ගෙන්දගම් පොළොව 41 : ආ... මෙයැයි ද හාදයා...! | ජයසිරිගේ අලුත්ම නවකතාව
''නෑ මේ... බස් තියෙනෝ නෙ... මං ස්ටේසන් එකට ගිහිං බුදියන්නං. මං මෙහෙට්ටත් නෑවිත් කෙළිං ම යනවා... රෙද්දක්කත් නැති හංද තමයි ආවෙ..."

''නෑ මේ... බස් තියෙනෝ නෙ... මං ස්ටේසන් එකට ගිහිං බුදියන්නං. මං මෙහෙට්ටත් නෑවිත් කෙළිං ම යනවා... රෙද්දක්කත් නැති හංද තමයි ආවෙ..."
මම මේ මොනව හිතුවත් කරන්න ඕනේ මොකක්ද කියල මට අදහසක් නෑ. මොකද අතේ සල්ලිත් නෑ... මම නිකමට වගේ කලිසම් සාක්කුවට අතදැම්මට පස්සෙ තමයි මතක් වුණේ මම ගත්තු අලුත් ම කොට කලිසමත් පැන්ට්රියෙ කියල.
කොහොම වුනත් අම්පිටිය අයියගෙ කතාව මං හිතුවට වඩා හුඟක් වෙනස් වගේ ම දුක හිතෙන කතාවක්. මගේ කතාව වගේ ම අම්පිටිය අයියගෙ කතාවත් ඔයාල දැනගෙන ඉන්න එක හොඳයි කියලයි මට හිතෙන්නෙ. ඒක ටිකක් දිග කතාවක් ඒත් කෙටියෙන් හරි ඒ කතාව කියන්න ම වෙනවා.