අපලෝකන 43 : ඒ අය කෙසේ වෙතත් මාවත් එක පාරට ම ගැස්සුණා -(ජයසිරිගේ අලුත්ම නවකතාව)
‘‘ඔවු මැනේජර් මහත්තයො. මට රොහාන් ඒ ගැන දෙඩුවා. හැම දෙයක් ම පංගාර්තු කරල තියෙන්නෙ එවුන්ගෙ මහ එකී ජෙසික ලු.

‘‘ඔවු මැනේජර් මහත්තයො. මට රොහාන් ඒ ගැන දෙඩුවා. හැම දෙයක් ම පංගාර්තු කරල තියෙන්නෙ එවුන්ගෙ මහ එකී ජෙසික ලු.
මම එහෙම ඇහුවෙ මම කොටුවෙ ලයිට් හවුස් එක ගාවට යද්දිත් සාජ්ජ දාන දවස්වල වගේ ම හතර දෙනා ම බිම වාඩිවෙලා මම එන තුරු බලාගෙන හිටපු නිසා.
රොහාන් එක දිගට ම කියවගෙන ගියේ බස් ස්ටෑන්ඩ් එකේ තෙල් බෙහෙත් විකුණන මිනිහ වගේ.