ගෙන්දගම් පොළොව 30 : මං නං ඒ නම කියව ගත්තෙ 'රයිස් ඇන්ඩ් ෆෝල් ඔෆ් ඉඩි අමින්' කියල | ජයසිරිගේ අලුත්ම නවකතාව
ඊට පස්සෙ මම සුසන්තට හැම දෙයක් ම කිව්වා: මැනේජර් ගැන, පේමෙ අයිය ගැන, පිඟන් හෝදන මනුස්සය ගැන, අම්පිටිය ගැන. ඊයෙ රෑ වුණ සිද්ධිය ගැන, එතනදි පේමෙ අය්යත් එක්ක පැටලුණ කෙනා ගැන... ඒ හැම දෙයක් ම කිව්වා.






