වායාම 68 : සමනාරාමයේ සමනයන් - (සුජිත් අක්කරවත්ත)
පණ්ඩුකාභය රජුගේ බහුත්ව අරගලය ජය ලබන සිදුවීම සිදුවන විට ලංකාව කෙසේ තිබෙන්න ඇතිද. එය එසේ චිත්රණයට නංවා ගැනීම ගැන කතිකාවක් තවමත් දියත්ව නැත. එමෙන්ම ඒ සඳහා සහභාගී වූ සමාජ සහ පුද්ගල බලවේග මෙන්ම දාර්ශනික ගුරුකුල අරභයා විවරණයක් සිදුවී නොමැත.