පුවත්
Showing page 193 of 1717 (25,749 articles)

ශ්‍රී ලංකාවට තෙල් දෙන්න ඉරානය සුදානම් - ඉරාන තානාපතිගෙන් විශේෂ ප්‍රකාශයක්
ශ්‍රී ලංකාව රජය ඉල්ලීමක් කළහොත් මෙරටට අවශ්‍ය ඉන්ධන සහ බොරතෙල් සැපයීමට ඉරානයට හැකි බව මෙරට ඉරාන තානාපති අලිරේසා ඩෙල්කෝෂ් (Alireza Delkhosh) අද (23) පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.

අර්ජුන රණතුංග හා ධම්මික රණතුංගට අධිචෝදනා
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු ඇමති අර්ජුන රණතුංගට හා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ධම්මික රණතුංගට කොළඹ මහාධිකරණය හමුවේ අද (23) අධිචෝදනා භාර දුන්නේය.

සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීමට එරෙහි පෙත්සම සලකා බැලීමට දිනදෙයි : ඩිජිටල් පෙත්සමට අත්සන් ගනී
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් සුරේෂ් සලේ, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම ට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීම සැප්තැම්බර් මස 25 වන දා සිදු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (23) තීරණය කළේය.

හම්බන්තොට සූර්ය බලශක්ති ව්‍යාපෘති භූමියක ගිනි තැබීමක් ! - පොලිස් විමර්ශන ඇරඹේ
හම්බන්තොට ප්‍රදේශයේ සූර්ය බලශක්ති ව්‍යාපෘති භූමියකට, අනවසරයෙන් ඇතුල්වූ පිරිසක් එහි ශාක ගිනි තබා ඇති බවට අදාළ ව්‍යාපෘති සමාගම විසින් හම්බන්තොට පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

රජයේ ඉන්ධන මිල සූත්‍රයට පාර්ලිමේන්තු මුදල් කමිටු සභාපතිගෙන් දැඩි ප්‍රහාරයක් !!!
පාර්ලිමේන්තුවේ මුදල් කමිටු සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා, මෙවර තෙල් මිල වැඩි කිරීමේදී ආණ්ඩුව විසින් දැනට ක්‍රියාත්මක වන ඉන්ධන මිල සූත්‍රය සහමුලින් විකෘති කර ඇතැයි සාධක සහිතව චෝදනා කරයි.

බොර තෙල් මිල ඉහළට
ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ගණන් අද (23) උදෑසන ගනුදෙනු ආරම්භයේදීම කැපී පෙනෙන ලෙස ඉහළ ගියේය.

බස් ගාස්තු 10% කට වඩා ඉහළ යයි ! - අවසන් තීන්දුව අද කැබිනට්ටුවට
බස් ගාස්තු සකස් කිරීමේ සූත්‍රයට ඩීසල් මිල ඉහළ යෑම ගැළපූ විට බස් ගාස්තුවට සියයට 10 කට වඩා වැඩි ප්‍රතිශතයකින් ඉහළ යන බවත් ඉහළ දැමූ බස් ගාස්තු යෝජනාව අනුමැතිය සඳහා කැබ්නට් මණ්ඩලයට අද (23) ඉදිරිපත් කිරීමට නියමිත බවත් ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා පැවසීය.

'රාජපක්ෂලාට වඩා ප්‍රශ්න රටේ දැන් තිබෙනවා' - නාමල් රාජපක්ෂ
රාජපක්ෂලාට වඩා රටේ සහ ලෝකයේ ඇති විශාල ප්‍රශ්න පිළිබඳ ආණ්ඩුව දැන්වත් අවධානය යොමු කළ යුතු බව

ආසියානු සංවර්ධන බැංකු (ADB) සභාපති මසාටෝ කන්ඩා දිවයිනට
“දිට්වා“ සුළි කුණාටුවෙන් හානි වූ ප්‍රදේශ නිරීක්ෂණයට සහ ජනාධිපතිවරයා හමුවීමට සැලසුම්

'ජවිපෙ ආණ්ඩුව ඒක පක්ෂික රාජ්‍යයක් කරා ගමන්කළ හැකියි' - හිටපු මන්ත්‍රී සුමන්තිරන්
ශ්‍රී ලංකාවේ මාක්ස්වාදී පාලක පක්ෂය රට ඒකපාක්ෂික රාජ්‍යයක් කරා තල්ලු කිරීමේ අවදානමක් පවතින්නේ යැයි

ඉදිරියට රෑට විදුලිය එන්නේ ඩීසල්වලින් ! - එක ලයිට් එකක් හරි නිවා සහය දෙන්න...
ඉදිරියේදී රාත්‍රී කාලයේ විදුලිය ලබාදීමට සිදුවන්නේ ඩිසල් වලින් බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා පවසයි.

යාපනයේ කථිකාචාර්යවරිය ඝාතනය : දුව සහ බෑනා අත්අඩංගුවට !
යාපනය විශ්ව විද්‍යාලයේ ආයුර්වේද වෛද්‍ය පීඨයේ ජෙෂ්ඨ කථිකාචාර්යවරියක ගෙල සිරකර ඝාතනය කර මන්නාරම කැලෑ බද ප්‍රදේශයක දමා ගිය බව කියන සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට එම කථිකාචාර්යවරියගේ දියණිය සහ බෑනා ත්‍රිකුණාමලය ප්‍රදේශයේදී ඊයේ අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරන බව යාපනය පොලිසිය පවසයි.

උපාධි ප්‍රදානෝත්සවයට රනිල්ට ආරාධනා කළ බව වුල්වර්හැම්ප්ටන් විශ්ව විද්‍යාලය CIDයට දැනුම්දෙයි !
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට 2023 උපාධි ප්‍රදානෝත්සවයට සහභාගී වන ලෙස ආරාධනා කළ බවත්, එහිදී ඔහුගේ බිරිඳ වන මෛත්‍රී වික්‍රමසිංහට ගෞරව මහාචාර්ය පදවියක් පිරිනමන ලද බවත් බ්‍රිතාන්‍යයේ වුල්වර්හැම්ප්ටන් විශ්ව විද්‍යාලය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) දන්වා ඇතැයි ‘Sunday Times’ පුවත්පත වාර්තා කරයි.

සිනොපෙක් සුපර් ඩීසල් මිල රුපියල් 600 සීමාවට ළං වෙයි | 'පෞද්ගලික සමාගම් පාඩු ලබන්න සූදානම් නැහැ' - ජනාධිපති කියයි
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් සිදු කළ ඉන්ධන මිල ඉහළ දැමීමත් සමඟ සිනොපෙක් සමාගම ද ඉන්ධන මිල ගණන් ඉහළ දමා තිබේ.

යාපනය සරසවියේ කළු කොඩි එසැවූ උපාධි අපේක්ෂකයන්ට පැය පහක් පොලිසියෙන් ප්‍රශ්න
ශ්‍රී ලංකාව නිල වශයෙන් නිදහස සමරන පෙබරවාරි 4 දා යාපනය විශ්ව විද්‍යාලයේ බලධාරීන් විසින් නංවා තිබු සිංහ කොඩිය බිමට බා එදින දෙමළ ජනතාවට ශෝක දිනයක් ලෙස ප්‍රකාශ කරන කළු කොඩියක් එසවීම සම්බන්ධයෙන් උපාධි අපේක්ෂකයන් තිදෙනකු පොලීසියට කැදවා පැය පහකට අධික කාලයක් ප්‍රශ්න කිරීම විරෝධයට ලක් වී තිබේ.

