ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ (FIFA) මහ ලේකම් ෆැට්මා සමූරාගේ අත්සනින් යුතුව

පසුගිය දා නිවේදනයක් නිකුත් කරමින්, ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය සහ ආසියානු පාපන්දු සම්මේලනය විසින් ශ්‍රී ලංකාවේ පාපන්දු සම්මේලනය තහනම් කරනු ලැබීය.

මෙය ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාවට මෙන්ම පාපන්දු ක්‍රීඩකයින්ගේ අනාගතයට ද දැඩි බලපෑමක් එල්ල කරනු ඇතැ යි යන්න නොඅනුමාන ය.

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාවට මෙවැනි ඉරණමක් අත්වීමට හේතුවූයේ කුමක්ද? ක්‍රීඩා විචාරකයින් පෙන්වා දෙන්නේ දූෂණය සහ දේශපාලනික අතපෙවීම් මේ තත්ත්වය උද්ගතවීමට හේතුවූ බව ය.


මොකද්ද මේ තහනම?

ජාත්‍යන්තර පාපන්දු සම්මේලන මහලේකම්වරිය අදාළ ලිපිය හරහා සියලුම සාමාජික රටවලට දන්වා ඇත්තේ, "2023 ජනවාරි 21 දින ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ කවුන්සිල කාර්යාංශය මගින් ගත් තීරණයක ප්‍රතිඵලයක් ලෙස, ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ ප්‍රඥප්තියේ 16 වැනි වගන්තිය ප්‍රකාරව නැවත දැනුම් දෙන තුරු ශ්‍රී ලංකාවේ පාපන්දු සම්මේලනයේ සාමාජිකත්වය (FFSL) අත්හිටුවන බව මෙයින් දැනුම් දෙන්නෙමු," යනුවෙනි.

fifa

ඒ අනුව, 2023 ජනවාරි 21 දින සිට බල පැවැත්වෙන පරිදි ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ ප්‍රඥප්තියේ 13 වැනි වගන්තියේ අර්ථ දක්වා ඇති පරිදි, නැවත දැනුම් දෙන තුරු ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට (FFSL) ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ (FIFA) සියලු සාමාජික අයිතිවාසිකම් අහිමිවී ඇත.

එබැවින්, තහනම ඉවත් වන තුරු FFSL නියෝජිතයින්ට හෝ ක්‍රීඩා සමාජ කණ්ඩායම්වලට තවදුරටත් ජාත්‍යන්තර තරගවලට සහභාගීවීමේ අයිතිය නොලැබී යනු ඇත.

“මෙයින් අදහස් වන්නේ FFSLහි කිසිදු සාමාජිකයකුට හෝ නිලධාරියෙකුට FIFA හෝ AFC (ආසියානු පාපන්දු සම්මේලනය) මගින් සිදුකරන කිසිදු සංවර්ධන වැඩසටහනකින්, පාඨමාලාවකින් හෝ පුහුණුවකින් ප්‍රතිලාභ ලැබිය නොහැකි බව යි. එපමණක් නොව FFSL අත්හිටුවා ඇති අතර, FFSL සමග හෝ එහි කණ්ඩායමක් සමග කිසිදු ක්‍රීඩා සබඳතාවක් ඇතිකර නොගන්නා ලෙස අපි ඔබට සහ ඔබගේ අනුබද්ධිතයින්ට මතක්කර දෙන්නෙමු," ෆැට්මා සමූරා අවධාරණය කළා ය.

"අවසාන වශයෙන් FIFA කවුන්සිල කාර්යාංශය හෝ FIFA කවුන්සිලය මීළඟ FIFA සම්මේලනය පැවැත්වීමට ප්‍රථම ඕනෑම අවස්ථාවක මෙම අත්හිටුවීම ඉවත් කළ හැකි ය. එසේ සිදුවුවහොත් අපි ඔබට ඒ බව දන්වා සිටිමු," ඇය වැඩිදුරටත් පෙන්වා දුන්නා ය.

gdfgdfgdfgfd


ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සාමාජිකත්වය අත්හිටුවීමට හේතුවූ කාරණා මොනවාද?


# ජාත්‍යන්තර පාපන්දු සමේලනය සමග කලින් එකඟවූ මාර්ග සිතියමට අනුව ක්‍රියා නොකිරීම

# මූලධර්ම ක්‍රියාවලීන්ට පටහැනිව හිටපු සභාපතිවරයාගේ නාමයෝජනාව අවසන් මොහොතේ ප්‍රහසන සහගත ලෙස ප්‍රතික්ෂේප කිරීම

# ප්‍රතික්ෂේපිත උපසභාපති නාමයෝජනා දෙකට නිතරගයෙන් දෙදෙනකු පත්වීම

# ජනවාරි 14 වැනිදා පැවැත්වූ නිලවරණය සඳහා තුන්වන පාර්ශවයක මැදිහත්වීම හේතුවෙන් එදින පැවැත්වූ නිලවරණය හා එයින් පත්වූ නිලධාරී මණ්ඩලය ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය පිළිනොනොගැනීම.


ජනවාරි 14 වැනිදා නිලවරණයේදී සිදු වුයේ කුමක්ද?


ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නව නිලධාරී මණ්ඩලය තෝරාපත් කර ගැනීම සඳහා වන නිලවරණයක් (ජනවාරි 14 වැනිදා) ක්‍රීඩා අමාත්‍යාංශයේ දී පැවැත්වුණු අතර එහිදී නව සභාපතිවරයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. ශ්‍රී. රංගා තේරී පත්විය.

ක්‍රීඩා අමාත්‍යාංශයේ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණු නිලවරණයේ දී සභාපති තනතුර සඳහා තරග කළේ ජේ. ශ්‍රී. රංගා සහ ජගත් රෝහණ ය.
මෙම නිලවරණයට සහභාගීවීමට පැමිණි ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ හිටපු සභාපති, ජස්වර් උමර්ට නිලවරණය සඳහා ඉදිරිපත්වීමට අවස්ථාව හිමි නොවීය.

කෙසේ වෙතත් සභාපති තනතුර සඳහා පැවැති ඡන්ද විමසීමේ දී, ඡන්ද 27ක් ලබාගත් ජේ. ශ්‍රී. රංගා සභාපතිධුරයට තේරී පත්වූ අතර, ඔහු සමග තරග කළ ජගත් රෝහණ ලබාගත් ඡන්ද සංඛ්‍යාව 24කි.

නව නිලධාරී මණ්ඩලයේ ලේකම් තනතුර සඳහා ටී.එච්.එස්. ඉන්දික තේරී පත්වූයේ ඡන්ද 29ක් ලබා ගනිමිනි.

කෙසේ වෙතත්, මෙම නිලවරණය නීතිවිරෝධීයැ යි ප්‍රකාශ කරන ලෙස  ඉල්ලා හිටපු සභාපති ජස්වර් උමර් මේ වන විට අභියාචනාධිකරණය හමුවේ රීට් පෙත්සමක් ගොනුකර ඇති අතර පෙත්සම ලබන මස යළි කැඳවීමට නියමිත ය.


තහනම නිසා අහිමිවන්නේ මොනවාද?

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය පැනවූ මෙම තහනම හේතුවෙන් ශ්‍රී ලංකාවට අවාසි ගණනාවකට මුහුණපෑමට සිදුවෙයි. ඒ අනුව, ජාත්‍යන්තර ක්‍රීඩා ආධාර මෙන්ම ජාත්‍යන්තර තරගවලට ක්‍රීඩා කිරීමේ වරම්ද ශ්‍රී ලාංකික ක්‍රීඩකයින්ට අහිමිවී යනු ඇත.


# ආසන්න වශයෙන් වසරකට ඩොලර් මිලියන දෙකක ජාත්‍යන්තර ආධාර අහිමිවීම

# ජාතික කණ්ඩායමට මාර්තු, ජුනි සහ ඔක්තෝබර් මාසවල පැවැත්වෙන ජාත්‍යන්තර තරගවලට සහාභාගි විය නොහැකි වීම

# ආසියානු පාපන්දු සම්මේලනයේ තරගවලට නිතර සභාගීවන, ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ අනුමත ශ්‍රී ලාංකික තරග විනිශ්චයකරුවන්ගේ (විනිශ්චයකරුවන් 12ක්) පත්වීම් වහාම අත්හිටුවීම - ඔවුන්ට මෙම තහනම ඉවත්වන තුරු ජාත්‍යන්තර තරග, විශේෂයෙන්ම ආසියාතික තරග විනිශ්චය කිරීමේ හැකියාව අහිමිවී යනු ඇත

# ජාත්‍යන්තරයේ (මාලදිවයින වැනි රටවල) ක්‍රීඩා කරන ශ්‍රී ලාංකික ක්‍රීඩකයින්ට නැවතත් ශ්‍රී ලංකාවට පැමිණීමට සිදුවීම

# පාපන්දු ක්‍රීඩා කරන අනෙකුත් රටවල් 210 සමග ඇති සියලුම සම්බන්ධතා අත්හිටුවීම

# ජාතික කණ්ඩායමට කටාර් රාජ්‍යයෙන් ලබාදී තිබූ ජාත්‍යන්තර පාපන්දු පුහුණුකරුවන් දෙදෙනාගේ සේවය අත්හිටුවීම  

# ජාතික කණ්ඩායමට ලැබීමට නියමිත ජාත්‍යන්තර පුහුණු වැඩමුළු සියල්ල අත්හිටුවීම


තහනම ඉවත්කර ගන්නේ කොහොමද?

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය පනවා ඇති මෙම තහනම ඉවත්කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව සම්පූර්ණ කළ යුතු කාරණා කිහිපයකි.
ඒ අනුව,

# ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ හා ආසියානු පාපන්දු සම්මේලනයේ නියෝජිතයන්ගේ අධීක්ෂණය යටතේ කොළඹ දී පැවැත්වූ නිලවරණයකින් සැප්තැම්බර් මස 22 දින සම්මත කළ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නව ව්‍යවස්ථාව වලංගු ව්‍යවස්ථාව ලෙස පිළිගැනීම

# ජනවාරි 14 වැනිදා පැවැත්වූ නිලවරණය ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය හෝ ආසියානු පාපන්දු සම්මේලනය පිළිනොගන්නා බැවින්, එයට පෙර කටයුතු කළ නිලධාරි මණ්ඩලයට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ පරිපාලනය භාරදීම

# සැප්තැම්බර් මස 22 වැනි දින සම්මත වූ නව ව්‍යවස්ථාවට අනුකුලව ඉතාමත් ප්‍රජාතන්ත්‍රවාදීව හා ස්වාධීනව නව නිලවරණයක් පැවැත්වීම  

යළි සාමාජිකත්වය ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව විසින් මෙම කරුණු ඉටුකළ යුතුව ඇත.

(BBC සිංහල සේවය )



 

 
සබැඳි පුවත් :

'පාපන්දු තහනම ඉවත්කර ගැනීමට ජනපතිගේ මැදිහත්වීම අවශ්‍යයි' - ජස්වර් උමාර්

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර පාපන්දු තහනමක් !

ක්‍රීඩා ඇමතිගේ ගෑසට්ටුවට එරෙහිව ක්‍රීඩා සංගම් නඩු මගට

පාපන්දු නිලවරණය වලංගුද? නැද්ද? උසාවියෙන් නොතිසි

අලුත් පාපන්දු සම්මේලන නිලධාරින්ට එරෙහිව පෙනල්ටියක් !

ගෝලිව ඉවත් කර ගෝල් ගැසූ පාපන්දු නිලවරණය!

පාපන්දු නිලවරණයට පැය කිහිපයක් තිබියදී ඇමති රොෂාන් ෆවුල් පිට ෆවුල් ගසයි !

පාපන්දු නිලවරණය: ජස්වර් උමාර් සහ ශ්‍රී රංගා තරඟයට එයි

ක්‍රීඩා ඇමතිවරයාගේ ගැසට්ටුවෙන් ක්‍රීඩා සංගම් ලොක්කෝ රැසක් දොට්ට !

ක්‍රීඩා පනත සංශෝධනය කෙරේ : ක්‍රීඩා සංගම්වලට තහංචි පැනවේ!

ක්‍රීඩා ඇමති ගේමට බසී - ක්‍රීඩා සම්මේලන තනතුරු වලට සිමා පනවයි !

මෙරට තරුණ කණ්ඩායමට ආසියානු පාපන්දු තරගාවලිය අහිමි වෙයි!

පාපන්දුවට පංච පුද්ගල 'අතුරු කමිටුවක්' ! - අභියාචනාධිකරණයේදී එකඟවේ

පාපන්දු අර්බුදය : අභියාචනාධිකරණයෙන් ක්‍රීඩා අමාත්‍යංශයට නොතිසි !

'ශ්‍රී ලංකාව ජාත්‍යන්තර පාපන්දු තහනමක් අබියස' - ජස්වර් උමර්

පාපන්දු ප්‍රශ්නය විසඳන්න FIFA ලොක්කෝ එති - නිලවරණය මාස දෙකකින්

ක්‍රිකට් හා පාපන්දු සභාපතිවරු ඉලක්කකර අභියාචනා කමිටුවක් !

දේශපාලන ඇඟිලි ගැසීම් නිසා ලංකාව පාපන්දු තහනමක් අභියස!

පාපන්දු සම්මේලනය වසා දමයි! - වැටුප් ගෙවීමත් ප්‍රශ්නයක්

පාපන්දු සම්මේලනයේ නව ව්‍යවස්ථාව සම්මතයි -නිලවරණය ඔක් 23

පාපන්දු ව්‍යවස්ථාව සංශෝධනය අධීක්ෂණයට විදෙස් නියෝජිතයෝ එති

පාපන්දු නිලවරණය ගැන විශේෂ ගැසට් නිවේදනයක් !

පාපන්දු ප්‍රශ්නය විසඳන්න FIFA ලොක්කෝ එති - නිලවරණය මාස දෙකකින්

Football අර්බුදය පාර්ලිමේන්තුවට - අනුරගෙන් ඇමතිට ප්‍රශ්න 03ක්

 

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්