leader s

(මෙම ලිපිය “නායකයෙකු සොයන පuzzle එක” නම් විශේෂ ලිපි මාලාවේ දොළොස්වැන්නයි.)


ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසය පුරාම ජනතාව නැවත නැවතත් සොයාගෙන ඇත්තේ “ගැලවුම්කාර නායකයෙකු” ය.


වේදිකාව මත ගිගුරුම් දෙන, ජනතාවගේ කෝපය අවුස්සන, හැඟීම් කුළුගන්වන, “මම ඔබව බේරාගන්නම්” යැයි පොරොන්දු දෙන චරිත අපේ දේශපාලනයේ වීරයන් බවට පත්විය.

එහෙත් අද දශක හතකට පසුව අපට ඇසිය යුතු අමිහිරිම ප්‍රශ්නය මෙයයි:
 
අප එතරම් ආදරය කළ එම වීරයන්, අපට ශක්තිමත් රාජ්‍යයක් ගොඩනඟා දුන්නාද?
නැත්නම් අද අපි සිටින අර්බුදයේ නිර්මාණ ශිල්පීන් වූයේ ඔවුන්ද?
අද ශ්‍රී ලංකාව මුහුණ දී සිටින අර්බුදය හුදෙක් ආර්ථික අර්බුදයක් නොවේ.
 
what is leadership.jpg.optimal
එය නායකත්ව අර්බුදයකි.
එය ආයතන බිඳවැටීමේ අර්බුදයකි.
එය දේශපාලනය පුද්ගල වන්දනාවක් බවට පත්වීමේ අර්බුදයකි.

අප පද්ධති වෙනුවට පුද්ගලයන් විශ්වාස කළෙමු.
නීතිය වෙනුවට චාරිස්මාව විශ්වාස කළෙමු.
ආයතන වෙනුවට වීරයන් විශ්වාස කළෙමු.

එහි අවසාන ප්‍රතිඵලය වූයේ බංකොලොත් ආර්ථිකයක්, බිඳවැටුණු ආයතන සහ ඉච්ඡාබංගත්වයට පත් පුරවැසියෙකු සහිත රාජ්‍යයකි.

පසුගිය ලිපි එකොළහ පුරාම අප සාකච්ඡා කළේ මේ දේශපාලන ප්‍රහේලිකාව පිළිබඳවය.
 
“පරිවර්තනීය නායකත්වය” (Transformational Leadership) යනු ජනප්‍රිය දේශපාලන සටන් පාඨයක් නොව, එය ජනතාවගේ සිතීමේ ක්‍රමය, ආයතනික සංස්කෘතිය සහ රාජ්‍යයේ ක්‍රියාකාරීත්වය පරිවර්තනය කරන ගැඹුරු දේශපාලන සමාජ පරිවර්තන ක්‍රියාවලියක් බව අප විග්‍රහ කළෙමු.
නමුත් අවසානයේ පුරවැසියා ඉදිරියේ මතුවන ප්‍රායෝගික ප්‍රශ්නයක් ඇත.
 
8uty
“අද ශ්‍රී ලංකාවේ දේශපාලන භූමිය තුළ එවැනි පරිවර්තනීය නායකත්වයක ලක්ෂණ පෙන්වන චරිතයක් තිබේද?”

මෙම ප්‍රශ්නයට පිළිතුරක් සෙවීමේදී අප පක්ෂ භේදය, පුද්ගලික කැමැත්ත සහ ආවේග පසෙක තැබිය යුතුය.

ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක වත්මන් ආණ්ඩුවට ඇති ප්‍රධාන ව්‍යවස්ථාපිත විකල්පය වන්නේ විපක්ෂය සහ විපක්ෂ නායකත්වයයි.

එහි අනුව විකල්ප පරිවර්තනීය නායකයන්  සෙවීම ආරම්භ කිරීමට සිදුවන්නේ විපක්ෂනායකවරයාගෙනි.

එබැවින්, වත්මන් විපක්ෂ නායක සජිත්  පිළිබඳව විද්‍යාත්මක, විචාරශීලී සහ පරිවර්තනීය නායකත්ව න්‍යාය පදනම් කරගත් කියවීමක් කිරීම වැදගත්ය.
 
මෙය කිසිසේත්ම පුද්ගල වන්දනාවක් නොවේ.
එසේම දේශපාලන ප්‍රශස්තිකරණයක්ද නොවේ.
මෙම ලිපියේ අරමුණ “සජිත් ප්‍රේමදාස” නම් පුද්ගලයාගේ දේශපාලන ප්‍රචාරණය නොව, ඔහු නියෝජනය කරන නායකත්ව ආකෘතිය පරිවර්තනීය නායකත්වයේ මූලධර්ම සමඟ කොතරම් දුරට ගැළපේද යන්න විමසා බැලීමයි.
 
“ප්‍රතිරෝධයේ දේශපාලනය” සිට “ක්‍රියාකාරී දේශපාලනය” දක්වා
 
Sajith Premadasa 111 766872
ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික විපක්ෂ දේශපාලනය බොහෝවිට ගොඩනැගී තිබුණේ “ප්‍රතිරෝධය” මතය.
ආණ්ඩුව විවේචනය කිරීම, උද්ඝෝෂණ කිරීම, පාර්ලිමේන්තුවේ ගැටුම් ඇති කිරීම සහ ඊළඟ මැතිවරණය තෙක් බලා සිටීම — විපක්ෂ දේශපාලනයේ ප්‍රධාන රාමුව එය විය.
දේශපාලන විද්‍යාවේදී මෙය “Negative Politics” ලෙස හඳුන්වයි.

එනම්, පවතින පාලනයට ප්‍රතිචාර දක්වන නමුත් විකල්ප පාලන ආකෘතියක් නිර්මාණය නොකරන දේශපාලනයකි.
 
නමුත් සජිත් ගේ දේශපාලන හැසිරීම තුළ දක්නට ලැබෙන වෙනසක් වන්නේ, ඔහු විපක්ෂ නායක කාර්යාලය “විවේචන මධ්‍යස්ථානයක්” ලෙස පමණක් නොව, “ක්‍රියාකාරී සංවර්ධන වේදිකාවක්” ලෙස භාවිත කිරීමට උත්සාහ කිරීමයි.
 
“සක්වල” වැඩසටහන හරහා පාසල්වලට පරිගණක, ස්මාර්ට් පන්ති කාමර, බස් රථ සහ තාක්ෂණික පහසුකම් ලබාදීමත්, “හුස්ම” වැඩසටහන හරහා රෝහල්වලට වෛද්‍ය උපකරණ සැපයීමත් ඒ සඳහා උදාහරණ ලෙස දක්විය හැකිය.
 
1672200611913
මෙවැනි වැඩසටහන් දේශපාලනිකව විවිධ විවේචනවලට ලක්විය.

සමහරු එය “ප්‍රචාරක දේශපාලනයක්” ලෙස දුටහ.

තවත් සමහරු එය “මැතිවරණ ආයෝජනයක්” ලෙස හැඳින්වූහ.

එහෙත් නායකත්ව න්‍යායන්හි ඇසින් බලන විට මෙහි තවත් කියවීමක් තිබේ.

පරිවර්තනීය නායකයෙකු ජනතාවට දේශන පවත්වන්නෙක් පමණක් නොවේ. ඔහු තමන්ගේ ක්‍රියාකාරීත්වය තුළින් “වෙනසක් කළ හැක” යන විශ්වාසය ජනතාව තුළ ගොඩනගයි.

ඔහු “වචන” වලට වඩා “ක්‍රියාව” මගින් දේශපාලන පණිවිඩයක් ලබාදෙයි.

දේශපාලන විද්‍යාවේ සහ නායකත්ව න්‍යායන්හි ඇසින් බලන විට, මෙය ‘පරිවර්තනීය නායකත්වයේ’ (Transformational Leadership) ප්‍රධානම ලක්ෂණයක් වන “පරදර්ශී ආදර්ශය” (Role Modeling) සහ “ප්‍රායෝගික කාර්යසාධනය” (Practical Task Orientation) පිළිබඳ නිදසුනකි.
 
නායකත්ව න්‍යාය පිළිබඳ ප්‍රවීණයෙකු වන මහාචාර්ය ආචිබොල්ඩ් බ්‍රවුන් පවසන පරිදි, සැබෑ නායකයෙකු යනු “බලය ලැබෙන තුරු බලා සිටින පුද්ගලයෙකු නොව, තමන් සිටින තැන සිටම සමාජ පරිවර්තනය සඳහා උත්ප්‍රේරකයක් (Catalyst) සපයන පුද්ගලයෙකු” ය. මේ අර්ථයෙන් බලන විට, සජිත් විපක්ෂයේ භූමිකාව “නිශේධාත්මක” (Negative) තැනක සිට “ධනාත්මක සහ නිර්මාණාත්මක” (Positive and Constructive) තැනකට පරිවර්තනය කළ බවට තර්ක කළ හැකිය.
 
මෙහි ඇති වැදගත්ම දේශපාලන මනෝවිද්‍යාත්මක වෙනස වන්නේ, ඔහු ජනතාවට “බලය නැතිවද වැඩ කළ හැක” යන පණිවිඩය ලබාදීමයි. ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ බොහෝ දෙනා බලයට පැමිණෙන තුරුම සියලු වගකීම් කල් දමති. නමුත් සජිත් ගේ දේශපාලන හැසිරීම තුළ පෙනෙන්නේ “Power is not only position; power is initiative” යන අදහසයි. එනම් බලය යනු තනතුරක් පමණක් නොව, ක්‍රියාකාරී මැදිහත්වීමක් බවයි.
 
Screenshot 20251228 160818 WhatsApp
බලය නොමැතිව ව්‍යුහාත්මක සේවාවක් කළ හැකි නායකයෙකුට රාජ්‍ය බලය, ආයතනික යන්ත්‍රණය සහ ප්‍රතිපත්තිමය මෙවලම් ලැබුණු විට සිදුවිය හැකි පරිවර්තනය කුමක්ද යන්න පිළිබඳව සිතීමට මෙමඟින් පුරවැසියාට “Orientation for Thinking” — එනම් “සිතීමට මඟ පෙන්වීමක්” — සැපයෙයි.
 
මෙම අර්ථයෙන් බලන විට, සජිත් ප්‍රේමදාස විපක්ෂයේ භූමිකාව “නිශේධාත්මක දේශපාලනයෙන්” “ධනාත්මක මැදිහත්වීමක්” දක්වා ගෙන ඒමට උත්සාහ කරන බව පෙනේ.
 
ජනප්‍රියත්වය සහ පරිවර්තනය අතර වෙනස

මෙහිදී අප ඉතා ප්‍රවේශමෙන් තේරුම් ගත යුතු කරුණක් ඇත.

ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ “ජනප්‍රිය” වීම සහ “පරිවර්තනීය” වීම එකම දෙයක් නොවේ.

ජනප්‍රිය නායකයෙකුට ජනතාවගේ හැඟීම් උණුසුම් කළ හැකිය.
 
138461440 15707509286461n
ඔහුට විශාල ජනකායක් රැස් කළ හැකිය.
 
නමුත් පරිවර්තනීය නායකයෙකු ජනතාවගේ සිතීමේ ක්‍රමය වෙනස් කරයි.
ඔහු ආයතන ගොඩනගයි.
ඔහු අනාගත දැක්මක් නිර්මාණය කරයි.
සජිත් ප්‍රේමදාසගේ දේශපාලන ශෛලිය තුළ මෙම අංශ දෙකම මිශ්‍ර වී ඇති බව පෙනේ.

එක් අතකින් ඔහු ජනතා ආකර්ෂණය ලබාගැනීමට දක්ෂයෙකි.

අනෙක් අතින් ඔහු නිතරම තාක්ෂණය, අධ්‍යාපනය, ඩිජිටල්කරණය සහ දැනුම පදනම් කරගත් ආර්ථිකයක් පිළිබඳ කතා කරයි.

මෙය සාම්ප්‍රදායික ශ්‍රී ලාංකික දේශපාලනයෙන් වෙනස්ය.

මන්ද අපේ දේශපාලනය බොහෝවිට ගොඩනැගී තිබුණේ අතීත මතක, ජාතිවාදී හැඟීම් සහ ආවේග මතය.

නමුත් සජිත්ගේ දේශපාලන භාෂාව තුළ “Future-oriented Politics” — අනාගත කේන්ද්‍රීය දේශපාලනයක ලක්ෂණ පෙනේ.

ජනතා සහභාගිත්ව දර්ශනය
 
v56u75
ගම්මානයේ පාර අයිනේ සිට මහනුවර, මාතර, අනුරාධපුරය දක්වා ජනතාවගේ හඬට සවන් දෙන නායකත්වයක් ගැන අද දේශපාලන වේදිකාවේ වැඩි කතාබහක් ඇතිවෙමින් පවතී. ඒ “ජනතා සහභාගිත්ව දර්ශනය” යන අදහසයි. මෙය ජනතාවට ඡන්දය දීමේ අයිතිය පමණක් නොව, රටේ සංවර්ධනය හා තීරණ ගැනීමේ ක්‍රියාවලියේ සෘජු හවුල්කරුවන් වීමේ අවස්ථාවද ලබාදෙන ප්‍රජාතන්ත්‍රවාදී දර්ශනයකි.
 
මෙම දර්ශනය තුළ නායකයා යනු අණ දෙන බලධාරියෙකු නොවේ. ඔහු ජනතාවගේ බලාපොරොත්තු, ගැටලු සහ සිහින එකට ගෙන ඒවා ප්‍රතිපත්ති බවට පරිවර්තනය කරන සම්බන්ධීකාරකයකි. ඊට පහසුකම් සලසන්නෙකි. ගමේ කාන්තාවකගේ ආර්ථික අරගලයත්, තරුණයෙකුගේ රැකියා බලාපොරොත්තුවත්, දරුවෙකුගේ අධ්‍යාපන සිහිනයත් දේශපාලන සංවාදයේ මධ්‍යයට ගෙන ඒම මෙම දර්ශනයේ හදවත වේ.
මෙම න්‍යාය සමඟ සජිත් ප්‍රේමදාසගේ දේශපාලන භාවිතාව බොහෝ දෙනා සම්බන්ධ කරයි. ග්‍රාමීය සංවර්ධනය, නිවාස වැඩසටහන්, තරුණ හා කාන්තා බලගැන්වීම සහ ජනතාව සමඟ සෘජු සම්බන්ධතාව පවත්වා ගැනීම ඔහුගේ දේශපාලන ශෛලියේ කැපී පෙනෙන ලක්ෂණ බවට පත්ව ඇත.

ඒ අනුව, මෙම නායකත්ව ආකෘතිය ජනතාව “ඡන්ද බැංකුවක්” ලෙස නොව, රට ගොඩනගන සැබෑ හවුල්කරුවන් ලෙස සැලකීමට උත්සාහ කරන නව දේශපාලන සංස්කෘතියක් ලෙස දැක්විය හැකිය. ජනතාවගේ හඬට ඉඩ දෙන දේශපාලනයක් — එයයි ජනතා සහභාගිත්ව දර්ශනයේ සැබෑ අරුත.
 
ජනතා සහභාගිත්ව දර්ශනය (People’s Participatory Philosophy) කියන්නෙ පාලන ක්‍රියාවලීන්, සංවර්ධන සැලසුම් සහ සමාජ තීරණ ගැනීමේ ක්‍රියාවලිය තුළ ජනතාව සෘජුවම සහ ක්‍රියාකාරීව සම්බන්ධ විය යුතු බව අවධාරණය කරන ප්‍රජාතන්ත්‍රවාදී න්‍යායික රාමුවකි. මෙම දර්ශනය තුළ නායකයාගේ භූමිකාව වන්නේ කේන්ද්‍රයේ සිට  තීරණ ගෙන ඉහල සිට පහළට දැනුම් දෙන බලධාරියෙකු ලෙස නොව, ජනතාවගේ අදහස්, අවශ්‍යතා සහ අභිලාෂයන් සමඟ සම්බන්ධ වී ඒවා ප්‍රතිපත්ති හා ක්‍රියාමාර්ග බවට පරිවර්තනය කරන සම්බන්ධක නායකයෙකු ලෙස ක්‍රියා කිරීමයි.
සමාජ ප්‍රජාතන්ත්‍රවාදය සහ “අන්තිම මිනිසා”

සජිත් ප්‍රේමදාසගේ දේශපාලනයේ කේන්ද්‍රීය තේමාවක් වන්නේ “අන්තිම මිනිසා” “ආන්තික මිනිසා” (marginalized man )ය.

මෙය ඔහුගේ පියා වූ රණසිංහ ප්‍රේමදාස මහතාගේ දේශපාලන දර්ශනයේද කේන්ද්‍රීය අංගයක් විය.
 
sajith premadasa and r premadasa
කෙසේ වෙතත්, මෙහි වැදගත් වෙනසක් තිබේ.

සාම්ප්‍රදායික දේශපාලනය තුළ දුප්පත්කම පිළිබඳ කතා කළේ බොහෝවිට සහනාධාර දේශපාලනයක් ලෙසය.

නමුත් සජිත්ගේ දේශපාලන භාෂාව තුළ පෙනෙන්නේ “Human Capital Development” — මානව ප්‍රාග්ධනය සංවර්ධනය කිරීමේ අදහසකි.

ඔහු ග්‍රාමීය පාසල්වලට තාක්ෂණික පහසුකම් ලබාදීම, තරුණයන්ට IT සහ ඉංග්‍රීසි අධ්‍යාපනය අවධාරණය කිරීම, දුප්පත් පවුල්වල දරුවන් knowledge economy එකකට සූදානම් කිරීම පිළිබඳ කතා කිරීම මෙයට නිදසුනකි.

මෙය හුදෙක් සුභසාධනවාදයක් නොවේ.

එය දුප්පත්කම පිටුදැකීම සඳහා මානව හැකියාවන් වර්ධනය කිරීමේ ප්‍රවේශයකි.
 
lula39
ලෝකයේ අවධානයට ලක් වූ පරිවර්තනීය නායකයකු වන බ්‍රසීලයේ ලූලා ද සිල්වාගේ “Bolsa Família” වැඩසටහනද ගොඩනැගී තිබුණේ මෙම දර්ශනය මතය — දුප්පත්කම පිටුදැකීම යනු පුණ්‍යාධාර ලබාදීම නොව, ජනතාවගේ හැකියාවන් වර්ධනය කිරීම බව.
 
විශේෂඥ දැනුමට ගරු කිරීම

ශ්‍රී ලංකාවේ පසුගිය දශක කිහිපයේ ලොකුම අර්බුදයක් වූයේ “සියල්ල දන්නා නායකයා” “හැමදේටම අත දැමීම”,  “හැමදේටම තමන් නැතුව බැරි කෙනෙක් යැයි සිතීම” යන මිථ්‍යාවයි.

එහි ප්‍රතිඵලය වූයේ විශේෂඥයන් පසෙකට දැමීම, ආයතන දුර්වල කිරීම සහ තීරණ පුද්ගලීකරණය වීමයි.

මෙහිදී සජිත් ප්‍රේමදාසගේ ප්‍රවේශය තුළ දක්නට ලැබෙන වැදගත් ලක්ෂණයක් වන්නේ ඔහු තමන් වටා විශේෂඥයන්, ආර්ථික විද්‍යාඥයන් සහ ප්‍රතිපත්ති සම්පාදකයන් එකතු කර ගැනීමට දක්වන උත්සාහයයි.
 
BLUE PRINT 750x375
පරිවර්තනීය නායකත්වයේ වැදගත් ලක්ෂණයක් වන්නේ “team-based governance” — කණ්ඩායම් පාලනයයි.

සැබෑ නායකයෙකු යනු සියල්ල දන්නා පුද්ගලයෙකු නොවේ.

ඔහු නිවැරදි පුද්ගලයන් නිවැරදි ස්ථානවල තැබිය හැකි පුද්ගලයෙකි.

කෙසේ නමුත් සජිත් පිළිබඳව විවේචනද ඇත.
 
සමහරු පවසන්නේ ඔහු තවමත් ප්‍රතිපත්තිමය ගැඹුරකට වඩා “project politics” — ව්‍යාපෘතිමය දේශපාලනය — කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන බවයි.
ඔහු කරන කියන දේ ජනතාවට තේරෙන්නෙ නෑ යන්න තවත් චෝදනාවකි.

එම විවේචනය සම්පූර්ණයෙන්ම ඉවත දැමිය නොහැක.

නමුත් එයම විවාදයට ලක්විය යුතු ප්‍රශ්නයකි:
 
ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ ජනතාවට දෘශ්‍යමාන ක්‍රියාකාරීත්වයක් අවශ්‍යද?
නැත්නම් purely policy-driven politics එකක් පමණක් ප්‍රමාණවත්ද?
 
අවසාන ප්‍රහේලිකාව: අප තවමත් සොයන්නේ කවුද?

මෙම ලිපියේ අරමුණ සජිත් ප්‍රේමදාස “එකම ගැලවුම්කාරයා” ලෙස ඉදිරිපත් කිරීම නොවේ.

එවැනි දේශපාලන භක්තියකට මෙම ලිපි මාලාවේ කිසිදු සම්බන්ධයක් නැත.
 
Sajith Premadasa 1200x675px 26 09 25 1000x600
නමුත් අද ශ්‍රී ලංකාවේ දේශපාලන යථාර්ථය තුළ, ව්‍යවස්ථාපිත විකල්ප නායකයා ලෙස, පරිවර්තනීය නායකත්වයේ ඇතැම් ලක්ෂණ පෙන්වන ප්‍රධාන දේශපාලන චරිතයක් ලෙස, සජිත් ප්‍රේමදාස විචාරශීලීව අධ්‍යයනය කළ යුතු බව පැහැදිලිය.

ශ්‍රී ලංකාවට තවත් එක් චාරිස්මාත්මක “වේදිකා වීරයෙකු” අවශ්‍ය නැත.

අපට අවශ්‍ය වන්නේ,
• ආයතන ගොඩනගන,
• විශේෂඥ දැනුමට ගරු කරන,
• තාක්ෂණය සහ දැනුම මත රට ගොඩනගන,
• පුළුල්  සමාජ දේශපාලන පරිවර්තනයක් වෙනුවෙන් කැපවෙන,
• ජනතාව අන්ධ අනුගාමිකයන් නොව විචාරශීලී පුරවැසියන් බවට පත් කරන, පුරවැසියා සම්බන්ධ කර ගනිමින් පුරවැසියා සමඟ එකට සිට ගෙන  ගමන් කරන නායකත්වයකි.

සජිත් ප්‍රේමදාස එම පරිවර්තනීය නායකත්වයේ හැකියාව නියෝජනය කරන්නේද යන්න නිශ්චය කිරීම දැන් ශ්‍රී ලංකාවේ පුරවැසියා සතු බුද්ධිමය වගකීමකි.

(සෙස්ස ලබන සිකුරාදාට)
 
| මහාචාර්ය ප්‍රදීප් එන්’ වීරසිංහ
ජනමාධ්‍ය අධ්‍යයන අංශය
කොළඹ විශ්ව විද්‍යාලය

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

සබැඳි ලිපි :

 
නායකයෙකු සොයන පuzzle එක- 09 - ඡන්දදායකයාගේ සිත පාලනය කරන සැඟවුණු අධිරාජ්‍යය | මහාචාර්ය ප්‍රදීප් එන්’ වීරසිංහ

නායකයෙකු සොයන පuzzle එක- 08 - මාධ්‍ය දේශපාලන දැන්වීම්: ප්‍රජාතන්ත්‍රවාදයේ සැඟවුණු ඝාතකයා | මහාචාර්ය ප්‍රදීප් එන්’ වීරසිංහ

නායකයෙකු සොයන පuzzle එක – (7) අසාර්ථක රාජ්‍යයෙන් ඉදිරියට: පාර්ලිමේන්තුව තුළ දෙවන මහජන මන්ත්‍රණ සභාවක්! | මහාචාර්ය ප්‍රදීප් එන්’ වීරසිංහ


නායකයෙකු සොයන පuzzle එක – 5 : වීරයෙක් නොව, පද්ධතියක් සහ විචාරශීලි පුරවැසියෙක් ගොඩනගන නායකත්වයක් අපට අවශ්‍ය ඇයි? | මහාචාර්ය ප්‍රදීප් එන්’ වීරසිංහ

නායකයෙකු සොයන පuzzle එක – 4
ශ්‍රී ලංකාවට “සිතීමට මඟ පෙන්වීමක්” කරන පරිවර්තනීය නායකයෙක්: Lula
මහාචාර්ය ප්‍රදීප් එන්’ වීරසිංහ


පරිවර්තනීය නායකයෙක්! - නායකයෙකු සොයන පuzzel එක - 3 | මහාචාර්ය ප්‍ර‍දීප් එන්’ වීරසිංහ

නායකයකු සොයන පuzzle එක -02 : ජනකාන්ත නායකත්වය එදිරිව පරිවර්තනීය නායකයෙක් ! | මහාචාර්ය ප්‍රදීප් එන්’ වීරසිංහ

 

whatsapp 202507155



  • මෙම ලිපිය නිදහස් ලේඛකයෙකු/ලේඛිකාවක විසින් සම්පාදනය කර ඇති අතර ලිපියේ අන්තර්ගත කරුණු, තොරතුරු, සංඛ්‍යාලේඛන සහ මූලාශ්‍ර වල නිරදව්‍යතාවය පිළිබඳව වගකීම එම ලේඛකයා/ලේඛිකාව විසින් දරනු ලබයි.

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්