වනය වැනසී අලි ඇතුන් වඳවන විට රාජ්‍යය ද බිඳ වැටෙයි; කෞටිල්‍යගෙන් වත්මන් දේශපාලඥයන්ට පාඩමක්
පසුගිය නොවැම්බර් 7 වැනිදා ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පාර්ලිමේන්තුව හමුවේ ඉදිරිපත් කරනු ලැබූ අයවැය කතාවේ දී දැනට උග්‍ර ගැටලුවක්ව පවතින මිනිස්-අලි ගැටුම නිරාකරණය කරගැනීම සඳහා යම් යම් යෝජනා ගණනාවක් ඉදිරිපත් කරනු දක්නට හැකි විය.







