Breaking News• උණුසුම් පුවත්
Showing page 94 of 2906 (43,576 articles)

ශ්‍රී ලංකාවෙන් පිටතට අනවසර මුදල් මාරු කිරීම් අපරාධ වරදක් ලෙස සැලකීමට කැබිනට් අනුමැතිය
*ආනයන මුවාවෙන් අත්තිකාරම් යවා භාණ්ඩ නොගෙන ඒම තවදුරටත් අපරාධ වරදක්


ලංකාවේ ප්‍රමුඛ ඇසුරුම් සමාගමක් අප්‍රිකාවට: එක්ස්-පැක් කර්මාන්තශාලාවක් සැම්බියාවේ ඇරඹීමට සැරසෙයි
*අධ්‍යක්ෂ මණ්ඩලයේ සහ මහ බැංකුවේ මූලික අනුමැතිය හිමිවූ බව කොළඹ කොටස් වෙළෙඳපොළට දැනුම් දෙයි

රහස් පොලිසිය ගෆූර් මාමාට බලෙන් ඌරු මස් කවා පාපොච්චාරණ ගත්තේයැයි උසාවියේදී හෙළිවෙයි
පාස්කු ප්‍රහාර නඩුවේ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ විත්ති වාචිකය ඉදිරිපත් කරමින් රහස් පොලිස් අත්අඩංගුවේදී සිදු වූ අමානුෂික වධහිංසා පිළිබඳ දෙවන විත්තිකරුගෙන් බරපතළ හෙළිදරව්වක්.

මාධ්‍යවේදීන් 90කට රුපියල් කෝටි 1.5ක උපකරණ ප්‍රදානයක්
ලන්ඩන් ව්‍යාපාරික සීවරත්නම් මුරේස්ගේ අනුග්‍රහයෙන් ලැප්ටොප් සහ ස්මාර්ට් දුරකථන ප්‍රාදේශීය මාධ්‍යවේදීන් අතට

පාස්කු ප්‍රහාර නඩුව: 'චෝදනා ගෙතූ ඒවා; පාපොච්චාරණ ගත්තේ වදදීලා' – විත්තිකරුවන් කූඩුවේ සිට කියයි
*දෙවන විත්තිකරු ගෆූර් මාමා ඇතුළු විත්තිකරුවන්ගෙන් පැය ගණනාවක විත්තිවාචක

ලබන ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ලංකාව සම්බන්ධ තීරණයක් ගැනීමට උතුරේ පෙළපාලි
*චෙම්මනි සමූහ සුසානය අසලින් ඇරඹි ‘යුක්තියේ විලාපය’ සිව්දින ප්‍රදර්ශනය අවසන් කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත කරුණු 15කින් යුත් දැවැන්ත ඉල්ලීම් මාලාවක්.

ඝාතනයට ලක්වී දශක හතරක් ම යුක්තිය නොලද දෙමළ පිරිසක් සැමරේ
*1985 ත්‍රිකුණාමලය වරෝදයනගර් සමූහ ඝාතනයට 41 වසරක් පිරීම නිමිත්තෙන් ඥාතීන්ගෙන් පහන් දල්වා උපහාර

PTA වෙනුවට එන නව ත්‍රස්ත විරෝධී පනතට කැබිනට් අනුමැතිය
තාක්ෂණික කමිටු කෙටුම්පතට නීතිපති නිෂ්කාශනය; ගැසට් කිරීමෙන් පසු පාර්ලිමේන්තුවට

ඩොලර් බිලියන 15ක ඉලක්කය මගහැරුණොත් 2028දී යළිත් අර්බුදයක්: හිටපු ජනපති රනිල් අනතුරු අඟවයි
මෙම වසර අගදී සංචිත බිලියන 8ක් වනු ඇතැයි මහ බැංකු පුරෝකථන: ඉතිරි ඩොලර් බිලියන 7 සෙවීමේ අභියෝගයක්

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වෙනස් කරන 22 සංශෝධනය පාර්ලිමේන්තුවට: ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් රැල්ලක්
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් 67ටත්, අභියාචනාධිකරණ විනිසුරුවරුන් 65ටත් විශ්‍රාම ගැන්වීමට නව විධිවිධාන

පලෙයි රක්ෂිතයේ ‘LTTE කඳවුරක්’ ගැන කතාව බොරුවක්: ඇත්තටම එතන වුණේ කුමක්ද?
සමාජ මාධ්‍ය වීඩියෝවට කැබිනට් ප්‍රකාශකගෙන් සම්පූර්ණ පැහැදිලි කිරීමක්

පංච පුද්ගල ඝාතන නඩුව: පිල්ලෙයාන් ඇතුළු දෙදෙනා යළි රිමාන්ඩ්
කල්අඩි, කාත්තන්කුඩි සහ කන්නන්කුඩා ඝාතන ත්‍රිත්වය ගැන CID විමර්ශන පුළුල් වෙයි

පාස්කු ප්‍රහාරයේ 'මහමොළකරු' කියූ නවුෆර් මවුලවි විත්ති කූඩුවේ සිට කළ හෙළිදරව්ව
චෝදනා 940ක් ප්‍රතික්ෂේප කරමින් CID පාපොච්චාරණය අසත්‍ය බව අධිකරණයට කියයි

සඳගල සහ රූපවාහිනී සංස්ථා නඩුවලින් කෙහෙළියට ඇප: විදෙස් ගමන් තහනම්
සඳගල පුරාවස්තු සොරකම් විමර්ශනයට බලපෑම් කළැයි කියන නඩුවේ දෙවන සැකකරු කෙහෙළිය රඹුක්වැල්ල ඇප මත මුදාහැරේ

