැන් අමතන්නට යන පුද්ගලයා සමග කෙතරම් කතාබහ කළ ද  මවගේ මෙන් ම පියාගේ ද විරෝධයක් නොතිබිණ. මම කඩිනමින් ඒ අංක මත මගේ වෙව්ලන ඇඟිලි තුඩු ගමන් කෙරෙව්වේ ජීවිතයේ අවදානම් සහිත තිරණයක් ගැනීමේ එකායන අරමුණෙනි.

‘හම්ම්ම්... ෆෝන් එක නං රිං වෙනව...’

මා එසේ සිතනවාත් සමග ම අනෙක් පස දුරකතනය සක්‍රී විය.

HD wallpaper retro art red girl phone painting vicente romero redondo pictura

‘‘හෙලෝ...’’

‘‘හෙලෝ... මේ... මේ... මිස්ටර් දිවසත් නේද...?’’

මා එසේ විමසුවේ නිවැරැදි අංකය වෙත ඇමතුම ලැබුණේ ද නැද්ද යන සැකයෙ හේතුවෙනි.

‘‘ඔවු දිවසත් තමයි... කවුද මේ කතා කරන්නෙ...?’’

‘‘අයියෙ... මං අහිංසනා... ඔයාට දැං මාව අඳුරගන්නත් බෑ නේද...?’’

දෙපසින් ම තත්ත්පර කිහිපයක නිහඬතාවක් පැතිරිණ.

‘‘අහිංසනා...! ඔයා...!!’’

‘‘ඔවු අයියෙ... අයිය බිසී ද... මට අයියත් එක්ක චුට්ටක් කතා කරන්න පුළුවන් ද...?’’

මා එසේ විමසුවේ: ඔහු කාර්යාලයේ ද... වාහනය පදවාගෙන යන අතරතුර ද එසේත් නොමැති නම් වෙනත් කාර්යයක නියැළී සිටිනවා ද යන්න අවබෝධ කරගැනීම සඳහා ය.

‘‘ආ... පුළුවං නංගි... ඇයි මේ හදිසියෙ...! මොකක් හරි ප්‍රශ්නයක් ද...?’’

දිවසත් අයියා විමසුවේ කිසියම් ව්‍යාකූල ස්වරයකිනි.

‘‘ප්‍රශ්නයක් නං තමයි අයියෙ... හැබැයි ‘අපේ ප්‍රශ්නයක්’ නෙවෙයි. මේක තනිකර ම ‘මගේ ප්‍රශ්නයක්’ අයියෙ.’’

මා එසේ පිළිතුරු දුන්නේ සියලු ඇති තතු ඔහු වෙත පැවසීමේ අධිටනෙනි.

‘‘හම්ම්ම්... ඒකත් එහෙම ද...? එහෙනං ඉතිං අනිවාර්යයෙන් ලව් හුටපටයක් වෙන්න ඇති. මං හරි නේද...?’’

දිවසත් අයියා එසේ විමසුවේ පරචිත්තවිජානනය සහිත පුද්ගලයෙකු ලෙසිනි.

‘‘ඇත්තට ම ඔවු අයියෙ... එහෙම දෙයක් තමයි. හැබැයි ෆෝන් එකෙං කියන්න බෑ. ඔයාට බැරිද නිවාඩු වෙලාවක අපේ දිහා ඇවිත් යන්න. සතියෙ දවසක් අල්ලල එනවනං වැඩිය හොඳයි. එතකොට අම්මයි තාත්තයි දෙන්න ම ගෙදර නෑ නෙ...’’

‘‘හම්ම්ම්... සතියෙ දවසක් අල්ලල නේද...? හරි... මේ නම්බර් එක ඔයාගෙ නේද...?’’

‘‘ඔවු අයියෙ...’’

‘‘හරි නංගි... මං ලබ සතියෙ දවසක එන්නං...’’

 

ඒ පිළිතුරත් සමග ම මගේ සිරුර පුරා පැවති සියලු වේදනා සමනය වනවා මෙන් මට දැනිණ. එහෙයින්දෝ මගේ මුවෙන් කිසිදු වදනක් නිකුත් නොවිණ.

 

‘‘ඇයි නංගි... ලබන සතිය වෙනකං ඉන්න අපහසු ද...?’’

දිවසත් අයියා එසේ විමසන විට ද මා සිටියේ ඔහු ලබන සතියේ පැමිණි පසු මගේ දුක්ඛ දෝමනස්ස සියල්ල ඔහුට පවසන ආකාරය සිහිපත් කරමිනි.

‘‘න්... නැ නෑ අයියෙ... එහෙම දෙයක් නෙවෙයි. ඔයා එද්දි කාටවත් කියන්න එපා. උදේ වරුවක හිටිගමං වගේ එන්න. ආවට පස්සෙ අම්මට හරි තාත්තට හරි කෝල් කරල කියන්න ඔෆිස් එකේ වැඩකට ආපු ගමං එන්න හිතුණ කියල. එතකොට මට පුළුවං එයාල එන්න ඉස්සෙල්ල ඔයත් එක්ක කතා කරන්න.’’

මගේ සිතේ තිබූ සැලසුම මම ඔහුට පැවසුවෙමි.

‘‘හම්මේ... නරක නෑ කෙල්ලගෙ මොළේ... හරි හරි... මං එන්නංකො...’’

‘‘ඔන්න එහෙනං මං බලාපොරොත්තුවෙං ඉන්නවා...’’

‘‘හරි නංගි... එහෙනං මං තියන්න ද...’’

‘‘හරි අයියෙ... බුදු සරණයි...!’’

11801855 sister brother 30 x 40 cm huile sur toile 2014

**********

දිවසත් කල්හාර... ඒ මගේ තාත්තගෙ ලොකු අක්කගෙ පුතා. මට වඩා අවුරුදු අටක් වැඩිමල්. එයා මගේ මස්සිනා වුනත්, මං එයාගෙ නෑන වුනත් අපි අතරෙ තිබුණෙ සහෝදර බැම්මක්; සහෝදර ප්‍රේමයක්. ඒක කිසිම දවසක ප්‍රේම සබඳතාවකට පෙරළුණේ නෑ. ඒ සමහර විට එයා මට වඩා හුගක් වැඩිමල්, තාත්තගෙත් ලොකු අක්කගෙ ලොකු පුතා නිසා වෙන්න ඇති. ඇත්තට ම පුංචි කාලෙ ඉඳල ම එයා අපිට ‘ලොකු අයිය’ කෙනෙක්. අදටත් එහෙමයි. එයා හරිම විවෘත කෙනෙක්. අපේ පවුලෙ අනෙක් ඥාති සොයුරු සොයුරියො වුනත් එයාට සලකන්නෙ තමන්ගෙම අයිය කෙනෙක් විදියට. එයත් වචනකින් හරි ඒ ගෞරවය පලුදු වෙන විදියෙ වැඩ කරල නෑ. පවුලෙ නෑදෑයො දෙපාර්ශ්වයට ම එයා හුඟාක් විශ්වාසයි. ඒ නිසා ම එයයි මමයි තනියම ගෙදර හිටියත් කිසිම ප්‍රශ්නයක් නෑ. ඒ නිසයි මගේ ගැටලුව විසඳන්න පුළුවන් එකම කෙනා විදියට මං එයාව තෝර ගත්තෙ. මට දිවසත් අයිය විශ්වාසයි. මට වුවමනා වෙන මොනවත් ම නෙවෙයි. අම්මගෙ හිත වෙනස් කරන්න; මට මෙහේ කැම්පස් එකකට යන්න අවසර අරගන්න. මට හිතෙනව දිවසත් අයියට ඒක කරන්න පුළුවන් වෙයි කියල.

**********

ඊළඟ සතියේ ආරම්භයේ සිට ම මා දිවසත් අයියා එනතුරු හොරගල් අහුලමින් සිටියේ: අම්මාට, තාත්තාට මතු නොව කමල නැන්දාට ද නොදැනෙන පරිදි ය. මගේ මුහුණේ යම් වෙනසක් දුටහොත් එය හඳුනාගන්නට කමල නැන්දාට වැඩි වේලාවක් ගත නොවන්නේ ය. ඒ, ඇය ඒ තරමට ම මා අධ්‍යයනය කර ඇති බැවිනි; ඇය මට සමීප බැවිනි.


සඳු දින ද, අඟහරුවාදා දින ද ගෙවී ගියේ අසීරුවෙනි. බදාදා දිනයේ මා කාමරය තුළ රැඳි සිටින මොහොතේ කමල නැන්දා මට අඬගසන හඬ සවනට වැටුණු සැණින් ඒ කුමන හේතුවක් නිසාද යන්න ක්ෂණිකව ම වැටහිණ.

‘‘බේබී බේබී... දොර අරින්න බේබි. බලන්නකො මේ කවුද ඇවිත් ඉන්නෙ කියල.’’

සත්‍ය වශයෙන් ම මට බලන්නට කිසිවක් නැත. ඒ පැමිණ සිටින්නේ දිවසත් අයියා හෙවත් මගේ ගැලවුම්කරු බව මට සක් සුදක් සේ පැහැදිලි ය. ඒ කිසිවක් නොදන්නා සේ දොර අසලට පැමිණි මා ‘‘මොකද කමල නැන්දෙ මේ කැ ගහන්නෙ... කවුද ආවෙ...?’’ යැයි විමසුවේ අමනාපයෙන් මෙනි.

‘‘කවුද කියන්නෙ... බලන්නකො... දිවසත් මහත්තය ඇවිත්. ඒත් මං බැලුව හෝන් ගහද්දි කවුද කියල... අම්මේ... කොච්චර කාලෙකට පස්සෙ ද...?’’

44cea1865f81d6373086b09fca9dfc29කමල නැන්දා සුපුරුදු වදන් මාලාව මුදාහරින අතර කිසිවක් ම නොදන්නා ලෙස රඟපැමක යෙදුණු මම දිව ගොස් දිවසත් අයියා බදා වැලඳ ගත්තෙමි.

‘‘අයියේ...’’

‘‘නංගියෝ...’’

මගේ රඟපෑම වටහා ගත් හෙයින්දෝ දිවසත් අයියා ද සුපුරුදු පරිදි මා බදා වැලඳ ගත්තේ ඉමහත් සෙනෙහසිනි.

‘‘බේබි... මං ලොකු නෝනටයි මහත්තයටයි කියන්න ද දිවසත් මහත්තය ආව කියල...?’’

කමලා නැන්දා එසේ විමසුවේ දිවසත් අයියා පැමිණි පණිවිඩය කඩිනමින් ම අම්මාට හෝ තාත්තාට පවසන අවංක අදහසකින් මිස ඔහු පැමිණි අරමුණ කුමක් ද යන්න පිළිබඳ කිසිවක් ම නොදැන ය. නමුදු අයියා පැමිණි බව දැන්ම ම අම්මාට හෝ තාත්තාට දැන්විය යුතු නැත. එය මගේ කතාව දිවසත් අයියා සමග පවසන්නට ඇති ඉඩ-කඩ අහුරා ලීමකි.

‘‘හදිස්සි වෙන්න ඕන නැ නැන්දෙ... මං තව ටිකකිං කියන්නං... ඉතිං අයියෙ... අයිය දැන්ම ම... දැන්ම ම නෙවෙයි... අද යන්නෑ නෙ නේද...? ම්ම්ම්... එහෙනං අයිය ගිහිං වොෂ් එකක් දාගන්නකො. කමල නැන්දෙ අයියට බොන්න මොනව හරි හදන්නකො.’’

මා එසේ පැවසුවේ හැකි ඉක්මනින් කමල නැන්දා පිටමං කිරීමේ අදහසිනි. ඇය නික්ම ගිය සැණින් මා යළි දිවසත් අයියාගේ දකුණතින් අල්ලාගත්තේ කුඩා අවධියේ දි මෙනි.

‘‘වොෂ් දාන්න නං ඕන නෑ නංගි... අපි කෙළිංම කතාවට බහිමුකො...’’

දිවසත් අයියාට ද මගේ කතාව අසන තුරු ඉවසිල්ලක් නොමැති බව එයින් ඉඟි කෙරිණ.

‘‘හරි අයියෙ... එහෙනං... අපි පොඩ්ඩක් එළියට යමු ද...?’’ යැයි විමසූ මා අයියා රැගෙන ආ පාර්සලය ද රැගෙන මුළුතැන් ගෙය දෙසට ගියේ නැන්දා දැනුවත් කිරීම සඳහා ය.

‘‘කමල නැන්දෙ... අයියට වොෂ් දාන්න ඕන නැතිලු. අයිය කියනව ගේ ඇතුළෙ හරි රස්නෙයිලු. ඒ හිංද අපි අඹගහ යටට යනව. තේ ටික එතනට අරගෙන එන්න.’’

කමල නැන්දාට එසේ පැවසූ මා ආපසු එන විටත් දිවසත් අයියා අඹ ගහ දෙසට ගමන් කරමින් සිටියේ ය. අඹ ගස යට සවි කර ඇති යකඩ පුටු සතර සහ කුඩා මේසය කලක සිට ම නිවසට පැමිණෙන ඕනෑම පුද්ගලයෙකුගේ වෙහෙස නිවන්නට සැදී පැහැදී සිටි ජීවමාන වස්තු බඳු විය. එහි අසුන් ගත් සියලු දෙනාගේ සුඛ දුක්ඛ සියල්ල සාවධානව අසා සිටිනවා හැර ඒ සඳහා කිසිදු ප්‍රතිචාරයක් දක්වන්නට ඒ අජීවී වස්තු සමත් නොවිණ. දැන් මා දිවසත් අයියා වෙත පවසන්නට යන සියලු දෑ ද ඒ අජීවි වස්තු අසා සිටිනවා නිසැක ය. එහෙත් ඉන් ඔබ්බට කිසිවක් කරන්නට ඒ අජීවී වස්තු අපොහොසත්වීම පිළිබඳ මේ මොහොතේ මා සිතේ ඇතිවන්නේ අප්‍රමාණ සොම්නසකි.

**********

gfhහෝරාවක් අප පසු කර යන මොහොත වන විට මා, ම’සිතේ තෙරපෙමින් තිබූ සියලු දුක් වේදනා දිවසත් අයියා වෙත මුදා හැර තිබිණ. ඔහු ද අතර මැද කිසිදු පැනයක් නොවිමසමින් මගේ වේදනාබර හඬට සවන් දීම මට ඉතා පහසුවක් සැලසී ය. ඇතැම් විට ඔහු නිහඬව සියල්ල අසා සිටින්නට ඇත්තේ ද ඔහු නිහඬව අසා සිටින තරමට මගේ වේදනාව මුදාහැරීමට එය පහසුවක් වන බව අවබෝධ කරගෙන සිටි බැවින් විය හැකි ය. මගේ වේදනාව වදන් බවට පෙරළමින් ඒ වේදනාව දිවසත් අයියාට ද හැඟුණ බව මට අවබෝධ වූයේ ඔහුගේ උවනත මගේ දෙනෙත්වල ග්‍රහණයට නතුකරගත් පසුව ය. ඔහුගේ දෙනෙත් ඉදී රත් පැහැ ගැන්වුණු ලොවි ගෙඩි දෙකක් සදිසි වී තිබිණ. ඒ දෙනෙත් තුළ පිරි අක් බිඳු කිහිපය නොඉවසිල්ලෙන් සිටියේ වාන් දොරටුවක් විවර කරන තෙක් රෑඳී පැවති වැව් ජල කඳක් මෙනි.

‘‘නංගියෝ...’’

 

දිවසත් අයියාගේ දෑතින් මගේ දෑත් ග්‍රහණය කරගන්නා අතර පිටතට ගලා ආ ඒ වදනත් සමග ම මෙතෙක් ඔහුගේ නෙත් කුහර තුළ තෙරපෙමින් තිබූ අක් බිඳු ද පිටාර ගැලී ය. එසැණින් ම මගේ දෑත් අත්හළ දිවසත් අයියා කඩිනමින් ම කලිසම් සාක්කුවට අත දමා පිටතට ගත් ලේන්සුවෙන් ඔහුගේ දෙනෙත් තෙරපාගත්තේ ය. එතෙක් දරා සිටි මගේ වේදනාව ද සැණින් ම පිටාරගැලුවේ වදනින් නොව, දිවසත් අයියාගේ දෙනෙත් තුළින් පිටාර ගැලූ අක් දහරාව මෙන් තෙගුණයක් පමණැති අක් දහරාවක් ගලා විත් යකඩ මේසය සහ මගේ දෑත්ල ද නහවාලමිනි.

 

‘‘කියන්න නංගියො... කියන්න... මට ඔයා ඉන්න තත්ත්වෙ තේරෙනව. ඔයා ආදරය කරන කෙනා කවුරු වුනත් ඔය දෙන්නගෙ කැමැත්තට මං ඉඩ දෙනව. කියන්න... මගෙන් මොනවද කෙරෙන්න ඕන...?’’

දෙනෙතින් ගලා ආ අක් දහරාව ලේන්සුවට පෙවූ දිවසත් අයියා යළි මගේ දෑත් තරමක් තදින් ග්‍රහණය කරන අතර ම විමසී ය.

‘‘අයියෙ... මට දැනට වෙන මොනවත් ම ඕන නෑ... මම පිටරට යවන්න හදන එක නවත්තල දෙන්න.’’

දිවසත් අයියාගේ දෑතේ ග්‍රහණයෙන් එක් අතක් මුදවාගත් මම එය ඔහුගේ අත මත තබා ආයාචනා කළා ය.

‘‘ඇයි... අයෝද්‍ය කිව්ව ද පිට රට යන්න එපා කියල...?’’

දිවසත් අයියා මගෙන් විමසුවේ සර් වෙත චෝදනාවක් එල්ල කරන ආකාරයෙනි. ඒ, දිවසත් අයියා කිසිවක් ම නොදන්නා බැවින් යැයි මට හැඟිණ.

‘‘අනේ නෑ අයියෙ... අයෝද්‍ය තවම මේ ගැන දන්නෙවත් නෑ. එයා හිතාගෙන ඉන්නෙ මං මෙහේ කැම්පස් එකකට යයි කියල. ඒත් අම්ම නම් ඒකට කොහෙත් ම ඉඩ දෙන්නෙ නෑ අයියෙ. අම්ම මොනවත් දන්නෙ නෑ වගේ හිටියට එයා මගෙයි අයෝද්‍යගෙයි සම්බන්ධෙ කඩන්න එක එක ප්ලෑන් ගහනව අයියෙ.’’

Forces of Nature series. Arrangement of colorful paint and abstract shapes on the subject of modern art, abstract art, expressionism and spirituality

මොහොතක් කල්පනා ලොවක තනි වී සිටි දිවසත් අයියා ‘‘හරි... ඔයාට බැරිද පිට රට කැම්පස් එකකට ගිහින් එනකං ඉවසන්න කියල අයෝද්‍යට කියන්න,’’ යැයි පැවසුවේ මගේ අනාගතය පිළිබඳව ද අවධානය යොමු කරමින් බව මට හැඟිණ. නමුත් යථා තත්ත්වය ඊට වඩා බෙහෙවින් ම වෙනස් ය. එහෙයින් ඒ සියල්ල ද දිවසත් අයියා සමග සාකච්ඡා කළ යුතු ය.

තවත් අඩ හෝරාවක් පමණ අප පසුකර ඉදිරියට යන මොහොතේ මම, අම්මාගේ සැලසුම පිළිබඳ මා දන්නා තතු සියල්ල දිවසත් අයියා වෙත මුදා හැරී ය.

‘‘හම්ම්ම්... ඒකත් එහෙම ද... හරි... එහෙනං මං ඔයාට අදහසක් දෙන්නං. හැබැයි මේක ක්‍රියාත්මක කරන්න නං ඔයාට අයෝද්‍යගෙ කැමැත්ත අනිවාර්යයෙන් ඕන වෙනව.’’

මගේ සිතට දැනුණේ ඉහිලුම් නොදන තරමේ සන්තෘෂ්ටියකි. එය අයෝද්‍ය සර් මට ලැබුණා හා සම සන්තෘෂ්ටියකි.

‘‘අනේ අයියෙ... කියන්න... කියන්න... අපි දෙන්නට එක වහලක් යට ඉන්න ලැබෙනව නං ඒ ඕන ම දේකට අයෝද්‍ය කැමති වෙයි අයියෙ... ඔවු... එයා කැමති වේවි.

උවන පුරා පූර්ණ ස්මිතයක් සිතුවම් කරගත් දිවසත් අයියා... ‘‘හම්ම්ම්... එහෙනං අහගන්නකො’’ යැයි පවසා දෙවැළමිටි මේසයට බර කර ඔහුගේ උවන මගේ උවන වෙත ආසන්න කළේ ය.

ඉවර නෑ...

 
කළ යුත්තේ කුමක් ද...? - (ජයසිරි අලවත්ත)ජයසිරි අලවත්ත
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
 
2022/08/19    


වජ්ජා’වජ්ජ - මින් පෙර පළවූ කොටස්
 
වජ්ජා’වජ්ජ 31: මං දැං ඉන්නෙ පනහෙ කණුව කිට්ටුව (ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 30 : නීතිය කියන්නෙ වල් වැදුණු සංකල්ප ගොන්නක් - (ජයසිරිගේ නවකතාවක්)


වජ්ජා’වජ්ජ 28 : අවුරුද්දක් ඉවසන්න - (ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 27 : දීපු බලාපොරොත්තුව ඉෂ්ට කරන්න ම වෙනව නෙ... - (ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 26 : 'ඔවු... අපිට අවම විනය ක්‍රියා පටිපාටියකට යන්න වෙනව' -(ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා‘වජ්ජ 25 : මං බඳිද්දි මට අවුරුදු විසි එකයි -(ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 24 - අපි ජීවත් වෙන්නෙ ආසියාතික කලාපෙ නොදියුණු ම රටක - (ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 23 - ගඩොල් තාප්ප කැඩුවට මිනිස් තාප්පෙකින් අපි හැමෝ ම වට කරල - (ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 22 : 'දැං වැඩේ හොඳට ම පත්තු වෙලා ඉවරයි'

වජ්ජා’වජ්ජ 21 - ඔයා දන්නව ද ඒ කවුද කියල...? - ( ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 20 - 'ඇගේ සැබෑ නම මාලිනී ය' - ( ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 19 : මං මොකටද ඔයාට බොරු කියන්නෙ...? -(ජයසිරිගේ නවකතාවක්)


වජ්ජා’වජ්ජ 18 : මේක හරියට අයිස් බර්ග් එකක් වගේ -(ජයසිරිගේ නවකතාවක්)


වජ්ජා’වජ්ජ 16 : මං මේ වයසට ඇවිත් තියෙන්නෙ ඔයාලගෙ වයස පහු කරල - (ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 15 : ‘‘ෂ්ෂ්ෂ්... මෙතන තව අය පොත් කියවනව...’’ - (ජයසිරිගේ නවකතාවක් )

වජ්ජා’වජ්ජ 14 : හංගපු දේවල් මොනවද කියල උඹ දන්නව නෙ...(ජයසිරි අලවත්ත)

වජ්ජා’වජ්ජ 13 - 'මේ වැඩේ සල්ලිවලින් විතරක් කරන්න බෑ සචේති' : කොටස් වශයෙන් පළවන ප්‍රබන්ධ කතාව


වජ්ජා’වජ්ජ 12 : අම්මට පරචිත්ත විජානන ඥානය ලැබිල ද...? (ජයසිරි අලවත්ත)

වජ්ජා’වජ්ජ 11 : දැං මට බය නෑ... මට ඔයාව විශ්වාසයි (ජයසිරි අලවත්ත)

වජ්ජා’වජ්ජ 10:  දුවෙකුට අම්මට කියන්න බැරි දෙයක් නෑ දුව.. (ජයසිරි අලවත්ත)

වජ්ජා’වජ්ජ 09 : ඔයාට හැම එකක් ම විහිළු නේ ද...? (ජයසිරි අලවත්ත)

වජ්ජා’වජ්ජ 08 : වාන් දොර විවර කළ යුතු මොහොත ය මේ...

වජ්ජා’වජ්ජ 07 - වචන විදියට පිට වෙන්නෙ හිතේ තියෙන අදහස් 

වජ්ජා’වජ්ජ 06 : අහිංසකට වෙච්ච දේ මටත් වෙයි ද ? ජයසිරි අලවත්ත ලියයි

වජ්ජා’වජ්ජ 05 : ඔය ‘මිස්’ කෑල්ලට මං ආස ම නෑ... - ජයසිරි අලවත්ත ලියයි

වජ්ජා’වජ්ජ 04 :පොත් බලනවයි කියවනවයි කියන්නෙ වැඩ දෙකක් - ජයසිරි අලවත්ත ලියයි

වජ්ජා’වජ්ජ 03 - ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය..

වජ්ජා’වජ්ජ 02 - ජයසිරි අලවත්ත ලියයි

මලට රිදෙව්වොත් දෙවියොත් අමනාප වේවි - වජ්ජා’වජ්ජ අද සිට...


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58

නවතම පුවත්

ඇට මැස්සා