‘‘හම්ම්ම්... ඒකත් එහෙම ද... හරි... එහෙනං මං ඔයාට අදහසක් දෙන්නං. හැබැයි මේක ක්‍රියාත්මක කරන්න නං ඔයාට අයෝද්‍යගෙ කැමැත්ත

අනිවාර්යයෙන් ඕන වෙනව.’’

මගේ සිතට දැනුණේ ඉහිලුම් නොදන තරමේ සන්තෘෂ්ටියකි. එය අමෝද්‍ය සර් මට ලැබුණා හා සම සන්තෘෂ්ටියකි.

‘‘අනේ අයියෙ... කියන්න... කියන්න... අපි දෙන්නට එක වහලක් යට ඉන්න ලැබෙනව නං ඒ ඕන ම දේකට අයෝද්‍ය කැමති වෙයි අයියෙ... ඔවු... එයා කැමති වේවි.

උවන පුරා පූර්ණ ස්මිතයක් සිතුවම් කරගත් දිවසත් අයියා... ‘‘හම්ම්ම්... එහෙනං අහගන්නකො’’ යැයි පවසා දෙවැළමිටි මේසයට බර කර ඔහුගේ උවන මගේ උවන වෙත ආසන්න කළේ ය.

**********

අම්මාත් තාත්තාත් පැමිණි පසු දිවසත් අයියා සමග ආ-ගිය තොරතුරු විමසීමෙන් ඉක්බිති ඔවුන් දෙදෙනා මගේ අනාගත ජීවිතය සම්බන්ධයෙන් එළඹ ඇති තීරණය කුමනාකාර ද යන්න ඔහු වෙත දීර්ඝ විස්තරයක් කළේ ය. දිවසත් අයියාගේ උපදෙස් පරිදි මා ඒ සම්බන්ධයෙන් අකමැත්ත පළ කළ ද දෙමාපියන්ගේ තීරණයකට ඉහළින් කටයුතු කිරීම නුසුදුසු යැයි ඔවුන් ඉදිරියේ ම දිවසත් අයියා මට අවවාද කළේ දිවා කාලයේ අප අතර කිසිදු කතා-බහක් සිදු නොවුණ ආකාරයට ය. ඇතැම් අවස්ථාවල දී ඔහු මගේ දෙමාවුපියන් ඉදිරියේ කළ රංගනය මට අදහාගත නොහැකි තරම් විය. ඒ මොහොතේ මගේ සිතට නැගුණු අදහස වූයේ දිවසත් අයියා රඟපෑමට යොමු වුණේ නම් අනිවාර්යයෙන් ම මෙකල විකාශනය වන ටෙලි නාට්‍යවල රඟපාන සීනි බෝල නළුවන්ට වඩා දස දහස් ගුණයක ඉහළ රඟපෑමක් කිරීමට ඔහුට හැකියාවක් පවතිනවා නොවේ ද යන්න ය.

10mag art 1 mobileMasterAt3xදෙමාපියන් රැවටීම තමන්, තමන් ම රවටා ගැනීමක් ය යන්න පාසලේ දී මතු නොව නොයෙක් වැඩිහිටියෝ ද, ඥාතියෝ ද, ගුරුවර ගුරුවරියෝ ද, පූජ්‍ය පක්ෂය ද අනන්තවත් පවසා ඇත. එහෙත් මගේ අයෝද්‍ය සමග එක්ව වසන්නට කැදැල්ලක් තනන්නට නම් මා සිදු කළ යුතු වන්නේ ද එය ම ය. දැන් ගැටලුව පවතින්නේ දිවසත් අයියාගේ යෝජනාව අමෝද්‍ය වෙත දැනුම් දෙන්නේ කෙලෙස ද යන්න ය. අයියා පැවසූ පරිදි එම සැලසුම: දිවසත් අයියා, මා සහ අමෝද්‍ය හැර අන් කිසිවකු දැන නොගත යුතු ය. අවම වශයෙන් මගේ ප්‍රාණ සම මිතුරිය වන දුලීකා හෝ දැන නොගත යුතු ය. එසේ නම් මා මේ පිළිබඳ අමෝද්‍ය දැනුවත් කරන්නේ කෙසේ ද...? ඒ සම්බන්ධයෙන් උපදෙසක් ලබාගැනීම සඳහා ඉතිරිව සිටින්නේ ද දිවසත් අයියා පමණි. එහෙත් ඔහු නැවත පිටව යන තුරු මේ සම්බන්ධ කිසිවක් ම ඔහු සමග කතා-බස් කළ නොහැකි ය. ඉතිරිව පවතින්නේ ඉවසීම පමණි.

**********

දිවසත් අයියා අප නිවසෙන් නික්ම ගියේ අද උදෑසන හයට පමණ ය. ඔහු කාර්යාලයට ගොස් එහි පැමිණි බව දන්වන අමතන මොහොතේ මගේ පැනය විමසන්නට සිතුව ද එය මඳක් කල් දැම්මේ ඔහුගේ රාජකාරියට බාධා වේ යැයි සිතුණ බැවිනි. දැන් දහවල් දොළහ පසු වී මිනිත්තු හතළිස් පහක් ඉක්ම ගොසිනි. තවත් අඩහෝරාවක් තුළ ඔහු දිවා ආහාරය ලබාගන්නා බව මම හොඳින් ම දැන සිටියෙමි. ඔහු සමග මගේ පැනය සාකච්ඡා කරන්නට සුදුසු ම මොහොත ඒ කාල සීමාව ය.

දැන් හරියට ම දහවල් එක පසුවී මිනිත්තු පහක් ඉක්ම ගොසිනි.

‘‘හලෝ අයියෙ...’’

‘‘... ... ... ’’

‘‘අපිට තව දෙයක් කතා කරගන්න බැරි උණා නෙ අයියෙ. ඒකයි මං මේ ගත්තෙ...’’

‘‘... ... ... ’’

‘‘අයියෙ... අපේ අදහස අමෝද්‍යට දැනුම් දෙන විදියක් ගැන කතා කරගත්තෙ නැහැ නෙ... අයිය ඇරුණහම මට උදවු කරන්න හිටියෙ දුලීක විතර නෙ... ඒ උනාට අපි කතා කරගත්තෙ මේ වැඩේ එයාටවත් කියන්නෙ නෑ කියල නෙ...’’

‘‘... ... ... ’’

‘‘ඒක කරන්න බෑ අයියෙ... අම්ම හැම මාසෙ ම detail bill එක චෙක් කරනව අයියෙ. එයාට සැක නම්බර් එකක් තිබුනොත් ඒ ගැන මගෙන් අහනව අයියෙ.’’

‘‘... ... ... ’’

‘‘එහෙම කමක් නැද්ද අයියෙ...?’’

‘‘... ... ... ’’

‘‘හරි අයියෙ... එහෙනං මං මේ දැංම එවන්නං. තෑන්ක්ස් අයියෙ.’’

‘‘... ... ... ’’

‘‘හරි හරි... මගෙ ලොකු අයිය මට මේ කරන උදවු කවදාවත් අමතක වෙන්නනෑ අයියෙ.’’

‘‘... ... ... ’’

‘‘බුදු සරණයි අයියෙ...!’’

********

famous surrealist artists

මාත් දිවසත් අයියාත් අතර එම දෙබස් හුවමාරුව සිදුවී දින හතක් අප පසු කර ගියේ ය; එතැන් සිට තවත් දින සතක් අප පසු කර වේගයෙන් ගමන් කළ ද මේ වනතුරු අමෝද්‍ය වෙත පණිවිඩය ලබාදීමට දිවසත් අයියා අපොහොසත් වී ඇත. ඒ, අදාළ විස්තරය දුරකතනයෙන් පැවසිය නොහැකි යැයි ඔහු තීරණය කර තිබූ බැවිනි. ඉක්බිති තවත් දින තුනක් අප පසු කර වේගයෙන් ගමන් කළ පසු එළඹි දිනයේ දිවසත් අයියාගෙන් ඇමතුමක් ලැබෙන මොහොතේ මා දැඩි ලෙස ප්‍රහර්ෂයට පත්විය. එහෙත් එය පැවතියේ මිනිත්තු දෙකකටත් අඩු කාලයක් පමණි.

‘‘ඔවු මගෙ ලොකු අයියෙ කියන්න...’’

‘‘... ... ... ’’

‘‘ඉතිං... අමෝද්‍ය මොකද කියන්නෙ... එයා වැඩේට කැමති ද...?’’ යැයි මා විමසුවේ දහසක් බලාපොරොත්තු සිත තුළ රඳවාගෙන ය.

‘‘... ... ... ’’

‘‘අනේ අයියෙ... අයිය ඔය කියන්නෙ බොරු නේද... මං දන්නව මගේ අමෝද්‍ය කවදාවත් එහෙම කියන්නෑ... අයිය මාව රවට්ටනව නේද...?’’

මා එසේ විමසූ පසු දිවසත් අයියා දුන් පිළිතුර එක් පසෙකින් අමෝද්‍ය පිළිබඳ මසිතේ පැවති ආදරය තව තව දලුලන්නට වූ අතර ම තවත් පසෙකින් වේදනා ගෙන දෙන්නක් විය.

‘‘නෑ නෑ නංගි... මං මේ කියන්නෙ ඇත්ත. ඒ වගේ ම අමෝද්‍ය එහෙම කියන්නෙත් ඔයාට තියෙන ආදරේට මිසක ඔයා උවමනා නැතුව නෙවෙයි නෙ...’’

‘‘හරි හරි අයියෙ... කියන්නකො... මොනවද අමෝද්‍ය කියන්නෙ...?’’

‘‘අමෝද්‍ය කියන්නෙ කිසිම දේකට කලබල වෙන්න එපා කියල. තවම නැන්දල ඔයාට foreign university එකක් බලල නැහැ නෙ...’’

‘‘තවම බලල නම් නැහැ තමයි අයියෙ... හැබැයි දන්න දන්න හැමෝට ම අදහස දීල. මොකක් හරි ආරංචියක් ලැබුණ පළවෙනි මොහොතෙ ම මාව යවනව. ඇයි අනේ අමෝද්‍යට මේක තේරෙන්නෙ නැත්තෙ...?’’

මට අමෝද්‍ය කෙරෙහි සියුම් කෝපයක් ද පැන නැගිණ.ඒ, මා මෙතරම් දැවැන්ත ගිනි වළල්ලක් මැද අතර මං වි සිටිය දී ඔහු ඒ පිළිබඳ මායිම් නොකර සිටින්නේ ඇයිද යන්න විශ්වාස කළ නොහැකි බැවිනි.

‘‘නංගි... අමෝද්‍යට ඒ හැම එකක් ම තේරෙනව. නමුත් එයා කියන දේවල්වලත් ඇත්තක් තියෙනව.’’

මගේ කෝපය ඉහවහා ගියේ මා ද නොදැනුවත්ව ය. මා මේ කතා කරමින් සිටින්නේ දිවසත් අයියා සමග නේද යන්න පවා මට අමතක විය.

‘‘මොනව ද එයා කියන්නෙ... අම්මයි තාත්තයි කියන දේකට කැමති වෙන්න කියනව ද... ඒ කියන්නෙ එයාට දැං මාව එපා වෙලා ද...? කියන්න අයියෙ... කියන්න... මොනවද අමෝද්‍ය කියන්නෙ...?’’

අනෙක් පසින් සිටි දිවසත් අයියා එවර මා ඇමතුවේ ඉතාමත් සන්සුන් ලෙසිනි. ඔහුගේ වදන් මගේ මනසේ ඇවිලෙන ගිනි දැල් මඳ පමණකට හෝ නිවා දමන්නට සමත් විය.

‘‘නංගි... මං ඔයාට කිව්ව නෙ... මං කොහොම හරි ඔය දෙන්න එකතු කරන්න මට පුළුවන් හැම උපකාරයක් ම කරනව. හැබැයි අමෝද්‍ය තීරණ ගන්නෙ ඔයා වගේ හැඟීම්වලට විතරක් මුල් තැන දීල නෙවෙයි. එයා දුර දිග කල්පනා කරනව. එයා කියන්නෙ ඔයා පවුලෙ එක ම ළමය නිසා එයාලගෙ බලාපොරොත්තු බිඳින්නත් එපා කියල. ඒ වගේ ම ඔයාගෙ ජීවිතේ මෙතනින් නතර වෙන්න ඕන නැහැ කියලත් එයා කියනව. ඔයා ඔයාගෙ ජීවිතේ වටිනාකම වැඩි කරගන්න ඕන කියල එයා කියනව. එයා නිසා ඔයාගෙ අනාගතය අඳුරු වෙන්න දෙන්න බැරිලු. ඒ නිසා තාත්ත කොහොම වෙතත් අම්ම ගන්න තීරණය ගැන අවධානෙන් ඉන්න කිව්ව. කිසිම වෙනසක් පෙන්නන්න එපා කිව්ව. ඇත්ත නෙ නංගි... යම් විදියකින් අපි ඉක්මන් වුනොත් ඔයාගෙ අධ්‍යාපන කටයුතු එහෙම් පිටින් ම කඩං වැටෙනව නෙ... අමෝද්‍ය කියනව වගේ ඊට පස්සෙ හැමෝම අමෝද්‍යටත් දොස් කියාවි. ඔයාගෙ ජීවිතේ කාලකණ්ණි කරේ එයා කියල. එයා කියපු විදියට දැන් එයාටත් හුඟක් වැඩ තියෙනව. ඒ වගේ ම මුදලුත් තියෙනව. අපි ගත්තු තීරණය වෙනස් කරන්න ඕන නෑ. එහෙම අවස්ථාවක් උදා උනොත් අපි ඒ වෙලාවෙදි සුදුසු විදියක් කරමු.’’

 

දිවසත් අයියා නොනවත්වා මුදාහළ වදන් ගොන්න මගේ සවන තුළින් රිංගා මනසට ද හදවතට ද ඇතුළු වූයේ සවනේ සිට ඒ ඒ තැන් දක්වා පැවති සියලු කේශ නාලිකා තුළින් විස සහිත සාන්ද්‍රණයක් ගමන් කරනවා බඳු වේදනාවක් අත් පත් කර දෙමිනි.

 

මට දිවසත් අයියා විශ්වාස ය. නමුත් අම්මා මා foreign university එකකට ඇතුළත් කිරීමෙන් පමණක් නොනවතින බව මට හොඳින් ම පැහැදිලි ය. ඒ පිළිබඳව ද දිවසත් අයියා දැනුවත් කර තිබිය දී පවා ඔහු එහි බරපතළකම අමෝද්‍යට වටහා නොදුන්නා ද... එසේත් නොමැති නම් අමෝද්‍ය එහි බරපතළකම වටහා නොගත්තා ද... අවසන මා වෙනුවෙන් යමක් කළ හැකි කිසිවෙකු ඉදිරිපත් නොවේ ද යන පැනය මසිත කලඹාලී ය. එක් දිනකට හෝ මේ සිර ගෙදරින් මිදී අමෝද්‍ය හමුවී මෙහි යථා තත්ත්වය අවබෝධ කර දෙන්නට අවස්ථාවක් උදා කරගත හැකි නම්... එහෙත් එය පහසු කටයුත්තක් නොවේ.

කළ යුත්තේ කුමක්දැයි නිශ්චය කරගැනීමට නොහැකි තත්ත්වය පසු කරමින් තවත් දින විස්සක් පමණ අප පසු කර යන මොහොතේ මා අගාධයේ මුව විටට ම තල්ලු වී තිබිණ. අම්මා, ඕස්ට්‍රේලියාවේ සිටින ඇගේ ම ශිෂ්‍යාවකගේ මාර්ගයෙන් එරට universityයක් සමග Email මගින් කර ඇති ලිපි හුවමාරුවකින් පසු අදාළ විශ්වවිද්‍යාලය වෙත මා පිටත් කර හැරීමට සියලු කටයුතු සුදානම් කර තිබිණ. මගේ භාරකාරත්වය පවරා තිබුණේ ද ඇගේ ශිෂ්‍යාව වෙත ම ය. මා මේ සියලු තොරතුරු අකුරක් නෑර දිවසත් අයියා වෙත දැන්වී ය. ඒ, කිසිදු ආකාරයකින් මට අමෝද්‍ය සම්බන්ධ කරගැනීමට නොහැකි බැවිනි. දැන් ඉතිරිව පවතින්නේ දිවසත් අයියා කළ යෝජනාව ක්‍රියාත්මක කිරීම පමණි. එහෙත් ඒ සඳහා අමෝද්‍යගේ පූර්ණ කැමැත්ත තිබිය යුතු ය; ඔහු මේ සම්බන්ධයෙන් කුමනාකාරයේ තීරණයකට එළඹේ ද...?

********

a79230b09877a61ee772644b13e1d2e7සියල්ල සඳහා ඉතිරිව ඇත්තේ පැය හතළිස් අටක් පමණි. අම්මාත්, තාත්තාත් නිවසින් පිටව ගිය සැණින් මා දිවසත් අයියා වෙත ඇමතුමක් ලබාගත්තේ අවසන් තීරණයකට එළඹීමේ අදිටනෙනි.

‘‘අයියෙ... මට මේ ගෙදර ඉන්න පුළුවන් හෙටයි අනිද්දයි විතරයි. දැං මොකද කරන්නෙ අයියෙ... ඔයා අමෝද්‍යට කතා කරාද අයියෙ...?’’

දිවසත් අයියා දුරකතනය සක්‍රීය කළ සැණින් මා එසේ විමසුවේ මේ වන විට කළ හැකි කිසිවක් ම සිතා ගැනීමට පවා අපහසු බැවිනි.

‘‘නංගි... ඔයා ගමනට ලේස්ති වෙන්න. නැන්දයි මාමයි කිව්ව මටත් එන්න කියල එයාපොර්ට් යන්න. මම හෙට අමෝද්‍ය හම්බ වෙන්න යනව. ඒ ගිහින් එයත් එක්ක කතා කරල තීරණයක් අරගෙන ඔයාලගෙ දිහා එනව. ඔයා කිසිම දේකට බය වෙන්න එපා. නැන්දටයි මාමටයි කිසිම වෙනසක් පෙන්නන්න එපා. ඔයාගෙ හැම වටිනාකියන දෙයක් ම ලේස්ති කරගන්න. ඒ වගේ ම හෙට උදේ වෙද්දි ඔයාගෙ ෆෝන් එකේ තියෙන හැම SMS  එකක් ම ඩිලිට් කරන්න. වට්ස්ඇප්වල තියෙන මැසේජසුත් ඩිලිට් කරන්න. හැබැයි මේ වැඩේ කරන්න කලිං තව වතාවක් නෙවෙයි. කිප වතාවක් ම හිතන්න. මොකද මම හෙට අමෝද්‍ය හම්බ වෙන්නෙ ඔයාගෙ අවසාන තීරණෙත් එක්ක. එයා කියන්නෙ ම ඔයාට මේ වගේ තීරණයක් ගන්න එපා කියල. හැබැයි එයා ඔයාව බාරගන්න බැහැ කියල කියන්නෙත් නෑ. මට තේ රෙනව එයා කියන දේ. ඒත්...’’

‘‘දිවසත් අයියා ‘ඒත්’ යැයි පවසා නැවතු පසු එහි කිසියම් සැඟවුණ අරුතක් ඇතැයි මට සිතිණ.

‘‘ඇයි අයියෙ ‘ඒත්’ කියල නැවැත්තුවෙ... අමෝද්‍ය කැමති නැද්ද මං එයා ළඟට එනවට... එහෙම නම් එයාට ඒක කෙළිංම කියන්න කියල අයිය කියන්න. එහෙම උනොත් මං අනිද්දට කලිං මගේ ජීවිතේ ගැන තීරණයක් ගන්නව කියලත් කියන්න,’’ යැයි පැවසූ මා දුරකතනය විසන්ධි කළේ දැඩි තීරණයකට එළඹෙමිනි. එම තීරණය ක්‍රියාත්මක කරනවා ද නැද්ද යන්න නිශ්චිත නිගමනයකට එළඹෙන්නේ දිවසත් අයියා අමෝද්‍ය හමුවීමෙන් පසු ඔහු ගන්නා පියවර අනුව ය. ඒ අනුව මට අන් විකල්පයක් ඉතිරිව නොතිබිණ.

ඉවර නෑ...

 
කළ යුත්තේ කුමක් ද...? - (ජයසිරි අලවත්ත)ජයසිරි අලවත්ත
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
 
2022/09/02  


වජ්ජා’වජ්ජ - මින් පෙර පළවූ කොටස්
 
 
 
වජ්ජා’වජ්ජ 31: මං දැං ඉන්නෙ පනහෙ කණුව කිට්ටුව (ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 30 : නීතිය කියන්නෙ වල් වැදුණු සංකල්ප ගොන්නක් - (ජයසිරිගේ නවකතාවක්)


වජ්ජා’වජ්ජ 28 : අවුරුද්දක් ඉවසන්න - (ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 27 : දීපු බලාපොරොත්තුව ඉෂ්ට කරන්න ම වෙනව නෙ... - (ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 26 : 'ඔවු... අපිට අවම විනය ක්‍රියා පටිපාටියකට යන්න වෙනව' -(ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා‘වජ්ජ 25 : මං බඳිද්දි මට අවුරුදු විසි එකයි -(ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 24 - අපි ජීවත් වෙන්නෙ ආසියාතික කලාපෙ නොදියුණු ම රටක - (ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 23 - ගඩොල් තාප්ප කැඩුවට මිනිස් තාප්පෙකින් අපි හැමෝ ම වට කරල - (ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 22 : 'දැං වැඩේ හොඳට ම පත්තු වෙලා ඉවරයි'

වජ්ජා’වජ්ජ 21 - ඔයා දන්නව ද ඒ කවුද කියල...? - ( ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 20 - 'ඇගේ සැබෑ නම මාලිනී ය' - ( ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 19 : මං මොකටද ඔයාට බොරු කියන්නෙ...? -(ජයසිරිගේ නවකතාවක්)


වජ්ජා’වජ්ජ 18 : මේක හරියට අයිස් බර්ග් එකක් වගේ -(ජයසිරිගේ නවකතාවක්)


වජ්ජා’වජ්ජ 16 : මං මේ වයසට ඇවිත් තියෙන්නෙ ඔයාලගෙ වයස පහු කරල - (ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 15 : ‘‘ෂ්ෂ්ෂ්... මෙතන තව අය පොත් කියවනව...’’ - (ජයසිරිගේ නවකතාවක් )

වජ්ජා’වජ්ජ 14 : හංගපු දේවල් මොනවද කියල උඹ දන්නව නෙ...(ජයසිරි අලවත්ත)

වජ්ජා’වජ්ජ 13 - 'මේ වැඩේ සල්ලිවලින් විතරක් කරන්න බෑ සචේති' : කොටස් වශයෙන් පළවන ප්‍රබන්ධ කතාව


වජ්ජා’වජ්ජ 12 : අම්මට පරචිත්ත විජානන ඥානය ලැබිල ද...? (ජයසිරි අලවත්ත)

වජ්ජා’වජ්ජ 11 : දැං මට බය නෑ... මට ඔයාව විශ්වාසයි (ජයසිරි අලවත්ත)

වජ්ජා’වජ්ජ 10:  දුවෙකුට අම්මට කියන්න බැරි දෙයක් නෑ දුව.. (ජයසිරි අලවත්ත)

වජ්ජා’වජ්ජ 09 : ඔයාට හැම එකක් ම විහිළු නේ ද...? (ජයසිරි අලවත්ත)

වජ්ජා’වජ්ජ 08 : වාන් දොර විවර කළ යුතු මොහොත ය මේ...

වජ්ජා’වජ්ජ 07 - වචන විදියට පිට වෙන්නෙ හිතේ තියෙන අදහස් 

වජ්ජා’වජ්ජ 06 : අහිංසකට වෙච්ච දේ මටත් වෙයි ද ? ජයසිරි අලවත්ත ලියයි

වජ්ජා’වජ්ජ 05 : ඔය ‘මිස්’ කෑල්ලට මං ආස ම නෑ... - ජයසිරි අලවත්ත ලියයි

වජ්ජා’වජ්ජ 04 :පොත් බලනවයි කියවනවයි කියන්නෙ වැඩ දෙකක් - ජයසිරි අලවත්ත ලියයි

වජ්ජා’වජ්ජ 03 - ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය..

වජ්ජා’වජ්ජ 02 - ජයසිරි අලවත්ත ලියයි

මලට රිදෙව්වොත් දෙවියොත් අමනාප වේවි - වජ්ජා’වජ්ජ අද සිට...


 කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58

නවතම පුවත්

ඇට මැස්සා