
‘‘මල්ලි... මක්කයි කල්පනා කරන්නෙ... ඔහේට හෙට දවල් එක වෙද්දි එන්නෙයි කියල තමයි පෙරේරා මහත්තෙය කිව්වෙ. වැඩ අඩු තැනකට දාල දෙන්නං කිව්වෙ.
‘‘එන්නකො එන්නකො... මාත් එක්ක යන්න එන්නකො...’’ කියන අතර ම ඒ මනුස්සයා කෝච්චිය අල්ලන්න දුවන මිනිහෙක් වගේ දුවන්න ගත්තා. මමත් ඉතිං යන්නෙ
‘‘අපි දන්නෙද්ද බං උඹ ගෙන. උඹ ගෙන හොද්දට්ට දන්න හිංදනෙ අපේ ම තෙනක නවත්තගන්නෙ... නෙද්ද අක්කා...?’’
කමලනී හෙවත් කමලා
‘‘ඒ කිව්වෙ ද... හම්ම්ම්... මෙන්න මෙතනිං අස්සන් කරනවකො... මේං මේ උඩ තියෙන ටිකත් කියවලා ම අස්සන් කරනවකො...
‘‘ඔවු මැනේජර් මහත්තයො. මට රොහාන් ඒ ගැන දෙඩුවා. හැම දෙයක් ම පංගාර්තු කරල තියෙන්නෙ එවුන්ගෙ මහ එකී ජෙසික ලු.
මම එහෙම ඇහුවෙ මම කොටුවෙ ලයිට් හවුස් එක ගාවට යද්දිත් සාජ්ජ දාන දවස්වල වගේ ම හතර දෙනා ම බිම වාඩිවෙලා මම එන තුරු බලාගෙන හිටපු නිසා.
රොහාන් එක දිගට ම කියවගෙන ගියේ බස් ස්ටෑන්ඩ් එකේ තෙල් බෙහෙත් විකුණන මිනිහ වගේ.
‘‘හරි කමක් නෑ. දැං ගිය දේ ගියාවෙ. මං කිව්වට ඊළඟ මාසෙ පඩි ගත්තම දවාලක ඕෆ් එකක් අරගෙන මාත් එක්ක බැංකුවට යං.
ඇත්තට ම එහෙම වෙන්න පුළුවං. ඒක ඇත්ත. මොකද මම දැං මෙහාට ඇවිත් අවුරුද්දකටත් වැඩියි නෙ.
‘‘හරි හරි... මට ඔයැයි කියන හැම දෙයක් ම තේරෙනව. ඔයැයි හිත හොඳ කොල්ලෙක් කියලත් අපි දන්නව.