leader s

(මෙම වියමන “නායකයෙකු සොයන පuzzle එක” ලිපි මාලාවේ  දහ අට වැන්නයි)



“සජිත්ගේ Lady” කවුද?

මෙය එක් කාන්තාවකගේ නමක් නොවේ.

ඇය ණය ගෙවන කාන්තාවයි.

ව්‍යාපාරයක් ගොඩනගන කාන්තාවයි.

දරුවා පාසලට යවන මවයි.

උදේ රැකියාවට ගොස් සවස නැවත නිවසට පැමිණෙන කාන්තාවයි.

තම අයිතිය වෙනුවෙන් හඬ නගන කාන්තාවයි.

තම ශරීරය පිළිබඳ ගෞරවය ඉල්ලා සිටින දැරියයි.

අවසානයේ,

ඇය ශ්‍රී ලංකාවේ අනාගතය ගොඩනගන කාන්තාවයි.

එබැවින් “සජිත්ගේ Lady” පිළිබඳ කතාව, කාන්තාවකට අනුකම්පා කිරීමේ දේශපාලනයක් ගැන  නොවේ.

එය ඊට වඩා ගැඹුරු ප්‍රශ්නයකි.

කාන්තාවට අවස්ථාව ලබාදෙන්නේ කෙසේද?

ඇයව ආර්ථික වශයෙන් ස්වාධීන කරන්නේ කෙසේද?

ඇයට තීරණ ගැනීමේ බලය ලබාදෙන්නේ කෙසේද?

මෙතැනින් තමයි මේ සතියේ “Puzzle” එක ආරම්භ වන්නේ.

ණය දෙනවාද? නැත්නම් ණයෙන් ගලවනවාද?

 

MIcro finance
ශ්‍රී ලංකාවේ දුප්පත් කාන්තාවකට microfinance ණයක් යනු අවස්ථාවක් විය හැකිය.

නමුත් එය ණය උගුලක්ද විය හැකිය.

කුඩා ව්‍යාපාරයක් ආරම්භ කිරීමට ගත් ණය, ව්‍යාපාරය ලාභ ලබන්නට පෙර ගෙවිය යුතු වාරිකයක් බවට පත්වෙයි.

ආදායම මදි නම්?

තවත් ණයක්.

එතැනින් ණය චක්‍රය ආරම්භ වෙයි.

ඒ නිසා කාන්තාවකට ණයක් ලබාදීම පමණක් ඇය බලගැන්වීමක් නොවේ.

ඇයට ණයෙන් ගැලවී ස්වාධීනව නැගී සිටිය හැකි ආර්ථික පරිසරයක්ද අවශ්‍යය.

Microfinance ණය හේතුවෙන් පීඩාවට පත්වන කාන්තාවන්ට නීතිමය සහාය ලබාදීම සහ අධික පොලී ණයවලින් ගැලවීමට මැදිහත්වීම සජිත්ගේ කාන්තා ප්‍රතිපත්ති යෝජනාවල අවධානයට ලක්ව තිබේ.

මෙහි දේශපාලන පණිවිඩය පැහැදිලිය.

“කාන්තාවට ණයක් දෙන්න” යන්නෙන් ඔබ්බට,
“කාන්තාව ණය උගුලෙන් බේරාගන්නේ කෙසේද?” යන්නයි.

SME එකේ නොපෙනෙන කාන්තාව

ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ආර්ථිකයේ backbone එකක් බව සජිත් අවධාරණය කරයි.

නමුත් SME එකක් පිටුපස සිටින කාන්තාව අපට පෙනෙනවාද?

 

751041165 1380014854084834 1288588457667776066 n
ඇය ගෙදරින් ආහාර නිෂ්පාදනය කරයි.

ඇඳුම් මසයි.

කුඩා ව්‍යාපාරයක් කරයි.

Online business එකක් කරයි.

එහෙත් ව්‍යාපාරය විශාල කිරීමට යන විට  මූල්‍ය දැනුම නොමැතිකම සහ නිල මූල්‍ය පද්ධතියට ප්‍රවේශ වීමේ බාධා ඇය ඉදිරියේ පනින්න බැරි තාපයක් බවට පත්වෙයි.

එබැවින්,

කාන්තාවට ව්‍යාපාරයක් පටන්ගන්න කියා කීම පමණක් ප්‍රමාණවත් නැත.

ඇයට එය වර්ධනය කිරීමට අවශ්‍ය පරිසරයද සකස් කළ යුතුය.

එදා “Padman” — අද ප්‍රතිපත්තිය

සජිත්ගේ කාන්තා දේශපාලනයේ වඩාත්ම සුවිශේෂී කොටසක් මෙතැනදී හමුවෙයි.

Period Poverty.

කාන්තාවගේ මාසික සනීපාරක්ෂාව ගැන දේශපාලන වේදිකාවේ කතා කිරීම අද අපට සාමාන්‍ය දෙයක් විය හැකිය.

නමුත් එය එසේ නොවූ කාලයක් තිබුණි.

 

padman d
2019 දේශපාලන ව්‍යාපාරයේදී sanitary products පිළිබඳ ප්‍රශ්නය ඉදිරිපත් කළ විට සජිත්ට “Padman” යන උපහාසාත්මක නාමය පවා භාවිත විය.

එදා එය සමහරුන්ට විහිළුවක් විය.

අද එය ප්‍රතිපත්ති ප්‍රශ්නයකි.

Sanitary products සඳහා බදු සහනය, menstrual equity policy එකක් සහ period poverty පිළිබඳ ජාතික මට්ටමේ මැදිහත්වීමක් ඔහු අද අවධාරණය කරයි.

මේ සිදුවීම අපට දේශපාලනය පිළිබඳ වැදගත් පාඩමක් කියයි.

අද සිනාසෙන ප්‍රශ්නයක්


හෙට රටේ ප්‍රතිපත්තියක් විය හැකිය.

නායකත්වය යනු ජනතාව අද කියන දේ පමණක් කියන එක නොවේ.

සමහර විට,

ජනතාව හෙට කතා කරන ප්‍රශ්නය
අද හඳුනාගැනීමය.

Pad එකක් ගැන නොව, අවස්ථාවක් ගැන

දැරියකට sanitary pad එකක් ලබාගත නොහැකි වීම කුඩා ප්‍රශ්නයක් ලෙස පෙනිය හැකිය.

නමුත් එය පාසල් නොයාමකට හේතු විය හැකිය.

අධ්‍යාපනය අඩාල විය හැකිය.

අවසානයේ ඇගේ රැකියා අවස්ථා අඩුවිය හැකිය.

එබැවින්,

Pad එකක් යනු සනීපාරක්ෂක භාණ්ඩයක් පමණක් නොවේ.

එය අධ්‍යාපනයට,

රැකියාවට,

ගෞරවයට,

ආර්ථික සහභාගිත්වයට

සම්බන්ධ ප්‍රශ්නයකි.

මේ නිසාම කාන්තාවගේ ප්‍රශ්නය, “කාන්තාවන් සඳහා වෙනම ප්‍රශ්නයක්” නොවේ.

එය රටේ සංවර්ධනයේ ප්‍රශ්නයකි.

සජිත්ගේ කාන්තාව: ඡන්දයක් නොව පුරවැසියෙක්

 

සජිත් ප්‍රේමදාසගේ කාන්තා දේශපාලනය දෙස බලන විට මට පෙනෙන වැදගත්ම වෙනස මෙයයි.

ඔහු කාන්තාව දකින්නේ
මැතිවරණයකදී ඡන්දය දෙන කෙනෙකු ලෙස පමණක් නොවේ.
ඇය,

ආර්ථික ක්‍රියාකාරිනියකි.

පවුලේ තීරණ ගන්නියකි.

දරුවෙකුගේ අනාගතය ගොඩනගන්නියකි.

සමාජයේ නායකත්වය ගත හැකි පුරවැසියෙකි.

එබැවින් ඇයට ඡන්දයක් පමණක් ලබාදීම ප්‍රමාණවත් නොවේ.

තීරණ ගැනීමේ මේසයේ පුටුවක්ද ඇයට තිබිය යුතුය.

මෙය කාන්තා නියෝජනය පිළිබඳ ප්‍රශ්නය දක්වා ගෙන යයි.

කාන්තාව පාර්ලිමේන්තුවේ කී දෙනෙක් සිටිනවාද යන්න පමණක් නොව,

කාන්තාවකට දේශපාලනයේ දොර විවෘතද?

යන්නද අප ඇසිය යුතුය.

අවසානයේ “සජිත්ගේ Lady” කවුද?

 

748370203 27569098826065277 5554594140546208659 n
ඇය එක් කාන්තාවක් නොවේ.

ඇය ණය ගෙවන කාන්තාවයි.

ව්‍යාපාරයක් ගොඩනගන කාන්තාවයි.

රැකියාවට යන මවයි.

තම අයිතිය වෙනුවෙන් කතා කරන පුරවැසියායි.

තම ශරීරය පිළිබඳ ගෞරවය ඉල්ලා සිටින දැරියයි.

එබැවින්,

කාන්තාවට අනුකම්පාවක් නොව අවස්ථාවක් අවශ්‍යය.

ණයක් පමණක් නොව ආර්ථික නිදහසක් අවශ්‍යය.

රැකියාවක් පමණක් නොව රැකියාව කළ හැකි සමාජයක් අවශ්‍යය.

ඡන්දයක් පමණක් නොව තීරණ ගැනීමේ බලය අවශ්‍යය.

මේ සියල්ල අවසානයේ එක් ප්‍රශ්නයකට පැමිණේ.

කාන්තාව රටේ සංවර්ධනයේ කොටසක්ද?

මට නම් ප්‍රශ්නය එය නොවේ.

කාන්තාව නැතිව රටේ සංවර්ධනය කළ හැකිද?

නැත.

ඒ නිසා “නායකයෙකු සොයන Puzzle එකේ” මේ සතියේ කොටස අපට කියන්නේ එක දෙයකි.

නායකයෙකු කාන්තාව වෙනුවෙන් කතා කරනවාද යන්නට වඩා,
කාන්තාවට තමන් වෙනුවෙන් කතා කළ හැකි බලය ඔහු ලබා දෙන්නේද?

(සෙස්ස … ලබන සිකුරාදාට)

සැමට උපාධියක් ලැබෙන ශ්‍රී ලංකාවක්? දිස්ත්‍රික් ප්‍රජා විශ්වවිද්‍යාල 25 ක්! මහාචාර්ය  ප්‍රදීප් එන්' වීරසිංහමහාචාර්ය ප්‍රදීප් එන්’ වීරසිංහ
ජනමාධ්‍ය අධ්‍යයන අංශය – කොළඹ විශ්වවිද්‍යාලය

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

සබැඳි ලිපි :

නායකයෙකු සොයන පuzzle එක (17) : සජිත්ගේ පියානෝව සහ පිත්ත | මහාචාර්ය ප්‍රදීප් එන්’ වීරසිංහ

නායකයෙකු සොයන පuzzle එක (16) : සජිත්ගේ පාසල | මහාචාර්ය ප්‍රදීප් එන්’ වීරසිංහ

නායකයෙකු සොයන පuzzle එක (15) ; සජිත්ගේ කොටියා | මහාචාර්ය ප්‍රදීප් එන්’ වීරසිංහ

නායකයෙකු සොයන පuzzle එක - 14 ; සජිත්ගේ ආගම: බුදු දහම රැකීමද? එසේ නැත්නම් ජාතික සමගියද? | මහාචාර්ය ප්‍රදීප් එන්. වීරසිංහ

නායකයෙකු සොයන පuzzle එක - 13 ; සජිත්ගේ දේශපාලන දර්ශනය - අන්තිම මිනිසාගේ සිට අවස්ථාවන්ගේ රාජ්‍යය දක්වා | මහාචාර්ය ප්‍රදීප් එන්’ වීරසිංහ

 
 
 
නායකයෙකු සොයන පuzzle එක- 09 - ඡන්දදායකයාගේ සිත පාලනය කරන සැඟවුණු අධිරාජ්‍යය | මහාචාර්ය ප්‍රදීප් එන්’ වීරසිංහ

නායකයෙකු සොයන පuzzle එක- 08 - මාධ්‍ය දේශපාලන දැන්වීම්: ප්‍රජාතන්ත්‍රවාදයේ සැඟවුණු ඝාතකයා | මහාචාර්ය ප්‍රදීප් එන්’ වීරසිංහ

නායකයෙකු සොයන පuzzle එක – (7) අසාර්ථක රාජ්‍යයෙන් ඉදිරියට: පාර්ලිමේන්තුව තුළ දෙවන මහජන මන්ත්‍රණ සභාවක්! | මහාචාර්ය ප්‍රදීප් එන්’ වීරසිංහ


නායකයෙකු සොයන පuzzle එක – 5 : වීරයෙක් නොව, පද්ධතියක් සහ විචාරශීලි පුරවැසියෙක් ගොඩනගන නායකත්වයක් අපට අවශ්‍ය ඇයි? | මහාචාර්ය ප්‍රදීප් එන්’ වීරසිංහ

නායකයෙකු සොයන පuzzle එක – 4
ශ්‍රී ලංකාවට “සිතීමට මඟ පෙන්වීමක්” කරන පරිවර්තනීය නායකයෙක්: Lula
මහාචාර්ය ප්‍රදීප් එන්’ වීරසිංහ


පරිවර්තනීය නායකයෙක්! - නායකයෙකු සොයන පuzzel එක - 3 | මහාචාර්ය ප්‍ර‍දීප් එන්’ වීරසිංහ

නායකයකු සොයන පuzzle එක -02 : ජනකාන්ත නායකත්වය එදිරිව පරිවර්තනීය නායකයෙක් ! | මහාචාර්ය ප්‍රදීප් එන්’ වීරසිංහ

 

 



  • මෙම ලිපිය නිදහස් ලේඛකයෙකු/ලේඛිකාවක විසින් සම්පාදනය කර ඇති අතර ලිපියේ අන්තර්ගත කරුණු, තොරතුරු, සංඛ්‍යාලේඛන සහ මූලාශ්‍ර වල නිරදව්‍යතාවය පිළිබඳව වගකීම එම ලේඛකයා/ලේඛිකාව විසින් දරනු ලබයි.

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්