ගෙන්දගම් පොළොව 38 : උඹට දුකකුත් ඇති; ඒත් ඔය ගලන්නෙ සතුටු කඳුළු | ජයසිරිගේ අලුත්ම නවකතාව
මැනේජර් මහත්තයා එහෙම කිව්වට පස්සෙ ඉතිං මම ආයෙ වතාවක් මොනව කරන්න ද...? මම ''එහෙනං මං යන්නං මහත්තයො,'' කියාගෙන ආපහු ආවා.

මැනේජර් මහත්තයා එහෙම කිව්වට පස්සෙ ඉතිං මම ආයෙ වතාවක් මොනව කරන්න ද...? මම ''එහෙනං මං යන්නං මහත්තයො,'' කියාගෙන ආපහු ආවා.
මැනේජර්ගෙ කාමරයට ගිහින් ආපහු පැන්ට්‍රියට ආපු මාව දැකපු ගමන් ම අම්පිටිය අයිය ''මොකෝ බං... මැනේජේර්කාරය උඹේ පඩිය හදල නැද්ද... එහෙනං මොන බම්බුවකට ද ඌ උඹට එන්ඩ කිව්වෙ...?''
මේ දැන් මොහොතකට කලිං සිද්ධ වුණ දේත් එක්ක අද හවස සිද්ධි හැම දෙයක් ම අමතක වුණා. මට අමතක වුණ ඒ සිද්ධි මතක් කරේ අම්පිටිය අයියා. සිද්ධ වෙච්ච හැම දෙයක් ම වගේ ම ලබපු හැම සතුටක් ම අම්පිටිය අයියට කියන්න බැරි වුනත් එයාට කියන්න පුළුවන් දේවල් ටික හරි කියන්න මම හිත හදාගත්තා.