The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

රනිල්ගේ ආණ්ඩුවට පාපන්දු ජාත්‍යන්තරයෙන් කනේ පාරක් ! - ශ්‍රී ලංකාවේ පාපන්දු තහනමට රටවල් 197ක් එක්වේ

T

The Leader Desk

March 16, 2023 • 7:44 PM

රනිල්ගේ ආණ්ඩුවට පාපන්දු ජාත්‍යන්තරයෙන් කනේ පාරක් ! - ශ්‍රී ලංකාවේ පාපන්දු තහනමට රටවල් 197ක් එක්වේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තර පාපන්දු තහනමක් පැනවීමට සහය පළකරමින් රටවල් 197 ක් අද දින (16) ඡන්දය ලබා දී ඇත.
  • රටවල් 197 ක් එම තීරණයට එළඹුනේ, ශ්‍රී ලංකා ක්‍රීඩා අමාත්‍යාංශයේ අනිසි බලපෑම්, ක්‍රීඩාවේ ස්වාධීනත්වය කඩකිරීම, අත්තනෝමතික ලෙස නවරෙගුලාසි පැනවීම, සාධාරණ නිලවරණය පැවැත්වීම සඳහා එකගවුනු නිලවරණමාර්ග සිතියම ඒක පාර්ශවිකව කඩ කිරීම වැනි කරුණු සලකා බලාය.
  • ලෝකයේ බොහෝ රටවල් ක්‍රීඩාව සඳහා තමන්ගේ නීති රීති, මානව හිමිකම් කටයුතු ආදිය බොහෝ දේවල් වෙනස් කරගෙන යන මේ අවස්ථාවේ ශ්‍රී ලංකාව ක්‍රීඩාවට අනුකූල නොවන නව ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම කණගාටුදායක බව බොහෝ රටවල් සිය කනස්සල්ල පල කර ඇත.
  • මෙම ජාත්‍යන්තර තහනම රනිල් වික්‍රමසිංහ රජයට විශාල පහරක් බව බොහෝ ජාත්‍යන්තර විචාරකයෝ පවසති.
අකුරු ප්‍රමාණය (Font Size):



ලෝක පාපන්දු සම්මේලනයේ මහාසභා රැස්වීම රටවල් 208 ක සහභාගීත්වයෙන් රුවන්ඩාවේ කිගාලි අගනුවරදී පැවැත්වූ අවස්ථාවේදී මෙසේ ශ්‍රී ලංකාවට එරෙහි තහනම සම්මත වී තිබේ.

රටවල් 197 ක් එම තීරණයට එළඹුනේ, ශ්‍රී ලංකා ක්‍රීඩා අමාත්‍යාංශයේ අනිසි බලපෑම්, ක්‍රීඩාවේ ස්වාධීනත්වය කඩකිරීම, අත්තනෝමතික ලෙස නවරෙගුලාසි පැනවීම, සාධාරණ නිලවරණය පැවැත්වීම සඳහා එකගවුනු නිලවරණමාර්ග සිතියම ඒක පාර්ශවිකව කඩ කිරීම වැනි කරුණු සලකා බලාය.

ලෝකයේ බොහෝ රටවල් ක්‍රීඩාව සඳහා තමන්ගේ නීති රීති, මානව හිමිකම් කටයුතු ආදිය බොහෝ දේවල් වෙනස් කරගෙන යන මේ අවස්ථාවේ ශ්‍රී ලංකාව ක්‍රීඩාවට අනුකූල නොවන නව ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම කණගාටුදායක බව බොහෝ රටවල් සිය කනස්සල්ල පල කර ඇත.



මෙම ජාත්‍යන්තර තහනම රනිල් වික්‍රමසිංහ රජයට විශාල පහරක් බව බොහෝ ජාත්‍යන්තර විචාරකයෝ පවසති. IMF වැනි ජාත්‍යන්තර ආයතන යහපත් සහ ස්වාධීන පාලනය, මානව හිමිකම් ආරක්ශා කිරීම වැනි ප්‍රතිපත්ති බලාපොරොත්තු වෙන මෙවැනි වකවානුවේ, ක්‍රීඩාවේ ස්වාධීනත්වය දේශපාලන අරමුණ හරහා පවත්වාගෙන යාමට ශ්‍රීලංකව ගෙනයන උත්සාහය ලෝක ප්‍රජාව විසින් හෙලා දැක ඇත.



මෙවැනි ජාත්‍යන්තර අපකීර්තිය රජය සහ ජනාධිපතිවරයාගේ අවධානයට ගෙනයාමට ජාත්‍යන්තර ප්‍රජාව කටයුතු කිරීමට සූදානම් බවත් මෙහිදී ප්‍රකාශ වී තිබේ.

මෙම ජාත්‍යන්තර පාපන්දු තහනම නිසා ශ්‍රී ලංකාවට 2026 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරඟ, ආසියානු කුසලාන තරග දකුණු ආසියානු කුසලාන තරග පවා අහිමිවී ඇත. එසේ  සිදු වුවහොත්, ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට අවුරුදු 4 කට ලෝක කුසලාන තරඟ අහිමි වන අතර මීළඟ සුදුසුකම් ලැබීමේ තරග නැවත ලැබෙන්නේ 2027 වසරේදීය.

මීට අමතරව, රටවල් 211 සඳහා පරිත්‍යාග කිරීමට නියමිත ඩොලර් මිලියන ගනන් මුදලක් ලංකාවට අහිමි වී ඇත. මෙවර ලෝක පාපන්දු සම්මේලනයට වාර්තාගත ආදායමක් ලෙස ඩොලර් බිලියන 7.6 ලැබී තිබේ.

මේ සමඟ රටවල් වලට දීමට තිබෙන ආධාර 30% කින් වැඩි කිරීමට අද අනුමැතිය ලැබී තිබුණි. මෙම ආධාර ශ්‍රී ලංකාවට සහ සිම්බාබ්වේ රටවල් දෙකට අත්හිටුවා තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ මැදිහත් වීමෙන් පමණක් මෙම තහනම ඉවත් කිරීමට ඉඩකඩ තිබෙන බව පාපන්දු ක්ෂේත්‍රයේ ප්‍රවිනයින්ගේ මතය වී ඇත.



මුලාශ්‍රය :

LIVE: The 73rd FIFA Congress | Kigali, 16 March 2023

 

 
ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර පාපන්දු තහනමක් !

ක්‍රීඩා ඇමතිගේ ගෑසට්ටුවට එරෙහිව ක්‍රීඩා සංගම් නඩු මගට

පාපන්දු නිලවරණය වලංගුද? නැද්ද? උසාවියෙන් නොතිසි

අලුත් පාපන්දු සම්මේලන නිලධාරින්ට එරෙහිව පෙනල්ටියක් !

ගෝලිව ඉවත් කර ගෝල් ගැසූ පාපන්දු නිලවරණය!

පාපන්දු නිලවරණයට පැය කිහිපයක් තිබියදී ඇමති රොෂාන් ෆවුල් පිට ෆවුල් ගසයි !

පාපන්දු නිලවරණය: ජස්වර් උමාර් සහ ශ්‍රී රංගා තරඟයට එයි

ක්‍රීඩා ඇමතිවරයාගේ ගැසට්ටුවෙන් ක්‍රීඩා සංගම් ලොක්කෝ රැසක් දොට්ට !

ක්‍රීඩා පනත සංශෝධනය කෙරේ : ක්‍රීඩා සංගම්වලට තහංචි පැනවේ!

ක්‍රීඩා ඇමති ගේමට බසී - ක්‍රීඩා සම්මේලන තනතුරු වලට සිමා පනවයි !

මෙරට තරුණ කණ්ඩායමට ආසියානු පාපන්දු තරගාවලිය අහිමි වෙයි!

පාපන්දුවට පංච පුද්ගල 'අතුරු කමිටුවක්' ! - අභියාචනාධිකරණයේදී එකඟවේ

පාපන්දු අර්බුදය : අභියාචනාධිකරණයෙන් ක්‍රීඩා අමාත්‍යංශයට නොතිසි !

'ශ්‍රී ලංකාව ජාත්‍යන්තර පාපන්දු තහනමක් අබියස' - ජස්වර් උමර්

පාපන්දු ප්‍රශ්නය විසඳන්න FIFA ලොක්කෝ එති - නිලවරණය මාස දෙකකින්

ක්‍රිකට් හා පාපන්දු සභාපතිවරු ඉලක්කකර අභියාචනා කමිටුවක් !

දේශපාලන ඇඟිලි ගැසීම් නිසා ලංකාව පාපන්දු තහනමක් අභියස!

පාපන්දු සම්මේලනය වසා දමයි! - වැටුප් ගෙවීමත් ප්‍රශ්නයක්

පාපන්දු සම්මේලනයේ නව ව්‍යවස්ථාව සම්මතයි -නිලවරණය ඔක් 23

පාපන්දු ව්‍යවස්ථාව සංශෝධනය අධීක්ෂණයට විදෙස් නියෝජිතයෝ එති

පාපන්දු නිලවරණය ගැන විශේෂ ගැසට් නිවේදනයක් !

පාපන්දු ප්‍රශ්නය විසඳන්න FIFA ලොක්කෝ එති - නිලවරණය මාස දෙකකින්

Football අර්බුදය පාර්ලිමේන්තුවට - අනුරගෙන් ඇමතිට ප්‍රශ්න 03ක්
 
 
 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

රනිල්ගේ ආණ්ඩුවට පාපන්දු ජාත්‍යන්තරයෙන් කනේ පාරක් ! - ශ්‍රී ලංකාවේ පාපන්දු තහනමට රටවල් 197ක් එක්වේ | The Leader