ගෙන්දගම් පොළොව 14 : මෙව්වට කියන්නෙ ප්ලැට්පෝම් ටිකට් (flatform ticket) කියල | ජයසිරිගේ අලුත්ම නවකතාව
‘‘සුසා... මොකද්ද අප්පා ඒ එන ගඳ...’’

‘‘සුසා... මොකද්ද අප්පා ඒ එන ගඳ...’’
‘‘අනේ මං දන්නෑ නෑ සුසා... ඒක බයක් කිව්වට එහෙම මිනිස්සුන්ට තියෙන බයක් හෙම නෙවෙයි... වෙන මොකක් දෝ එකක්.
ඈත ලයිට් එළිය තියෙන තැනක් පෙන්නපු මම එතන තිබුණ, කවුරුවත් නැති හිස් බංකුවත් පෙන්නලා ඒ පැත්තට යන්න සුදානම් වෙද්දි ම යසසිරිත් ‘‘යං’’ කියාගෙන මගේ පස්සෙන් ආවා.
‘‘ඒක නෙවෙයි යසේ... ඔය ‘එස්. ඩබ්ලියු. ආර්. ඩී.’ කියන අකුරුවල තේරුම ඔහේ දන්නවයි...?’’
‘‘යසේ... ඔයැයි ආසෙයි ආයිත් ලේක්හවුස් එක බලන්න...?’’
සුසන්ත මාවත් ඇදගෙන පිචර් හෝල් එක ඇතුළට ගිහින් බංකුවක වාඩි වුනාටත් පස්සෙ තමයි මම ‘‘මොකක්ද සුසා මේ හෝල් එක...?’’ කියල ඇහුවෙ.
‘‘මහත්තයො... මේ... සුසන්තට මෙහේ මුකුත් රස්සාවක් නැතෙයි...,?’’
මේ හෝටලේ නං රස්සාවක් ලැබුනත් කරන්නෙ නෑ කියල හිතාගත්තු මම එහෙම කිව්වෙ එතනින් ඉක්මනට ම යන්න බලාගෙන.
‘‘පැනසොනික් කඩේ කියන්නෙ ද... මෙහෙමයි... ඒ කඩේ තියෙන්නෙ නැෂනල් පැනසොනික් කියන කොම්පැනියෙ කැසට් රෙකොඩර්. එතන පොඩි කැසට් රෙකෝඩරයෙ ඉඳල විසාල සෙටප්වලට යනකන් තියෙනවා.
උදේ වගේ ම දෙමළෙන් මොනවද කියල හයියෙන් කෑ ගහපු වේටර් කෑම පැන්ට්රිය පැත්තට ගියා. මට භාෂාව නොතේරුණාට උදේ සිද්ධිය නිසා හිතුණ අනිවාර්යයෙන් ඒ ඕඩර් කරන්න ඇත්තෙ අපේ කෑම එක කියල. ඒ එක්කම ලොකු කෙහෙල් කොළයකුයි, වතුර කෝප්ප දෙකකුයි, අත හෝදන කෝප්පෙකුයි ගෙනත් තියපු වේටර් ආ සැණින් ම ආපහු ගියා.
‘‘සයිවර් කඩේ කොහේ ද තියෙන්නෙ... ඔහේ දන්නවයි කඩේ තියෙන තැන...?’’
මගේ දකුණු අත පැත්තෙ වාඩි වෙලා හිටපු විනීත එහෙම අහද්දි වම් අත පැත්තෙ වාඩිවෙලා හිටිය කමලත් නැගිටලා මගේ ඔළුව අතගැවා;