තවත් තත්පර හත අටක කාලයක් ඔවුන් දෙදෙනා මතු නොව අවට පරිසරය ම පසු කර ගිය සැණින් සචේතනීගේ උවනෙතේ ඉරියව් වෙනස් විය. ඒ වෙනස

කියා පෑවේ ඇගේ අත රැඳි දුරකතනයෙන් නික්ම ගිය සංඥාව අනෙක් පස පිහිටි දුරකතනය  වෙත ලැබී, එපස සිටින කිසිවකු ඒ සඳහා පිළිවදන් සැපයීමට සුදානම් වන ආකාරය යි.

‘‘... ... ... ’’

අනෙක් පසින් පිළිවදන් සැපයූ සැණින් සචේතනී කිසියම් තිගැස්මකට ලක් වුව ද ඇය අසල ම සිටි ප්‍රතිෂ්ට ‘‘කතා කරන්න’’ යන හස්ත සංඥාව නිකුත් කළ සැණින් ඇගේ තිගැස්ම තුරන් විය.

‘‘මේ කතා කරන්නෙ මැටිවිලියෙ දක්ෂිණාරාම පන්සලෙන් ද...?’’

‘‘... ... ... ’’

‘‘කවුද... ස්වාමීන්වහන්සේ නමක් ද කතා කරන්නෙ...?’’

දැන් දැන් ඇගේ චකිතය  යම් තාක් දුරට පහව ගොස් ඇති බව ඇගේ උවනතේ ඉරියව් සාක්ෂි සපයන බව ප්‍රතිෂ්ඨට අවබෝධ විය. ඔහු හස්ත සංඥා මගින් තව දුරටත් ඇය දිරිමත් කළේ ය.

‘‘... ... ... ’’

‘‘ආ... හාමුදුරුවනේ... මම මේ මත්තෙගොඩින් සචේතනී කියල කෙනෙක් කතා කරන්නෙ...’’

‘‘... ... ... ’’

‘‘කොට්ටාවෙ හාමුදුරුවනේ කොට්ටාවෙ...’’

‘‘... ... ... ’’

‘‘හාමුදුරුවනේ..., මට පොඩි කාරණයක් දැනගන්න සහ උදව්වක් උවමනා වෙලා තියෙනව...’’

‘‘... ... ... ’’

‘‘හාමුදුරුවනේ... මේ... භූජිස්ස ස්වාමින් වහන්සේ වැඩ ඉන්නව ද...’’

‘‘... ... ... ’’

අනෙක් පසින් ලද පිළිතුර ඇසුණු සැණින් දුරකතනය මඳක් සවනින් ඉවත් කළ සචේතනී එය අතින් වසා ප්‍රතිෂ්ඨ වෙත රහසෙන් යමක් පැවසුවා ය. නමුදු එක පැහැර එය වටහාගැනීමට ඔහු අසමත් විය. ඇගේ නිහඬතාව මන්දැයි වටහාගත නොහැකි, අනෙක් පස වැඩ වසන ස්වාමීන් වහන්සේ ඇය අමතුහ.

‘‘... ... ... ’’

‘‘අනේ සමාවෙන්න හාමුදුරුවනේ... මම ඒ වගක් දැනගෙන හිටියෙ නෑ හාමුදුරුවනේ...’’

‘‘... ... ... ’’

‘‘හාමුදුරුවනේ... උන්වහන්සේ ලියපු ‘සිංහල ව්‍යාකරණයේ වෙසෙස් ලක්ෂණ’ කියන පොත තියෙනව ද...?

‘‘... ... ... ’’

‘‘හාමුදුරුවනේ... මම මේ... උසස් පෙළ සිංහල ගෘප් ක්ලාස් කරන කෙනෙක්... මම මේ... මීට මාස හයකට විතර ඉස්සර මගේ යාළුවෙකුගෙන් ඔය පොත උවමනාවකට ඉල්ලගත්ත. එයත් ඒක අරගෙන ඇවිත් තිබුණෙ ලයිබ්‍රියකින්. ඒ පොත මගේ අතින් නැතිඋණා හාමුදුරුවනේ. දැන් මගේ යාළුවගෙ ලයිබ්‍රි මෙම්බර් ෂිප් එක කැන්සල් කරන්න යනව. තව මේ දඩයකුත් ගෙවන්න වෙලා තියෙනව. දඩය නං කමක් නෑ හාමුදුරුවනේ... එයාගෙ මෙම්බර් ෂිප් එක නැති කරොත්...’’

ඇයට පැවසීමට හැකි වූයේ එපමණකි.

‘‘... ... ... ’’

PAR 19436 03302022 1

අනෙක් පස වැඩවිසූ ස්වාමීන් වහන්සේ මිනිත්තු දෙක තුනක් ම ඇයට යමක් පැවසූහ. ඇය ද ඒ සියල්ල නිහඬව අසා සිටින අතර විටින් විට උපහාසාත්මක සිනාවකින් උවන සරසා ගන්නා ආකාරය ද, තවත් විටෙක ඇගේ දෙනෙත් විසල් වන ආකාරය ද, අවසන ඇය ‘‘නෑ හාමුදුරුවනේ... එහෙම හරියන එකක් නෑ හාමුදුරුවනේ...’’ යැයි පැවසුවේ සියලු බලාපොරොත්තු සිඳී බිඳී ගිය බවට වන සලකුණු උවනේ සනිටුහන් කරමිනි. අනතුරුව තවත් මිනිත්තු කිහිපයක් අනෙක් පසින් පවසන දෑ අසා සිටි ඇය ‘‘හොඳමයි හාමුදුරුවනේ... මං ටිකක් හිතල බලල ඔබවහන්සේට කතා කරන්නං... ආ... මේ මට ඔබවහන්සේගෙ නම කිව්වනං...’’ යැයි පවසන විට ම අනෙක් පසින් කිසිවක් පැවසු බව ඇගේ උවනේ සටහන් විය.

‘‘හොඳමයි හාමුදුරුවනේ... එහෙනං... මං තියන්නං හාමුදුරුවනේ... බොහෝම ස්තුතියි...!’’

 

දුරකතනය අක්‍රීය කළ සචේතනීගේ උවනේ සටහන් වී තිබුණේ බිඳ විසිරුණු වීදුරු බඳුනක සිතුවමකි. වීදුරු බඳුනක් බිඳී විසුරුණ පසු කෙතරම් උත්සාහ කළ එම බඳුන යළි පෙර පැවති බඳුණ බවට පත් කළ නොහැකි ය. නමදු ඒ බඳුන හා සමාන බඳුනක් මිලදී ගත හැකි ය. එහෙත් ඒ සඳහා තරමක් වෙහෙස විය යුතු ය. මෙතැන් සිට එම වෙහෙස දැරිය යුත්තේ තමා නොවේදැයි ප්‍රතිෂ්ඨ අදහස් කළේ සචේතනී කිසිවක් පැවසීමට පෙර ම ය.

 

සචේතනී ඍජුව ම ප්‍රතිෂ්ඨගේ උවන වෙළාගත්තේ ඇගේ දෙනෙත් වළින් නිකුත් වන ‘‘දැන් අපි මොකද කරන්නෙ...?’’ යන වදන් වැලෙනි. ඇගේ සිතේ පවතින බර තරමක් දුරට හෝ සැහැල්ලු වන තෙක් මඳක් නිහඬව සිටි ප්‍රතිෂ්ඨ ‘‘ඇයි සචේති... මොකද්ද ප්‍රශ්නෙ...’’ යැයි විමසී ය.

තත්පර කිහිපයක් ම දීර්ඝ සුසුමක් ඉහළට ඇදි සචේතනී යළි ඒ ආකාරයෙන් ම එම සුසුම පහත හෙළුවා ය. අනතුරුව දුරකතනය ප්‍රතිෂ්ඨ අත තැබූ ඇය, හිසි දෙපසට වනන අතර ‘‘ම්ම්හ්... ඒ වැඩේ හරියන්නෑ ප්‍රතිෂ්ඨ...’’ යැයි පැවසුවේ සියලු බලාපොරොත්තු අත් හැර දැමූ බව හඟවමිනි.

‘‘හරි හරි... මට කියන්නකො හාමුදුරුවො මොනවද කිව්වෙ කියල,’’ යැයි ප්‍රතිෂ්ඨ විමසුවේ සචේතනී සිය අදහස ඉවත දැමුවහොත් ඔහුගේ අරමුණ කරා ළඟාවීමේ මාර්ගය ද ස්වයංක්‍රියව ම වැසෙන බැවිනි.

‘‘භූජිස්ස හාමුදුරුවො අපවත් වෙලත් දැන් අවුරුදු තිහක් විතර වෙනවලු. ඒ පොත ආයෙ ප්‍රින්ට් කරෙත් නැතිලු. දැනට ඉතුරුවෙලා තියෙන්නෙ පොත් දෙකයිලු...’’

සචේතනීට පැවසිය හැකි වුයේ එපමණකි. පස්වනක් ප්‍රිතියෙන් පිනා ගිය ප්‍රතිෂ්ඨ ‘‘ඉතිං... ඉතිං අපි ඒ එක පොතක් වැඩිපුර කීයක් හරි දිල හරි ගමුකො,’’ යැයි පැවසුවේ සචේතනීගේ උවන වෙත ඔහුගේ උවන ඉතාමත් ආසන්න කරමිනි. එය සිතාමතා සිදු කළ දෙයක් නොවන බැවින් ක්ෂණිකව ම ඔහු උවන මඳක් ඈත් කළේ ය.

‘‘ඒක හරියන් නෑ...’’

සචේතනි පැවසුවේ ප්‍රතිෂ්ඨ සමග අමනාපයෙන් මෙනි.

‘‘ඒ කිව්වෙ... මට තේරුන් නෑ...’’

ප්‍රතිෂ්ඨ, පෙරළා විමසුවේ සැබැවින් ම සචේතනී පැවසූ දෙය වටහාගැනීමට අසීරු වූ බැවිනි.

38d5e78edcd1fed9f2570efc203211e1

‘‘නැහැ මේ... ඒ පොත් දෙකෙන් එකක් තියෙන්නෙ පන්සලේ ලයිබ්‍රියෙලු... අනිත් එක නායක හාමුරුවන්ගෙ පුද්ගලික ලයිබ්‍රියෙලු. දැන් ඔය කතා කරේ එයා තමයි. ඉතිං ඒ පොත් දෙකම කාටවත් දෙන්න විදියක් නැතිලු. හාමුදුරුවො කියනව පන්සලට ඇවිත් පොටෝ කොපි එකක් ගහගන්නලු. ඉතිං අනේ ඔය පොත පෙටෝ කොපි ගහල ලයිබ්‍රියට දෙන්න බැහැනෙ... දැන් අපි මොකද කරන්නෙ ප්‍රතිෂ්ඨ...?’’

එක පැහැර පිළිවදන් නොසැපයූ ප්‍රතිෂ්ඨ මඳක් කල්පනා කළේ ය.

‘හම්ම්ම්... මං හිතපු දේ හරි... පන්සලට යන්න චාන්ස් එකක් ගන්න තියෙනව නං වැඩේ ගොඩ ම තමයි. ඒත් පොටෝ කොපි එකක් අරගෙන වැඩක් නැහැනෙ...’

‘‘ඇයි ඔයා කල්පනා කරන්නෙ...?’’

ප්‍රතිෂ්ඨ පියවි සිහියට පැමිණියේ සචේතනිගේ වදන් ඔහුගේ දෙසවන් කරා ඇතුළු වීමෙන් අනතුරුව ය.

‘‘න්... නෑ නෑ... මං මේ කල්පනා කරේ...’’

‘‘ඔවු... කියන්න... ඔයා මොනව ද කල්පනා කරේ...?’’

ප්‍රතිෂ්ඨ පවසන්නට සුදානම් වූ දෑ පවසන්නටත් ප්‍රථම සචේතනී විමසුවේ කිසියම් සහනයක් ලෝදියක විලසිනි.

‘‘නෑ මං කියන්නෙ... ඔයාට යන්න පුළුවන් නං... යන්න කැමති නං... ගිහිං බලන්න. අඩුම ගානෙ ටිකක් ලොකු ඇපයක් තියල පොත ඉල්ලගෙන එන්න පුළුවන්ද කියල...’’

ප්‍රතිෂ්ඨ පැවසුවේ යටි සිතේ වෙනත් අරමුණු කිහිපයක් ම සඟවා තබාගෙන ය.

‘‘යන්න...! මං තනියම...!! පිස්සුද ඔයාට... මං කොහොමද ඔය නොදන්න දිහාක තනියම යන්නෙ... අනික පංසලකට... හරි ගිහින් පොත ඉල්ලගෙන ආව කියමුකො... ඒත් ඒකෙන් මට උවමනා දේ කෙරෙන්නෙ නෑ නෙ...’’

YJaXvhtPfAxDFLhvdCrv 1082134077

ප්‍රතිෂ්ඨට අවශ්‍ය වි තිබුණේ ද එම පිළිතුර ම ය. නමුදු ඔහු ඒ කිසිවක් ම නොහඟවමිනි ‘‘ඇයි ළමයො හස්බන්ඩ් එක්ක යන්න... එයත් එක්ක ගිහින් හාමුදුරුවොත් එක්ක කතා කරල බලන්න. කොහොම හරි පොතක් ඉල්ලගෙන එන්න පුළුවන් උනොත් ඊළඟට කරන්න ඕන මොනවද කියල මං කියන්නං.’’

ප්‍රතිෂ්ඨ පැවසුවේ මුව කෙළවරක මන්දස්මිතයක් සිතුවම් කරගන්නා අතර ය.

‘‘ඉතිං ඊළඟට කරන දේත් කියන්නකො...’’

සචේතනී, විමසුවේ ඇගේ උවන පුරා පූර්ණ ස්මිතයක් සිතුවම් කරගන්නා අතර ය. ඒ මොහොතේ ප්‍රතිෂ්ඨ යමක් අවබෝධ කරගත්තේ ය.

‘හම්ම්ම්... දැන් නං ගෑනිගෙ මූණෙ හිනාවක් ඇඳුණ. කරන්න ඕනෙ මොකද්ද කියල දැං කියන්න ඕන නෑ. බලමු මං හිතන තැනට එයිද කියල.’

‘‘කරන්නෙ මොකක්ද කියල හිතන් නැතුව ද මට පන්සලට ගිහින් කොහොම හරි පොත ඉල්ලගෙන එන්න කිව්වෙ... ආ...’’

සචේතනි විමසුවේ පොළොව දෙසට නැඹුරු වී තිබූ ප්‍රතිෂ්ඨගේ උවන සවිධගින් අල්ලා ඉහළට ඔසවන අතර ය.

‘‘නෑ නෑ... කරන්න ඕන මොකද්ද කියල මගේ ඔළුවෙ තියෙනව. ඔයාට පුළුවන්නං හස්බන්ඩ් එක්ක ගිහිං මොන ක්‍රමේකිං හරි හාමුදුරුවන්ට චාටුවක් දාල පොත ඉල්ලගෙන එන්න. ඊට පස්සෙ කරන්න ඕන දේ මං කියන්නං... කියන්නං නෙවෙයි කරන්නං.’’

‘‘ඔයා හදන්නෙ පොත ආපහු නොදි ඉන්න ද...?’’

සචේතනී විමසුවේ විමතියෙන් මෙනි.

‘‘පිස්සු ද සචේති...? ඔය හාමුදුරුවො ගාණක් ඇපේට තියාගෙන පොත දුන්නත් දෙන්නෙ ඔයාලගෙ ඔක්කොම විස්තර අරගෙන. ඒ නිසා පොත ආපහු නොදී ඉන්න බෑ. ඒ පොත ආපහු ගෙනිහින් දෙන්න ම වෙනව. ඒකෙ ආයෙ දෙකක් නෑ.’’

 

ප්‍රතිෂ්ඨ, සචේතනීගෙන් කඩිනම් පිළිතුරක් බලාපොරොත්තු වුව ද එය එසේ නොවිණ. ඇය නිහඬව ම ප්‍රතිෂ්ඨගේ උවන පුරා ඇගේ දෙනෙත් ගමන් කරවූයේ ඇයට අවැසි කිසිවක් ඔහුගේ උවනේ කොතැනක හෝ රැඳී ඇතැයි  යන බලාපොරොත්තුවෙන් මෙනි.

 

‘‘මොකද මේ... මගේ මූණ දිහා බලාගෙන හිටියට පොත හම්බවෙන් නෑ... මොන ක්‍රමේකිං හරි ඒක අපි ළඟට ගන්න ඕන... තේරුණා ද...? ඔයා අද ම මේ ගැන හස්බන්ඩ් එක්ක කතා කරන්න. කතා කරල හස්බන්ඩ්ට කියල පන්සලට කෝල් එකක් අරගෙන, ඉක්මනින් ම දිනයක් දාගෙන යන්න. ඒ යද්දි පුළුවන්නං රුපියල් දහ පහළොස් දාහක් අරගෙන යන්න.’’

ප්‍රතිෂ්ඨ එක දිගට ම කියවාගෙන ගියේ ශිෂ්‍යාවක වෙත කිසියම් පාඩමක් පැහැදිලි කර දෙන ගුරුවරයෙකු ලෙසිනි.

‘‘රුපියල් දහ පාළොස් දාහක්...! ඒ මොකට ද...?’’

deliberation mario sanchez nevadoඇය තවත් විමතියට පත්විය. මීට මොහොතකට පෙර ප්‍රතිෂ්ඨ පැවසූ යමක් එතරම් සුළු කාලයකින් ඇයට අමතක වේ යැයි ප්‍රතිෂ්ඨ නොසිතී ය.

‘‘ඇයි ළමයො මං කිව්වෙ... එහෙම කීයක් හරි හාමුදුරුවන්ට දීල පොත ඉල්ලගන්න. ආපහු ඔයාල පොත ගෙනිහින් දුන්නම ඒක ආපහු ඉල්ලගන්න. ඔයාගෙ වැඩේ කෙරෙන්න නං වෙන විකල්පයක් නෑ.’’

‘‘හරි... සල්ලි නං කමක් නෑ කියමුකො... ඒක ආපහු ගන්න තියෙන සල්ලියක් නෙ... ඕන නං අපිට පංසලටත් කීයක් හරි දෙන්න බැරිය. ඒක නෙවෙයි ප්‍රතිෂ්ඨ ප්‍රශ්නෙ...’’

සචේතනී පැවසුවේ කිසිදු විකල්පයක් නැතැයි යන අදහස හැඟෙන පරිදි ය.

‘‘ඇයි... මොකද්ද ප්‍රශ්නෙ...? යන්න දවස් දෙකතුනකට කලින් හැමුදුරුවන්ට කෝල් එකක් දාල විස්තර අහගෙන ගිහිං එන්න.’’

ප්‍රතිෂ්ඨ පැවසුවේ කිසිදු බරපතළක් නොදැනෙනා ලෙසිනි.

‘‘ප්‍රශ්නෙ ඒක නෙවෙයි... හස්බන්ඩ් නම් ඔය වැඩේට එක්කරගෙන යන්න බෑ... එයා ඔය වැඩේට එන්නෙත් නෑ. ඒක මට ෂුවර්...’’

‘මෙයා වහෙං ඔරෝවලිං කියන්නෙ මොකද්ද කියල මට තේරෙනව. ඒත් ඒක නොතේරෙන විදියට ඇක්ට් කරන එක තමයි හොඳ ම දේ. එහෙම වුනොත් මගේ වැඩේට පාර කැපෙන්නෙ ඉබේට ම.’

ea3836126874447.6136856b8a701තම සිත තුළ තෙරපෙන හැඟිම් සියල්ල යටපත් කරගත් ප්‍රතිෂ්ඨ ‘‘හරි ඉතිං... හස්බන්ඩ් අකමැතිනං... ඔයාට ඉන්නෙ ගජ ඉළංදාරියෙක්... මං කිව්වෙ මේ ඔයාග පුතා... පුතත් එක්ක යන්න. එතකොට වඩාත් පහසුයි නෙ...’’

‘‘පිස්සු... පුතා නං එයි මෙන්න කියල. එයාගෙං අහපු ගමං කියයි ‘අනේ අම්මෙ මේ... මටනං ඔය පිස්සු ගමං එන්න බෑ. අම්ම වෙන කවුරුහරි එක්ක යන්න’ කියල. මොකද තුවාලෙ තියෙන්නෙ මට නෙ. ඒකෙ වේදනාව දන්නෙ මම නෙ...’’

දැන් දැන් ප්‍රතිෂ්ඨගේ බලාපොතේතුව ඉටු කරගැනීමට හැකි මාර්ගය විවරවෙමින් පවතින බව ඔහුට ඉවෙන් මෙන් දැනිණ. එහෙත් ඔහු තව දුරටත් සැහැල්ලුවෙනි.

‘‘එහෙනං මං ඔයාට යෝජනාවක් කරන්න ද...?’’

ප්‍රතිෂ්ඨ එසේ ඇසූ සැණින් සචේතනීගේ දෙනෙත් තුළ වෙසෙස් ආලෝකයක් දක්නට ලැබිණ. ප්‍රතිෂ්ඨගේ යෝජනාව කුමක් ද යන්න අසා ගැනීම එම දැස් තුළ ගැබ්ව තිබූ එක ම බලාපොරොත්තුව විය.

‘‘මොකද්ද ඔයා කරන යෝජනාව...?’’

ඇය එසේ විමසන විට ඇගේ දෙනෙත් තුළ සැඟව පැවති ආලෝක කදම්බය ඍජුව ම ප්‍රතිෂ්ඨගේ දෙනෙත් තුළට එල්ල විය. තව දුරටත් ඒ ආලෝක කදම්බයේ ශක්තිය දරා ගැනීමට අපොහොසත් වූ ප්‍රතිෂ්ඨ හිස මඳක් පොළොවට නැඹුරු කර ‘‘ඔය පොත ඔයාට ගෙනල්ල දුන්න යාළුව ඉන්නෙ... එයත් එක්ක යන්න. එතකොට ඔයා එයා වෙනුවෙන් කොච්චර මහන්සි වෙනවද කියලත් එයාට තේරෙනව නෙ.’’

‘‘ඔය කිව්වෙ කතාවක්... ළමයො... මේ දවස්වල එයා ප්‍රෙග්නන්ට් (pregnant). එයාට ඔය දුර ගමන් යන්න බෑ. අනික එහෙම නොවුනත් මට බෑ එයාට කරදර කරන්න.’’

‘ඒ කියන්නෙ තියන එක ම විකල්පය ඒකයි එහෙනං... ඒත්... මං ඒක යෝජනා කරන්න ඕන නැහැ නෙ. බලමු.’

‘‘ඇයි ප්‍රතිෂ්ඨ ඔයා කල්පනා කරන්නෙ... මෙහ්... මං යෝජනාවක් කරන්න ද...?’’

ඇගේ යෝජනාව කුමක් වුව ද පළමුවෙන් කළ යුත්තේ එය අසාගැනීම ය. ඊළඟ පියවර තැබිය යුත්තේ ඉන් පසුව නොවේ ද යන්න ප්‍රතිෂ්ඨ කල්පනා කළේ ය.

‘‘හරි... කියන්නකො බලන්න ඔයාගෙ යෝජනාව...’’

ඉවර නෑ...

 
කළ යුත්තේ කුමක් ද...? - (ජයසිරි අලවත්ත)ජයසිරි අලවත්ත
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
 
2022/09/09


වජ්ජා’වජ්ජ - මින් පෙර පළවූ කොටස්
 
 
 
 
 
වජ්ජා’වජ්ජ 31: මං දැං ඉන්නෙ පනහෙ කණුව කිට්ටුව (ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 30 : නීතිය කියන්නෙ වල් වැදුණු සංකල්ප ගොන්නක් - (ජයසිරිගේ නවකතාවක්)


වජ්ජා’වජ්ජ 28 : අවුරුද්දක් ඉවසන්න - (ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 27 : දීපු බලාපොරොත්තුව ඉෂ්ට කරන්න ම වෙනව නෙ... - (ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 26 : 'ඔවු... අපිට අවම විනය ක්‍රියා පටිපාටියකට යන්න වෙනව' -(ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා‘වජ්ජ 25 : මං බඳිද්දි මට අවුරුදු විසි එකයි -(ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 24 - අපි ජීවත් වෙන්නෙ ආසියාතික කලාපෙ නොදියුණු ම රටක - (ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 23 - ගඩොල් තාප්ප කැඩුවට මිනිස් තාප්පෙකින් අපි හැමෝ ම වට කරල - (ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 22 : 'දැං වැඩේ හොඳට ම පත්තු වෙලා ඉවරයි'

වජ්ජා’වජ්ජ 21 - ඔයා දන්නව ද ඒ කවුද කියල...? - ( ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 20 - 'ඇගේ සැබෑ නම මාලිනී ය' - ( ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 19 : මං මොකටද ඔයාට බොරු කියන්නෙ...? -(ජයසිරිගේ නවකතාවක්)


වජ්ජා’වජ්ජ 18 : මේක හරියට අයිස් බර්ග් එකක් වගේ -(ජයසිරිගේ නවකතාවක්)


වජ්ජා’වජ්ජ 16 : මං මේ වයසට ඇවිත් තියෙන්නෙ ඔයාලගෙ වයස පහු කරල - (ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 15 : ‘‘ෂ්ෂ්ෂ්... මෙතන තව අය පොත් කියවනව...’’ - (ජයසිරිගේ නවකතාවක් )

වජ්ජා’වජ්ජ 14 : හංගපු දේවල් මොනවද කියල උඹ දන්නව නෙ...(ජයසිරි අලවත්ත)

වජ්ජා’වජ්ජ 13 - 'මේ වැඩේ සල්ලිවලින් විතරක් කරන්න බෑ සචේති' : කොටස් වශයෙන් පළවන ප්‍රබන්ධ කතාව


වජ්ජා’වජ්ජ 12 : අම්මට පරචිත්ත විජානන ඥානය ලැබිල ද...? (ජයසිරි අලවත්ත)

වජ්ජා’වජ්ජ 11 : දැං මට බය නෑ... මට ඔයාව විශ්වාසයි (ජයසිරි අලවත්ත)

වජ්ජා’වජ්ජ 10:  දුවෙකුට අම්මට කියන්න බැරි දෙයක් නෑ දුව.. (ජයසිරි අලවත්ත)

වජ්ජා’වජ්ජ 09 : ඔයාට හැම එකක් ම විහිළු නේ ද...? (ජයසිරි අලවත්ත)

වජ්ජා’වජ්ජ 08 : වාන් දොර විවර කළ යුතු මොහොත ය මේ...

වජ්ජා’වජ්ජ 07 - වචන විදියට පිට වෙන්නෙ හිතේ තියෙන අදහස් 

වජ්ජා’වජ්ජ 06 : අහිංසකට වෙච්ච දේ මටත් වෙයි ද ? ජයසිරි අලවත්ත ලියයි

වජ්ජා’වජ්ජ 05 : ඔය ‘මිස්’ කෑල්ලට මං ආස ම නෑ... - ජයසිරි අලවත්ත ලියයි

වජ්ජා’වජ්ජ 04 :පොත් බලනවයි කියවනවයි කියන්නෙ වැඩ දෙකක් - ජයසිරි අලවත්ත ලියයි

වජ්ජා’වජ්ජ 03 - ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය..

වජ්ජා’වජ්ජ 02 - ජයසිරි අලවත්ත ලියයි

මලට රිදෙව්වොත් දෙවියොත් අමනාප වේවි - වජ්ජා’වජ්ජ අද සිට...


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58

ඇට මැස්සා