ගෙන්දගම් පොළොව 25 : මේකා කොළඹ ඇවිත් තියෙන්නෙ පික්චර් බලන්නලු... | ජයසිරිගේ අලුත්ම නවකතාව
මෙතන ඉඳල මම කියන සමහර දේවල් පට්ටපල් බොරු කියල දන්නෙ මම විතරයි. ඒත් කරන්න දෙයක් නෑ. මොකද මම ගාල්ල අතහැරල එන්න හිතපු ඇත්ත ම ඇත්ත කාරණය මෙතන

මෙතන ඉඳල මම කියන සමහර දේවල් පට්ටපල් බොරු කියල දන්නෙ මම විතරයි. ඒත් කරන්න දෙයක් නෑ. මොකද මම ගාල්ල අතහැරල එන්න හිතපු ඇත්ත ම ඇත්ත කාරණය මෙතන
''ඔවු... අපි නිකමට වගේ අහමු... අහල ඔයා කියපු එක හරිනං විතරක් අපි පේමයියගෙං එහෙම ඇහුවෙ ඇයි කියල එයාට කියමු. කමක් නෑ නෙ...?''
''හරි... මං රොහාන් කියන්නම්කො... අන්න අර පත්තර ගොඩෙන් පත්තර පිටුවක් අරගෙන ගුළි කරලා මේ පාන් රෝස් පාන් දාන කබඩ් එක පිහිදාන්නකො. දැං මැනේජර්කාරය එන වෙලාව. ඔය හිස් කබඩ් එකේ පාන් රෝස්පාන් කුඩු තියෙනව දැක්කොත් මිනිහ කෑගහනව.''